එකම එක උපසිරැසියකින් පටන් ගත්තු මේ ගමන අද නොහිතපු තැනකට, මං වත් නොහිතපු විදිහට ඇවිත් තියෙනවා. ඒ තමයි මගේ හතරවැනි කඩයිම. ලිපි ලියන්න නම් මං දක්ෂ නැහැ. හැබැයි පුළුවන් විදිහට ආරම්භය අරගෙන කියාගෙන යන්නම්. “2015 පෙබරවාරි 12 වැනිදා“Supremacy (2014) නමැති චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමත් එක්ක අදට මං මේ පවුලේ…

එකම එක උපසිරැසියකින් පටන් ගත්තු මේ ගමන අද නොහිතපු තැනකට, මං වත් නොහිතපු විදිහට ඇවිත් තියෙනවා. ඒ තමයි මගේ හතරවැනි කඩයිම. ලිපි ලියන්න නම් මං දක්ෂ නැහැ. හැබැයි පුළුවන් විදිහට ආරම්භය අරගෙන කියාගෙන යන්නම්. “2015 පෙබරවාරි 12 වැනිදා“Supremacy (2014) නමැති චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමත් එක්ක අදට මං මේ පවුලේ සාමාජිකයෙක් වෙලා අවුරුද්දයි මාස නවයයි දවස් අටයි වගේ කාලයක් නොදැනීම ගතවෙලා අද 2016 ඔක්තෝබර් 8 වැනිදා දවසේ මගේ දෙසීයවැනි උපසිරැසි ගැන්වීම තිළිණ කරන්නයි මේ සුදානම. මේ ගමන එද්දී නිතරම හමු නොවුනත් වැඩි හරියක්ම මුහුණු පොතෙන් හමුවුන සහෝදර සහෝදරියෝ සෙට් එකක් ඉන්නවා. එහෙමයි කියලා අපි හමුවෙලා නැත්තේමත් නෑ. හමුවුණත් මගේ නිහඩ ජීවිතය ගැන ඇතැම් අය වරදවා වටහාගෙන. මුලින්ම මං අඩවියට ඊමේල් එක දාපු දවසේ ඉදන් අද මේ තිළිණ කරන උපසිරැසි ගැන්වීමේ සෝදුපත් බලලා දීලා අඩුපාඩු කියාදුන්න “හසන්ත අයියා“.එතකොට මේ ෆිලුමේ සැබෑ අයිතිකරු වෙච්චි, බෑ නොකියා මටම මේක බාර දුන්න “රොයිලි අයියා“, තාමත් හිටි ගමන් ලින්ක් එකක් එවලා මේක කරමුද කියලා අහන “සමීර චතුරංග අයියා“. ඒවගේම ට්‍රිප් යන්න බැරිවුන එකට පොල්ල තිබ්බයි කියලා තාමත් මාව හංවඩු ගහන, ඕනේ උදව්වකට ඉන්න මගේ එලම ෆිට් එක “විමා“, මේ ෆිලුම එන්නත් කලින් මේකේ ලිපිය නම් ලියලා දෙන්නම් කියලා ඊයේ ඇහුවම වැඩ ගොඩකට වැටිලා ඉන්නවා කියපු “සමන්” එහෙමත් නැත්තම් මේ කණ්ඩායමේ ඉන්න එකම සත්වයා. උපසිරැසි ගැන්වීමේ හරිම රසය දන්න කාගේත් හිතාදරයට පත්වුන “ප්‍රණීත්” සහෝ, බයිස්කෝප් මංසල කරගෙන ගිහින් විදේශගතවීමත් එක්ක දැනට මිසින් වෙලා “තිසරයා“, ඒවගේම සියළු දෙනා වෙනුවෙන් දකුණ නියෝජනය කරන, තමා විසින් ෂාරුක් ඛාන් කියලා කියාගන්න “හේවා” අයියා, හැමෝටම වගේ ලස්සන ලස්සන කවර් ෆොටෝ හදලා දීලා නිහඩ සේවයක් කරන “නලීන්” අයියා, ඒවගේම උපසිරැසි කලාවෙන් ඈත්වෙලා තමන්ගේ පාඩුවේ ෆිලුම්ක්, ටීවී සීරිස් එකක් බලාගෙන ඉන්න “සමීර කරුණාරත්න” සහෝදරයා, වැඩිය අදුනන්නේ නැති වුනත් එල ෆිට් එකක් වෙච්චි “ඩිල්ශාන් කාලිංග” සහෝ, ආරම්භයේ ඉදන් තාමත් අඩවිය ඇදගෙන යන “විකියා” වගේම, “ඉසිර ගුණතිලක, වාසල අයියා“, ඩිරෙක්ට් ලින්ක් පිටුව අඩුවක් නැතුව කරගෙන යන “සදුන් ධනුෂ්ක” අයියා, මෑතකදී හිතවත් වුන මෝඩ ජෝඩුව, “පුර්නී හා මයුර“. මේ දිනවල හෝ හෝ ගාලා ලින්ක් බෙදන “දසනා“, මුල් හමුවේදී හදුනගත්ත “නිර්මාණි අක්කා වගේම ෂෙරින් අක්කා“, තව “සුරේනි” අක්කා, කොමඩි ෆිලුමක් නම් “ඉසුරු දිල්ශාන්“, එකම එක ඉස්ටිකරයක් නිසා හැමෝම අතරේ ජනප්‍රිය වුන “අචින්ත“. “කැළුම් ගුණසේකර” වගේම “යශෝධ“. හොනට් නිසා බයිස්කෝප් කිනා වෙලා ඉදලා දැන් “හොනට් කිනා“. “මං නැති අතරේ මෙහෙමද වුණේ?” කණ්ඩායමේ ඉන්න එකම ටියුබ් ලයිට් පිකාසෝ, “නිලුපුල්” ඇතුළු බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ ඉන්න හැම උපසිරැසිකරුවෙකුගෙම ඉදලා සියලුම ඇඩ්මින් කෙනෙක් දක්වාම ගොඩක් ආදරයෙන් මතක් කරනවා. හදිසියේ ලිපිය ලියන්න වුන නිසා මතක් වුන හැමෝම තමයි සදහන් කලේ. කිසි කෙනෙක්ව හලන අදහසින් නෙවෙයි ලිව්වේ.
