Avatar: Fire and Ash (2025) Sinhala Subtitles ජේම්ස් කැමරන්ගේ (James Cameron) අද්විතීය අධ්‍යක්ෂණයෙන් හැඩවුණු, ලොව පුරා ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටින “Avatar: Fire and Ash”, පැනඩෝරා (Pandora) ග්‍රහලෝකයේ මින් පෙර කිසිදා නුදුටු, ත්‍රාසජනක මෙන්ම අඳුරු පැතිකඩක් නිරූපණය කරනවා. ‘The Way of Water’ චි…
![]()
ජේම්ස් කැමරන්ගේ (James Cameron) අද්විතීය අධ්‍යක්ෂණයෙන් හැඩවුණු, ලොව පුරා ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටින “Avatar: Fire and Ash”, පැනඩෝරා (Pandora) ග්‍රහලෝකයේ මින් පෙර කිසිදා නුදුටු, ත්‍රාසජනක මෙන්ම අඳුරු පැතිකඩක් නිරූපණය කරනවා. ‘The Way of Water’ චිත්‍රපටයේදී මුහුණ පෑමට සිදුවූ අතිශය හැඟීම්බර වියෝවෙන් පසුව, ජේක් සුලී (Jake Sully), නයිටිරි (Neytiri) සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිය කඳුළු දරාගෙන, පැනඩෝරාවේ පැවැත්ම උදෙසා කරන මීළඟ දැවැන්ත සටනට පිවිසෙන විදිහ ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුලුවන් වෙනවා.
මෙහිදී ජේක් සුලීගේ පවුලට පැනඩෝරාවේ වෙසෙන තවත් නවතම ගෝත්‍රයක් වන “අළු මිනිසුන්” (Ash People) හෙවත් ‘මැන්ග්ක්වාන්’ (Mangkwan) ගෝත්‍රය මුණගැසේ. කෲර මෙන්ම ගිනිදැල් මෙන් සැර පරුෂ ‘වෙරෑන්ග්’ (Varang) ගේ නායකත්වයෙන් යුත් මොවුන්, සාමකාමී ‘එයිවා’ (Eywa) දෙවඟනගේ මඟ අතහැර, ගින්දර සහ බලය පමණක් අදහන අතිශය කලහකාරී පිරිසක් ඒනිසාම මෙවර කතාවෙන් නාවී (Na’vi) වරුන්ගේ මෙතෙක් ප්‍රේක්ෂකයන් නුදුටු අඳුරුතම ස්වභාවය පෙන්නුම් කරනවා.
අනෙක් පසින්, අහස් මිනිසුන් (Sky People / RDA සංවිධානය) පැනඩෝරාවේ සම්පත් කොල්ලකෑම තවදුරටත් තීව්‍ර කර ඇති අතර, ඔවුන්ගේ මීළඟ කෲර ඉලක්කය වන්නේ මුහුදේ වෙසෙන අහිංසක, බුද්ධිමත් ‘ටුල්කුන්’ (Tulkun) සතුන්ව මහා පරිමාණයෙන් දඩයම් කිරීමයි. කර්නල් ක්වොරිච් (Colonel Quaritch) තවදුරටත් ජේක්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඔහු පසුපස හඹා එන අතර, ඔහු සහ ඔහුගේ පුතු වන ස්පයිඩර් (Spider) අතර ඇති සංකීර්ණ බැඳීම තවත් තීරණාත්මක සහ සංවේදී අතකට හැරෙනවා. මේ සියලු යුධමය ගැටුම් මැද, කිරි (Kiri) සහ ශ්‍රේෂ්ඨ මාතාව (Eywa) අතර ඇති අද්භූත හා ගැඹුරු බැඳීම තවත් බලවත් වන අතර, ඇය සතු ඒ අපූර්ව හැකියාව මුළු පැනඩෝරාවේම ඉරණම වෙනස් කළ හැකි පෙරනිමිත්තක් බවට පත්වෙනවා. Avatar: Fire and Ash කියන්නේ පවුලේ බැඳීම, ශෝකය දරාගැනීම සහ වෛරයේ ඇති විනාශකාරී බව මනාවට පිළිඹිබු කරන, දෘශ්‍යමය අතින් මෙන්ම හැඟීම්බර බවින්ද පරිපූර්ණ වූ විශිෂ්ට සිනමා සිත්තමක්. පැනඩෝරාවේ ආත්මය රැකගැනීම වෙනුවෙන් ගින්දර සහ අළු මැදින් යන මේ ගමන, Avatar කතා මාලාවේ අඳුරුතම, ත්‍රාසජනකම සහ හැඟීම්බරම පරිච්ඡේදය කියලයි ප්‍රේක්ෂකයෝ කියන්නේ. තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු.
මේ උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලාට ගන්න පුලුවන්!
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray/Original WEB/INTERNAL WEB/ HDTS පිටපත් සඳහා ලබා දී ඇත
16,909 downloadsDownload Avatar-Fire-and-Ash-2025-Bluray-Update.zip230 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට සහ “රංග ප්‍රසන්න” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Avatar: Fire and Ash (2025) Sinhala Subtitles
Subtitles
- #Avatar: Fire and Ash (2025) Sinhala Sub
- #Avatar: Fire and Ash (2025) Sinhala Subtitles
- #Avatar: Fire and Ash Sinhala Sub
- #Avatar: Fire and Ash Sinhala Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen Lang
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #යසිරු හසරංග
- #රංග ප්‍රසන්න
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Buddhika laKMal
Sampath.k
සබ් එකට ස්තූතියි සහෝ.
sam
සබ් එකට ස්තූතියි Bro........
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika laKMal
අලුත් අප්ඩේට් එකට ස්තූතියි යසිරු සහෝ
Viraj
Thanks
Sahan Gayantha
thanks a lot Yasiru saho sub ekata
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Thisara Prabhath Senarathne
ThANKS BRO
Nuwan Tharaka
Bluray ekata update ekak denna
තිළිණ
Bluray වලට සබ් 1හදලදෙනවද . ස්තූතියී..
Kushan
Thanks a lot for the sub
Rajitha
how to join ur telegrame
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Advertisement
සබ් එකට තෑන්ක්ස් මචං... ඔරිජිනල් ආපුහම අප්ඩේට එක ඕනේ