Watch Trailer

Raees (2017) with Sinhala Subtitles | කසිප්පු රජා….[සිංහල උපසිරැසි සමග]

මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙ…

 

මගේ අම්මා කියන කතාවක් තමයි, කිසිම ව්‍යාපාරයක් පොඩි නැහැ. ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නැහැ කියලා. හැබැයි, ඒකෙන් කිසිම කෙනෙක්ට අයහපතක් නොවෙනවානම් පමණයි. පොඩි කාලේ ඉඳන්ම මං දැක්කේ, ජීවත් වෙන්න අම්මා විඳින නොවිඳිනා දුක විතරයි. මට හොඳට මතකයි, මගේ ඇස් පෙනීම දුර්වල නිසා, මට කන්නාඩි දෙකක් අරගෙන දෙන්න වත්කමක් නැතිව අම්මා ලතැවුනු හැටි. මං ජීවත්වෙන සමාජ වාතාවරණයත් එක්කමද මන්දා, මේ හේතු නිසා මට ඕනේ වුනේ, අපි මේ වැටිලා ඉන්න නරා වලෙන් ගොඩ එන්න විදියක්. ඒ නිසාම තමයි, මං පොඩි කාලෙදිම ව්‍යාපාර වලට අතගැහුවේ.

මත්පැන් ව්‍යාපාරය…මදි නොකියන්න හොඳට හම්බකරන්න පුළුවන් ව්‍යාපාරයක්. නමුත්, කරදර බාධන නම් අනන්ත අප්‍රමාණයි. නමුත්, පෙර වාසනාවකටද මන්දා…වෙළෙන්දෙකුට තියෙන්න ඕනේ කපටිකමයි, ඇඟ ඇතුලෙන්ම ආපු ධෛර්යයි…මේ දෙකම මං ළඟ තියෙනවා. මේ නිසාම, මේතාක් කාලයක් පුරාවට ගුජරාටය හොල්ලගෙන හිටපු කෙරුම්කරයෝ ටික පහලට ඇදලා දාලා, මගේ අණසක මුළු ගුජරාටය පුරාවටම පතුරුවා හරින්න මට වැඩි කාලයක් ගියේ නැහැ. මට අභියෝග කරන්න තරම් ජගතෙක් මිහිපිට නැහැයි කියලයි මං හිතාගෙන හිටියෙ. නමුත්, නොසිතූ විරූ මොහොතක, කුණාටුවක් වගේ අභියෝගක් හමා ආවා.

ජීවත් වෙන්න එක එක අය, එක එක විදියේ දේවල් කරනවා. ඒ හැමෝම කරන්නෙ රස්සාවක්. ඒ වගේම, මත්පැන් ව්‍යාපාරය තමයි මගේ රස්සාව වෙන්නේ. හදිසියේ හමාගෙන ආපු මේ ප්‍රචණ්ඩ කුණාටුව නිසා, මගේ ව්‍යාපාර පොඩ්ඩක් හෙලවිලා ගියා. මේ අභියෝගය මට කියනවා, “ඔයා ඔය ව්‍යාපාරයක් කියලා කරගෙන යන දේට අපි කියන්නෙ අපරාධයක් කියාලා. වහාම ඕක නවත්වලා දානවා හොඳයි, නැත්නම් මං උඹට හුස්ම ගන්න අමාරු කරවනවා” කියලා. ඒ අභියෝගයට, මං දුන්න උත්තරය තමයි ” ගුජරාටයේ වා තලය පුරාම මේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා. ඔයාට මගේ හුස්ම නවත්වන්න පුළුවන් වේවි, ඒත් මේ වා තලය නවත්වන්නේ කොහොමද මහත්තයෝ?” කියලා. ව්‍යාපාරිකයෙකු සතු ව්‍යක්ත බාවය, රණශූරයෙක් මෙන් නොසැලෙන බාවය සහිත ගුජරාටයේ රජු විදියට මිනිස්සුන්ගෙන් වැඳුම් පිඳුම් ලබපු මාව පහලට ඇදලා දාන්න, කොහේවත් යන පොලිස් කාරයෙක්ට මම ඉඩ දේවිද? එහෙනම් හැමෝටම වැරදිලා…ඔය කවුරු කවුරුත් හිතාගෙන ඉන්නවට වඩා වෙනස්ම ආරක කෙනෙක් තමයි මම. මට අභියෝගයක් වෙන අයට උරුම එකම එක ඉරණමක් විතරයි. ඒ තමයි…

