Aadu 2 (2017) Sinhala Subtitless ආයුබෝවන්. බොහෝ දෙනාගෙ ඉල්ලීම අනුව අඩුපාඩුවක් වෙලා තිබුන පරණ චිත්‍රපටියක උපසිරැසියක් අද ඉදිරිපත් කරනවා. ආඩු සිනමාවලිය මේ කාලෙ ගැන ආයෙමත් ලොකු හා හූවක් ගියෙ ඒකෙ තුන් වැන්න නිකුත් උනාමයි. ඒක නිකුත් උනා විතරක් නෙමෙයි ඒක මේ වසරෙ ලොකු බ්ලොක්බස්ටර් එකක් උනා. ඒ සමගම කට්ටිය…

ආයුබෝවන්. බොහෝ දෙනාගෙ ඉල්ලීම අනුව අඩුපාඩුවක් වෙලා තිබුන පරණ චිත්‍රපටියක උපසිරැසියක් අද ඉදිරිපත් කරනවා. ආඩු සිනමාවලිය මේ කාලෙ ගැන ආයෙමත් ලොකු හා හූවක් ගියෙ ඒකෙ තුන් වැන්න නිකුත් උනාමයි. ඒක නිකුත් උනා විතරක් නෙමෙයි ඒක මේ වසරෙ ලොකු බ්ලොක්බස්ටර් එකක් උනා. ඒ සමගම කට්ටිය ආඩු 1 2 හොයන්න ගත්තම තමයි තේරුණේ ඒ සඳහා උපසිරැසියක් නෑ කියලා. ඉතිං දිගින් දිගටම ආපු ඉල්ලීම් සලකල බලලා ආඩු 2 ට උපසිරැසියක් නිර්මාණය කරල අද නිකුත් කරනවා. ආඩු 1ටත් ඉල්ලීම් තියෙනවා. අවරෝහණ ක්‍රමයට උනත් මම ඒකත් යථා කාලයේදී උපසිරැසියක් දෙන්න අදහස් කරනවා. ත්‍රිත්වයම සම්පූර්ණ වෙන්නෙ එතකොටයි.
ඉතිං ආඩු 2බොහෝ දෙනෙකුට අනුව නම් තුන් වැන්නට වඩා ඉදිරියෙන් තියෙන චිත්‍රපටියක්.වේගයෙන් ගලායන හාස්‍ය රසයෙන් පිරිපුන් ක්‍රියාදාමයන්ගෙන් අඩුවක් නැති මේ චිත්‍රපටියෙ චරිත ටික නම් මිනිස්සුන්ට කා වැදුනෙ මේ කොටසෙන් තමයි. ආඩු 3 IMDB හි 6.4 අගයක් වාර්තා කරමින් කෝටි 120ක ආදායමක් ලබද්දි මීට අවුරුදු නවයකට කලින් නිකුත් වූ ආඩු 2 IMDBහි 7.1ක් වාර්තා කර ගෙන කෝටි 35ක් හොයනවා. ඉතිං එහෙම බලන කොටත් දෙවැන්නත් අති සාර්ථකයි.
කඹ ඇදීමේ ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගත් කණ්ඩායමක් සම්බන්ධ කතාවක්නෙ මේක. ඉතිං වරක් කඹ ඇදලා එළුවෙක් තෑගි ලබන මේ කණ්ඩායම මුහුණ දෙන හාස්‍ය ජනක සිදුවීම් පෙළක් වටා තමයි මේ කතා පෙළ ගොඩ නැගෙන්නෙ. මෙයාලට හරි යන තවත් කණ්ඩායම්, පුද්ගලයො පමණක් නෙමෙයි පොලිසියකුත් මේ පැත්තෙ ඉන්නවා.
Midhun Manuel Thomas ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපට වල ප්‍රධාන චරිතය ශාජි පාප්පන් ලෙස Jayasurya ද සෙසු චරිත, Vinayakan , Saiju Kurup, Sunny Wayne, Dharmajan Bolgatty, Vijay Babu, Bhagath Manuel, Harikrishnan වැනි නළුවන් විසින් රඟපානු ලබනවා
ඉතිං මේකත් දැනට බලමු. වෙලාවෙ හැටියට ආඩු එකත් දෙන්නම්
නැවත හමු වෙමු
ආයුබෝවන්.
Aadu 2 (2017) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
582 downloadsDownload Aadu-2-2017.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Aadu 2 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Aadu 2 (2017) Sinhala Sub
- #Aadu 2 (2017) Sinhala Subtitless
- #Aadu 2 Sinhala Sub
- #Aadu 2 Sinhala Subtitless
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
ඕෂද එරංග (Era Boy)
Tharuka Priyadarshana Silva Nugegodage
Supiri ,,,
1th oni...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පටිට ඈ... ❤️