Watch Trailer

Snatch (2000) Sinhala Subtitles | දියමන්තියක් වටා… [සිංහල උපසිරැසි සමග]

කණිෂ්ක බණ්ඩාර දහම්පත් සොහොයුරාගේ ලිපිය… හොඳයි යාළුවනේ මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටය මීට අවුරුදු 16 පෙර තිරගත වුණු උසස් තත්වයේ චිත්‍රපටයක් වුණත් තාම කවුරුත් සිංහල උපසිරැසි යොදා නැති එක ගැන මම පුදුම වුණා. ඉතින් මම හිතුවා මේ දවස්වල නිකම් ඉන්න එකේ මගේ මංගල උපසිරැසිය මේ චිත්‍රපටියෙ…

කණිෂ්ක බණ්ඩාර දහම්පත් සොහොයුරාගේ ලිපිය…

හොඳයි යාළුවනේ මේ තමයි මගේ පළමුවෙනි උපසිරැසි නිර්මාණය.මේ චිත්‍රපටය මීට අවුරුදු 16 පෙර තිරගත වුණු උසස් තත්වයේ චිත්‍රපටයක් වුණත් තාම කවුරුත් සිංහල උපසිරැසි යොදා නැති එක ගැන මම පුදුම වුණා. ඉතින් මම හිතුවා මේ දවස්වල නිකම් ඉන්න එකේ මගේ මංගල උපසිරැසිය මේ චිත්‍රපටියෙන් ආරම්භ කරන්න.මේක මගේ පළමුවෙනි උපසිරැසිය නිසා කොතනක හරි වැරැද්දක් තියනවනම් සමාවෙන්න ඕනේ. මමත් ඔහෙ චිත්‍රපටියක් බාගෙන සබ් දාගෙන බැලුවත් චිත්‍රපටියකට උපසිරැසි දාන එක කොච්චර අමාරුද කියලා දැන ගන්නනම් චිත්‍රපටියකට උපසිරැසි හදලම බලන්න ඕනේ.ඉතිං ඔය ගොල්ලන්ට මම ගැන වැඩක් නෑනේ. අපි දැන් චිත්‍රපටිය ගැන කථා කරමු.

මේ Snatch (2000) චිත්‍රපටය බ්‍රිතාන්‍ය comedy,crime ගණයට වැටෙන චිත්‍රපටයක්. imdb වෙබ් අඩවියේ 8.3/10 කුත් Rotten tomatoes වෙබ් අඩවියේ 4/5 කුත් ගූගල් පාවිංචි කරන්නන්ගෙන් 85% කුත් මෙම චිත්‍රපටියට කැමැත්ත දීලා තියනවා. මිනිත්තු 104 ක් පුරා ධාවනය වෙන මෙම චිත්‍රපටය පළමුවෙනි වරට ඇමෙරිකාවේ තිරගත වුණේ 2001 ජනවාරි 19 වෙනිදා. මෙම චිත්‍රපටියේ කථාව හා අධ්‍යක්ෂනය සිදු කරල තියෙන්නේ Guy Richie විසින්. මොහු පොඩියට පටන් අරගෙන ලෝකයේ ඉහළ තැනකට ගිය ආදර්ශමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. Sherlock Holmes වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රාශියක් මොහු විසින් අධ්‍යක්ෂනය කරලා තියනවා. Transporter රංගන ශිල්පී Jason statham, Thor රංගන ශිල්පී Bradd Pitt, Benicio Del Toro, Lennie James, Alan Ford වැනි අති දක්ෂ රංගන ශිල්පීන් රාශියක් මෙම චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. imdb top rated movies වල 101 ක් වන ස්ථානයටත්, සම්මාන 4 කටත්, නිර්දේශ කිරීම් 6 කටත් මෙම චිත්‍රපටිය හිමිකම් කියනවා. මෙම චිත්‍රපටය රූගත කිරීමේදී අහිකුණ්ඨක චරිතය සඳහා Bradd Pittව දින ගණනක් නාවන්නේ නැතිව තියා ගත් බව පැවසෙනවා. ඒ වගේම Bradd Pitt, Alan Ford ශිල්පීන් දෙදෙනාට ඔවුන්ගේ චරිතය සඳහා උච්චාරණය පවා වෙනස් කරන්නට සිදු වුණා. එහෙනම් මේ බොක්ස් ඔෆිස් වාර්ථා බිඳ දැමූ මෙම චිත්‍රපටය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.