ශාරුක් ඛාන්…දශක ගණනාවක් මුළුල්ලෙහි සුවහසක් ප්‍රේක්ෂක ජනී ජනයාගේ හදවත් අමන්දානන්දයට පත්කරමින් එදා මෙදා තුර බොලිවුඩ් ඉතිහාසයේ නළුවෙකු හට ලඟා විය හැකි ඉහලම සාර්ථකත්වයට ලඟා වී, වර්තමාන බොලිවුඩයේ හිනිපෙත්තේම රජයන, බොලිවුඩයේ ‘කිං ඛාන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නා වූද, ඉන්දීය ජනයා දේවත්වයෙන් සළකන මෙම බොලිවුඩ් රජුගේ නවතම චිත්‍රපටය, 2017 වර්ෂයේ ජනවාරි මස 26 වෙනි දින සිට ලොව වටා ප්‍රදර්ශණය ආරම්භ වූවා. Action සහ Thriller යන කාණ්ඩ යටතේ, Gauri Khan, Ritesh Sidhwani සහ Farhan Akhtar ගේ නිෂ්පාදන දායකත්වයෙන් සහ Rahul Dholakia ගේ අධ්‍යක්ෂණය යටතේ, Red Chillies Entertainment සහ Excel Entertainment යන ආයතනයන්හි බෙදා හැරීමේ අයිතිය මත දිවයන මෙම අනගි සිතුවම, මේ වන විට විසි හය දහස ඉක්මවූ ප්‍රේක්ෂක මනාපයකින් Imdb දර්ශකයේ 7.3 ක් වැනි ඉහල අගයකිනුත්, ඉන්දියානු රුපියල් බිලියන 2.72 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකිනුත් සවිබල ගැන්වී හමාර වන අතර, චිත්‍රපටයේ සෙසු ප්‍රධාන චරිත සඳහා Mahira Khan සහ Nawazuddin Siddiqui සිය රංගන ප්‍රතිභාවෙන් මෙම සලරුව තව තවත් ඔපමට්ටම් කරනු ලබනවා. එමෙන්ම විශේෂිත කරුණ වන්නෙ, බොලිවුඩයේ ‘Barbie Dol’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, Sunny Leone ගේ එක සිහිනයක් සැබෑ කරමින්, චිත්‍රපටයේ එක් විශේෂ ගීතයක් සඳහා, සුවහසක් ජනී ජනයා උන්මාදයෙන් මුකුළිත කළ, ඇයගේ අයස්කාන්ත නර්ථන හැකියාව විදහා පානු ඇත.

දුක, සතුට, ආදරය, විරහව, ක්‍රෝධය, ද්වේශය ආදී දහසක් වූ හැඟීම් සමුදායක් අතරේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට සැරීමට සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් හට කෙරෙන්නාවූ සුහද ආරාධනාවත් සමගින්, බොලිවුඩයේ කිං ඛාන්ගේ නවතම වික්‍රමය රැගත් මෙම සලරුව සෙනෙහෙ සිතින් ඔබ හමුවේ ගෙනහැර පෑමට, අවසරයි එසේනම් සියළුම සහෘදයන්ගෙන්…

ස්තූති කතාව.

ඔක්කොටම කලිං මයුරට ස්තුති කරනවා, සබ් එකේ බාගයක්ම කලාට. මේක පොරගෙ ටයිප් ෆිල්ම් එකක් නෙවි උනත් කරමු කිව් ගමන් බෑ නොකියා ගේමට බැස්සා. ඔක්කොටම වඩා මට ඕන උනේ මයුර එක්ක සබක් කරන්නයි. ඒත් මම මයුරට කිව්වේ වෙන කතාවක්. ඊට පස්සෙ තමයි ඩෑල් එක කරලියට එන්නේ.

