Watch Trailer

Detective K. Secret Of Virtuous Widow (2011) with Sinhala Subtitles | සිල්වත් වැන්දඹුවගේ රහස. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! සුපුරුදු විදියටම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි ගෙන ආ මම චාමල් කැළුම් අතපත්තු. කලින් දීපු ”My love, My bride” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙදා සැරේ ගෙනාපු චිත්‍රපටිය action/drama/comedy ගණයට අයත් වන 2011 වසරේ ජනවාරි 27 තිරගත වූ රහස් පරීක්ෂක කතාවක්. ඒ වගේම…

Detective K-Secret of Virtuous Widow (2011)

ආයුබෝවන් හැමෝටම! සුපුරුදු විදියටම කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි ගෙන ආ මම චාමල් කැළුම් අතපත්තු. කලින් දීපු ”My love, My bride” චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මෙදා සැරේ ගෙනාපු චිත්‍රපටිය action/drama/comedy ගණයට අයත් වන 2011 වසරේ ජනවාරි 27 තිරගත වූ රහස් පරීක්ෂක කතාවක්. ඒ වගේම 2015 වර්ෂයේදී මේකෙ දෙවැනි චිත්‍රපටියත් තිරගත වුණා. ඉදිරියේදි ඒකත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙ තුන් වෙනි චිත්‍රපටියකුත් එයි කියලා ආරංචිත් වෙනවා. අපි ඉස්සරහට ඒ ගැන බලමු. ඉතින් පළවෙනි චිත්‍රපටිය බලලා ඉන්න.

Imdb අගය 6.4ක් ලැබිලා තියන මේ චිත්‍රපටිය පැය එකයි විනාඩි 55 ක කාලයක් රස විදින්න පුළුවන්.සම්මාන ගණනාවක් ලැබිලා තියෙනවා වගේම බොක්ස් ඔෆිස් වාර්තා තියන්නත් මෙම චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. තවත් වැඩි දේවල් නැතුව කතාව කියන්නම් යන්තමට..

1793 වසර 17 කට පසු ජොසොන් වලට අළුත් රජ කෙනෙක් පත් වෙනවා. ඒත් සමගම මරණ ගනනාවක් ඇති වෙනවා.රජතුමා විශ්වාස කරනවා මිනීමැරුම් වහන්න ද්‍රෝහී රාජ්‍ය නිලධාරීන්ට කප්පම් ගෙවන බව. මේ නිසා රජතුමා ඔහුට සමීපතම නිලධාරී (Kim Myung-min)හට නියෝග කරනවා මේ ඝාතන පිටිපස්සෙ ඉන්නෙ කවුද හොයන්න.එහෙම තමයි ජොසොන් වල ඒ කියන්නෙ කොරියාවෙ පළවෙනි රහස් පරීක්ෂක බිහි වෙන්නෙ.

ඉතින් ඔහු සිරභාරව ඉන්න නගර පාලකයාගෙන් ප්‍රශ්න කරන්න යනකොට දකිනවා මේ පාලකයව මරලා දාලා කියලා. මේ රහස් පරීක්ෂකතුමාට හම්බෙනවා මිනියෙ ඔලුව පිටිපස්සෙ තිබිලා ඝාතනයට හේතුවුන කටුවක්. ඒ වගේම ඝාතකයාව අදුර ගන්න තවත් හෝඩුවාවක් හම්බෙනවා. ඒ තමයි වෘක මල් විෂ.ඒත් මෙයා මේ කටුවත් අතේ තියාගෙන ඉන්නකොට හිරගෙදර ආරක්ෂකයෙක් දකිනවා.ඉතින් මේ ඝාතනයට අහු වෙන්නෙ රහස් පරීක්ෂකතුමාව. මෙයාවත් හිරේ දැම්මම ඒක ඇතුලෙ ඉන්නෙ Seo-pil (Oh Dal-su) කියන කෙනා. Seo-pil රහස් පරීක්ෂකතුමාටත් උදව් කරලා දෙන්නම හිරෙන් පනිනවා.

මේ හේතුව නිසා රජතුමා මොහුව අල්ලගෙන Jeokseong වල ස්වාමියා මැරුණට පස්සෙ දිවිනසා ගත්තු ගෑණු කෙනෙක්ගෙ මරණය විමර්ශනය කරන්න යවනවා. ඒත් වෘක ඖෂධ මල් වලට ප්‍රසිද්ධ පළාත තමයි Jeokseong කියන්නෙ. රජතුමා හිතලම තමයි මෙහාට යවන්නෙ. රහස් පරීක්ෂකතුමා සහ Seo-pil විමර්ශනය කරගෙන යනකොට Han Kaek-ju (Han Ji-min) කියන වෙළඳ පාලිකාව මුණ ගැහෙනවා.රහස් පරීක්ෂක සහ Seo-Pil සැක කරනවා මේ හන් පාලිකාව සහ ලිම් ඇමති (Lee Jae-yong) රාජ්‍ය බදු වංචා කරලා තමයි ද්‍රෝහී රාජ්‍ය නිලධාරීන්ට ගෙවන්නෙ කියලා. ඉතින් රහස් පරීක්ෂකතුමා වැන්දඹුවගේ මරණය ගැන විමර්ශනය කරන අතරතුර තේරුම් ගන්නවා මේ මුදල් වංචාව සහ වැන්දඹුවගේ සහ ඇයගේ ස්වාමියාගෙ මරණත් සියල්ලම සම්බන්ධ බව.

ඔන්න ඉතින් සාරංශය.මෙහෙම කතාව කිව්වට බලනකොට හිනා කන්න පුළුවන් වගේම ක්‍රියාදාමම වලිනුත් පිරිලා තියන නිසා කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් අළුත් උපසැරසියකුත් අරගෙන. ඔබට ජය!

Detective K: Secret of Virtuous Widow (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Detective.K.Secret.of.Virtuous.Widow.2011.BluRay.720p.Ganool.com

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,724 downloadsDownload Detective-K.-Secret-Of-Virtuous-Widow-2011.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

1,724 downloadsDownload Subtitles43 KB

25 comments

  1. Demon

    Niyamai Saho.... Oya Sub Karanna thoraganne Supiri Filum a....

  2. Saminda

    Good film brother. thanks but how to download this movie?

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Kasun Lakshan

    Seedr ekatada damme?

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dulanga

    Thanks

  7. Chamal Kalum Athapaththu

    To download this movie.. use this.
    Ganool.com

  8. Lushan Kuruppu

    Thank You Bro!

  9. J Sri

    Machan උඹට mal තියල වදින්න හිතයි elama machan sub eka ubata pin

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  11. Madhawa

    Niyamai saho,godak sthuthiyi.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sanjith devinda weerawardana

    patta film eka---baagayak eka parak baluwa. dan ithin okkoma balamu. thnkz bolee sub ekata

  14. Upul

    torrant link 1 denna puluwanda me film eke. Godak torrant wala sedar la neni

  15. roshan

    tanxxxxxxxxxxxx yalu

    1. chamalkalum

      Ur welcome

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  19. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  20. Blade2222

    Thanks❤️❤️

  21. sasanka

    thanks for the sub

  22. maleesha dananjaya

    link ekak dennako full movie eke

  23. Krishani

    Thank you ️

  24. Ravindra

    Thanks