Watch Trailer

Hatchet (2006) with Sinhala subtitles | දේව සාපයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් මගේ යාළුවෝ ඔක්කොටම.අන්තිමට දින කීපයකට කලින් කරපු උපසිරසියට පස්සේ අද අපි මුන ගැහෙනවා තවත් එක ෆිල්ම් එකක් එක්ක. කලින් පාර කරපු එක වගේම මේකත් කරේ. සෑහෙන ලොකු වැඩ කන්දරාවක් එක්ක. වැඩ කියලා බලන්නැතුව කොහොම හරි ඉක්මනට සබ් එහෙක වැඩ ඉවර කර ගන්න එක තරම් සතුටක් තවත් නැති තරම්. කොහොම හරි පෝය නි…

සුභම සුභ දවසක් මගේ යාළුවෝ ඔක්කොටම.අන්තිමට දින කීපයකට කලින් කරපු උපසිරසියට පස්සේ අද අපි මුන ගැහෙනවා තවත් එක ෆිල්ම් එකක් එක්ක. කලින් පාර කරපු එක වගේම මේකත් කරේ. සෑහෙන ලොකු වැඩ කන්දරාවක් එක්ක. වැඩ කියලා බලන්නැතුව කොහොම හරි ඉක්මනට සබ් එහෙක වැඩ ඉවර කර ගන්න එක තරම් සතුටක් තවත් නැති තරම්. කොහොම හරි පෝය නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජන අරන් සබ් එක ඉවර කරගත්තා. උපසිරසි කරණයේ තාමත් මූලික අවධියේ ඉන්න අපිව ඉහළ තැනකට ඔසවලා තියෙන අපේ මහ ගෙදර තමා මේ බයිස්කෝප් අඩවිය. ඉතිං වෙනදා වගේම කාටත් කලින් ගුණාත්මකම දේ දෙන එක තමයි අපේ එකම සතුට.

මම මේ ෆිල්ම් එකට සබ් කරේ මට ලැබුන ඉල්ලුම් වල අඩුවක් නැති නිසා. ඔයාලට මතක ඇති මුලින්ම මට අහම්බෙන් වගේ අහුවුන Hatchet 3 ෆිල්ම් එක. ඒක මට අහම්බෙන් ලැබුන ෆිල්ම් එකක්. මගේ යාළුවොන්ගෙන් ලැබුන ඉල්ලීම් වලට ගරු කරලා ඒකට සබ් එක දැම්මත් මුළු කතා මාලාවම ඉදිරියට ගෙනියන්න මන් හිතන් ඉදියේ නෑ. නමුත් මන් සබ් දාපු අනෙක් ෆිල්ම්වලට ලැබුන අදහස් වල මේ කතා මාලාවට සබ් ඉල්ලලා ලැබුන ඉල්ලීම නිසාම මේකට අත ගහන්න මට ඕන උනා. ඉතිං මාව ඒ විදියට ඉහළට ඔසවපු ඔයාලට ස්තුතී කරන ගමන්ම අපි බලමු අද අපි මොනවගේ ෆිල්ම් එකක්ද බලන්නේ කියලා.

වික්ටර් ක්‍රව්ලි. පුරාවෘතයක් තිබුනා නොමියෙන ආත්මයක් ගැන. මිනිස් වාසයෙන් තොර තනිවම එක කැලයක අයිතිය දිනා සිටින මේ අමුනුස්සයා මේ පුරාවෘතයට එන්නේ කොහොමද. මන් මෙයාව අදුන ගත්තේ මෙයාගේ 3න් වෙනි කතා මාලාවෙන්. ඒත් එයාගේ ආරම්භය පටන් ගන්නේ කොතනින්ද. අද අපි ඒකට උත්තරේ හොයාගෙන තමා මේ ඇවිත් ඉන්නේ. ක්‍රව්ලි කියන්නේ ඇත්තටම අමුනුස්සයෙක්. මේ අමුනුස්සයට අහුවෙන කෙනෙක්ට නම් දෙවියන්ගෙන් වත් කිසිම සමාවක් නෑ.ඇයි මේ අමුනුස්සයට මෙහෙම උනේ. ඒක දැන ගන්න නම් ඔයාට මේක බලන්නම වෙනවා. කොහොම උනත් කතාවේ තියෙන විදියට එක බොරුකාරයෙක්ගේ නීති විරෝධී සංචාරයකට සහභාගී වෙන පිරිසක් මූන දෙන අත්දැකීම් ගැන තමා මේකේ තියෙන්නේ.

