Watch Trailer

Bade Miyan Chote Miyan (2024) with Sinhala Subtitles | වීරයන් දෙදෙනෙකුගේ දැවැන්තම යුද්ධය! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! Highlander සහ Maddock සිනමා විශ්වයන් සාර්ථකව අවසන් කරලා, මම අද අරගෙන ආවේ මගේ 165 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ මෑත කාලීනව නිර්මාණය වුණු අති දැවැන්ත පිරිවැයක් සහිත, හොලිවුඩ් මට්ටමේ ක්‍රියාදාම දර්ශන ඇතුළ…

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා! Highlander සහ Maddock සිනමා විශ්වයන් සාර්ථකව අවසන් කරලා, මම අද අරගෙන ආවේ මගේ 165 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ මෑත කාලීනව නිර්මාණය වුණු අති දැවැන්ත පිරිවැයක් සහිත, හොලිවුඩ් මට්ටමේ ක්‍රියාදාම දර්ශන ඇතුළත් සිනමා අත්දැකීමක්. ඒ තමයි අලි අබ්බාස් සෆර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු Bade Miyan Chote Miyan (2024).

මෙහි කතාව ගෙතෙන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට එල්ල වන බරපතල තර්ජනයක් වටායි. ඉන්දියානු හමුදාව සතු ඉතාම රහසිගත සහ බලගතු ආයුධයක් සොරා ගන්නා අභිරහස් සතුරෙක්, මුළු රටම විනාශ කරන බවට තර්ජනය කරනවා. මේ සතුරා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි; ඔහු ඉතාම දියුණු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) භාවිතා කරමින් තමන්ගේ හමුදාව මෙහෙයවන බලවතෙක්. මේ අනතුරෙන් රට බේරාගන්න නම් හමුදාවේ ඉන්න දක්ෂතම, ඒ වගේම ටිකක් “පිස්සු” වැඩ කරන නිලධාරීන් දෙන්නෙක්ව නැවත කැඳවන්න සිද්ධ වෙනවා. ඔවුන් තමයි ෆෙරෝස් (අක්ෂේ කුමාර්) සහ රාකේෂ් (ටයිගර් ශ්‍රොෆ්). ඉතින් මේ දෙන්නා තමන්ගේ පරණ මතභේද අමතක කරලා, අමුතුම ක්‍රම භාවිතා කරමින් මේ අභිරහස් සතුරාව සොයාගෙන යන ගමන තමයි මුළු චිත්‍රපටය පුරාම දිග හැරෙන්නේ.

බොලිවුඩ් “Action Kings” ලා දෙන්නෙක් වන අක්ෂේ කුමාර් සහ ටයිගර් ශ්‍රොෆ් පළමු වතාවට තිරය බෙදාගැනීම මෙහි ඇති ප්‍රධානම ආකර්ෂණයයි. අක්ෂේගේ පරිණත බව සහ හාස්‍යයත්, ටයිගර්ගේ අතිවේගී සටන් ජවනිකාත් චිත්‍රපටයට ලබා දෙන්නේ නැවුම් පෙනුමක්. ඒවගේම චිත්‍රපටයේ එන හඹායෑම්, ගුවන් සටන් සහ පිපිරවීම් දර්ශන සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරා තිබෙනවා. ඔබ “Fast & Furious” හෝ “Mission Impossible” වැනි චිත්‍රපටවලට කැමති කෙනෙක් නම්, මේක ඔබට ඒ අත්දැකීම දෙන චිත්‍රපටයක් වේවි. ජෝර්දානය, ස්කොට්ලන්තය සහ ලන්ඩන් වැනි ඉතාම ලස්සන රටවල රූගත කර ඇති මෙහි දර්ශන ඇසට මෙන්ම කනටත් ඉතාම මිහිරි සංගීතයකින් හැඩවී තිබෙනවා.

මෑත කාලීනව මම උපසිරැසි ගැන්වූ Highlander වැනි සම්භාව්‍ය කතාවලට වඩා හාත්පසින්ම වෙනස්, වේගවත් ගලායාමක් මේ චිත්‍රපටය සතුයි. මෙහි දෙබස් පරිවර්තනය කිරීමේදී පවා ඒ ඒ චරිතවලට ආවේණික හාස්‍යය සහ ගාම්භීරත්වය රැක ගැනීමට මම උත්සාහ කළා. අවසාන වශයෙන්, උපසිරැසි ගැන්වීමේදී හැමදාමත් අදහස් දක්වමින් මා දිරිමත් කරන ඔබ සැමටත් හදවතින්ම ස්තූතියි!

බුදු සරණයි….!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR  පිටපත සඳහා අදාළ වේ.

1,093 downloadsDownload Bade-Miyan-Chote-Miyan-2024.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,093 downloadsDownload Subtitles65 KB

1 comment

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි අසංක අයියේ ඉක්මනින් 200 වෙනි උපසිරැසියත් ලබා දෙමු
    තවත් උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු
    ජය

    හැකි නම් The Hunger Games: The Ballad of Songbirds & Snakes උපසිරැසි ලබා දෙන්න