උපසිරැසි කරද්දී අදාළ තැන්වලදී උදව් උපකාර වුන හැමෝටම වගේම වැරදි අඩුපාඩු තියෙන්න ඇති. හැබැයි එහෙමයි කියලා අද වෙනකං මං දීපු උපසිරැසි වළට අදහස් දක්වපු හැම කෙනෙක්වම ගොඩක් ස්තුතියි. ඒත් අදහස් දැක්වීම පැත්තෙන් මං දැක්ක දෙයක් කියන්නම්. “උපසිරැසියක් ප්‍රමාද වුනාම, අප්ඩේට් එකක් එන ක්ෂණිකවම දෙන්න බැරි වුනාම, ටොරන්ට් ෆයිල් දෙන්න බැරි වුනාම, අඩවිය කරගෙනම යන්න බැරි තරම් වැටුණු වෙලේ ඇඩ් එකක් දැම්මම “ විතරක් අදහස් දක්වලා බැනලා යන ජාතියක් මේ වෙද්දී බිහිවෙලා තියෙනවා. පොඩ්ඩක් තේරුම් ගන්න මේකේ ඉන්න අයත් ඇට, මස්, ලේ, නහර වලින් හැදිච්ච සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කාර්යබහුල ජීවිත ගත කරන මනුෂ්‍යයෝ කියලා. මොකද මේකේ කාටවත් බැහැ මේකටම කැප වෙන්න. අනික මං නම් හිතන්නේ නෑ ඔය බනින අයගෙන් සීයට අනුවක්වත් සාමාන්‍යයෙන් උපසිරැසියක් අරගද්දී “ස්තුතියි” කියලවත් කියනවා කියලා. අදකාලේ අවුරුදු දාහතේ පොඩි එවුන් හැකර්ලා වෙලා තියෙනවා. එහෙම වෙච්චිකොට ටොරන්ට් ෆයිල් එකක් දෙන්න බැරි හේතුවට මේකේ කාටවත් බනිනවා වෙනුවට තමා තමන් ගැනම ලජ්ජා වෙන්න ඕනා. මොකද මං අද වෙනකන් කරන බාගතකිරීම් තනියෙන් කරගත්තා මිසක් කාගෙන්වත් අහන්නවත් බනින්නවත් ගියේ නෑ.

2016 වසරේ ඉදන් නැවත වරක් ආරම්භ කරපු DC කොමික් චිත්‍රපට එළිදැක්වීම අතරින් BvS චිත්‍රපටයෙන් පසුව මීලගට තිරගත වුන Suicide Squad චිත්‍රපටය තමයි මේ ගෙන එන්න හදන්නේ. ඔයා ඩීසි රසිකයෙක් නම් අනිවාර්යෙන්ම මේක එනකන් ඇගිලි ගැන ගැන ඉන්න ඇති. සුපුරුදු පරිදි මේ චිත්‍රපටය සදහාත් පුංචි අඩිතාලමක් විදිහට සැලකෙන්නේ මේ BvS චිත්‍රපටය ඔස්සේ. මොකද මේකෙන් කියන්නේ BvS චිත්‍රපටයේ සුපර්මෑන්ගේ මරණයනේ පසුව [ඔව් ඔව් මැරුණේ නෑ.] සිදුවූ සිදුවීම් පෙලයි. ඉතින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිත හැටියට සලකන්න පුළුවන් වෙන්නේ, ජෝකර්, හාර්ලි ක්වීන්, ඩේඩ්ෂොට්. මං මේ තුන්දෙනා විතරක් කිව්වේ ගොඩක්ම විශේෂ නිසා. නමුත් ඉස්සරහට අනික් චරිත ගැන කතා කරමුකෝ.
ලංකාවේ අපිට නම් මේ චිත්‍රපටය ජනප්‍රිය වුණේ තහනම් කරපු කැටගරියට. මුලින්ම එක එක හේතු කිව්වත් පසුව දැනගන්න ලැබුණා මේකේ මේ තියෙන Suicide එහෙමත් නැත්තම් සියදිවි නසාගැනීම වගේ හෙන මෝඩ පහේ විදිහට අර්ථයක් ලබාගත්ත නිසා තහනම් කලා කියලා. මං නම් තාම දන්නෙත් නෑ ඇත්තම හේතුව මොකක්ද කියලා. BvS නිර්මාණයට පසුව මේ චිත්‍රපටය ගැන ගොඩ දෙනෙක් අතර කතාබහට ලක්වුණා. සමහරුන්ට මේක හොද නිර්මාණයක් වුණා. නමුත් අර කුණු වෙච්චි තක්කාලිකාරයෝ මේ ෆිලුම අවතක්සේරු කලා. එහෙම කළා කියලා වුණේ ෆිලුම චොර වුණා වෙනුවට ඒ තක්කාලිකාරයෝ තවත් සවුත්තු වුන එක විතරයි. කොහොමහරි අනේ මට නම් හිතෙන්නේ මේකට වෙන්න ඕනේ උපරිම සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා කියලා.
