Watch Trailer

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට තවත් අපූරු මලයාලයම් සිනමා පටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.! චිත්‍ර‍පටියේ නම දැක්කම හිතාගන්නත් පුලුවන් ඇතිනේ. ඒනිසා අද නම් සිංහල උපසිරැසිය ගෙනාවේ තනියම නම් නෙවෙයි බයිස්කෝප් පවුලේම තවත් සහෝදර…

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට තවත් අපූරු මලයාලයම් සිනමා පටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.! චිත්‍ර‍පටියේ නම දැක්කම හිතාගන්නත් පුලුවන් ඇතිනේ. 😀😉 ඒනිසා අද නම් සිංහල උපසිරැසිය ගෙනාවේ තනියම නම් නෙවෙයි බයිස්කෝප් පවුලේම තවත් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරත් එක්කල,😋 විහිළුවක් කරේ. එහෙනම් වැඩි කතාවක් නැතුව බලමු චිත්‍ර‍පටිය ගැන කොහොමද කියලා.  ඒත් එක්කම මේ චිත්‍ර‍පටියට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න අවස්ථාවව සලසල දුන්නට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ සංස්කාරකවරයෙක් වෙන Lashane Demel සොයුරවත් ස්තූති පූර්වකව මේ අවස්තාවෙදි මතක් කරනවා.   පසුගිය වසරේ 2019 නොවැම්බර් මාසේ 01 වෙනිදා තමයි මේ චිත්‍ර‍පටය තිරගත කරන්න පටන්ගෙන තියෙන්නේ, මේ චිත්‍ර‍පටියට මොන හේතුවක් නිසා රේටින් අඩුවුනාද කියල නම් කියන්න අමාරුයි. ඒත් රේටින් ගැන හිතන්නෙ නැතුව චිත්‍ර‍පටිය බැලුවට නම් කිසිම පාඩුවක් වෙන එකක් නෑ කියලයි මගේ නම් විස්වාසය ඒ වගේමයි මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරන්න අපේ  සහෝදර මලයාලම් සිනමා උපසිරැසිකරුවන්ට මඟ ඇරුණ එකත් පුදුමයක්.! පලමු දර්ශනයෙ සිටම ඇඟ කිලිපොලා යන සිදුවීම් ආදින්ගෙන් පිරුණු සහ  මලයාලම් චිත්‍රපට සඳහාම ආවේනික  වන සුවිශේෂී ගති ලක්ෂණ වලින් සමන්විත තාත්වික බවින් ද නොඅඩු Horror සහ Thriller රසය ඉහල මට්ටමේ ඇති සිනමා නිර්මාණයක් බව   චිත්‍ර‍පටය නරඹපු කෙනෙක් විදියට   කියන්න පුලුවන්.! ඊට අමතරව  කේරළයේ  මලයාලම් සිනමාවේ තිබෙන නිර්මාණශීලිත්වය තියුණු භාවය ආදි කරුණු ගැනත් මෙතැනදී අමුතුවෙන් මතක් කරන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා. මොකද මලයාලම් සිනමා රසික රසිකාවියො හැමෝම මලයාලම් සිනමාවේ ඇති අනර්ඝත්වය ගැන හොඳින් දන්න නිසා.!   චිත්‍ර‍පටයේ නම Aakasha Ganga 2.  එතකොට කෝ මේකේ පලවෙනි කොටස ඔව් 1999 අවුරුද්දෙදි තිරගත උන Aakasha Ganga චිත්‍ර‍පටයේ දෙවෙනි කොටස එහෙමත් නැත්තන් Sequel එකක් විදියට තමයි මේ Aakasha Ganga සිනමාපටය. හැබැයි පලවෙනි කොටස බැලුවෙ නෑ කියලා දෙවෙනි කොටස බලද්දි කිසිම අඩුපාඩුවක් නම් වෙන්නෙ නෑ කියන කතාව මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මෙහි මුල් චිත්‍ර‍පටයෙ මෙන්ම Aakasha Ganga 2 චිත්‍ර‍පටයේද අධ්‍යක්ෂකවරයා වෙන්න‍ෙ මලයාලම් සිනමා චිත්‍රපට අධ්‍යක්ෂක Vinayan ය. ඇත්තෙන්ම Aakasha Ganga 1999 සිනමාපටයටත් සිංහල උපසිරැසි ලබාදෙන්නට අප උත්සහ කරා ඒත් ඇතිවුණ යම් යම් ගැටළු කිහිපයක් නිසා අපට ඒ තීරණය අහක දාන්න සිද්ද උනා. ඒ කොහොම නමුත් පලවෙනි චිත්‍රපටය බැලුවේ නැ කියල දෙවෙනි චිත්‍රපටය බලද්දි කිසිම ගැටළුවක් නම් ඇති වෙන්නෙ නැ. චිත්‍රපටයෙ කතාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරල බැලුවොත් ආර්ති  කියල තරුණියක් ඉන්නවා. ආර්තිගෙ අම්මා මේ ලොකේ හැරල ගියෙ ආර්ති ඉපදෙනකොටමයි. ඒ උනාට අම්මගෙ මරණය අස්වාභාවික මරණයක්. ඒක නිසාම ආර්ති කියන්නෙත් සුවිශේෂී වූ කෙනෙක්. මොනව උනත් ආර්තිගෙ හිතෙ දෙවියො යක්ෂයො ආදි දේවල් ගැන කිසිම විස්වාසයක් නෑ. ආර්ති කියන්නෙ ඇය ඉගෙන ගන්නා කොලේජ් එකේ ඉන්න නම ගියපු අදේවවාදිනියක්.! නමුත් ආර්ති හදිසියේම මිතුරකුගේ කතාවක් නිසා ආර්තිට ඇයගෙ මිය ගිය මව සහ කතා කරන්න ආස හිතෙනවා. එතැන් පටන් ආර්තිට සිදුවන අතිභයානක සිදුවීම් නිසා ආර්තිටත් දෙවියො ගැන විස්වාස කරන්නත් අස්වාභාවික නපුරු බලවේගයන් ගැන විස්වාස කරන්නත් සිද්ද වෙනවා. ඒ තමයි කතාව දල සාරාංශය සම්පූර්ණ කතාව දැන ගැනීමට චිත්‍රපටය බලන ලෙසට ඔබට ආරාධනා කරනවා. චිත්‍රපටයෙ පලමු දර්ශනය නැරඹු විගසම ඔබ මවිත වෙනවා නොඅනුමානයි.   ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HQ DVD-Rip පිටපත් සඳහා අදාළ වේ.

