Now You See Me: Now You Don’t (2025) with Sinhala Subtitles කොහොමද බයිස්කෝප් සාමාජිකයො හැමෝටම. ඉස්සර වගේ විසි හතර පැයේම සබ් නොකලත් ඔන්න අවුරුදු හතරකට පස්සෙ ආයෙම සබ් එකක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා. ඇත්තටම මේක කරන්න හිටපු සබ් එකක් නෙවෙයි. කළින් එකත් මං කරලා තිබ්බ නිසා රවිඳු මල්ලි ඇහුවම ඔන්න ඔහේ කරලා…

Now You See Me: Now You Don’t (2025) with Sinhala Subtitles
කොහොමද බයිස්කෝප් සාමාජිකයො හැමෝටම. ඉස්සර වගේ විසි හතර පැයේම සබ් නොකලත් ඔන්න අවුරුදු හතරකට පස්සෙ ආයෙම සබ් එකක් අරගෙන ඔයාලා හම්බවෙන්න ආවා. ඇත්තටම මේක කරන්න හිටපු සබ් එකක් නෙවෙයි. කළින් එකත් මං කරලා තිබ්බ නිසා රවිඳු මල්ලි ඇහුවම ඔන්න ඔහේ කරලා දානවා කියලා හිතලා කරලා දැම්මා. ලිපියක් ලියන්න නම් වෙලා නෑ. ඒ නිසා ඔන්න ලිපිය ලියන වැඩේ අපේ විමාට බාර දුන්නා. එහෙනම් විමාගෙ ලිපියත් කියවගෙන ගිහින් සබ් එකත් අරගෙන ෆිල්ම් එක රස විඳින්න කියලා ආරාධනා කරනවා.
නව් යූ සී මී කියන්නේ මායාකාර ෆිල්ම් එකක්. අපි film එකේ ප්ලොට් එකට සමීප වෙලා බලන්න බලන්න අපිව නොමග යවනවා. අපි පොඩ්ඩක් ඈත් වෙලා බිග් පික්චර් එක දිහා බැලුවම තමයි තේරෙන්නේ වෙන්න යන දේ. හැබැයි එතකොට පෙරහරි ඉවර වෙලා බලන්න ආව මිනිස්සු ගෙදරත් ගිහින්…
මේකේ මුල්ම ෆිල්ම් එක එන්නේ 2013 වසරේදී. ඒ ෆිල්ම් එකේ යුනික් ප්ලොට් එක සහ ප්ලොට් ට්විස්ට් එක නිසා සෑහෙන කතාබහකට ලක්වෙනවා. ඩොලර් මිලියන 75ක් වැනි වියදමක් දරලා නිර්මාණය කරන මේ ෆිල්ම් එක imdb 7.2ක් වගේ ඉහලතම අගයකුත්, ඩොලර් මිලියන 352කට ආසන්න ආදයාමකුත් ලබාගන්න සමත් වෙනවා. ඒ අනුව එහි දෙවැන්නක් නිර්මාණය කරන බව නිෂ්පාදකයින් විසින් නිවේදනය කරනවා.
2016 වසරේදී අපිට එහි දෙවැන්න නරඹන්න ඉඩ ලැබෙනවා, ඒ Now You See Me 2 ලෙසින්. මුල් සිනමාපටයට වඩා අඩු imdb අගයක්, එනම් 6.4ක් ලැබුවත් සිනමාපටයේ ආදායම ලෙසින් ඩොලර් මිලියන 335ක් වැනි ඉහල අගයක් උපයාගන්න සමත්වෙනවා. ඒ ඩොලර් මිලියන 95කට ආසන්න මුදලක් වියදම් කෙරෙමින්. ඉතිං ඔය විදයට දෙවැන්නත් සාර්ථක වුණ නිසා මෙන්න මෙයාල එහි තෙවැනි සිනමාපටයත් නිර්මාණය කරන බව නිවේදනය කරනවා.
ඒ අනුව අපිට ඔන්න Now You See Me: Now You Don’t එහෙමත් නැත්නම් “දැන් ඔන්න ඔයාට මාව පේනවා : දැන් ඔයාට මාව පේන්නෙ නැහැ” සිනමාපටය නැරඹීමට ඉඩ හසර ලැබිල තියෙනව.
මේ සිනමාපටය imdb 6.1ක් වැනි ගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මේක නිර්මාණය කරන්න ඩොලර් මිලියන 90ක පමණ මුදලක් වියදම් වෙනකොට දැනට මේක ලබාගෙන තියෙන්නේ ඩොලර් මිලියන 215ක් පමණයි. ඒ අනුව මේ තමයි සිනමාපට පෙළෙහි අවම ආදායමක් ලබාගත් සිනමාපටය වෙන්නේ. මේකට හේතුව බොහෝවිට මුල් සිනමාපට ද්විත්වයේ රචකයින්ව මාරු කිරීම කියලයි රසිකයින් නම් කියන්නේ. විශේෂයෙන්ම Ed Solomon. එය තමයි කතාව සම්බන්ධව සෑහෙන බරක් ඇදපු කෙනා. මොකද මේකේ ඩිරෙක්ටර් වෙන Ruben Fleischer ගැන නරකක් කියන්න බැහැ. එයා තමයි Venom 2018 සිනමාපටය එහෙම අධ්‍යක්ෂණය කල කෙනා. ඒ අනුව මුල් ෆිල්ම් ද්විත්වයේ තිබුණු ඒ මොකක්දෝ මන්දා රහක් මේකෙදි අඩු බව දැනෙනවා. හරියට නිකම් අපි හැමදාම කාපු කඩේක කෝකියා මාරු වෙලා වගේ දෙයක්. නමුත් මේක 2025 ඔබ නැරඹිය යුතුම, කදිම සලරුවක් බව නම් කියන්න පුළුවන් ආ. 😉
ඉතිං මේකේ මුල්ම සිනමාපටයේ ඉඳලා බැලුවේ නැති කෙනෙක් නම් ඔයාට එක පාරම ගොඩක් දේවල් තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම පලවෙනි ෆිල්ම් එකේ ඉඳලා බලාගෙන එන්න. අපි මේකේ කතාව ගැන නොකියා ඉන්නම්. මොකද මේක ඇත්තටම film එකක් ඇතුලේ මැජික් පෙන්වන වැඩක් නිසා මේකේ පොඩ්ඩක් හරි ඒ මායාකාරිමය ස්භාවය ස්පොයිල් කරන්න හොඳ නැහැ. එහෙනම් ඔන්න ඔබට බාරයි!
Now You See Me: Now You Don’t (2025) with Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,998 downloadsDownload Now-You-See-Me-Now-You-Dont-2025.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා (සමන් ප්‍රසාද්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
11 comments
Sahan Gayantha
nishan
ane ow kalin ewa deka tharam meka set na.. aparde...
Buddhika laKMal
Mekata sub eka dunnata thanks machan
Hasitha Madhushan
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
විමා - Admin
කාලෙකට පස්සේ.
බොහොම ස්තුතියිRuchira
Thanks for the sub!!!!!
Anonymous
Sub ekata thanks. movie eka nm wadak naha.
නිර්මාල්
බොහොම ස්තුතියි. මේකෙ පළවෙනි Now You See Me (2013) Film එකටත් Sub එක දෙන්න පුලුවන්ද?
නිර්මාල්
Now You See Me (2013) එකටත් දෙන්න පුලුවන්ද?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
Thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks a lot brother sub ekata