රංගනයෙන් දායකවන චරිත
නළු නිලියෝ ගැන කතා කරනවනම් මේකේ නම කියද්දීම කට ගැස්මට වගේ හැම කෙනෙක්ටම මතක් වෙන්නේ “ජෝකර්ව.” හීත් ලෙජගේ මරණයත් එක්ක ඩීසි රසිකයන්ට හිටිය හොදම ජෝකර්ව අහිමි වී යනවා. නමුත් ඔහුගෙන් පස්සේ මේ චිත්‍රපටයේ ඉදන් ඉදිරියට අපට දැකගන්න පුළුවන් සුපිරි අසමසම ජෝකර් කෙනෙක්ව අපිට හමුවෙනවා. ඒ තමයි “ජැරඩ් ලේටෝ” කියන රංගධරයා. BvS වල බෲස් වෙීන්ට බෙන් ඇෆ්ලෙක් රංගනයෙන් දායක වෙද්දී එයාට ගහපු මඩ ජැරඩ්ටත් වැදුනා. මොකද සමහරු හිතුවෙත් එයාව ජෝකර්ට හරියන්නේ නැහැයි කියලා. මේකත් බලලා ඉස්සරහට එන්න තියෙන ඒවත් බලද්දී තේරෙයි ඒක හෙන මෝඩ කතාවක් කියලා. මිලග චරිතේ තමයි “හාර්ලි ක්වීන්” හම්මේ ඉතිං ඒකට ඉන්න කෙනාව නම් ඔයාලා මේ වෙද්දී අදුරනවා ඇති. The Legend of Tarzan චිත්‍රපටයේ ජේන්ගේ චරිතයට දායක වුන මාර්ගට් රොබී. <3 ජේන්ගේ චරිතය එක්ක සසද්දී ආයේ කියන්න කිසිම අඩුපාඩුවක් නැතිව සුපිරිම රංගනයක් මේකේ දක්වනවා. මිලග චරිතේ තමයි “ෆ්ලෝයිඩ්” එහෙමත් නැත්තම් “ඩේඩ්ෂොට්” විල් ස්මිත් කිව්වම නාදුනන කිසි කෙනෙක් නැති තරම්. විල් ස්මිත්ට ආයේ රගපාන්න කියලා දෙන්න ඕනේ නැහැයි කියලා දන්නෝ දනිති. මිට අමතරව ආගස්වල ඉන්න “ඇමෑන්ඩා වෝලර්” හැටියට වයෝලා ඩේවීස්ද, “එල් ඩියෙබ්ලෝ”, “එන්චැන්ට්‍රස්” හැටියට කාරා ඩිලීවින්ග්නද, “රික් ෆ්ලෑග්” හැටියට ජොඒල් කිනමන්ද, “කැප්ටන් බූමරැන්ග්” හැටියට ජායි කෝට්නීද, “කිලර් ක්‍රොක්” හැටියට ඇඩ්වෙල්ද, “ෆ්ලෑෂ්”, එහෙමත් නැත්නම් බැරී ඇලන් විදිහට එස්රා මිලර්ද, ඒවගේම අවසානයේ මෙන්න මැද හරියේදී අපේ සුපුරුදු බෲස් වෙීන්[බැටා] හැටියට බෙන් ඇෆ්ලෙක්ද රංගනයෙන් දායක වෙනවා.
Suicide Squad කොමික් චිත්‍රකතා පොත් වළට අනුව ඉතිහාස විග්‍රහය හා Task Force X ව්‍යාපෘතිය
මේක මුලින්ම චිත්‍රපටයකට ගොඩනගන්න පෙර Suicide Squad නමින් DC චිත්‍රකතා පොතක් මුලින්ම ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ 1987 අවුරුද්දේ මැයි මාසයේ කියලා තමයි සදහන් වෙලා තියෙන්නේ. Task Force X වගේම Squad එහෙමත් නැත්තම් “සමුහය” කියලද හදුන්වනු ලබනවා. මේ කණ්ඩායම නිර්මාණය වෙන්නේ නමගිය අපරාධකාරයොන්ගේ එකතුවෙන්. මේ වගේ ආත්මනාශක ව්‍යාපෘති ගෙන ගිහින් තියෙන්නේ “Project Cadmus” කියන ඇමරිකානු ජනපදයේ ආණ්ඩුවේ අවසරය මගින් පිහිටවපු රහසිගත සංවිධානයක් විසින්. මේ අපරාධකාරයෝ තෝරාබේරාගෙන හමුදා කාර්යාංශයේ වෘතිමය නිලධාරියෙක් වුන කර්නල් රික් ෆ්ලෑග්. සමාජිකයෝ හැටියට ගත්තොත්,
- කර්නල් රික් ෆ්ලෑග් – කණ්ඩායමේ නායකයා වගේම විශේෂ පුහුණු බලකායට සේවය කරයි.
- ජෝජ් හාක්නස් / කැප්ටන් බූමරැන්ග් – ප්‍රවිණ අපරාධකරුවෙක්.
