Bugonia (2025) Sinhala Subtitles මිත්‍රවරුනි, මං මේ වතාවෙ අරගෙන ආවේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නිකුත් කෙරුණු Bugonia (2025) සිනමා පටයයි. Bugonia (2025) කියන්නේ යෝර්ගොස් ලැන්තිමොස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විල් ට්‍රේසි විසින් රචිත 2025 අඳුරු ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. ජැං ජූන්-හ්වාන් විසින් රචිත Sa…
Bugonia (2025) Sinhala Subtitles
මිත්‍රවරුනි, මං මේ වතාවෙ අරගෙන ආවේ පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නිකුත් කෙරුණු Bugonia (2025) සිනමා පටයයි. Bugonia (2025) කියන්නේ යෝර්ගොස් ලැන්තිමොස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ විල් ට්‍රේසි විසින් රචිත 2025 අඳුරු ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. ජැං ජූන්-හ්වාන් විසින් රචිත Save the Green Planet! (2003) දකුණු කොරියානු සිනමාපටයේ ඉංග්‍රීසි භාෂා ප්‍රතිනිර්මාණයක් වන Bugonia, පෘථිවිය විනාශ කිරීමට කැමති පිටසක්වල ජීවියෙකු යැයි සැක කරමින්, බලවත් ප්‍රධාන විධායක නිලධාරිනියක් රහසිගතව පැහැරගෙන යන විකාරරූපී තරුණයින් දෙදෙනෙකු ගැන කතාවක් ඉදිරිපත් කරනවා. එක්සත් රාජධානිය, අයර්ලන්තය, දකුණු කොරියාව සහ එක්සත් ජනපදය යන රටවල සම-නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ එමා ස්ටෝන්, ජෙසී ප්ලෙමන්ස්, ඒඩන් ඩෙල්බිස්, ස්ටැව්රොස් හල්කියාස් සහ ඇලිසියා සිල්වර්ස්ටෝන් රංගනයෙන් දායක වෙනවා. Bugonia කියන වචනයෙහි තේරුම ග්‍රීක බසින් ‘කර අඹන ලද ගොනෙකුගෙන් උපත ලැබූ’ කියන එකයි. මේ කියන්නේ බිල්ලකට කැප කරන ලද ගව කුණකින් මීමැස්සන් උපදින බවට පුරාණ මිනිසුන් තුල තිබුණු විශ්වාසයක් ගැන. මේ සිනමාපටයේ මේ යෙදුම රූපකාත්මක ලෙස යොදාගන්නේ දූෂිත ලෝකයකින් නව ජීවයක් බිහිවීම ගැන කියන්නයි.

Save the Green Planet! සහ Bugonia සිනමාපට වල පෝස්ටර්, සිනමාපටයේ නළුනිළියන් සහ කාර්ය මණ්ඩලය
මූලික රූගත කිරීම් ජූලි මාසයේදී එංගලන්තයේ හයි වයිකොම්බ් සහ ජෝර්ජියාවේ ඇට්ලන්ටා හිදී ආරම්භ කෙරුණා. අතිරේක රූගත කිරීම් 2025 මැයි මාසයේදී ග්‍රීසියේ මිලෝස් හිදී සිදු කෙරුණා. ඩොලර් මිලියන 45–55 ක ඇස්තමේන්තුගත අයවැයක් සහිතව නිෂ්පාදනය කෙරුණු, Bugonia ලැන්තිමොස්ගේ වඩාත්ම මිල අධික චිත්‍රපටයයි. Bugonia 2025 අගෝස්තු 28 වන දින 82 වන වැනීසියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ප්‍රධාන තරඟයේ තිරගත වූ අතර ඔක්තෝබර් 24 වන දින ෆෝකස් විශේෂාංග විසින් එක්සත් ජනපදයේ සිනමාහල් වල නිකුත් කරනු ලැබුවා. එයට සාමාන්‍යයෙන් ධනාත්මක සමාලෝචන ලැබුණු අතර විචාරකයින් ප්ලෙමන්ස් සහ ස්ටෝන්ගේ රංගනයන් අගය කළා. ඒ වගේම IMDb දර්ශකයේ 7.5/10 අගයකුත්, Rotten Tomatoes වෙබ්අඩවියේ 87%ක Tomatometer අගයකුත්, 84%ක Popcornmeter අගයකුත්, ලබාගන්න මේ සිනමාපටය සමත් වෙනවා. එපමණක් නෙවෙයි, 7.4/10ක TMDB අගයකුත් ලබාගන්නට මේ චිත්‍රපටයට හැකිවුණා.