චිත්‍රපටියේ කථාව ගැන කිව්වොත් මුළු චිත්‍රපටයම පාදක වෙලා තියෙන්නේ හොරකම් කරපු දියමන්තියක් වටා ගෙතුනු කථාවක් මත. ඇඟිලි හතරේ ෆ්‍රැන්කි නැමැති අපරාධකාරයා බෙල්ජියමේ ඇන්ට්වර්ප් වලදී වටිනා කියන දියමන්තියක් හොරකම් කරනවා. පස්සේ ඔහු ලන්ඩන් වලට එනවා. ලන්ඩන් වල දවස් දෙකක් ඉඳලා දියමන්තිය විකුණන්න නිව් යෝර්ක් වලට යන්නයි ඔහු සැලසුම් කරලා තියෙන්නේ. ඒ කාලය ඇතුළත වෙන සිද්ධි දාමයක් තමයි මෙම චිත්‍රපටියේ කියවෙන්නේ. මේ දියමන්ති කථාවට නීති විරෝධී බොක්සිං තරඟ සංවිඳායකයෙක්, තහනම් බුකී කාරයෙක්, රුසියානු පාතාලයෙක්, ආධුනික හොරු දෙදෙනෙක් වගේම යුදෙව් ආරභණ වෙළෙන්දෙක් සම්බන්ධ වෙන විදිහත් අන්තිමට දියමන්තිය අයිති වෙන්නේ කාටද කියලත් දැන ගන්න මේ චිත්‍රපටිය අනිවාර්යයෙන්ම බලන්න. මේක කලින් බලපු කට්ටිය ආපහු සැරයක් බලන්නත්, නොබලපු හැමෝම අනිවාර්යයෙන්ම බලන්න කියලත් ආරාධනා කරනවා.

අවසාන වශයෙන් මෙම උපසිරැසි හැදීමට අවසර දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාටත්, මීට පෙර මෙම චිත්‍රපටිය ගැන ගැන විස්තරයක් ලබා දුන් “Tharindu Chat” සහෝදරයාටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා. ඔයාල හැමෝටම සුභ අනාගතයක්!

Tharindu Chat සොහොයුරාගේ පෙර පළවූ ලිපිය…

මෙච්චර කල් ෆිල්ම් එකක් බාගෙන කොමෙන්ටුවක් දාලා ගියාට මගේ ලිපියක් පලවෙන පලවෙනි වතාව මේක. මේ ෆිල්ම් එක කවුරුහරි දෙයි කියලා බලන් හිටියට ඒක වුනේ නැති හින්දා දෙන්න හිතුවා. පුදුමයි IMDB එකේ 8.3 වගේ ඉතා ඉහල අගයක් අරන් තියෙන පට්ටම බයිස්කෝප් එකක් මෙච්චර කල් බයිස්කෝප් එකට කවුරුවත් දැම්මේ නැති එක.

කතාව ගැන කියනවනන් මුලු ෆිල්ම් එකම හොරකම් කරපු දියමන්තියක් වටා ගොඩනැගෙන්නේ. බෙල්ජියම් වල ඇන්ට්වර්ප් වලින් කණ්ඩායමක් කැරට් 84ක දියමන්තියක් හොරකම් කරනවා. කණ්ඩායමේ ප්‍රධානියා (Franky Four Fingers) ලන්ඩන් නුවරට දියමන්තියත් අරගෙන එනවා නිව්යෝක් නුවරට යනකන් දවස් දෙකක් ගත කරන්න. ඔය කාලේ අතරතුර වෙන සිද්ධි දාමය තමා ෆිල්ම් එකේ දිග ඇරෙන්නේ. කතාවට නීති විරෝධි බොක්සින් තරඟ සංවිධායකයෝ, තහනම් බුකීකාරයෙක්, රුසියන් මැරයෙක්, ආධුනික හොරු දෙන්නෙක්, යුදෙව් ආභරණ වෙළෙන්දෙක් සම්බන්ධ වෙන ආකරය බලාගන්න ෆිල්ම් එක බාගෙනම බලන්න!

