කොහොමද හිතවතුනි , හැමෝටම ආයුබෝවන්, සිනමා ලෝලී ඔබ සැවොම සමගින් ඩිස්නී සමාගමෙන් එලි දක්වන ලද අලංකාර සිනමා නිර්මාණයක් වූ “දෙවෙනි පරපුර” සිනමා කෘතීන් හරහා සුරංගනා ලොවට එබිකම් කර බැලීමටයි මේ සූදානම . සලරූන් ද්විත්වයකින් සමන්විත මේ කතාවේ ප්‍රථම සලරුව Descendants (දෙවන පරපුර) ලෙසින් 2015 වසරේ නිකුත් වූයේ…

කොහොමද හිතවතුනි , හැමෝටම ආයුබෝවන්, සිනමා ලෝලී ඔබ සැවොම සමගින් ඩිස්නී සමාගමෙන් එලි දක්වන ලද අලංකාර සිනමා නිර්මාණයක් වූ “දෙවෙනි පරපුර” සිනමා කෘතීන් හරහා සුරංගනා ලොවට එබිකම් කර බැලීමටයි මේ සූදානම . සලරූන් ද්විත්වයකින් සමන්විත මේ කතාවේ ප්‍රථම සලරුව Descendants (දෙවන පරපුර) ලෙසින් 2015 වසරේ නිකුත් වූයේ IMDB දර්ශකයේ 7.0ක අගයක් සනිටුහන් කරමිනි… මේ එහිම දෙවන සලරුවයි .2017, එනම් මෙම වසරේ ජූලි 21වන දින Descendants-2 (දෙවන පරපුර-2) නමින් නිකුත් වූ මෙම සිනමා කෘතිය මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට (2017.12.19) IMDB දර්ශකය 6.7ක අගයක් සටහන් කර ඇත .
Sara Parriott, Josann McGibbon රචනාකරන ලදුව, Kenny Ortegaගේ අධ්‍යක්ශනයෙන් නිපදවා ඇති මෙම සිනමාපට ද්විත්වයම Action, Adventure, Family, Fantasy, Romance යන වර්ගීකරණයන්ට නතුව තිරගත වේ.පොදුවේ ගත් කල මෙම සිනමා පට දෙක සුරංගනා ලෝකයේ බැබැලෙන චරිත රැසක දෙවන පරපුර ,නොඑසේ නම් ඔවුන්ගේ දරුවන් එකම කතාවක් හරහා ප්‍රේක්ශක රසිකත්වයට ගෙන ඒම අරභයා නිපදවූ සිනමා කෘතීන් කට්ටලයකි.ඩිස්නී සිනමාපට හරහා ඉතාම ජනප්‍රියත්වයට පත් සුරංගනා චරිත වන හිමකුමරිය , සින්ඩරෙල්ලා ,මැලිෆිසන්ට්, ඇලඩින් වැනි චරිත ඒ අතර එම ප්‍රධාන තැනක් ගනී ..
අධ්‍යක්ෂණය, නිශ්පාදනය සේම රංගනය උදෙසාද Dove Cameron, Cameron Boyce, Booboo Stewart,Sofia Carson,Mitchell Hope වැනි නවපරපුරේ තරුණ රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වය සිනමා කෘතීන් ද්විත්වයේම ප්‍රධාන චරිත උදෙසා මැනවින් ලැබී තිබිනි. .
ඔන්න ඔහොම තමයි හිතවතුනි “දෙවන පරපුරේ” තිරය පිටුපස කතාව දිග හැරුනේ.කෙසේ වෙතත් එකිනෙකට සම්බන්ධ සලරූන් ද්විත්වයක් බැවින් “දෙවන පරපුර-2” සලරුවේ අන්තර්ගතය පිලිබඳව යම්තාක් දුරට හෝ විස්තර කිරීමේදී “දෙවන පරපුර-1″සිනමා පටය සම්පූර්ණයෙන්ම විස්තර කිරීමට සිදුවන බැවින්, එවිට තවමත් “දෙවන පරපුර-1” සිනමාපටය නරඹා නොමැති අයට ලක්වීමට සිදුවන අපහසුතාව සලකාබලා කතාව විස්තර කිරීමේ අදහස අවසාන මොහොතේ අතහැර දමන ලදී .. එය පැය 1යි මිනිත්තු 51 කාලයක් සනිටුහන් කර ඇති මේ අපූර්ව සලරුව නරඹා රසවිඳීමට ඔබට කරන ඇරයුමක්, උත්තේජනයක් ලෙස සලකන්න ..
මේ තමයි බයිස්කෝප් අඩවියට නිකුත් කරන පලවෙනි සිංහල උපසිරැසිය ..පලවෙනි උපසිරැසිය විදියට මම බලාපොරොත්තු උනේ පවුලේ සැමට එකලෙස නරඹන්න පුලුවන් සලරුවක් තෝරගන්නයි.(දන්නවනෙ ඉතින් ඉංග්‍රීසි ෆිල්ම් වල යම් යම් දර්ශන ගැන..) යම්තාක් දුරකට ඒ ඒ අදහස මේ සලරුව මගින් ඉටු උනා කිව්වොත් නිවැරදියි. මේ සිනමාපටයේ හීනියට පොඩි “ඉංග්‍රීසි හාද්දක” දර්ශනයක් දෙකක් හැරුනාම වෙන 18+ දර්ශන ඇතුලත් වෙන්නේ නෑ. ඒත් ඉතින් රොමෑන්ස් ගනයේ එකක් නිසා කොහොම උනත් ඔය ළමා ලපටි නැති තැනක බැලුවනම් හොඳයි කියලයි මගේ අදහස ..
සමුගන්නම් හිතවතුනි .තවත් දවසක තවත් අපූර්ව සිනමාපටයක උපසිරැසි සමගින් හමුවෙමු. හැමෝමට ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,581 downloadsDownload Descendants.2.2017.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/madura-jayasanke.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර ජයසංඛ කෞශල්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුර ජයසංඛ
Subtitles
14 comments
රොයිලි
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Sanjeewa
Thanks brother....
Amalka Himeshan
ආ එල එල බන් පලවෙනි සබ් එකට සුබ පැතුම්
Nipun Tharuka
අඩේ මේ මධුරයා නේද? එල මචන් පළවෙනි සබ් එකට සුභ පැතුම්!!!
uvi
බොහොම ස්තූතියි
Kavisachi
Thanks Bro. පළවෙනි සබි එකට සුබ පැතුම් සහෝ
sankik
supiri
m.c.i.srimal
ela brooooooooooooooo...niyamiyiiii
asala
එලම
chanuka_rox
Me sinnhala subtitle eka thanx
Danushka Tharangi
sub ekta thanks.descendants 3 2019 movie eka awt tinne sub dennko ektath plzzzzzz
Hirusha
thanx
descendants 3 ekatath sub eka dennakoooooSLBUDDHI
Superbly Subtitle Brooo...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P