- බේට් සන්සූසි /ප්ලාස්ටික් – යම් දේවල් විනාශ කිරීමට සුපිරි බලයන් ඇති කෙනෙකි.
- ටේම්පල් ෆියුගේට්/ක්ලොක් කිංග් – ප්‍රධාන සැලසුම් කරුවෙක් වගේම ආරක්ෂක පද්ධති ආශ්‍රිත වැඩ සදහා දක්ෂයෙකි.
- ෆ්ලොයිඩ් ලෝටන් / ඩේඩ්ෂොට් – වෘතිමය මිනිමරුවෙක් වගේම දක්ෂ කුරුමානම් කරුවෙකි.
කතාව ගැන විස්තරයක්
BvS වලදී අන්තිමට සුපර්මෑන්ගේ මරණයත් එක්ක ඇමරිකාව ආරක්ෂක අංශ ඇතුළු ගොඩක් කාර්යමණ්ඩල ලොකු ප්‍රශ්ණයකට මුහුණ දීලා ඉන්නේ. ඒ මොකද කියනවනම් හැමෝම වගේ සුපීව දැක්කේ විනාශකාරී කෙනෙක් හැටියට. එයා නිසා මිනිස්සු දහස් ගණන් මරණයට පත්වුණා. නගරය විනාශ වුණා. නමුත් අන්තිමට ඩූම් එක්ක සටන් කරලා ඔහුව විනාශ කිරීමෙන් මිය ගියාට බොරු හිස් මිනිපෙට්ටියක් වලදාලා ආචාර කළා. තවමත් ගොඩ දෙනෙක්ට කලින් ඇතිවෙලා තිබුණු තැතිගැන්ම තියෙනවා. ඒ තමයි, ඊලග සුපර්මෑන් කලින් හිටිය කෙනාට වඩා දරුණු කෙනෙක් වුණොත්. අනික බැටාව විතරක් හැම තැනක්ම ආවරණය වෙන විදිහට රට ආරක්ෂා කරන්න බැහැ. සුපී රට වෙනුවෙන් සේවයත් එමටයි. මෙහෙම ඉන්න අතරේ තමයි ඇමෑන්ඩා මිට පෙර වතාවක ඉදිරිපත් කරලා ප්‍රතික්ෂේප වුන “task force x” ප්‍රොජෙක්ට් එක ඉදිරිපත් කරනවා. මෙතනදී තමයි ඇමෑන්ඩා කණඩායමේ ඉන්න අයව අදුන්වලා දෙන්නේ. ඒකට ඇතුලත් වෙන්නේ නම් ඩේඩ්ෂොට්, හාර්ලි ක්වීන්, කැප්ටන් බූමරැන්ග්, චටෝ සැන්ටානා, කිලර් ක්‍රොක්, එන්චැන්ට්‍රස් වගේම කණ්ඩායම මෙහෙයවන්න කර්නල් රික් ෆ්ලෑග් විදිහට නම් කරනවා. ඔතනදිම තමයි 2018 මාර්තු 18 වැනිදාට තිරගත වීමට නියමිත ෆ්ලෑෂ් චිත්‍රපටය පොඩි අඩිතාලමක් වැටෙන්නෙත්. චිත්‍රපටයේ චරිත ගැන හදුවන්න ගියේ නැත්තේ මොකද මේක බලන අතරේ ඒ අයව හදුන්වා දෙද්දීම මං ඒ විස්තරේ ඒ විදිහටම පසුතලේ සදහන් වෙන විදිහට හදලා තියෙන නිසා. මෙතනදී ඉන්න විශේෂම කෙනා තමයි එන්චැන්ට්‍රස් කියන්නේ. මොකද එයා මේටා හියුමන්ලගේත් එයා ගියපු කෙනෙක්. කෙටියෙන් කියනවනම් මායාකාරියක්. පාලනය කරගන්න නම් ගොඩක් අමාරුයි. ඩොක්ටර් ජූන් මූන්ගේ ඇග ඇතුලේ ඉන්න මෙයා වරක් පාලනය කරගන්න බැරිව ගිහින් එන්චැන්ට්‍රස් එක තැනකදී එයාගේ සහෝදරයවත් නිදහස් කරලා වෙන වින්නැහියකින් පස්සේ තමයි මේ කතාවේ නියම ආරම්භය පටන් ගන්නේ. ඔතනින් තමයි අර task force x ව්‍යාපෘතියට අවසර ලැබෙන්නෙත්. මං මෙතනින් එහාට කතාව ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. එහෙම වුණොත් මුළු කතාවම කිව්වා හා සමාන වෙන නිසා. අන්තිමට තියෙන ක්‍රෙඩිට් සීන් එක බලන්න අමතක කරන්නත් එපා.
පුංචිම පුංචි පසු සටහනක්
2016 අගෝස්තු පස්වැනිදා සිට තිරගත වීමට ආරම්භ කරපු මේ Suicide Squad චිත්‍රපටය මේ වෙද්දී IMDb දර්ශකය තුළ 6.7/10 වගේ අගයක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. රචකයා හැටියට වගේම අධ්‍යක්ෂණය කරේ David Ayer විසින්. ධාවන කාලය හැටියට [දැනට] පැයකුත් විනාඩි පනස් දෙකකුත් සටහන් වෙනවා. කැටගරිය ගැන කතා කරනවනම් Action | Adventure | Fantasy | Sci-Fi ඕවට තමයි අයිති වෙන්නේ. ඇමරිකානු ඩොලර් 175,000,000 දරා නිපදවුණු මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තුල 2016 සැප්තැම්බර් 30 වැනි දිනට ඇමරිකානු ඩොලර් 320,857,912 ක මුදලක් උපයාගැනීමට සමත්වෙලා තියෙනවා. මේ ලැබූ සාර්ථකත්වයත් එක්ක Suicide Squad හී දෙවැන්න ලබන වසරේ සිට රූගත කිරීමට පටන් ගන්නා බවක් මේ වෙද්දී කියලා ඉවරයි. ඒ ගැන වැඩිදුර තොරතුරු මංසල හරහා කියන්නම්.
