The Beekeeper (2024) Sinhala Subtitles 2024 උදා වෙලා මාසෙකුත් ගියා. මේ අවුරුද්දට අදාළව බයිස්කෝප් එකෙන් දෙන, ගොඩක් කතා බහට ලක් උන මුල්ම චිත්‍රපටය මේක වෙන්න ඇති කියල මම හිතනවා. ගැම්මක් තමයි ඉතින් එහෙම චිත්‍රපටයක් දෙන්න ලැබීම. කාලෙකින් සබ් එකකුත් කරේ නැති නිසා පිනා චාන්ස් එකකට ලැබුණු මේක, ඔෆිස් වැඩ, ප…

2024 උදා වෙලා මාසෙකුත් ගියා. මේ අවුරුද්දට අදාළව බයිස්කෝප් එකෙන් දෙන, ගොඩක් කතා බහට ලක් උන මුල්ම චිත්‍රපටය මේක වෙන්න ඇති කියල මම හිතනවා. ගැම්මක් තමයි ඉතින් එහෙම චිත්‍රපටයක් දෙන්න ලැබීම. කාලෙකින් සබ් එකකුත් කරේ නැති නිසා පිනා චාන්ස් එකකට ලැබුණු මේක, ඔෆිස් වැඩ, පුද්ගලික වැඩ අස්සේ පුළුවන් ඉක්මනට දෙන්න බැලුවා.
මම හිතන්නේ The Beekeeper කියන්නේ ඔයාල ගොඩ දෙනෙක් මේ අවුරුද්දේ බලන්න හිතාගෙන ඉන්න චිත්‍රපටයක්. ඒකට හේතු දෙක තුනක් තියනවා. එකක් තමයි ප්‍රධාන නළුවා අපේ ජේසන් අයියා වීම. මිනිහගේ චිත්‍රපට ඉතින් ගොඩක් වෙලාවට හොඳයි නේ. දෙවෙනි කාරණය තමයි මේක Action / Thriller ගණයට වැටීම. තුන් වෙනි කාරණය තමයි කතා තේමාව. ටිකක් විතර වෙනස් අදහසක්. ඇයි මේ මී මැස්සෝ අල්ලන් දඟලන්නේ නේද?
කතාව ගැන කෙටියෙන් සටහනක් දෙන්නම්කෝ එහෙනම්. පාකර් නෝනා (Phylicia Rashad) විශ්‍රාම ගිය ටීචර් කෙනෙක්. එයා නිදහස් ජීවිතයක් ගත කරනවා Massachusetts වල. මෙයාගෙ ගෙදර කුලියට ඉන්නේ ක්ලේ (Jason Statham). මිනිහ කරන්නේ මී මැසි වගාව. දවසක් පාකර් නෝනාට ස්කෑම් කෝල් එකක් එනවා. ඒ ලණුව කන පාකර් නෝනා තමන්ගෙ ගිණුම් වල පුණ්‍ය කටයුතු වලට වෙන් කරලා තිබුණු ඩොලර් මිලියන 2 ක් විතර ඒ හොරුන්ගේ අතට යවනවා. ඉතින් තමන් කර ගත්ත මෝඩකම දරා ගන්න බැරුව පාකර් නෝනා සියදිවි නසා ගන්නවා.
මේ අපරාධයට සම්බන්ධ කට්ටියව එලොව යවන්න තමයි ක්ලේ ඊට පස්සේ තමන්ගේ වැඩ පටන් ගන්නේ. තව දෙයක්. මෙහෙම මී මැසි වගාවේ ඉන්න ක්ලේ ඇත්තටම Beekeepers නමින් හඳුන්වන රහස් සංවිධානයක වැඩ කරපු කෙනෙක්. ඒ නිසා තමන්ගේ සටන්කාමී හැසිරීම, ඉව, පළපුරුද්ද කියන මේ හැමදේම මිනිහා මේ මෙහෙයුමට යොදා ගන්නවා.
කතාවට සම්බන්ධ සෙසු ප්‍රධාන චරිත විදිහට ඒජන්ට් වෙරෝනා (Emmy Raver-Lampman), ඩෙරෙක් (Josh Hutcherson), වොලස් (Jeremy Irons), ඩැන්ෆෝත් (Jemma Redgrave) වැනි අයව පෙන්වා දෙන්න පුළුවන්.
The Beekeeper එකට හොඳ රේටින් අගයක් ලැබිලා තියනවා. IMDb අගය 6.7 කුත් Rotten Tomatoes අගය 71% කුත් මේ වෙනකොට ලැබිලා. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ David Ayer. ඇමරිකානු ඩොලර් මිලියන 34 ක් වගේ සාමාන්‍ය බජට් එකකට තමයි මේක හදලා තියෙන්නේ. චිත්‍රපටය බෙදාහැරීම කරේ Amazon MGM Studios සමාගම. මේ අවුරුද්දේ ජනවාරි 12 එළියට ආපු චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 105 ක් විතර වෙනවා.
චිත්‍රපටය රූගත කිරීමේ අවස්ථා යුගලයක්


මේක ක්‍රියාදාම, ලස්සන චිත්‍රපටයක් නිසා කොහොම හරි බලන්න කියන ගමන් මම නවතිනවා.
මාසයක් ගියත් සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
48,100 downloadsDownload The-Beekeeper-2024-Update-1.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #David Ayer
- #Editor's Pick
- #Emmy Raver-Lampman
- #Jason Statham
- #Kurt Wimmer
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Beekeeper
- #The Beekeeper (2024)
- #The Beekeeper (2024) Sinhala Subtitles
- #The Beekeeper Sinhala Sub
- #You Decide
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Buddhika Lakmal
Hari
දානකන් බලන් හිටියේ.. Thnax. ජය වේවා ⃝✥⃟☺️᭄ꦿ❤️ !!!
udith
thak you sub ekata
Kevin D...
Thanks...
Anonymous
❤️❤️❤️
Sahan Gayantha
thanks a lot Chamikara saho sub ekata
Pushpa Keerthi
ගොඩක් ස්තූතියි යාලුවා ඔඔයාගෙ වැඩ පාඩු කරං සබ් 1 කරලා දුන්නට. ජය වේවා...!!!
Malith samarawickrama
Thanks saho sub ekata
Udara Damith
සුපිරි
Akila Dilhara
Thanks for Sub...❤
Gayathra
thanks
Asanga kb
bohoma sthuthi...jayama wewa..
Ravindu Balasooriya (ezio)
පට්ට මචන්,,sub එක එනකම් බලන් හිටියේ.. thank you bokka !! ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thesaru Praneeth
bohoma istuti bosa
viraj
thanks.............
විමා
සබට තුති මචෝ!
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Dill
Great work....!
Janithadilan
Thanks saho
PdLD madusankha
Thanks bro
Anonymous
Thanks Brother
Anonymous
Thanks for brother
Good Luck ❤️ ❤️...Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Shehan kavishka
sub ekata බොහොම ස්තූති.♥️
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
thnx bro
Hashan Chamara
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Anonymous
Thanks for the sub bro
mindika
Thanks !!!
Advertisement
![The Beekeeper (2024) Sinhala Subtitles | මී මැසි වික්‍රමය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/THE-BEEKEEPER-1.jpg)
සබ් දෙනකං හිටපු ෆිලුමක් මචෝ...
වැඩ අස්සේ කොහෙම හරි සබ ගෙනාවට තෑන්ක්ස් මචෝ.....