Watch Trailer

A Working Man (2025) Sinhala Subtitles | වැඩ කරන විරුවා! [සිංහල උපසිරැසි] 18+

A Working Man (2025) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙට පස්සේ ඔන්න අද තමයි උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්න එන්නේ. ටික කාලයක් පුද්ගලික වැඩත් එක්ක හිර වෙලා හිටියා. වැඩ වල නම් ඉවරයක් නැහැ. ඒත් මේ විනෝදාංශය අත අරින්න බැහැ නේ. ඒක නිසා 2025 අවුරුද්දේ බලාපොරොත්තුවක් තියා ගන්න…

A Working Man (2025) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙට පස්සේ ඔන්න අද තමයි උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්න එන්නේ. ටික කාලයක් පුද්ගලික වැඩත් එක්ක හිර වෙලා හිටියා. වැඩ වල නම් ඉවරයක් නැහැ. ඒත් මේ විනෝදාංශය අත අරින්න බැහැ නේ. ඒක නිසා 2025 අවුරුද්දේ බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් ක්‍රියාදාම චිත්‍රපටයක් වන A Working Man අරගෙන ඔයාලා ගාවට එන්න හිතුවා. පරක්කු නම් තමයි. හැබැයි අද ලෝක කම්කරු දවසේ වැඩ කරන විරුවෙක් ගැන කියවෙන චිත්‍රපටයක් දෙන එක එක අතකින් අහඹු දෙයක්.

ඔයාලට මම ගිය අවුරුද්දේ The Beekeeper (2024) චිත්‍රපටය අරන් ආවා සමහර විට මතක ඇති. ඉතින් මම ඇත්තටම හිතුවේ නැහැ ඒ වගේම චිත්‍රපටයක් මේ අවුරුද්දේ ඔයාලට අරන් එන්න පුළුවන් වෙයි කියලා. කියන්න දෙයක් නැහැ නේ Jason Statham ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි (තට්ටයෝ කොහොමත් වැඩ්ඩෝ නේ ).

එහෙනම් කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්. ලෙවන් (Jason Statham) කියන්නේ ඉස්සර Royal Marine Commando කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මිනිහා පස්සේ ඒ රස්සාවෙන් අයින් වෙලා ගොඩනැගිලි හදන කණ්ඩායමක ප්‍රධානියෙක් විදිහට වැඩ කරන්න තීරණය කරනවා සාමාන්‍ය ජීවිතයකට හුරු වෙන්න හිතාගෙන. විශේෂයෙන්ම එයාගේ පුංචි දුවවත් බලාගෙන. ලෙවන් වැඩ කරන්නේ ග්‍රේසියා කියලා පවුලකට. එයාලා තමයි මේ ගොඩනැගිලි හදන ව්‍යාපාරයේ අයිතිකාරයෝ.

දවසක් මේ ග්‍රේසියා පවුලේ ජෙනා (Arianna Rivas) කියන ලස්සන තරුණ කෙල්ලව රුසියානු මිනිස් ජාවාරම්කාරයෝ සෙට් එකක් පැහැර ගන්නවා. ලෙවන් පොරොන්දු වෙනවා ග්‍රේසියා පවුලට කොහොම හරි එයාලගේ දුව හොයන් එනවා කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන හැටි තමයි කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ.

ඉතින් කියන්න ඕන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරෙත් The Beekeeper (2024) වගේම ලෝකප්‍රසිද්ධ Suicide Squad (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු David Ayer. චිත්‍රපටයේ බජට් එක නම් එච්චර ලොකු නැහැ ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් විතර තමයි වෙන්නේ. හැබැයි මේ වෙනකොට බොක්ස් ඔෆිස් මට්ටමට මේ චිත්‍රපටය ඇවිල්ලා තියනවා මොකද මේ වියදම අඩු කාලෙකින් පියවා ගන්න පුළුවන් වෙලා තියන නිසා (දැනට ලබපු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 65 ක් විතර වෙනවා).

වැඩි කතා ඕන නැහැ නේ. ඒක නිසා විනාඩි 116 ක් දිවෙන මේ චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරන ගමන් මම නවතිනවා.

හැමෝටම ජය!

 

 

   

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 

9,071 downloadsDownload A.Working.Man_.2025.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank


SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

A Working Man (2025) Sinhala Subtitles

Subtitles by

චාමිකර විදානගේ

Subtitles

9,071 downloadsDownload Subtitles40 KB

11 comments

  1. syd

    thank you brother
    IHostage (2025) sub please

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි චාමිකර සහෝ මේ ෆිලුමට සිංහල සබ් දුන්නට

  3. Senuth

    thanks bro sub ekata me film ekath supri action thiyena film ekk . epa wenne nathuwa eka digata balanna puluwan patta ..

  4. කලත්මා

    ඔයාගෙ වැඩක් නම් ආයෙ නොබලා ඉන්න හේතුවක් නෑ. දිගටම සබ් දෙන්න. කාලයක් බලන් හිටියා එකක් එනකම්

  5. Udara Damith

    එල

  6. Chandima

    super

  7. Asela chathuranga

    සුභ අළුත් අවුරුද්දක් වේවා සහෝදරයා, සියලු පැතුම් ඉටුවේවා,
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි

  8. ghost

    For me 2025 apu hodama film eka

  9. TOMA

    Thank you

  10. sumed

    thank you bro,freelance 2023 ekatath sub dennako

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