කොහොමද යාළුවනේ අද ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච අලුත්ම 2D animation ෆිලුමකට තමයි මේ උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ.මේ චිත්‍රපටය ගැන කිව්වොත් ඉතින් ලෝකයේ ඉන්න Oscar සම්මාන ලාභී අධ්‍යක්ෂක කෙනෙක් වන Tom Moore මහතා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.මට නම් හිතෙන්නෙ මේ චිත්‍රපටයත් Oscar සම්මානයකට උරුමකම් කි…

කොහොමද යාළුවනේ අද ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච අලුත්ම 2D animation ෆිලුමකට තමයි මේ උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ.මේ චිත්‍රපටය ගැන කිව්වොත් ඉතින් ලෝකයේ ඉන්න Oscar සම්මාන ලාභී අධ්‍යක්ෂක කෙනෙක් වන Tom Moore මහතා තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.මට නම් හිතෙන්නෙ මේ චිත්‍රපටයත් Oscar සම්මානයකට උරුමකම් කියයි කියලා.
මේ චිත්‍රපටය Apple tv+ සමාගම තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. IMDB දර්ශකයේ 8.2 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 98% ක අගයකුත් ලබාගෙන තියෙනවා.චිත්‍රපටය නිල වශයෙන් Apple tv ඔස්සේ නිකුත්වෙලා තියෙන්නෙ 2020 වර්ෂයේ දෙසැම්බර් 11 වෙනිදා Game of thrones කතා මාලාවේ රංගනයෙන් දායකත්වය ලබාදෙන Sean Bean වගේ සුප්‍රකට නළු නිළියන් රැසක් හඩ කැවීමෙන් දායක වෙන මෙම චිත්‍රපටය ලබාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 1.7 ක්.මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 103 ක්.චිත්‍රපටයේ Music ගැන කිව්වොත් Bruno Coulais විසින් තමා Music කරලා තියෙන්නෙ. තව මේ චිත්‍රපටයේ එන “Running With the Wolves” සිංදුව 2015 වසරේ Aura ගායිකාව විසින් ගායනය කළ “Running With the Wolves” ගීතයේ Remastered එකක් වීම විශේෂත්වයක්.
කතාව ගැන බැලුවොත්, රොබින් කියන්නේ දඩයක්කාරයෙක්ගෙ දුවෙක්.මේ රොබිනුයි එයාගේ තාත්තයි එංගලන්තයේ ඉදලා අයර්ලන්තයේ කිල්කෙනී ප්‍රාන්තයට එන්නෙ ඒ නගරේ තියෙන වෘක ගහණය විනාශ කරන්න.ඒත් මේ වෘකයන්ව පාලනය කරන පිරිසක් ඉන්නවා. (Wolfwalkers) ඉතින් මේ වෘක පාලකයන් මිනිස්සුන්ට ලොකුවට කරදරයක් කරන්නෙ නෑ.ඔවුන් හදන්නෙ වනාන්තරයට වෙන කරදරයන් වලින් වනාන්තරය බේරගන්න.ඒත් මේ නගරයේ පාලකයාට ඔවුන්ව විනාශ කරන්න තමයි ඕනි.කොහොමින් හරි මේ රොබින් කැලේ ඇතුළට ගිහින් මාර අකරතැබ්බයකට තමයි මුහුණ දෙන්නෙ.මේ වෘක පාලකයෝ මායාකාර පිරිසක්.කතාවේ මං මීට වඩා කියන්න ගියොත් මේ ලස්සන කතාව කිසිම අගයක් නැතිවෙන්න පුලුවන්.ඉතින් මං අන්තිමට කියන්නෙ මේක බැලිය යුතුම Animation චිත්‍රපටයක්.
“ඔයා නිදාගත්තම වෘකයෙක්
නින්දෙන් අවදි උනාම
ඔයා සාමාන්‍ය මිනිහෙක්.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,304 downloadsDownload Wolfwalkers-2020.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
15 comments
Kavindu12345desilva
Kevinx II
Thanks sub ekata attack on titan ekata sub karannko
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
indika75
thanks..
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
podda
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Yashashsri
Thanks brother
elama bro
elama bro
XmanujaX
patta bro...
ඔයාගෙ K
╭━ ♥━ ♥━ ♥━ ♥━ ♥━ ♥━ ♥━
╰╮┏━┳┳┳┓ ┏┳┳┳┳┳┓ ┏┳┳┳┓
┏┻╋━╋┻┻┫ ┣┻┻┻┻┻┫ ┣┻┻┻┫
┗ⓞ━━━ⓞ┻━┻ⓞ━━ⓞ┻━┻ⓞ━━ⓞ╯සුදාම්මි ඔයාගෙ මන්
Anonymous
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thnks bro sub ekta
Jaya wewa