ෆිල්ම් එකේ වතගොත ගැන කියනවනන් අධ්‍යක්ශණය Sherlock Holmes වගේ ලෝක ප්‍රසිද්ධ නිර්මාණ බිහිකල Guy Ritchie. තව මේකෙ Brad Pitt, Jason Statham, Vinnie Johnes, Alan Ford වගේ දක්ශ නලුවො රංගනයෙන් දායක වෙලා තියෙනවා. IMDB වල 8.3 වගේ ඉහල අගයක් අරන් Top 250 වල 123 ස්ථානයේ රැදිලා තියෙන මුලු චිත්‍රපටය පුරාම අමුතුම හාස‍යජනක බවක් තියෙන හින්දා අන්තිම වෙනකන්ම එක හුස්මෙන් බලන්න පුලුවන් පට්ටම movie එක බාගෙන comment එකක් දාලම යන්න අමතක කරන්න එපා.

ජයවේවා!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

8,104 downloadsDownload Snatch-2000.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/12/Kanishka-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කණිෂ්ක බණ්ඩාර දහම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කණිෂ්ක බණ්ඩාර දහම්පත්

Subtitles

8,104 downloadsDownload Subtitles54 KB

81 comments

  1. tharaka

    wow ada mama first. thanks bro

  2. Tharanga Darshana Ekanayaka

    අම්මට සිරි....
    මට මේක කොහොම මිස් වුනාද දන්නේ නෑ........
    මේ දැන්නම බානවා.....

  3. Anonymous

    thanks.......

  4. Uraj Deemantha

    ඔන්න දැම්මා බෑ වෙන්න...... :) මේ දවස්වල, හවසට ගොරව ගොරව වහින නිසා, බාන එකත් අඩු වෙලා.....!!

  5. විකියා

    අනිවා බලනවා...බොහොම තුති සහෝ...
    ජයෙන් ජය~!

  6. chamila

    thanks.....

  7. සංදීප

    මේ movie එක ගිය සතියේ බැලුවේ....මේකේ අන්තිම කෑල්ලනම් නියම්යි.thanks මචං මේ වාගේ සුපිරි movie එකක විස්තරයක් දැම්මාට.......

  8. kodizz

    great work,,,,
    thnx buddy

  9. uda

    මේක බැලුවා සහෝ, ටිකක් වෙනස් ආරක ගලා යෑමක් තියෙන නිර්මාණයක්.
    වෙන වෙනම ඇවිල්ලා මුහු වෙන හැටි නිසා ඒකෙත් අමුත්තක් තියෙනවා.
    ලිපිය දැක්කම ආයි බලන්න හිතුණා.
    මුල්ම එකට ඕං විෂ් කොරා.....................hikz

  10. D_DASH

    Ela machan... balala na meka fatta thanks... balanda oni

  11. සාරංග ලියනගම

    පට්ටයි වගේ..ගොඩක් ස්තූතියි සහෝ.

  12. charith danushka

    එල එල නියම මුවි එකක් ස්තුතියි........තව තව මුවි දෙන්න ශක්තිය දහිරය ලැබේවා....!!! ජය ශ්‍රි..........

  13. bgsathira

    ado niyamai

  14. චන්ද්‍රකුමාර

    ශා එල වැඩක් පලවෙනි ලිපියට මගෙන් සුභපැතුම්....!!

  15. mihiran

    film eka ela wage.elagata dana eka sinhala sub ekkama denna hakiwewai pathanawa.thanx sahooo.

  16. irshad haniffa

    thanks macchan gud wrk................jaya wewa!

  17. Janaka

    තැන්යු මචං මමත් දැම්මා

  18. saman kalubovila

    thankx man.... balanna film eka nethiwa hitiye... den nam pattama ekak lebuna...ela...

  19. Sampath & Ishi from uk

    well done bro...

  20. tharu

    jayaweewa machan@!!!!

  21. Chanuka

    oya tiyenne gindara wage films... elz bro :)

  22. Anonymous

    pissu yakune me site eke sinhalen baiscope kiyala thiyene mokada kiyala thopi danne nadda. ape kale kanda epa sinhala sub nathnam me site eke danda epa.

  23. dinnu

    බොහෝම ස්තුතීයි සහෝ පලවෙනි පොස්ට එකට. ජයවේවා!!!

  24. chap

    කලින් බලලා තියෙනවා..recommend කරන්න පුලුවන්..

  25. රාම් රාජ්

    මේක බැලුවද කියලා මතක නෑනේ.කොහෙමත් කමක් නෑ ඔන්න බානවා.ස්තූතියි ලිපියට වගේම ෆිලම් එකට.මේව‍ගේ කථානම් නියමයි.තව තවත් මේ වා‍ගේ ෆිලම් දෙන්න හැකියාව ලැබේවා.

