Aashiq Banaya Aapne (2005) Sinhala Subtitles බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, අද මං අරගෙන ආවේ ටිකක් පරණ සිනමාපටයකට උපසිරැසි අරගෙන. මේ ෆිල්ම් එක මං දෙන්න හිටියේ අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ 17 වෙනි සංවත්සරයට මං දෙන්න හිතාගෙන හිටපු එකක්. හැබැයි මට ට්‍රිප් එකක් යන්න සෙට්…

Aashiq Banaya Aapne (2005) Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, අද මං අරගෙන ආවේ ටිකක් පරණ සිනමාපටයකට උපසිරැසි අරගෙන. මේ ෆිල්ම් එක මං දෙන්න හිටියේ අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ 17 වෙනි සංවත්සරයට මං දෙන්න හිතාගෙන හිටපු එකක්. හැබැයි මට ට්‍රිප් එකක් යන්න සෙට් උනා ඊට පස්සේ නොසෑහෙන වැඩ වැඩි උනා. ඉතිං එ හිංදා මේ ෆිල්ම් එකෙ සබ් එක දෙන්න ටිකක් පරක්කු උනා. ඉතිං අපි මේ ෆිල්ම් එක ගැන ටිකක් කතා කරන්න ගමු.
යුවතියකට ඔබ ආදරේ නම්.. ඇයට පවසන්න
පැවසීමට අත පසු වේ නම්.. ඇය ගැන නොසිතන්න
බිලි ප්‍රනාන්දු කියන මේ සිංදුව ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. ඉතිං ඒ සිංදුව හොදටම මතක් වෙන ෆිල්ම් එකක් විදියට මේක අපිට බලාගන්න පුලුවන් වෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Aditya Datt විසින්. ඒ වගේම නිෂ්පාදනය කලේ Balabhai Patel විසින්.
ඉතිං මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න මට මූලිකම හේතුව උනේ මේ ෆිල්ම් එකේ කතාවට වඩා මේ ෆිල්ම් එකේ තියෙන සුපර් හිට් උන සිංදු ටික. ඉතිං ඒ සිංදු වලට මියුසික් කලේ Himesh Reshammiya විසින්. ආයි අහන්න දෙයක් නෑනේ එයා සංගීත අධ්‍යක්ෂණය කරපු ෆිල්ම්ස් වල සිංදු ගොඩාක් හිට් උනා. ඒ වගේම Himesh Reshammiya හා Emraan Hashmi කියන්නේ ඉතිං මුල් 2000 ස් ගනං වල හොදම යුගලයක් තමා. එයාලා සම්බන්ධ සිංදු ඔක්කොම අතිශයින්ම ජනප්‍රිය උනා.
ඉතිං මේ ෆිල්ම් එකෙ ප්‍රධාන චරිත රගපාන්නේ Emraan Hashmi, Sonu Sood, Tanushree Dutta, Navin Nischol යන අය. Tanushree Dutta ගේ පලවෙනි ෆිල්ම් එකත් මේක තමා. ඒ වගේම Sonu Sood ත් බොලිවුඩ් වල ජනප්‍රිය වුන පලවෙනි ෆිල්ම් එක තමා මෙක.
ඉතිං මං කලිං කිව්වානේ මේ ෆිල්ම් එක සාර්ථක වෙන්න මූලිකම හේතුව මේ ෆිල්ම් එකේ මියුසික් කියලා. ඔයාලට මතකද පොඩි කාලේ අපි බලපු සිංදුවක් තිබ්බා අපිට ඇස් දෙකෙන් එක එල්ලෙ TV එකේ යනකොට බලන්න බැරි එකක්. අනිවාර්‍යෙන්ම ඉතිං ඒ සිංදුව බලන්න ගත්තොත් එක ඇහැක් TV එකේ අනිත් ඇහැ දොර ගාව. ඉතිං අපේ පරපුරේ ගොඩාක් අය ඒ කාලේ සිංදු වීඩියෝ දාගන්න ෆෝන් තිබ්බේ නෑනේ. ඉතිං ගොඩාක් වෙලවට අපේ පරපුරේ අය සිංදු බැලුවේ ටීවි එකෙන් නැත්නං CD එකකට DVD එකකට දාගෙන ඇවිත් ටීවි එකෙන් බැලුවේ. ඉතිං ඒ කාලේ මතක් කරන්නත් හරි සුන්දරයි. ඉතිං ඒ සිංදුව තමා මේ ෆිල්ම් එකේ නම වෙන්නෙත්.
අපි ඒහෙනං මේ ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. මං මුලිං කිව්වානේ බිලි ප්‍රානාන්දු ගේ සිංදුවක්. ඉතිං ඒ වගේ කරන් කියන්නේ ස්නාහාගෙ හොදම යාළුවෙක්. ඉතිං මේ කරන්ට කවදාවත් ඒ යාළුකමෙන් ඉස්සරහට යන්න උත්සහා කලේ නෑ, හිතේ හිර කරගෙන හිටියා. ඉතිං ඔය අතරට ආවා විකි කියලා කරන් ගේ යාළුවෙක්. ඉතිං මේ විකි කියන යාළුවා හිංදා කරන් හා ස්නේහාට වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතිං ඒ මොනාද කියලා දැනගන්න අවශ්‍ය නං අනිවාර්‍යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල මං ආරාධනා කරනවා.