Bugonia රූගත කිරීම් අතර….
අපි චිත්‍රපටයෙ කතාව වෙත හැරෙමු. මිෂෙල් ෆුලර් කියන්නේ ඖෂධ සමූහයක් වන ඔක්සොලිත් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය. ඇන්ඩ්‍රොමීඩියන් පිටසක්වල ජීවින් මිනිසුන්ව යටත් කරගන්න කුමන්ත්‍රණය කරනවා කියලා අද්භූත කුමන්ත්‍රණ සිද්ධාන්ත විශ්වාස කරන ටෙඩී ගැට්ස් සහ ඔහුගේ ඔටිසම් ඥාති සහෝදරයා දෙන්නා එකතුවෙලා මේ කාන්තාව පැහැර ගන්නවා. ඇයි? එයාලා හිතන්නේ මිෂෙල් ෆුලර් කියන්නේ ඇන්ඩ්‍රොමීඩියන් පිටසක්වළ ජිවියෙක් කියලා!ටෙඩීගේ මව වන සැන්ඩි, මීට කළින් ඔක්සොලිත් සමාගමේ ඖෂධයක සායනික පරීක්ෂණයකට සහභාගී වෙච්ච නිසා ඇය කෝමා තත්වයට පත්වෙලා ඉන්නෙ. ටෙඩී සහ ඩොන් මිෂෙල්ව ඔවුන්ගේ බිම් මහලේ සිර කරලා, ඇගේ හිස මුඩු කරලා, ඇගේ ශරීරය ඇන්ටිහිස්ටමින් ක්‍රීම් වලින් ආවරණය කරනවා, අනෙකුත් ඇන්ඩ්‍රොමීඩියානුවන්ට ආපදා සංඥාවක් යැවීම වළක්වන්න පුළුවන් කියලා හිතාගෙන.ඔහු ඇයට දන්වනවා ඉදිරියේදී සිදුවන චන්ද්‍රග්‍රහණයකට පෙර ඇන්ඩ්‍රොමීඩියානු අධිරාජ්‍යයා සමඟ රැස්වීමක් සාකච්ඡා කිරීමට ඇයට දින හතරක් ඇති බවත්, එමඟින් ඇන්ඩ්‍රොමිඩියන්වරුන්ට පෘථිවියෙන් ඉවත් වෙන්නට බල කළ යුතු බව.මිෂෙල් ෆුලර් හිතන්නේ මුන් දෙන්නට හොඳටම පිස්සු කියලා. ඒත් ඇය ඔවුන්ගෙන් හානියක් වෙයි කියන බයෙන් තමන් පිටසක්වළ ජිවීයෙක් කියලා පාපෝච්ඡාරණය කරනවා.එතනින් ඉදිරියට කතාව කොහොම වෙයිද? මේ හාදයො දෙන්නට දිගටම ඇයව නිවාස අඩස්සියෙ තියාගන්න හැකිවෙයිද? මේ දෙන්නව රවට්ටගන්න මීෂෙල් ෆුලර් අනුගමනය කරන උපක්‍රම මොනවද? චිත්‍රපටය බලලාම ඒක දැනගනිමු.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.
1,644 downloadsDownload Bugonia-2025.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bugonia (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #Bugonia (2025) Sinhala Sub
- #Bugonia (2025) Sinhala Subtitles
- #Bugonia Sinhala Sub
- #Bugonia Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #The Brutalist
- #You Decide
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Buddhika laKMal
Anonymous
Thanks
ruviya
Thanks Brother
Ruchira
Thanks for the sub!!!!!
Sahan Gayantha
thanks a lot Prabudda sub ekata
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහෝම ස්තූථියි ප්‍රබුද්ධ සහෝ සබ්එකට....
තියෙන හදිස්සියට ඕකනං බැලුවා හැබැයි.....