එහෙනම් ඉතින් ඔය මදෑ. පුලුවන් උපරිමෙන් ලිපිය ගොඩදාලා ඇග බේරගත්තා. ඩීසි වේවා හො මාවල් වේවා, ඔය කවුරු වුනත් කමක් නැහැ. කිසිම භේදයකින් තොරව මං හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා. අදට එහෙනම් සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය. සුභ සතිඅන්තයක් වේවා.!!
ප:ලි: අමතර ධාවන කාලයක් ඇතුලත් වන Blu-Ray Extended Cut පිටපත් පමණක් බාගත කිරීමට කාරුණික වන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray Extended Cut පිටපත් සඳහා පමණක් අදාළ වේ.
102,631 downloadsDownload Suicide-Squad-2016-Blu-Ray-Extended-Cut.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
255 comments
Hydra
ushan
patta
හසන්ත
200 වෙනුවෙන් සුබ පැතුම් සාමර :P මෙව්වනේ ෆිල්ම් කියන්නේ. ලිපි ලියන්න දන්නේ නැහැ කිව්වට ඔය තියෙන්නේ ඉතිහාස කතාවම.
Haritha Dayanga
thank
මධුකප්‍රිය පෙරේරා
හම්මට.. උබ එහෙනම් 200ත් ගැහුවා කියහන්කෝ..
නියමයි චාමරයෝ.උපසිරසියට හදවතින්ම සුබ පතනවා..
දැන් ඉතින් හනි හනිකට 250ත් ගහලා දාමු නෙහ්..
ලිපියේ මාවත් මතක් කොරලා.. ඒකට තැන්කු.. මොන එහෙකටද
මේ ටියුබ් ලයිට් කෑල්ල දැම්මේ? එව්වා කැත වැඩ. සිරාවට බන්
දවස තිස්සෙම අනම්මනම් ගහලා වැනි වැනි හිටියට උපසිරසි කිරීම අතින් ගත්තමනම්
උබ එව්වා ගහනවා කියලා පේන්නෙම නැහැ කියහන්කෝ.
එහෙමනම් වැඩි වැඩියෙන් උපසිරසි කිරීමට අවශ්‍ය කාලය සහ ශක්තිය
අපේ කුඩ්ඩාට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
දැන් ඉතින් අර මහවල් ප්‍රේක්ෂකයෝ ටික ඇවිදින් මේකටත්
මොකක්හරි කුප්ප කතාවක් අනිවා කියයි.බලහන්කො නැද්ද කියලා.
කොමික්නම් ඉතින් DC තමා.ජයවේවාAmalka Himeshan
අපි එහෙම කුප්ප කතා කියන්නෑ කොල්ලො අපි ආතල් එකට වලි දාගත්තට සමහර උන් ඕව සීරියස් ගන්නව ඒකට හැමෝවම එක විදිහට හිතන්න එපා අනික ඔය ඩීසී රසිකයෝ කවදාවත් මාවල් ෆිල්ම් වලට කුප්ප කතා කියන්නැද්ද
දැන් ඔයා උනත මහවල් කියල දාලනෙ MARVELලට ඒක කුප්ප කතාවක් නෙමේද
Udaya Saman
200 ta magen suba pethum.baiscope eka awa dawase idanma inna kenek mama awith sub bhagana yanawa witharai.aasai kattiyawa adura gana kattiyath ekka ekathu wenna.
pasindu
නියමයි සහෝ මගේ උනුසුම් සුබ පැතුම්..........................!
දිගටම සබ් දෙන්නෝ...............!Ravindu Rukshan
සුභ පැතුම් 200වැනි උපසිරැසයට චාමර සම්පත් සහෝදරයා
pikpot
ස්තූතියි sub එකට, Download කරගන්න පික්පොට්(pikpot).(ඩොට්)බ්ලොග්ස්පොට්.(ඩොට්)කොම් එකට සෙට් වෙමු.
SUN VIDEO
THANKS
ලහිරු චානක
එල එල චාමරයෝ... ජය වේවා..!!!
Pradeep M Gamlath
200ට සුභ පැතුම් සහෝ සබට බොහොම ස්තුතියි ජයෙන් ජය....****-!!!"""
Ayesh
Thank You Sub Ekata....
samee
supiri machan.digatama karagena yamu
Sisila Prasad
නියමයි චාමර සහෝ.
200 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
මෙතනින් නොනැවතී තව දීර්ඝ ගමනක් යෑමට හැකියාව ලැබෙන්න කියලා පතනවා.
මෙච්චර දවස් ඉඳපු එකේ දෙසැම්බර් වෙනකන් ඉඳලා blu-ray කොපියම බලනවා.
එහෙනම්, තවත් උපසිරසියකින් හමුවෙමු.