කලිං අවුරුද්දේ(2025) සංවත්සරේටත් මං කලේ Emraan Hashmi ගේ ෆිල්ම් එකක්. ඉතිං මේ අවුරුද්දෙත් මං හිතුවා එයාගෙම ෆිල්ම් එකක් දෙන්න. ඉතිං මේ ෆිල්ම් එක දෙන්න හිතුනේ අහම්බෙන් යූටියුබ් එකෙන් මේ ෆිල්ම් එක දැක්කා. එතකොට බැලුවා කවුරුහරි කොහෙං හරි මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉතිං එහෙම නැති හිංදා මට මෙක කරන්න හිතුනා.
සබ් එක කරන්න ගත්තාම මං හිතුවේ ඉක්මනින් දෙන්න. හැබැයි මට හම්බුන මුළු සබ් එකම අවුල් ජාලයක් වෙලා තිබ්බෙ. සබ් එක වීඩියො එකට තැනින් තැන සෙට් වුනේ නෑ. ඉතිං තප්පරයක් විතර වෙනසක් තියෙනවා කියලා හදන්න ගත්තාම යන්න යන්න තව අවුල් ගියා ටයිමිං. ඉතිං බලං යද්දි ෆිල්ම් එකේ මැදක් හරියක් තැනින් තැන තමා සෙට් නැත්තේ. ඉතිං මට ලයින් අතින් ගහලා කරන්න උනේ. ඒ වගේම සිංදු වල සබ් කරන්න තමා ලොකු කට්ටක් කන්න උනේ. ඉතිං ඒක කට්ටක් උනත් තව කෙනෙක් මේ සබ් එකෙන් ෆිල්ම් එක බලලා සතුටු වෙනවානේ කියලා හිතාගෙන ආසාවෙන් මං කලා.
ෆිල්ම් එකක් බලනවා වගේ ලේසි නෑ සබ් එකක් කරන එක. ඔයාලට ඒක වීඩියො එකේ පේන සිංහල වචන ටිකක් උනාට, ඇත්තටම සබ් කරන මිනිස්සුන්ට එයාලට එයලගෙ නිදහසේ එයාලගෙ වැඩක් කරන්න තියෙන වෙලාව තමා ඔයාලාගෙ රසවින්දනය වෙනුවෙන් වෙන් කරන්නේ. ඒක ඉතිං මං මන්තරේ වගේ කියන්නේ මොකද අලුතෙන් එන පොඩි ලමයි මේ ගැන දන්නේ නෑ. එයාලා හිතං ඉන්නේ මේ ෆිල්ම් එකේ සබ් එක කලේ කොහේහරි ෆේස්බුක් පේජ් එකක් කරන ඇඩ්මින් කෙනෙක් එහෙමත් නැත්නං සබ් එකක ක්‍රෙඩිට් එකක්වත් නොදි අරගෙන තමන්ගේ වගේ දාන හාඩ්කෝ සබ් එක්ක විඩියො දෙන වෙබ්සයිට් ඇඩ්මින්ලා කියලා.
සමහර අය කතා වෙනවානේ ඉස්සරහට AI තාක්ෂණය හිංදා සබ් කරන සයිට් අවශ්‍ය වෙන්නේ නෑ, ඉංග්‍රිසි සබ් එක දීපු ගමන් සිංහලෙන් බලන්න පුලුවන් කියලා. ඉතිං ඇත්ටටම අනුකම්පා කරන්න තමා වෙන්නේ එහෙම බලන අයට. ඉංග්‍රිසි සබ් එක 100% හරි නං අවුලක් නෑ. හැබැයි ඉංග්‍රිසි සබ් එකේ තියෙන්නේ වැරදි අර්ථයක් නං ඉතිං සොරි තමා. ඉතිං මෙ උපසිරැසිකරනය කියන දේ රසවත් වෙන්නේ Human touch එකක් තියෙනකොට තමා.
එහෙනං ඉතිං වෙලාවක් ලැබුනම තවත් මේ වගේ හොද සබ් එකක් අරගෙන මං එන්නං. එහෙනං එතක්ං ඔයාලට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Aashiq Banaya Aapne (2005) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.
713 downloadsDownload Aashiq-Banaya-Aapne-2005.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Aashiq Banaya Aapne Sinhala Subtitles
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Aashiq Banaya Aapne (2005) Sinhala Sub
- #Aashiq Banaya Aapne (2005) Sinhala Subtitles
- #Aashiq Banaya Aapne Sinhala Sub
- #Aashiq Banaya Aapne Sinhala Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #You Decide
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Nishan Sameera
Buddhika laKMal
ස්තූතියි රවිදු සහෝ මේකට සබ් දුන්නට
Rashi Iddamalgoda
Thanks bro sub ekata
Tharaka
Thanks bro sub ekat.issarahatath hodin karan yamu
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට අයියේ...
ලිපිය මරු ❤️