සිසිල ප්‍රසාද්. එච් ඩී කොපිය ආපු ගමන් සිසිල ප්‍රසාද් සහෝ තමයි මට කිව්වේ. ඒ වෙද්දි ඉංග්‍රීසි සබක් තිබ්බේ නෑ. ඒ නිසා මම ආපු පර්සියන් සබ් එකට දෙයියනේ කියලා අහගෙන කරගෙන ගියා. ඇත්තම කියනවනම් අමාරුම වැඩේ කලේ සිසිල. පර්සියන් සබ් එකේ බාගයක් විතර අහගෙන කරගෙන යද්දි ඉංග් සබ් එක ආවා. පර්සියන් සබ් එකෙයි ඉංග්‍රිසි සබ් එකෙයි ටයිම් ලයින්, දෙබස් බෙදපු හැටි එහෙම ගොඩක් වෙනස්. ඉතිං පැහැදිලිවම මම නාගෙන හිටියේ පර්සියන් සබ් එකේ කරපු ටික ඉංග්‍රිසි සබ් එකට දාන්න ගිහින්. සබ් කිරිල්ල එපා වුනා. ඉතිං බෑයි නොකියා කියු ගමන් සිසිල සහෝ තමයි මහ රෑ ගේම ගහලා දුන්නේ මම සැපට රෑ නිදා ගනිද්දි.

එව්වා ඔක්කොටම කලිං ලෝගන්නයියා (අසංක) හෙන යුද්දයක් කලා මට ඉංග් සබ් එක හොයලා දෙන්න. බොහොම පිං වුන මහන්සියට අසංකයියේ. අන්තිමේදි ඉතිං හැමදාම බැකප් එකට ඉන්න හසායියා තමා මට හරිම ඉංග්‍රිසි සබ් එක අරන් දීලා පිහිට වුනේ.

පැහැදිලිවම මේක බයිස්කෝප් එකේ කණ්ඩායම් ක්‍රියාවක්. වැඩ අධික වෙලාවක, ඉන්ටර්නෙට් කපපු වෙලාවක ආපු මේ සබ් එක අර උඩගොල්ලො නොහිටින්න සතියකිංවත් දෙන්න හම්බෙන්නෙ නෑ. ඔන්න ඔයවිදියටයි මේ සබ් එක ඔයාලා අතට එන්නේ. දැක්කනේ. ලේසි නෑ. අන්න දැක්කනේ, කාටවත් ඒ ගැන ගානකුත් නෑ. ගිහිං එන්නම්.

 

Raees (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

RAEES. 2017.1080p.Bluray.HDLight.x264.AAC.5.1.ESub-DDR

 මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

57,657 downloadsDownload RAEES-2017-BR-1.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සහ “හේවා ලුණුවිලගේ” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

57,657 downloadsDownload Subtitles58 KB

149 comments

  1. Gihan Iddamalgoda

    thanks 4 sub.

  2. Kasun Chamara Premadasa

    Thanz Baiscope

  3. Hemal

    wow thanks guys

  4. gihan

    thankz for sub

  5. Ravin Laksitha

    thanks machan sub ekata.........

  6. Mystry

    Thanks a lot , great work

  7. Ranga Prasanna

    ටැංකූ සෙට් එකටම මහන්සි වෙලා ගහපු ගේමට

  8. R.D

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට............

  9. දමිත්

    එනකල් බලන් හිටියේ.
    බොහොම ස්තුතියි සහෝ...
    ජයෙන් ජය...

  10. lahiru

    කියන්න වචන නැ මචන්..
    බොහොම පින්...

  11. sk

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට!!!!

  12. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    මේකන්ම් දෙකම් බලාගෙන හිටියේ සහෝ. කස්ටිය එක්කම පට්ට ගේමක් නොවැ ගහල තියෙන්නෙ..හැමෝටම ස්තූති අයෙමත්..!
    ජය වේවා..බුදුසරණයි..!

  13. එල්.සී. දමැල්

    "ඔන්න ඔයවිදියටයි මේ සබ් එක ඔයාලා අතට එන්නේ. දැක්කනේ. ලේසි නෑ. අන්න දැක්කනේ, කාටවත් ඒ ගැන ගානකුත් නෑ."
    නියමම වදන හේවායියෙ
    සබට ස්තුති දෙන්නටම...