ජයවේවා!!!Saketha Pulasthi
ජෝකර් අයියයි,හාර්ලි අක්කයි ඉන්න නිසාම ඔන්න HDRip එකෙන් බලනවා...මොනව උනත් ෆිල්ම් එක්ස් හොයල තියෙන ගාන නම් මදි වගේ...
200 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.... :) :)Edward Kenway
blu-ray rip ඒකෙයි hc hd rip ඒකෙයි quality ඒක ගොඩක් වෙනස්ද
Amalka Himeshan
ඔව් ඒ වගේම මේ කොපිවල හාඩ් සබ් තියනව අපිට ඒව ක්ලෝස් කරන්න බෑ කොලිටිය ගැන කියනවනම් ඔව් වෙනස් තමයි මේ කොපි BR තරම්ම කොලිටි නෑ ඒත් සැලකිය යුතු මට්ටමක තියනව
wooobox
HDRip එකක bitrate එක සාමාන්‍යයෙන් Bluray Rip එකකට වඩා අඩුයි. මේ චිත්‍රපටියේ දැනට නිකුත් වෙලා තියන EVO copy එකේ bitrate එක 1637 kb/s
නමුත් සමහර Encoders ලා ඉන්නවා මේ bitrate එකෙන්ම මේ Resolution එකෙන්ම පිටපත් නිකුත් කරලා ඒවා Bluray කියලා නම් කරනවා. හොද Bluray කොපියක bitrate එක ගොඩක් වැඩියි. ඒවගේම ධාරිතාවය මිට වඩා ගොඩක් වැඩයි. ඒවගේ හොද පිටපතක් ලොකු ස්ක්‍රීන් එකක් තියන රූපවාහිනියක උනත් ලස්සනට පේනවා.
දැනට නිකුත් වෙලා තියන independence day resurgence පිටපතට අදාලව " GECKOS " කියන Encoder නිකුත් කරපු 720p BuluRay පිටපතේ bitrate එක 6534 kb/s. ධාරිතාවය 5.46 GB
කෙටියෙන්ම උත්තර දුන්නොත් quality ඒක ගොඩක් වෙනස්.
මම නම් කවදාවත් එච්චර ලොකු ෆයිල් බාලා නැ. එහෙම කරන්න කොහෙන්ද අප්පා එච්චර ඩේටා. :) Google Loon ආවට පස්සේ වත් බලමු. ජය වේවා...
Amalka Himeshan
හොඳ විස්තරයක් ස්තූතියි අපිටත් මේ ගැන කිව්වට ඔව් ඉතින් අපිට කොහෙන්ද එච්චර ඩේටා
Pasindu
Machan bluray movie ekak hoda quality ekakin adu data gaanakin balanna thiyena hodama widiha thamai HEVC encode karapu ekak baana eka. 10bit(~10000 Kb/s) 720p movie ekak 1.5GB wala wada adu size ekak wenne. 1080p 10bit 2GB wage size ekak wenawa. 8bit 720p, 1080p itath wada adu size ekak. PSA Rip, Shaanig site walin hoda hevc movie download karanna puluwan.
Web බුවා
HEVC 720p එකට කෙසේ වෙතත් 1080p තාම not stable කොල්ලෝ. file size එක 200mb විතර අඩු වෙනවා ඇරෙන්න ලොකු ගණුදෙනුවක් නෑ. කොලිටිය එකමයි. HEVC වලදී වෙන්නේ, අඩු video data rate එකක් use කරලා, video atoms පට්ට පතුරු යන්න හිර කරවන එක. ඒ හිරවීමේ power එක කොච්චර ද කිව්වොත්, x264 1gb එකකින් ගන්න කොලිටිය ඔය බුවාලට 800mb වලින් විතර ගත්ත හැකි hevc එහෙකින්, ඒත් හෙනේ කියන්නේ, මේ HEVC බුවා තාම ලෝකේ තියෙන හැම device එකක් එක්කම fully support එකක් නෑ. කොහොමත් HEVC නොහොත් .x264 / h265 තමා video tech eke අනාගතය. ඕවා මේවා කොහොම උනත් මං නම් x264 බුවෙක්, මොකද ඕන device එකක ඕන වෙලාවක කිසි ගින්නක් නැතුව වැඩ. තාම bluray disk වල පවා තාම use කරන්නේ, AVC නොහොත් අපි වැඩි දෙනෙක්ගේ හිතවත් x264 තමා. මොකද AVC 1080p එකත් එක්ක පට්ට great! ඒ වගේම woodbox bro කිව්ව ටිකට පොඩි විස්තරයක් එකතු කරන්නම්. කිසිම video පිටපතක ගුණාත්මක භාවය file size එකෙන් මනින්න යන්න එපා. මොකද කියනවා නම්, file size එක ලොකු වු පළියට ඒක පට්ට හොඳ පිටපතක් නොවේ. මං gecos නරකයි කියනවා නෙමේ, encode එකක දී ගුණාත්මකභාවය රඳා පවතින්නේ, video එකේ අපි අපි use කරන data rate එකට වඩා, (ඒ කිව්වේ, 1500 , 2000 2500 වගේ,) encode preset එක මතයි. මෙහෙම හිතන්නකෝ, අපි 20GB source එකක් අරන්, out put එක 3gb කට වගේ set කරලා, video DR එක 2500ක් විතර දීලා, high speed preset එකක encode කරනවා. file එකත් හැදෙනවා. ඒත් අපි තව පාරක් out 3gb වගේ දීලා, 2500ම දීලා slowest preset එකේ encode කරනවා. 1 හා 2 file size සමාන වුනත්, 1 හා 2 හි video quality එක පට්ට වෙනස්, 2 වැනි එක 5x වඩා හොඳයි. හේතුව තමා, high speed encode එකක දී video පරමාණු ඇහිරීම slow encode එකකට සා. ගොඩක් ඈතින් සිදු වෙන්නේ, වැඩේ හිමින් වෙද් දී පරමාණු නිසියාකාරව ඇහැරී පට්ට හොඳ video එකක් ඔයාට ලැබෙනවා. :D විද්‍යාවේ ඝන, ද්‍රව අවස්තාව වගේම තමා. ඒකයි කිව්වේ, file size එකෙන් quality එක මනින්න යන්න එපා කියලා, නැතුව මෙතන පොර වීමට නොවේ කට්ටිය හොඳේ, හැමෝටම ජය!
