Aavesham (2024) Sinhala Subtitles ආයුබෝවන්, මංජුමාල් බෝයිස් බලන්න ඇතිනේ? ඒ ගමන්ම මෙන්න තවත් සුපිරි හිට් එකක් අද දින නිකුත් උනා. ඒ උපසිරැසියත් අදම දෙනවා. මේකත් ඔයාල ආශාවෙන් බලාගෙන හිටපු 2024 මලයාලි බොක්ස් ඔෆිස් පෙරහරේ ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටයක්. IMDB 8.2 ක් ගත්ත වගේම මේ වන විට ඉන්දීය රුපියල් කෝටි…
Aavesham (2024) Sinhala Subtitles
ආයුබෝවන්, මංජුමාල් බෝයිස් බලන්න ඇතිනේ? ඒ ගමන්ම මෙන්න තවත් සුපිරි හිට් එකක් අද දින නිකුත් උනා. ඒ උපසිරැසියත් අදම දෙනවා. මේකත් ඔයාල ආශාවෙන් බලාගෙන හිටපු 2024 මලයාලි බොක්ස් ඔෆිස් පෙරහරේ ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටයක්. IMDB 8.2 ක් ගත්ත වගේම මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 150 සීමාවට ළඟා උන තෙවන ච්ත්‍රපටය. ක්තාොහොම උනත් ඉක්මණින්ම මේක OTT release කරලා.
මේ කාලයේ විවිධ ශානර වලට අයත් මලයාලි චිත්‍රපට නිකුත් උනා. අඩුපාඩුවකට තිබ්බෙ ඇක්ෂන් කොමඩියක් නම් මෙන්න ඒකත් හරි.මේ චිත්‍රපටියට පසු බිම් වෙන්නෙ කේරළයෙන් පිටත් බැංගලෝරය. මේ කාලෙ බොක්ස් ඔෆිස් සාර්ථක උන සියළුම වාගේ මලයාලම් චිත්‍රපට වලට පාදක උනේ කේරළයෙන් පිටත කතා පුවත්. ඒ තුලින් ඔවුන් කේරළයෙන් පිටත මලයාලි නොවන වෙනත් ප්‍රේක්ෂකයින් ආකර්ශණය කර ගන්න සමත් උනා. ඉදිරියටත් මම හිතන්නෙ මලයාලි රසිකයින්ට හොඳ කාලයක් ඒවි ගින්දර වගේ චිත්‍රපට පෙළක්ම පෝළිමේ තියෙන නිසා.

මේ වසරේ වැඩිම ආදායම් ලැබූ මලයාලම් චිත්‍රපට හය. මෙයින් 2 සහ 3 තවම OTT නිකුත් කර නෑ.
මේ චිත්‍රපටය නිශ්පාදනය කරන්නෙ නස්රියා නසීම ෆහාද් ෆසිල් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් බැනරය යටතේ. ප්‍රේමාලු සම නිශ්පාදනය කරලා කෝටි 9 කින් කෝටි 136 ක් හොයපු ෆහාද් ෆසිල් මෙන්න එයාගෙ බිරිඳගේ නිශ්පාදනය යටතේ ආවේශම් වලින් කෝටි 30 කින් දැන් කෝටි 150ක් හොයල තියෙනවා. ආවේශම් ජීතු මාධවන්ගෙ දෙවන අධ්‍යක්ෂනය. එයා ගැන අහල නැත්තම් රෝමන්චාම් මතක් කර ගන්න.ඒක තමයි එයාගෙ පළවෙනි එක. ඉතින් මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ෆහාද් ෆසිල්ම තමයි. ෆෆා කියන්නෙ ඉන්දියන් සිනමාවෙ විවිධාකාර චරිත් රඟපාන්න පුළුවන් අංක එකේ නළුවෙක් නේ. මේකෙ එයා චංඩියෙක්. එයාගෙ බැරෑරුම් චංඩි චරිත අපි දැකල තියෙනවානේ. මේක ඒ සේරටම වෙනස්.ඇත්තටම කොමඩි එකක චංඩියෙක්. ඒ උනත් එයාගෙ රංගනය නම් ඉතා ඉහළයි. ඒ ඇරෙන්න සෙසු චරිත බොහොමයක් එතරම් සුප්‍රසිද්ධ නොවන හා නවක නළුවන් (කාන්තා චරිත ඉතා අඩුයි) රඟපාන්නෙ. ඒ වගේම මංජුමාල් බෝයිස් වගේම කුම්බලාංගි නයිට්ස්, රෝමන්චාම්, ආදී චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂක සුශින් ශ්‍යාම් මෙහි සංගීතය ඉතා කැපී පෙනෙන ලෙස කරල තියෙනවා.
බැංගලෝරයෙ උසස් අධ්‍යාපනයට යන මලයාලි සිසුන් තිදෙනෙක් ජේෂ්ඨ සිසුන්ගේ නවක වදයට දරුණු ලෙස ලක් වෙනවා. ඔවුන්ගෙන් පළි ගැනීම ඔවුන් බැංගලෝරයේ නම ගිය චණ්ඩියෙකුගෙ පිහිට පතන ආකාරය චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වේද? අවසානයේ ඔවුන්ගේ ඉරණම කෙසේ වෙයිද?
ඉතිං මේ ඇක්ෂන් කොමඩිය මේ වසරෙ අත් නොහැර බැලිය යුතු අමුතුම ගණයෙ චිත්‍රපටයක්. මේකෙ පාවිච්චි වෙන භාෂාව, මෙන්ම සමහර සීන්ස් සමහර අයට ගෝචර නොවෙන්න පුළුවන්. ටිකක් තීරණය කරන්න පරිවර්ථනයෙදි භාෂාව ගැන සැලකිලිමත් උනත් චිත්‍රපටයේ ගැම්මට හානියක් වෙන්න දෙන්න බැරි නිසා යම් යම් ආකාරයට වචන භාවිතා කරන්න සිදු උනා
එසේ නම් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
41,852 downloadsDownload Aavesham-2024.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Aavesham (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Aavesham (2024) Sinhala Sub
- #Aavesham (2024) Sinhala Subtitles
- #Aavesham Sinhala Sub
- #Aavesham Sinhala Subtitles
- #BANDULA K
- #Indian Box Office Hits
- #Offbeat
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
Buddhika Lakmal
SHASHIKA SRI RAJAWICKRAMA
1ST DOWNLOADER
Thamod
Sub ekta thanks mcn...
Anonymous
Thank you for the sub
PCVENOM
#1
thanks
විමා - Admin
ආව ගමන් වෙඩි වගේ සබ් එක දුන්නට බොහොම ස්තුතියි.
එනකම් බලාගෙන හිටිය ෆිල්ම් එකක් මේක.Netflix පිස්සා
ආවා ආවා මලයාලම් කින්ග් බන්දුල සහෝ ආවා..... බොහොම ස්තුතියි ඔබ කරන මේ සත්කාරයට,
Das
මේ වගේ සුපිරි ෆිල්ම් වලට දෙනවා කියන්නෙ සුපිරි තමයි මචන් තෑන්ක්ස් ආ
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sahan Gayantha
Thanks a lot Bandula saho sub ekata
Viraj
Thanks
lakshan
thanks bro
Kanishka
Webrip walata sub eka danna please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
ඉරි කෑලි විතරයි එන්නෙ. මොකාකද අවුල. ෆොන්ට් එකක් දාන්න වෙනවද
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි බන්දුල සහෝ ආපු ගමන්ම මේකට සබ් දුන්නට......