  14. Neer

    Thank you so much .me film eka enakal balagenamai hitiye....

  15. Lakshitha Lakshan

    http://baiscopedownloads.com එකේ ඩවුන්ලෝඩ් කරන්න කින්ක් 1 නෑනේ ,

  16. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝලා.

    ජය වේවා....

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Mahela

      oya copyata witharada hariyanne???????????????

  18. ප්‍රවීන්

    ජය වේවා බාගෙන සබ එක එනකන් හිටියේ

  19. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  20. SUN VIDEO

    THANKS

  21. Sudheera Kasun

    thanks fiends... always appreciates your effort...

  22. praneeth madu

    බොහොම ස්තූතියි හේවෝ මයු

  23. Gayan Madushanka

    Tnq broz..fttai

  24. හසන්ත

    හේවයියගේ සබ් එකක් නම් නොබලා කොහොමද එත් අර මයුරයියා කරපු බාගේ කොයි හරියේද කිව්වා නම් ඒ ටික ඉංග්‍රීසි සබ් එක එක්ක බලල කතාව තේරුම් ගන්න තිබ්බා. අද තමා බලන්න වෙන්නේ. එහෙනම් තැන්කු වේවා!!!

    1. Mayura

      අර අපි ඩංගල් බැලුවා වගේ

  25. Chalana

    thnx bro...

  26. prabodha

    Balagena hitapu film ekak. Jayawewa ...

  27. Kasun Widusha

    Tnx sahola dennatama sub ekata

  28. dinushan

    Thanks sub ekata

  29. Ravindu Rukshan

    denntama thx

  30. avindu umesh

    thanx okkotama sub eka dunnata

  31. ලොකු මල්ලි

    එනකන් බලන් උන්නේ පුතී....තෑන්Q වේවා....

  32. widuranga

    පිස්සුද අපිට ගානක් තියේ.... තෑන්ක්ස් උපසිරැසියට ........

  33. Anjana

    kattiyama ekathu wela kala kapaweema agaya karnwa,,,ikkmntama sab eka dunnata thanx Bro's.......jayaaa.

  34. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති හේවා සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය

  35. Baduge

    jaya wewa !

  36. Chinthaka Bandara

    ජය වේවා!!! සහෝ. ඔන්න මමත් බාන්න පටන් ගත්තා. සබට තැංකූ. තව තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  37. LaPaT

    Ela macho....sub eka enakan hitye film eka baagena

  38. charuka

    ela sahoo thankoo sub ekata

  39. upul

    thanks okkotama

  40. Nisanga

    THANKYOU VERY MUCH.. for sub...

    Jaya wewa..!!

  41. Hiran Rathnayake

    thx saho. film eka baala balanneme nathuwa hitiya sub eka denakn. thx again.

  42. හේමන්ත

    ගොඩක් ස්තුතියි මල්ලි... නියම වැඩක්... Thanks.

  43. සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් මග බලාගෙන හිටපු ෆිලුමක්..
    ස්තුති වීවා හේවා අයියටත් මයුර අයියටත් උපසිරසි දුන්නට
    ජය...!

  44. Kulanjana Maduranga

    patta enakm balan hitapu filumak...aniwa bamak thama....thanks HEWA & MAYURA sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  45. Zeal

    Thanx Bro''ws

    ░░███████
    ░░█▒▒ZEAL▒▒█
    ░░░█▒▒ZEAL▒▒█
    ░░░░█▒ZEAL ▒▒█
    ░░░░░█▒ZEAL▒█
    ░░░░░█ ZEAL ▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

  46. සුරේෂ් ජයතිලක

  47. මේනක...

    ela ela thanx

  48. Asel

    Thda Thda asiri aiyyee

  49. Jack

    පට්ටයි මචන්ලා.
    මේක ඉතින් අනිවා බලන එකක්නේ.
    බොහෝම ස්තුතියි ආපු ගමන්ම සබ් එක දුන්නට.
    ජය...

    1. sanjaya

      link eka dwnload bane ban pls hlp

  50. sanjaya

    dwnload link pls

Load more comments