Rasitha Pradeep Somasiri
200 වෙනි කඩ ඉමට සුබ පැතුම් සහෝ....
ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි.....
250, 300 කඩ ඉම් ටිකත් ඉක්මනටම පසු කරන්න
ශක්තිය ලැබේවා......
ඒ වගේම ලිපියත් සුපිරියටම තියනව සහෝ.....Mahesh Amarasinghe
සබට ගොඩාක් ස්තුතියි..... දැන් ඉතින් අමාරුවෙන් හරි දෙසැම්බර් 13 වෙනකම් ඉවසන්නත් එපැයි .....
Web බුවා
දෙසැම්බර් 13 වෙනකං ඉන්න ඕන නෑ මචෝ. මේකෙ bluray එක නොවැම්බර් අනිතිමට හරි දෙසැම්බර් මුල හරි එනවා. හරි ඒ මඟුල් වැඩක් නෑ. කාරණාව තමා "දෙසැම්බර් 13ට පෙර BluRay එනවා..!" කියන එක. බාලාපල්ලකෝ බොරු නම් BR ආවාම ආවේ දෙසැම්බෝර් 13ද ඊට කලින්ද කියලා? දෙසැම්බර් 13 හරි ඊට පස්සේ හරි BR ආවොත් not anymore Web -බුවා in this site හේතුව කුමක්ද යන්න දන්නෝ දනිති!
wooobox
Margot Robbie's acting was superb.
wooobox
200 වැනි උපසිරසියට සුභ පැතුම්... :)
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
මේක දෙනකල් බලන් හිටියේ....
200 වෙනි කඩඉම පහු කරන්න හැකි වීමට සුබ පැතුම්....
250 ත් ඉක්මටම ගහමු කොල්ලෝ ඈ...
෴෴ජය වේවා෴෴mithun
සුභ පැතුම් ඔබට මිතුර
200ක් උපසිරැසි ගන්වනව කියන්නෙ වැඩම කාරයෙක් වෙන්නපැ ඉතින් කොහොමද කොමෙන්තුවක් නොදා ඉන්නෙ
ගොඩක් චිත්‍රපට බාගෙන රස විදල තියෙනව බයිස්කෝප් උපසිරැසි සයිඩ් එකට ස්තුතිවන්ත වෙන්න
බොහොම ස්තුතියි මෙතුවල් කල සෙවෙට ඉදිරියටටත් අපිව සතුටු කරයි කියා විස්වාස කරමි ඔබට ජය බ්‍රොmithun
බ්ලුරෙ අපුම අප්ඩෙට් දෙන්න සහෝ තැන්ක්ස්
praneeth madu
නියමයි සහෝ..200 වෙනි උපසිරමියට හදවතින්ම
සුබ පැතුම්.දිගටම සබ් දෙමු..ඉදිරියට යන්..ඔබට ජය..cnw
Brrip awama blanwaa. Thnxx
ජනිර ජයප්‍රභා
චාමර අයියේ බොහොම ස්තූතියි හොදේ!!!!!!!
Kasun Widusha
Ela chama ela 250 ikmanatama gahapan............
ප්‍රණීත් චින්තක
මාවත් මතක් කරලා තියෙන්නේ. ගොඩක් අය ඉතිං මාව මතක් කරනවා බොහෝම අඩුයි. :'(
මං දැනං හිටියේ නෑ උඹයි මේක කරන්නේ කියලා. DC වලට කොච්චර බැන්නත් මම දන්න තරමින්
DC වලින් මම දොසක් නොකියන එකම ෆිලුම තමයි මේක. ඉතිං ඒක නිසා අනිවා බලන්න ඕනේ.
අනික හාර්ලි නගා ඉන්න නිසා අතාරින්න හිත දෙන්නේ නෑ.ඔන්න එහෙනං 200ත් ගැහුවා. බොහෝම වටිනවා ඒ වැඩේ නං.
ඉස්සරහට සුපර්නැචුරල් එන එකේ 250ත් විජහට සපුරන්න පුළුවන් වේවි.
උඹ වගේ ඉදිරියට එන අය ඉන්න එකේ මටත් රිටයර් වෙන්න කාලේ හරි යාගෙනයි එන්නේ... :)
හා පුළුවන් නම් මාව අල්ලපංකෝ...
200 වෙනි උපසිරැසියට බොහෝමත්ම සුබ පැතුම්.
මේ විදියට ඉදිරියට තවත් උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
P.S.
ඒ බං මේකෙත් වැලන්ටයින් වර්ශන් එකක් නැද් ද? නෑ මං මේ නිකමට වගේ අහන්නේ...
