Watch Trailer

Aadhi (2018) Sinhala Subtitles | කුමන්ත්‍රණයකට මැදි වූ අහිංසකයා [සිංහල උපසිරැසි සමඟ]

ආදි කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන, අහිංසක තරුණයෙක්. ඒ වගේම එයා අම්මයි තාත්තයි එක්ක සංතෝසෙන් ජීවත්වෙන කීකරු පුතෙක්. සංගීතෙට අමතරව ආදි යාළුවොත් එක්ක බීච් එකේ Parkour කියන බාධක පසුකර යන ත්‍රාසජනක ක්‍රීඩාව කරන එකත් පුරුද්දක් කරගෙන ඉන්නවා…ඔය විදිහට බීච් එකේ සෙල්ල…

ආදි කියන්නේ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන මවාගෙන ඉන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන, අහිංසක තරුණයෙක්. ඒ වගේම එයා අම්මයි තාත්තයි එක්ක සංතෝසෙන් ජීවත්වෙන කීකරු පුතෙක්. සංගීතෙට අමතරව ආදි යාළුවොත් එක්ක බීච් එකේ Parkour කියන බාධක පසුකර යන ත්‍රාසජනක ක්‍රීඩාව කරන එකත් පුරුද්දක් කරගෙන ඉන්නවා…ඔය විදිහට බීච් එකේ සෙල්ලම් කරන්න ගිය වෙලාවක ආදිගෙ යාළුවෙක් ආදිට සංගීත අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන අදහසක් දෙනවා. යාළුව කියන්නෙ බැංගලෝර් වල Fox කියන ක්ලබ් එකට ගිහින් එතනට එන චිත්‍රපටි ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ඉස්සරහ සිංදුවක් කිව්වොත් එයාට අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියන එක. ආදි කොහොම හරි මේ අවස්ථාව ලබාගෙන ක්ලබ් එකේ සිංදුවකුත් කියනවා, හැබැයි එතනදි ආදිට හීනෙකින්වත් නොහිතපු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධවෙනවා. නාරායන් රෙඩ්ඩි කියන බැංගලෝර් වල ඉන්න බලවතෙකුගෙ එකම පුතා ක්ලබ් එකේ වහලෙන් බිමට වැටිල මැරෙනවා. කොහොම හරි මේ මරණෙට වග කියන්න ඕනෙ ආදි කියල රෙඩ්ඩිගෙ පුතත් එක්ක හිටපු ජයක්‍රිෂ්ණන් ආදිව මේකට පටලනවා..එතනින් පස්සෙ ආදිට පණ බේරගන්න ඉතින් දුවන එක තමයි කරන්න වෙන්නෙ. මෙතනදි ආදි කලින් පුහුණු කරපු Parkour ක්‍රීඩාව ආදිගෙ ජීවිතේ බේරගන්න සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. කතාවෙ ඉතුරු හරියෙ තියෙන්නෙ ආදි තමන්ගෙ නිර්දෝෂි බව රෙඩ්ඩි ඉදිරියේ කියාපාන්න දරණ වෑයම තමයි, ආදිගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරගන්න පුළුවන් වෙයිද, කියන දේ චිත්‍රපටියෙන් ඔයාලටම රසවිඳින්න පුළුවන්….

මේක 2018 ජනවාරි 26 වෙනිදා මලයාලම් භාෂාවෙන් නිකුත් වෙච්ච චිත්‍රපටියක්. IMDb දර්ශකයේ 7 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 38ක්. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jeethu Joseph විසින්. 2013 වසරේ සෑහෙන ජනප්‍රිය වුන වගේම ගොඩක් remake කරපු Drishyam චිත්‍රපටිය බලල ඇතිනෙ අන්න ඒකත් මෙයාගෙ අධ්‍යක්ෂණයක් තමයි. සංගීත අධ්‍යක්ෂණය Anil Johnson විසින් කරල තියෙන්නේ. මේක දින 100 ක් පමණ තිරගත කරලා රුපියල් මිලියන 500ක් වගේ විශාල බොක්ස් ඔෆිස් ආදායමක් උපයන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Pranav Mohanlal, Sharafudheen, Meghanadhan, Siddique, Jagapathi Babu, Lena කියන කට්ටිය තමයි. ප්‍රධාන චරිතය රඟ දක්වන Pranav Mohanlal වෙන කවුරුත් නෙමෙයි, මලයාලම් චිත්‍රපටි වල දැවැන්තයා වන Mohanlal ගේ පුතා. එයත් මේකෙ ආරාධිත රංගනයකට පොඩි දායකත්වයක් දක්වනවා.