  26. Tharindu Chat

    පලවෙනි ලිපියට සුභ පතපු හැමෝටම බොහොම ස්තූතියි!!!!!!!!! :D

    @Anonymous - සහෝ, මේකෙ බයිස්කෝප් සින්හලෙන් කියලා කියන්නේ බයිස්කෝප් ගැන සින්හලෙන් විස්තර දීලා පුලුවන් ඒවාට උපසිරැසි දෙන එකට. හැම ලිපියටම සින්හල සබ් දෙන්න බෑ, මේකෙ සහෝදරවරු අමාරුවෙන් තමන්ගේ කාලය නාස්ති කරගෙන මේක කරන් යන්නේ. පොඩ්ඩක් කෘතඥතාවය පෙන්නලා කතා කලොත් හොද නැද්ද????

  27. San J

    බුදු හාමුදුරුවන්ටත් දෙව්දත් ල හිටියනෙ බන් ගල් පෙරලන්න. උඹ ගනන් ගන්න එපා බං තරිදු ඕවා. ඔන්න එහෙනම් මමත් මේක බාගෙන බලනවා. තැන්කූ මචන් ලිපියට.

  28. AL1717

    Elakiri Kolla Miss Weccha Movie Ekak Genawata

    Thanks kiyala Onna Mammath Bewenne
    Demma

    Jaya WEwaa

  29. DIX

    thank you wenna oni

  30. niroshan

    thanks

  31. මාටිං

    සබ් වලට තුති, මම තවම මේක බැලුවෙනම් නෑ.

    @Anonymous

    ඇත්තටම මේකෙ සබ් දෙනවම කියල එකක් නෑ, සිංහලෙන් බයිස්කෝප් කිවුවම, සිංහල අදහස දෙනඑකත් අයිතියි. ඒක නිසා ඉස්සෙල්ල තමුං දෙයක් තේරුම් අරගෙන හිටියනම් තමා හොද.

  32. මාටිං

    සබ් වලට තුති, මම තවම මේක බැලුවෙනම් නෑ.

    @Anonymous

    ඇත්තටම මේකෙ සබ් දෙනවම කියල එකක් නෑ, සිංහලෙන් බයිස්කෝප් කිවුවම, සිංහල අදහස දෙනඑකත් අයිතියි. ඒක නිසා ඉස්සෙල්ල තමුං දෙයක් තේරුම් අරගෙන හිටියනම් තමා හොද, නිරපරාදෙ දොස් කියන්න කලින්.

  33. Anonymous

    onna amath demma banna

  34. හොද්දා....

    මම බෑවො.. අද රෑ බලනවො.... පින් ඈ........... හෙට Rating දෙන්නම්.

  35. Uraj Deemantha

    ඈනෝ කමෙන්ට් දාලා තියෙන එකාට, සිංහල තේරෙන්නෙත් නෑ වගේ.......!! :P

  36. වා.මු. නිලන්ත පියසිරි

    බොහොම පිං. මම මේක බැළුවද කියලා හරියට මතකයක් නැහැ. ඒ නිසා බාලා බලනවා. හැබැයි බලුපු එකක් නම්.....

  37. JanuK

    ඔන්න මච්න් මමත් මේක බාගන්නවා,, TNX මේක දැම්මට , එලකිරි වගේ ..........

  38. JanuK

    ගොඩක්කල් ඉදන් උබලා දන ෆිල්ම් බෑවට COMMENT එකක් දාන්ඩ වේලවක් සෙට් උනේනැ. ඔන්න එකට අද දැම්මා,

  39. Chanuka

    awwww maxxa mve 1ka.. elz

  40. bmp

    maxxa movie ekak

  41. kyle.snooker

    oh niyama wadak bn old is gold kiyala katawakuth tiyanawa ne mchn

  42. Uraj Deemantha

    ඔන්න අද තමා මේක හා හා පුරා බලන්න යන්නේ..... :)

  43. kassalh

    api banawaoo!!!

  44. Tharindu Chat

    @Uraj - මගේ උපන් දිනේ දවසෙම තමා සහෝ ඒක බලලා තියෙන්නේ!!!! :P කොහොමද??

  45. Tharindu

    :D maxxxaa

  46. “චූටී මල්ලි”

    thanx

  47. fzr

    thanx

  48. dinesh

    please give for sinhala sub...
    Thanks

  49. tharindu gunarathna

    sinhala sub plz

  50. LSM HUSKAA

    sinhala sub plz

Load more comments