ඇබට් සහ කොස්ටෙලෝ කියන්නේ, පැහැදිලිව කියනව නම් අපේ බන්දු ටෙනී වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඇමරිකානු විකට නළුවන් දෙන්නෙක්. ගුවන් විදුලියේ රූපවාහිනියේ විතරක් නෙවෙයි සිනමාවෙත් මේ දෙන්නා එකට වැඩ කරලා තියනවා. මේ නිසාම 40 සහ 50 දශක වල ජනප්‍රියම විකට කණ්ඩායම විතරක් නෙවෙයි එවකට ලොව වැඩිම වැටුප් ලබන විනෝදාස්වාදකය…

ඇබට් සහ කොස්ටෙලෝ කියන්නේ, පැහැදිලිව කියනව නම් අපේ බන්දු ටෙනී වගේ දෙන්නෙක්. මේ දෙන්නා ඇමරිකානු විකට නළුවන් දෙන්නෙක්. ගුවන් විදුලියේ රූපවාහිනියේ විතරක් නෙවෙයි සිනමාවෙත් මේ දෙන්නා එකට වැඩ කරලා තියනවා. මේ නිසාම 40 සහ 50 දශක වල ජනප්‍රියම විකට කණ්ඩායම විතරක් නෙවෙයි එවකට ලොව වැඩිම වැටුප් ලබන විනෝදාස්වාදකයින් දෙන්නා මේ දෙන්නයි. මොවුන් දෙනොගේ “Who’s on First?” වැඩසටහන කවදටත් ජනප්‍රියම හාස්‍ය වැඩසටහන ලෙස සැලකෙනවා. මොවුන් දෙදෙනාගේ රංඟනයෙන් චිත්‍රපට කීපයක්ම නිකුත් වෙලා තියනවා.
(Bud Abbott සහ Lou Costello 1940දී)
ඉතින් මේ දෙන්නට මමි මුණගැහිලා.
Abbott and Costello Meet the Mummy
බඩ් ඇබට් සහ ලූ කොස්ටෙලෝ ඊජිප්තුවේ කයිරෝවල අතරමං වෙලා ඉන්න ඇමරිකානුවන් දෙන්නෙක්. දවසක් අහම්බෙන් මෙයාලට ආචාර්ය සූමර් හම්බවෙනවා. ඒ සූමර්ට මමියක් හම්බවෙලා, ඇමරිකාවට ගෙනියන්න විශ්වාසවන්ත මිනිස්සු දෙන්නෙක් හොය හොය ඉන්න අතරතුරේ. ඉතින් මේ යාළුවෝ දෙන්නා ආචාර්ය සූමර්ව මුණ ගැහිලා මමියත් අරගෙන ආපහු තමන්ගේ මව් රටට යන්න හදනවා.
The Mummy චිත්‍රපට මාලාවේ එන තවත් එක් චිත්‍රපටයක් තමයි මේ. හැබැයි මේක අනික් චිත්‍රපට වගේ නෙවෙයි. මේක හාස්‍යජනක චිත්‍රපටයක්. කොමඩි ෆිල්ම් එකක්. මේ චිත්‍රපටයේ Bud Abbott සහ Lou Costello ට අමතරව ප්‍රධාන රංඟනයෙන් Marie Windsor, Michael Ansara, Peggy King, Richard Deacon සහ Mel Welles රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Charles Lamont විසිනි. නිෂ්පාදනය Howard Christie විසිනි. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඇ.ඩොලර් 726,250ක් වේ. විනාඩි 79ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය 1955 ජූනි මස 23 වන දින ඇමරිකාවේදී මුලින්ම තිරගත වී ඇත. Abbott and Costello Meet the Mummy චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.4ක්, Rotten Tomatoes 25% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 96%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,944 downloadsDownload Abbott-and-Costello-Meet-the-Mummy-1955.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
7 comments
Supun Kaushalya
indika75
thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Priyantha Dayakeerthi
රොෂාන් ශමීර ජයසිංහ සොයුර,
මෙම උපසිරසිය ලබා දුන්නාට ඔබට ස්තුතියි! මා ඔබගේ රසිකයෙක්.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
කවිඳු ජයවර්ධන
පැරණි comedy ෆිල්ම් වල තියෙන්නේ අමුතුම ගතියක්.ඒක විස්තර කරන්න අමාරුයි.මෙවන් සිනමාපට ඉදිරියටත් උපසිරැසි ගැන්වීමට අවශ්ය කාලය හා හැකියාව ලැබේවා.සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.!ඔබට ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ මේව පරණ උනත් මරු ෆිල්ම්