සෙම්පාකා බලකොටුව. සියවස් ගනනාවකට පෙර සෙම්පාකා බලකොටුවට බලවත් සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. බලකොටුව සහ රජතුමන් සතුරන්ගෙන් බේරගන්න සෙම්පාකා දේවිය තම ජීවිතය පූජා කරනවා. එදා සෙම්පාකා බලකොටුව සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා. පසුව සෙම්පාකා දේවිය වේදාර් කුලයේ දේවතාවිය බවට පත් වෙනවා. ඇය කාලිඅම්මාගේ ස්වරූපයක් විදියට…

සෙම්පාකා බලකොටුව. සියවස් ගනනාවකට පෙර සෙම්පාකා බලකොටුවට බලවත් සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. බලකොටුව සහ රජතුමන් සතුරන්ගෙන් බේරගන්න සෙම්පාකා දේවිය තම ජීවිතය පූජා කරනවා. එදා සෙම්පාකා බලකොටුව සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා. පසුව සෙම්පාකා දේවිය වේදාර් කුලයේ දේවතාවිය බවට පත් වෙනවා. ඇය කාලිඅම්මාගේ ස්වරූපයක් විදියටයි ගම්මු දකින්නේ. අද මෙම කාලිඅම්මා දේවතාවියට පුද පූජා පවත්වන්නේ මාතන්ගි නම් වේදාර් කුලයේ කුල ස්ත්‍රියයි. ඇය තම දියණිය ‘මල්ලී’ සමග බලකොටුවට යාබද නිවෙසකයි ජීවත් වෙන්නේ. මෙම බලකොටුව කවුරුන් මිලදී ගත්තත් එය වේදාර් කුලයේ උරුමයක් වශයෙනුයි පවතින්නේ. තත්වය මෙසේ තිබියදී තරුණයන් සිව් දෙනෙක් යම් කිසි අරමුණක් මුදුන්පත් කරගන්න සෙම්පාකා බලකොටුවට එනවා. ඒ අරමුණ කුමක්ද? ඊටපස්සේ වෙන්නේ මොකක්ද? ඔක්කොම කිව්වොත් කතාවේ රසය යනවා. ඒ නිසා මෙන්න මේ ටික විතරක් කියන්නම්. එදා මේ තරුණයන් කරපු වංචා සහගත ක්‍රියාවකට පලි ගන්න බොහෝම බලවත් රුදුරු මිය ගිය ආත්මයක් බලා ඉන්නවා. අද ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල උදවියටත් මෙම පලිගැනීමට මුහුණ දෙන්න වෙලා. කවුද මේ ආත්මය? ඔවුන් කල වංචාව කුමක්ද? මේ ඔක්කෝම ඉතිං දැනගන්න පුළුවන් ෆිලුම බලනකොට.
මේ චිත්‍රපටියේ පසුබිම ගැන කතා කලොත් මේක මේ වසරේ මැයි මාසයේ නිකුත් වුනු මලයාලම් චිත්‍රපටියක්. horror-comedy ගනයට වැටෙන, ලස්සන කතාවක් තියෙන ෆිලුමක්. අඩු නැතුව කොමඩිත් හොල්මනුත් තියෙනවා. IMDb අගය 4.5 යි. ඒත් මං පෞද්ගලිකව විශ්වාස කරනවා මේකට 6-7 අතරක අගයක් ලැබෙන්න ඕන කියලා. මෙම චිත්‍රපටියට මම දමිළ සිනමාවේ කුඩා කල සිටම ආස කල නිළියක් රංගනයෙන් දායක වෙනවා. ඒ තමා Ramya Krishnan. හොඳයි එහෙනම්.. කට්ටියටම මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරානවා. ඔබ සැමට ජය සහ නීරෝගී සම්පත් උදා වේවා…!
“අම්මාට කෙනෙක්ට වඩා උතුම් දෙවි කෙනෙක් නොමැත”
Due to copyright issues, we do not provide any torrent links.
Aadupuliyattam [2016] Malayalam DVDRip x264 800MB ESubs ZERG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,838 downloadsDownload Aadupuliyattam-2016.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
11 comments
thisal
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Gathsara Umesh Kumara
මමනම් සාමාන්‍යඑන් මේවගේ ෆිලුම් බලන්න් nනෑ.කොහොමහරි මහන්සි වෙලා සබ කරල ගෙනාවාට බොහෝම ස්තූතියි සහෝ....
චතුර දිසානායක
බොහොම ස්තුතියි මචං.
Nipuna Udayanga
thanks machn !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kasun Harshana
Film eka baluwa. Samahara than waladi andenawa. Holman kathawata Eha giya lassana kathawak. Puluwannam Ammoru (1995) YouTube copy ekatath sub ekak denna bro. Filuma parana unata supiri. Devotional horror film ekak. Akata galapena English sub eka download karanna puluwan downsub.com eken. Help ekak oninam text me bro. 0714906802 ta. Mama Kasun.
Lushan Kuruppu
කමෙන්ට් එකට ස්තූතියි යාළු! වෙලාවක් තිබුනොත් බලන්නම්.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Araa
Thnkzzzzzzzzzzz mchaaaaaaa sub ekata..
Sinetj
E eke movie eka ganne kohomadha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks sub ekata