මේක මම සබ් කරන පලවෙනි මලයාලම් ෆිල්ම් එක, අනිත් ෆිල්ම් එක්ක බලනකොට පොඩ්ඩක් දිගයි වගේම, දෙබස් ප්‍රමාණයත් පොඩ්ඩක් වැඩියි වගේ තේරුණා. ඒක හින්ද සබ කරන්න පොඩ්ඩක් විතර කල් ගියා. ඒකට සමාවෙන්න කියල කියන ගමන්ම මට මේකට සබ් එක කරන්න භාර දීපු සිසිල සහෝටත් හද පිරි ස්තුතිය පිරිනමනවා…එහෙනං තවත් සබකින් හමුවෙනතුරු…ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.li – Aadhi (2018) Malayalam Orig DVDRip x264 400MB ESubs මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,056 downloadsDownload Aadhi-2018.zip71 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ධනුෂ්ක ආරියරත්න

Subtitles

5,056 downloadsDownload Subtitles71 KB

33 comments

  1. priyan99

    thanks saho sub ekata

  2. Prabodha Madhusankha Hettiarachchi

    Thanks broo sub ekata...

  3. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. maheshw

    Link is not working

  6. nowty_max

    නියමයි මලයාලම් තමා ඕනේ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. vertex89

    කොහොමද මේ ෆිල්ම් එක හොදයිද ? සබ් එකට බොහොම ස්තුති සහෝ

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. madushangamage

    thankes bro

  11. සනිඳු ලක්ඛිත

    ස්තූති සහෝ උපසිරසට..මහන්සිය බොහොම අගයනවා!

  12. malith

    Ela ela

  13. තරිඳු රසාංග

    ස්තුතියි සහෝ උපසිරැසිය වෙනුවෙන්.දිගටම මලයාලම් චිත්‍රපට වෙනුවෙන් උපසිරැසි දෙමු,ජය!

  14. podi_malaya

    parole sub eka ganna be page not found enawa

  15. dnpriyashantha

    Supiri film eka..upasirasiyata bohoma sthuthi saho..

  16. N_R

    Thanks.

  17. rangika Kariyawasam

    අඩේ නියම වැඩක් ධනුවා. ෆිල්ම් වල හොදම ෆිල්ම් පැත්ත මලයාලම් .ඒ පවුලට එකතු උනා කියන්නේ ආයෙ හෝදන්න දෙයක් නෑ ෆට්ටයි .සබ ලෙසටම තියෙනවා දිගටම මලයාලම් සබ් දෙන මෙන් ඉල්ලා සිටිනවා.තවත් සයිටි එකට අඩු පාඩු තිබුන ෆිලුමක් තමා ආදී.නියමයි සහෝ.ෆට්ටම වැඩක්.බෝම අගය කඑනව⁣ෙ.ජයවෙිවා

  18. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  19. ThilinaDinelka

    Sub poddak speed ayye...sub 1ta thanks

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ….

  21. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි ධනුෂ්ක සහෝ උපසිරැසියට...
    ඔය සබ් දෙන ස්පීඩ් එකෙන්ම දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  22. Athula

    Thanks ...

  23. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

  24. Gandhaka Indrajith

    Thanks for the subtitle

  25. spd

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
    කියල ප්‍රාර්ථනා කරනවා.
    ජය වේවා...!!!

  26. Lalani Maduwanthi

    Thank you dhanushka malli

  27. bathiya sandaruwan

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට.
    වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා

  28. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
    ජයවේවා…

  29. dinuka sudara

    thank you.

  30. MadhuBandara

    Thank You Yaluwa...

  31. Subhashini88

  32. Iahirukonara

    Thank you

  33. Iroo

    Thanks bro