ඔන්න කාලෙකට පස්සෙ සුපිරිම භාන්ඩයක් ගෙනාව. මේක මගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් කරන සිව්වන උපසිරසි ගැන්වීම. පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+…
ඔන්න කාලෙකට පස්සෙ සුපිරිම භාන්ඩයක් ගෙනාව. මේක මගේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් කරන සිව්වන උපසිරසි ගැන්වීම. පට්ටම සටන් ජවනිකා වගේම, කොමඩි බලන්න කැමති අයටත් එලම ෆිල්ම් එකක් වේවි මේක. අනික මේක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන් යන්න පුළුවන් Thriller(ත්‍රාසජනක) ගණයටත් අයිති වෙනව. මේකෙ 18+ දර්ශන නැතත් භාෂාව නම් 18+ වලට තමා ගැලපෙන්නෙ. මන් කතා රසයට බාධා වෙන නිසා වචනවල සැර බාල කරෙත් නෑ ඉතිං. 14+ වලින් එහා වත් බලනවනම් හොඳයි කෝකටත්.
කතාවට හැරුණොත්, CIB(Criminal Intelligence Bureau) එකේ රහස් පොලිස් නියෝජිතයන් වගයක් කුඩු බිස්නස් අල්ලන්න රහස් මෙහෙයුමක් කරගෙන යනව. මේ අස්සෙ මෙයාලගෙ CIB ප්‍රධානියා මැරෙනව. හැබැයි මැරෙන්න කලින් රහස් මෙහෙයුමේ නියෝජිතයන්ගෙ අනන්‍යතා සහිත විස්තර පොලිස් පරිගණක ගබඩා වලින් මකනව මේ ප්‍රධානියා. මේ නිසා පොලීසියටවත් මේ රහස් නියෝජිතයන් කවුද කියල හරියට හොයා ගන්න බැරි වෙනව.
මේ රහස් නියෝජිතයිනුත් කුඩු ජාවාරමට සම්බන්ධ වෙලා ඉන්නෙ තොරතුරු රහසින් ගන්න ඕන නිසා. එයාලව පොලීසිය හරියට හොයා ගත්තොත් තමා කුඩු ජාවාරම් කාරයින්ව අල්ල ගන්න උදව් ගන්න පුලුවන් වෙන්නෙ. ඒත් පොලීසියට ඇත්ත රහස් නියෝජිතයො කවුද කියල තහවුරු කර ගන්න බැරුව එයාලව හොයන්න වෙනම මෙහෙයුමක් කරවා. මේ අස්සෙ බ්ලැක්ජැක් කියල එක රහස් නියෝජිතයෙක් පොලීසියට තමන් හඳුන්වා දෙනවා. ඒත් එයාටත් අනන්‍යතාව ඔප්පු කරන්න බැරුව එයා කියන දේවල් පොලීසිය එක පාරට විස්වාස කරන්නෙ නෑ.
බලන්නකෝ පොලීසිය රහස් නියෝජිතයින්ව හොයා ගනීවිද ? ඒ රහස් නියෝජිතයින් තාමත් පොලීසියටද වැඩ නැත්නම් සල්ලි නිසා එයාලත් කුඩු බිස්නස් එකටම බැහැල ද ? බ්ලැක්ජැක්ට මොකක් වේවිද ? කියල.
මේක මාර කුතුහලයක් ඇති වෙන ෆිල්ම් එකක්. අන්තිම වෙනකන්ම ෆිල්ම් එක බලන්න වෙනව සමහර කරුණු පැහැදිලි කර ගන්න නම්. ඇතිවෙන්න වෙඩි තබා ගැනීම්, ද්වන්ධ සටන්, විහිළු එහෙම ෆිල්ම් එක පුරාවටම දකින්න පුළුවන් වගේම අපිට හොඳ ආදර්ශ ටිකක් එහෙමත් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් මේක බලල.
එහෙනම් මන් යනව. හොඳ නරක එහෙම කියල අදහස් දක්වල යනවට මන් හුඟක් කැමතියි.
ඔබ සැමට ජය !

Due to copyright issues, we do not provide any torrent links.
Line Walker 2016 MANDARIN 720p BRRip 800 MB – iExTV
Line.Walker.2016.BRRip.480p.x264.AAC-VYTO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,599 downloadsDownload Line-Walker-2016.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PrabuddhaKulathunga-e1486773746934.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කුලතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කුලතුංග
Subtitles
43 comments
prabodha
Prabuddha Kulatunga
:D :D
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Prabuddha Kulatunga
ela :D
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Prabuddha Kulatunga
උත්සාහ කරනනම් ඒවත් ටික ටික දෙන්න. :D
Helili Hemamali
Super..
Prabuddha Kulatunga
:D :D :D
Bobby
Thank you very much
Prabuddha Kulatunga
:D :D
Chalana
thnx bro...
Prabuddha Kulatunga
ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
ela saho..
Dinesh Sapumal Bandara
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
Prabuddha Kulatunga
එලම
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
:D :D
අසිත
elama saho thanks
pattaPrabuddha Kulatunga
elama :D
silent$
Patttaaaaaaaaaaaaaaaaaaaaaa
Prabuddha Kulatunga
:D :D :D
චින්තක
කොරියන් ෆිලුමක් උනාට පට්ට නේ බන් . මෙන්න බාගන්න දැම්මෝ . ජයවේවා ප්‍රබුද්ධ සහෝ ...
Prabuddha Kulatunga
ඔව් බන්.කොරියන් උනාට අවුලක් නෑ මේක. :D
nuwan
පට්ට ගොන් නේද? film එක
Prabuddha Kulatunga
:P
Akalanka
Ela.....thnx....
Prabuddha Kulatunga
ela :D
dana
thanks broo
Prabuddha Kulatunga
ela :D :D
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Prabuddha Kulatunga
:D :D
tsm
elama mcn
Prabuddha Kulatunga
elama
hasanga fernando
ayye oyath? :D ela aa
Prabuddha Kulatunga
nikamata kara tikak maat :D :D thank u bro.. :D
malith
Ela ela
Prabuddha Kulatunga
elama :D :D
19893@
Film eka koi..eka ganne කොහින්ද ?..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
මේකෙ දෙවනි කොටසටත් සබ් එක දෙන්න :)Rukshan37
Ela
RuwanLakshan93
බොහෝම ස්තූතියි සහෝ ජයවේවා...!!!
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank bro sub ekata. Jayawewa..