Watch Trailer

The Lives of Others (2006) Sinhala Subtitles | රහස් නිරීක්ෂකයින් සහ සැගවුණු ජීවිත.. [සිංහල උපසිරැසි]

The Lives of Others (2006) Sinhala Subtitles ආයුබෝවන්. අද උපසිරැසි ගේන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Florian Henckel von Donnersmarck විසින්. ඒවගේම ගොඩක් විචාරක පැසසුම් සහ සම්මාන ගණනාවක් මේ ෆිල්ම් එක ලබාගෙන තියෙනවා. ඒවාගෙන් කිහිපයක් පහළින් දාන්නම්. Academy Award for Best Foreign Language Film…

The Lives of Others (2006) Cover The Lives of Others (2006) Sinhala Subtitles

ආයුබෝවන්. අද උපසිරැසි ගේන ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Florian Henckel von Donnersmarck විසින්. ඒවගේම ගොඩක් විචාරක පැසසුම් සහ සම්මාන ගණනාවක් මේ ෆිල්ම් එක ලබාගෙන තියෙනවා. ඒවාගෙන් කිහිපයක් පහළින් දාන්නම්.

  • Academy Award for Best Foreign Language Film (2007)
  • BAFTA Award for Best Film Not in the English Language (2007)
  • European Film Award for Best Film (2006)
  • German Film Award for Best Film (2006)
  • César Award for Best Foreign Film (2007)

කතාව ගැන කියනවානම් මේ ෆිල්ම් එකට පසුබිම් වෙලා තියෙන්නේ ජර්මානු ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ (GDR) පීඩාකාරී පාලන සමයේ දී (1984) නැගෙනහිර බර්ලිනයේ GDRහි රහස් පොලිසිය වන Stasi විසින් සිදු කරන ලද නිරීක්ෂණ මෙහෙයුමක් ගැන සහ ඒ මෙහෙයුමේ යෙදිලා හිටපු වයිස්ලර් කියන නිලධාරියාගේ අත්දැකීම් වගේ දේවල්. ඉතින් මේ වයිස්ලර්ට මෙහෙයුමක් ලැබෙනවා නාට්‍ය රචක ජෝර්ජ් ඩ්‍රේමන් සහ එයාගේ පෙම්වතිය වෙන ක්‍රිස්ටා-මරියා සීලන්ඩ් ගැන ඔත්තු බලන්න. ඒකට හේතුව තමයි ඩ්‍රේමන් බටහිර සමඟ තියෙන සම්බන්ධකම් සහ පාලන තන්ත්‍රය විවේචනය කිරීම හේතුවෙන් ඔහු ද්‍රෝහිකමක් කරලා තියෙනවා කියලා රජය සැක කරන එක.

ඉතින් මේ ෆිල්ම් එකෙන් අපිට ප්‍රේමය, පාවාදීම, සදාචාරය වගේම අවශ්‍ය වෙලාවෙදී හරි තීරණ ගැනීම වගේ දේවල් ගොඩක් පුළුල් ගැඹුරු විදියට බලාගන්න පුළුවන්. ඒවගේම පුද්ගලයෙකුගේ හෘද සාක්ෂියේ තියෙන සංකීර්ණතා වගේම දේශපාලන පීඩනයේ බලපෑම නිසා මිනිස්සු අතර තියෙන සම්බන්ධතා වෙනස් වෙන්නේ මොන විදියටද කියලත් හොඳට මේ ෆිල්ම් එකේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඔයාලටත් ආරාධනා කරනවා මේ සම්මානනීය චිත්‍රපටය නරඹලා අදහසක් දක්වාගෙන යන්න කියලා. බොහොම ස්තූතියි.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Bluray පිටපත් සඳහා වලංගු වේ.

1,916 downloadsDownload The-Lives-of-Others-2006-Sinhala-Subtitles.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් සසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-05-08
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Lives of Others (2006) Sinhala Subtitles

Subtitles by

හිරුෂාන් සසංක

Subtitles

1,916 downloadsDownload Subtitles48 KB

5 comments

  1. Buddhika Lakmal

    thanks for sub

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. හසිත මධුෂාන්

    සිරාවටම සබ් එක මට වඩා හොඳට කරල තියේ සහෝ. මම සබ් කරන්න ගත්තු මුල්ම කාලෙයි මේකට සබ් කලේ. මට ඒ දවස් වල සබ් කරනකොට අවස්ථානුරූපීව වචන භාවිතය ගැන වැඩි අවබෝධයක් තිබුනෙ නෑ. සහෝ ඒක මට වඩා හොඳට කරල තියේ. සුබ පැතුම් සහෝ...!
    දිගටම මේ වගේ පරන උනත් හුග දෙනෙක්ගෙ ඇස් වලින් හැංගුන ලස්සන ෆිල්ම් වලට සබ් කරමු.
    ඔබට ජය....!

  4. Shihan

    Tnx brother sub ekata...♥️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P