Watch Trailer

A Violent Prosecutor (2016) AKA Geom-Sa-Oe-Jeon with Sinhala Subtitles | සාහසික අභිචෝදක. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට සබක් තමයි අරගෙන ආවෙ.මේකත් 2016 වර්ෂයේ ආපු හොඳම කොරියානු චිත්‍රපටි අතරින් එකක්.මොකද කියනවනම් මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි 3 තිරගත කරලා.. ඇමරිකානු ඩොලර් මිලියන 66 කට ඉහළ ආදායමක් උපයාගෙන තියෙනවා.crime/comedy ගනයට අයත් වෙන මේ චිත්‍රපටියට imdb 6.6 ක් ව…

ආයුබෝවන්!

අදත් ඉතින් වෙනද වගේම කොරියානු චිත්‍රපටියකට සබක් තමයි අරගෙන ආවෙ.මේකත් 2016 වර්ෂයේ ආපු හොඳම කොරියානු චිත්‍රපටි අතරින් එකක්.මොකද කියනවනම් මේ චිත්‍රපටිය 2016 පෙබරවාරි 3 තිරගත කරලා.. ඇමරිකානු ඩොලර් මිලියන 66 කට ඉහළ ආදායමක් උපයාගෙන තියෙනවා.crime/comedy ගනයට අයත් වෙන  මේ චිත්‍රපටියට imdb 6.6 ක් වගේ ඉහළ අගයක් ලැබිල තියෙනවා.කතාව ගැන කිව්වොත් මෙහෙමයි..

බ්යුන් ජේ වුක් (Hwang Jung-min) කියන්නෙ ඉක්මණට තරහ යන ඇත්ත වෙනුවෙන් විතරක් වැඩ කරන අභිචෝදක කෙනෙක්.ඒ කියන්නෙ සැකකාරයින්ගෙන් ප්‍රශ්න කරන කෙනෙක්.මෙයාව ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පරීක්ෂණ කරද්දි දරුණුවට සාහසිකව  හැසිරෙන නිසා.ඒ කියන්නෙ ඇත්ත දැනගන්න සැක කාරයින්ට හොඳට ගහනවා.. ඉතින් වතාවක් මෙයා එහෙම ප්‍රශ්න කරපු සැක කාරයෙක්ව ඊළඟ දවසෙ උදේ මැරිල ඉද්දි හම්බෙනවා.සේරම සාක්ෂි තියෙන්නෙ මේ බ්යුන් ජේ වුක් අභිචෝදක තමයි මිනී මරුවා කියන විදියට.මෙයා ඒ ඝාතනය කරපු නැති බව ඔප්පු කරන්න උත්සහ කරත් අවු 15 ක හිර දඬුවමක් ලැබිල තමයි නවතින්නෙ.

මුල් කාලෙදි මෙයාට හිරේ ඉන්න අනිත් හිර කාරයින්ගෙන් කරදර වෙනවා.ඒත් පස්සෙ හිරේ නිලධාරීන් කීප දෙනෙක්ට නඩු වලින් ගැලවෙන්න උපදෙස් දීලා හිර ගෙදර විශේෂ තැනක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා.මෙයා නිලදාරීන්ට විතරක් නෙමෙයි හිර කාරයින්ටත් එයාගෙ දැනුමෙන් සහ අත්දැකීමෙන් නීතියෙන් තියෙන ප්‍රශ්න වලට උදව් කරනවා.සමහර අය හිරෙන් පවා නිදහස් වෙලා යනව එයාට පිං සිද්ද වෙන්න.මේ හින්ද හිර කාරයොත් එයාට ගෞරවෙන් වැදගත් විදියට සළකනවා.

අවුරුදු පහක් ඔහොම ගියාට පස්සෙ.. ඔය හිර ගෙදරටම වංචාකාර කපටි තරුණ කොල්ලෙක් එනවා හන් චී වොන් (Kang Dong-won)කියලා.මිනිහා රට ඉදන් ආව කියල කෙල්ලන්ව රවට්ටලා ගාන කඩා ගන්න පොරක්. අර ඇතුලෙ නීතීඤ්ඤතුමාගෙ නඩුවට හේතු වුණ සිද්දි සහ විස්තර වගයක් මේ කොල්ලා දන්නවා. ඉතින් බ්යුන් ජෙ වුක් මේ කොල්ලට එයාගෙ සැලැස්ම කියල දෙනව එළියට ගියාම කරන්න ඕනෙ දේවල් ගැන.උගන්නනවා.

ඒ වෙනුවට කොල්ලව ඉක්මණට හිරෙන් එළියට නිදහස් කරවනවා.සැලැස්ම තමයි බ්යුන් ජේ වුක්ව මිනී මැරුමට අහු කරපු උන්ව අල්ලගන්න එක.ඒ තමයි මහ සභාවට ඡන්දෙ ඉල්ලන්න ලෑස්ති වෙන හිටපු අභිචෝදක ප්‍රධානී වගේම ජේ වුක්ගෙ ලොක්කා වෙන Jong-Gil (Lee Sung-min). ඉතින් මේ කොල්ලා එළියට ගිහින් ජේ වුක්ට උදව් කීපයක් කරල මාරු වෙන්න හදනවා.ඒත් වැඩේ හරියන්නෙ නැති නිසා.. උදව් කරන්න තීරණය කරනවා.

ඉතින් මේ දෙන්නගෙ සැලැස්ම හරියයිද? ඇත්තම අපරාද කාරය අල්ලගන්න පුළුවන්ද? කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.චිත්‍රපටිය ගැන නම් ඉතින් කියල වැඩක් නෑ.බලන්න.එහෙනම් තවත් උපසැරසියක් අරගෙන එනකල් අදට යන්නම්.මම චාමල් කැලුම් අතපත්තු.

බුදු සරණයි!

NEW

 

A Violent Prosecutor (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A.Violent.Prosecutor.2016.KOREAN.720p.BluRay.x264.DTS-EPiC
A.Violent.Prosecutor.2016.Korean.720p.HDRip.800MB-Ganool

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,292 downloadsDownload A-Violent-Prosecutor-2016.zip117 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

1,292 downloadsDownload Subtitles117 KB

20 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Sanjaya Chathuranga

    Thanks Chamal Sahodaraya

  3. KAVINDA GAMAGE

    ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Chalana

    thnx bro...

  7. charuka

    thanks bro

  8. NISANGA

    බොහොම ස්තූත්යි සබට.....

    ජයවේවා.............

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අසිත

    elama saho thanks

  11. Jack

    නියමයි සහෝ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  12. Chami.S

    Thanks..
    Good Luck..

  13. chamalkalum

    ස්තූතියි හැමෝටම.චිත්‍රපටිය රස විදින්න.

  14. හසිත මධුෂාන්

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට……..

  15. Bobby

    Thank you very much

  16. a

    Thx sub ekata.lassana kathawak sb dei kiyala hithuwe nh digatama koreanm denna

  17. dana

    niyama wedak. thanks

  18. ricadodamien

    Thank U Chamal brother & baiscope team for the sub, oba sub ganwana korean movies etama sitganna sulu movies nisa korean movies gadak beluwa. great work brother, All the best to baiscope team.......

  19. Lakshansilva18

    Miracle in cell no. 7 වගෙ පට්ට එකක්ද

  20. Thushara

    සබ් එකට tnx මචං