The Punisher: One Last Kill (2026) Sinhala Subtitles ආයූබෝවේවා යාළුවනේ. ඔන්න එහෙනම් තවත් මාවල් කොමික් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුනා. අපේ රවිදු හේෂාන් සහෝ මේක කරමුද කියලා අහද්දි තමයි අපි හැමෝම ආස පනිෂර් නොහොත් ෆ්‍රෑන්ක් කාසල්ගේ තවත් පරිච්ඡේදයක් අපිට පසුගිය 13 වෙනිදා ඩිස්නි ප්ලස් ඔස්සේ නිකුත්…
The Punisher: One Last Kill (2026) Sinhala Subtitles
ආයූබෝවේවා යාළුවනේ. ඔන්න එහෙනම් තවත් මාවල් කොමික් නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුනා. අපේ රවිදු හේෂාන් සහෝ මේක කරමුද කියලා අහද්දි තමයි අපි හැමෝම ආස පනිෂර් නොහොත් ෆ්‍රෑන්ක් කාසල්ගේ තවත් පරිච්ඡේදයක් අපිට පසුගිය 13 වෙනිදා ඩිස්නි ප්ලස් ඔස්සේ නිකුත් උනා නේද කියලා මතකෙට ආවේ. අන්න ඒ විශේෂ රූපවාහිනි කොටසේ උපසිරසිය අද ඔයාලට රසවිඳින්න පුළුවන්.
තමන්ගේ ආදරණීය පවුල විනාශ කරලා දාපු බලවත් දාමරික පවුලක් වෙන ග්නුචී පවුලෙන් පළිය ගත්ත ෆ්‍රෑන්ක් දැන් ඉන්නෙ මානසිකව ගොඩක් ස්ථාවර නොවන තැනක. මොකද ෆ්‍රෑන්ක්ට තිබුන එකම අරමුණ උනේ තමන්ගේ පලිය ගන්න එක විතරයි. ඉතිං තමන්ගේ පලිය ගත්තට පස්සේ එයාට තව වෙන අරමුණක් නෑ. කොටින්ම දැන් ෆ්‍රෑන්ක් ඉන්නේ ජීවත් වෙන්නත් බැරි මැරෙන්නත් බැරි තැනක.
ඒකත් එක්කම ග්නූචිලගේ ඒකාධීපති පාලනයෙන් මිදුණු ලිටිල් සිසිලි නගරය සාමාකමී තැනක් වෙන්න ඇති නේද කියලා ඔයාලට හිතෙයි. කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඒක එහෙම නෙමෙයි කියලා තමයි. මොකද ග්නුචී පවුල නැති නගරයේ බල හිඩැසක් ඇතිවුන ගමන් එතන පුරවන්න නගරේ ඉන්න ගොඩක් දාමරිකයෝ උත්සහ කරනවා. ඒ වගේම එයාලව නවත්තන්න දැන් පනිෂර් එන්නෙත් නැති නිසා දැන් මුළු නගරෙම ඉතා ව්‍යාකූල තත්වයකට පත්වෙලා. ඇත්තටම මේකට පනිෂර්ත් වක්‍රව වගකියන්න ඕන බව ඔයාලට පෙනෙයි. මෙන්න මේ අතරෙදි තමයි ෆ්‍රෑන්ක්ට තමන් පලිගත්තා කියලා හිතුවට ඒ ගැන ආපහු හිතන්න පොළඹවන සිදුවීමක් වෙන්නේ. ඉතිං ෆ්‍රෑන්ක්ට පළිගන්න ගිහින් මොකක්ද මඟ හැරුනේ? දාමරිකයෝ නිසා ව්‍යාකූල උන නගරෙට මොකක් වෙයිද? පනිෂර් ආපහු එයාගේ ඇඳුම දාගනියිද? ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ විශේෂ කතාංගය බලලා ඉන්නම වෙනවා.
පනිෂර් විශේෂ කතාංගය අධ්‍යක්ෂනය කරන්නේ Reinaldo Marcus Green විසින් වගේම Kevin Feige ,Louis D’Esposito, Brad Winderbaum, Sana Amanat සහ Jon Bernthal විධායක නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ කතාංගය මේ වෙද්දි 7.6ක ඉහල IMDb අගයක් සහ 76%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙන බව මතක් කරන්න ඕන. සුපුරුදු විදියටම Jon Bernthal පනිෂර් විදියට අපිට බලාගන්න පුළුවන්. මගේ පුද්ගලික මතයනම් පනිෂර්ට තව කතාමාලවක් හෝ චිත්‍රපටයක් ලබාදෙන්න තිබුනා කියලයි. පනිෂර්ගේ ඉදිරි ගමන් මඟ කොහොම වෙයිද කියලා දැනට අපිට ලොකු අදහසක් නැති උනත් Spider-Man: Brand New Day ෆිල්ම් එකේ අපිට පනිෂර්ව ආපහු බලාගන්න පුළුවන් බවනම් දන්නවා.
මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම යනවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා
The Punisher: One Last Kill (2026) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,492 downloadsDownload The-Punisher-One-Last-Kill-2026.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Punisher: One Last Kill Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Punisher: One Last Kill (2026) Sinhala Sub
- #The Punisher: One Last Kill (2026) Sinhala Subtitles
- #The Punisher: One Last Kill Sinhala Sub
- #The Punisher: One Last Kill Sinhala Subtitles
- #The Strangers
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sahan Gayantha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks a lot Yuran saho sub ekata