Amalka Himeshan
මොකෝ මොකෝ වැලටයින් සමරන්නද එහෙනම් පරක්කු වැඩියි :3
නෑ මේකට එහෙම වර්ශන් එකක් නෑසමන් ප්‍රසාද්
අම්මෝ...
වැලන්ටයින් වර්ෂන්.
අවුලක් නෑ නේ බං පැණියා. වැඩි දෙනෙක් සීන් එක දන්නෙ නෑ... :3
Kaveen Conara
200 weni sub ekata subathum bro.. goodluck
දසන් බුද්ධික
සුබ පැතුම් වේවා...
උබ එහෙනම් 200 ගැහුවා...
නියමයි සාමර... :P
(යකෝ ඔහොම කාඩ් කුඩු කරන්න එපා... )Ishan
Gud luck saho 200 ta. BRRIP eka apuwama ikmanin sub diyn machn....
Amalka Himeshan
සුබ පැතුම් සහෝ 200වෙනි උපසිරැසියට 250,300 එහෙමත් ඉක්මනට වාර්තා කරමු
ආ ඒවගේම සබ් එකට ස්තූතියි මාත් හාඩ් සබ් කොපියම ගත්තඔව් සමහර උන් ඉන්නව සබ් එක අරගෙන සද්දනැතුව යනව ඒත් පරක්කු වෙලා සබ් එක දුන්නොත් ලින්ක් එක එහෙම නොදුන්නොත් විතරක් කමෙන්ට් කරල බැනල යන එවුන් උබ ඕව ගනන් ගන්න එපා ඕක මේ සමාජෙ හැටි
Rakitha Ranathunga
200 ට සුභ පැතුම් අයියේ...
එනකන්ම බලන් හිටපු එකක් නිසා මේකම අරන් බලනවා...
සබට තුති...Ishara Ruchiranga
Good luck bro. Asawen enakan agili ganapu filumak.Thnkz machn.
Mayura
සා.. රිස්බරි..චොකලට් ෆින්ගර්ස් :)
nishadi wickrama
tnx
sanka
200 වෙනි උපසිරසියට සුභ පැතුම්
Prabod wijesingha
200 weni sub ekata congratulation machan ewagema sub ekata thanks machan
Lahiru
Thanks for sub.
Congratulations!
අනිද්දා එන බැට්මෑන් ඇනිමේෂන් එකටත් ඉක්මනටම සබ් දෙමු.ජයවේවා!Práðèép Üðäýàñgå
200 ... සුබ පැතුම් මචෝ...
200ට 2000ක් ම කරමු...
ජය මචෝ....අසංක ප්‍රදීප් රණතුංග
200 වන උපසිරසියට සුබ පැතුම් සහෝ. අපි ඉතින් Marvel සාමාජිකයෝ උනත් ඉතින් මේවගේ සතුටු වෙලාවට ඕවා ඇදල ගන්නේ නැ. හෙහ් හෙහ්. මොකද මොක කරත් මහන්සිය සහ වෙලාව එකයි නේ. ඒත් ඉතින් DC සාමාජිකයෝ ගොඩක් නිදාගෙන ඉන්න මේ කාලේ ඔයා එයින් එකකින්ම 200 කල එක හොඳයි. මොකද නැත්නම් අපිටම තමා ඒවත් දෙන්න වෙන්නේ. හෙහ් හෙහ්..
ඉතින් මෙතනින් නවතින්නේ නැතුව යමු ඉස්සරහටම. සබ් දෙන ලිස්ට් එකේ පස් වෙනියා උනානේ ඉතින්. එකටත් සුබපැතුම්.
Ruchira
200 වෙනි sub 1 සුබපැතුම් !
ඒ වගේම sub 1ට බොහෝම ස්තුතියි..........තුසිත හෙට්ටිආරච්චි
සබ් එකට ස්තූතියි!!!
Mayura Suraj
තැන්ක්ස් චාමර මාවත් මෙන්සෝන් කලාට. මන් හැමදාම ඔයාගේ tv සීරිස් බලනවා. මේ tv සීරිස් එකත් අත අරින්නේ නෑමයි.
යූ ආ සෝ කියුට් බයි ද වේ :*Purnima
good luck බුකී මැරයා! අපෝ අර හඩ්ඩා එක්ක ඇයි මගේ නම මෙන්සෝන් කලේ?? :@
Saminda
සුබ පැතුම් සහෝ 200වෙනි උපසිරැසියට
සුරේෂ් ජයතිලක
කොමෙන්ටුවක් නොදා යන්න හිත දෙන්නෑ ☺
සුභ පැතුම් චාමර අයියේ!
podi kassa
menna vanda puthe. meke br update denna awa gaman. umma kate :-D
උපේක
ඉවසිල්ලක් නැති නිසා කලින්ම HDTS එකෙන් බැලුවා, ඊයේ තමයි HD එක download කලේ. මං බැලුව මොකද මේක එන්න පරක්කු කියල baiscope එකෙන්.
Jack
පට්ටයි මචෝ..
200 වෙනි කඩයිමට උණූසුම් සුබ පැතුම්.
ෆිලුම අනිවා බලන එකක්.
දිගටම වැඩේ කරගෙන යමු.
ජයෙන් ජය..
Advertisement
![Suicide Squad (2016) with Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (200)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Suicide-Squad-2016.jpg)

පලවෙනි දවුන්ලෝදය මගෙන් පුටලා .. උම්මා වේවා