ෆිල්ම් එක ගැන කිව්වොත් මේක 2006 තිරගත උන ෆිල්ම් එකක්. ඒකාලේ හැටියට හොදම විදියට වැඩේ කරලා තියෙනවා. ටිකක් විහිළුත් වගේ. අනේ මන්දා. ඔයාලම බලලා තීරනය කරන්න.මේක IMDb අගය 5.7ක වගේ සුපිරි අගයක් ගන්නවා. ඒ කියන්නේ මේක ප්‍රතිචාර ගැන මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. වෙනදා වගේම මේ පුරාවෘතය ලියන්න මතුවෙන්නේ Adam Green මහතායි. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් එතුමාම තමා. මේකේ රංගනයෙන් දායක් වෙන පිරිස ගැන කිව්වොත් ප්‍රධාන විදියට Kane Hodder, Joel David Moore, Deon Richmond කියන අය තමයි. මෙතනින් Kane Hodder විශේෂ වෙනවා. මොකද කිව්වොත් වික්ටර්ගේ පියාගේ චරිතයට වගේම වික්ටර්ගේ චරිතයටත් මේ මහතා පන දෙනවා. ඒ වගේම ඔහු මේ චරිත දෙකටම සෑහෙන ලොකු සාධාරණයක් කරලා තියෙනවා. ඉතින් එහෙනම් තවත් වැඩි විස්තර නැතිව අපි මේක බලලම ඉමු. වැඩි කතා ඕන නෑ. හොදයි නම් අදහසක් දාන්න. ඒක අපිට වටිනවා. තවත් උපසිරසියකින් හමුවනතෙක්

ඔබට ජය !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

4,408 downloadsDownload Hatchet-2006.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශනිල්ක ජයලත්

Subtitles

4,408 downloadsDownload Subtitles36 KB

23 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ Hatchet II (2010), Victor Crowley (2017) ෆිල්ම් දෙකටත් සබ් කරන්න එතකොට ෆරැන්චයිස් එකම තේරෙන සිංහලෙන් බලන්න පුළුවන්

    1. ශනිල්ක ජයලත්

      උත්සහ කරන්නම් සහේදරයා

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශනිල්ක ජයලත්

      ස්තුතියි සහෝදරයා

  3. asi

    land of the lost movie eke sub dala dennoo

  4. Suranjan

    Thanks jayawewa.......!

    1. ශනිල්ක ජයලත්

      ස්තුතියි සහෝදරයා

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ චිත්‍රපට දෙකටත් උපසිරැසි දෙන්න.

    Hatchet 2 - 2010
    Hatchet 4 - 2017

    1. ශනිල්ක ජයලත්

      උත්සහ කරන්නම් සහෝ

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. ශනිල්ක ජයලත්

      සතුතියි සහෝදරයා

  7. raviz

    Thank you...!

  8. Nishan SA

    ස්තුති සහෝ... දිගටම sub දෙන්න ඕනා...

    1. මහේෂ්

      Hatchet 2 සිංහල සබ් එකත් දාපන් බ්‍රෝ..

  9. Nishan SA

    ස්තුති සහෝ... දිගටම sub දෙන්න ඕනා...

  10. indika75

    thanks..

  11. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  12. Dewadithya

    Thanks for sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Shaggy

    Thank you very much

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  16. Lakshansilva18

    thanks for sub

  17. Sandaru Nimsara

    Thanks