5,767 downloadsDownload Aakashaganga-II-2019.zip73 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,767 downloadsDownload Subtitles73 KB

20 comments

  1. Nethini123

    බොහොම ස්තූතියි :-D

  2. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි තරිඳු අයියේ !!!
    ඔයාගේ එකක්නම් ඉතිං කොහොමත් අත අරින්නේ නෑ.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. RVMENDIS85

    Thanks for sinhala sub....

  7. sasindu nipun

    plz give us "The haunting of bly manor" subtites.

  8. Arawinda Sunimal

    thanks

  9. indika75

    thanks..

  10. kavinu

    බොහොම ස්තූතියි තරිඳු අයියේ මඟ හැරුණු මලයාලමක් ගෙනාවට...
    දැන් තමා බලන්න හදන්නෙ! ළඟදි මලයාලමෙන් එච්චර horror ආවෙ නැති නිසාම මේක මඟ හැරගන්න බෑ...
    ජයම වේවා...

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  13. Nethini123

    බොහොම ස්තූතියි සබ් එකට

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Induru

    Mechchara veld denvin dnn epa bn

  17. Anonymous

    thank you very much.good luck.

  18. Malith Samarawickrama

    Thanks machn sub ekata.

  19. Anonymous

    සබ්ටයිටල් එකේ අවුලක් තියෙනව ෆිල්ම් එකේ අදාල තැනට සබ්ටයිටල් එක නෑ හේතුව මොකක්ද

    1. කපිල

      ෆිල්ම් එකේ අදාල තැනට නෙවෙයි සබ්ටයිටල් එක තියෙන්නෙ