Watch Trailer

Aaromaley (2025) Sinhala Subtitles | මංගල සේවය [සිංහල උපසිරස]

Aaromaley (2025) Sinhala Subtitles ආයුබෝවන් ! වනක්කම් ! ඔන්න එහෙනම් අදත් ආවා තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන. BaiscopeLK වෙනුවෙන් මේ මගේ පලවෙනි දෙමළ චිත්‍රපටයක් වෙනුවෙන් කරපු උපසිරැසිය. මලයාලම් ෆිල්ම් වලම ඇලිලා ගැලිලා ඉදලා ටැමිල් එකකටත් සබ් එකක් කරන්න ඔ්න කියලා හිතලා තමයි මේ උපසිරැසිය න…

Aaromaley (2025) Sinhala Subtitles

ආයුබෝවන් ! වනක්කම් ! ඔන්න එහෙනම් අදත් ආවා තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන. BaiscopeLK වෙනුවෙන් මේ මගේ පලවෙනි දෙමළ චිත්‍රපටයක් වෙනුවෙන් කරපු උපසිරැසිය. මලයාලම් ෆිල්ම් වලම ඇලිලා ගැලිලා ඉදලා ටැමිල් එකකටත් සබ් එකක් කරන්න ඔ්න කියලා හිතලා තමයි මේ උපසිරැසිය නිර්මාණය කරේ.

මම මේ උපසිරැසිය කරන්න හිතුවේ “Kishen Das” ඉන්න නිසා. මොකද පොර රඟපාපු “Mudhal Nee Mudivum Nee” ෆිල්ම් එකට මම සෑහෙන ආසයි. කොහොම හරි මේ ෆිල්ම් එකත් ඒ වගේම ආසාවෙන් බලන්න පුළුවන් නිසා තමා මේකට උපසිරැසි කරන්න හිතුවේ.

චිත්‍රපටය instagram වල එහෙම සෑහෙන ජනප්‍රියයි.

කතාව ගැන කිව්වොත් අජිත් (Kishen Das) කියන්නේ ආදරේ හොයාගෙන ගිහින් හැමදාම ෆේල් වුන කොල්ලෙක්. ඉස්කෝලේ කාලේ ඉඳන් කැම්පස් කාලේ වෙනකල්ම එයාට ආදරේ හරියන්නේ නෑ. රස්සාවක් කරන්නේ නෑ කියලා ගෙදරින් බැනුම් අහලා අහලා අන්තිමේදී එයා රස්සාව විදිහට තෝරගන්නේ “Lifetime Matrimony” කියන මංගල සේවා ආයතනය. වෙන අයට මනමාලයෝ මනමාලියෝ හොයලා දෙන එක තමයි එයාගේ රස්සාව. මෙතනදී එයාට මුණගැහෙනවා එයාගේ බොස්, අංජලීව. අංජලී කියන්නේ අජිත්ට හාත්පසින්ම විරුද්ධ චරිතයක්. අජිත් ආදරේ විශ්වාස කරද්දී, අංජලී ආදරේ කියන වචනෙටවත් කැමති නෑ. එතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ බලලම ඒ feeling එක ගන්න.

මේ චිත්‍රපටයේ තියෙනවා “Eppadi Vandhaayo” කියලා ලස්සන සින්දුවක්. ඒක මාරම ලස්සනයි.

Eppadi vanthaayo…
Punnagai thanthaayo…
Eppadi vanthaayo…
Ennaiyum kodaayo…

වැඩි විස්තර ඔින නෑ. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ගිහින් එන්නම්. හැමෝටම සුබ වේවා.!

Aaromaley (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,495 downloadsDownload Aaromaley-2025.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Aaromaley (2025) Sinhala Subtitles

Subtitles by

දේශික ජයන්ත

Subtitles

3,495 downloadsDownload Subtitles65 KB

5 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. විමා - Admin

    සබ් එකට බොහොම ස්තුතියි.
    ඔන්න බලන්න ගන්නවා...

  3. Buddhika laKMal

    සබ්එකට බොහෝම ස්තූතියි මචං

  4. Anuradha

    Bohoma sthuthiyi

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