ඔන්න අද මම අරගෙන ආවෙ යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 3ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුනත්, ඒවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා වැඩේ ටිකක් අමාරු වුණා. මේ චිතුපටි 3න් එක චිතුපටියකට විතරයි උපසිරැසි හොයා ගන්න පුළුවන් වුණේ. අනිත් ඒවට අංකන දත්ත/ කාල රේ…

ඔන්න අද මම අරගෙන ආවෙ යූ ටියුබ් එකේ තියෙන කෙටි චිත්‍රපටි 3ක්. යූ ටියුබ් එකේ එහෙ මෙහේ යද්දි දැකපු චිත්‍රපටි ටිකකට උපසිරැසි කරන්න හිතුනත්, ඒවට නිකුත් කරපු කිසිම උපසිරැසියක් නැති නිසා වැඩේ ටිකක් අමාරු වුණා. මේ චිතුපටි 3න් එක චිතුපටියකට විතරයි උපසිරැසි හොයා ගන්න පුළුවන් වුණේ. අනිත් ඒවට අංකන දත්ත/ කාල රේඛා හදන්නත් වුණා. කොහොම වුණත් මෙන්න මේ කෙටි චිත්‍රපටි 3 අද මම ඔයාලට ගෙනාවා. කැමති ඕනෑම ගුණාත්මක තත්ත්වයකින් (144p, 240p, 360p, 720pHD, 1080p, 4k) යූටියුබ් එකෙන් මේ චිත්‍රපටි බාගන්න ඔයාලට පුළුවන්.

 

The Cure (2020)/ “ඖෂධය සොයා යෑම”

නුදුරු අනාගතයේ දී, අද්භූත වෛරසයක් ලෝක ජනගහනයෙන් විශාල කොටසකට වැළඳෙනවා. මේ වයිරසය ශරීරගත වීමෙන් පස්සෙ, එක දවසක් ඇතුළත ධාරකයා මැරෙනවා. ස්ථිර ප්‍රතිකාරයක් හොයාගෙනත් නෑ. හැම පැය 24 කට වරක් ආපහු සැරයක් එන්නතක් වගේ එකක් ගහගත්තම තාවකාලිකව තව පැය 24ක් ජීවත්වෙන්න පුළුවන්. ආපහු ගහගන්න ඒ එන්නත නැති වුණොත් සොරිම තමයි.

විශේෂ බලකායේ කුලී හේවායෙක් වන නෝවාගේ දුටත් ආසාදිතයින්ගෙන් කෙනෙක්. ස්ථිර ප්‍රතිකාරයක් හොයා ගෙන තිබුණත් අද්භූත ත්‍රස්තවාදී සංවිධානයක් රහසිගත විද්‍යාගාරයක තිබුණු ඒ ස්ථිර ප්‍රතිකාරය හොරකම් කරනවා, ඒක ආපහු අරගන්න අර හේවායා යොදවනවා. අන්තිමේ දි ඔහුගේ දියණියගේ ජීවිතේ බේර ගන්න නෝවාට වැඩ ගොඩක් කරන්න වෙනවා. ප්‍රහාරක රයිෆල්, අත්බෝම්බ සහ රොකට් දියත් කිරීම් වලින් සන්නද්ධ පුහුණු මිනීමරුවොත් මේකෙ ඉන්නවා. නෝවා බඳවා ගත් රහසිගත රාජ්‍ය සංවිධානයට මේ බෙහෙත ගැන වෙන චේතනාවනුත් තියෙනවා.

විනාඩි 36 තත්පර 35ක ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටිය තුන් දෙනෙක්ගෙ කණ්ඩායමක් විතරක් එකතුවෙලා ඩොලර් 15,000ක වියදමින් තනියම නිෂ්පාදනය කරපු එකක්. මේ චිත්‍රපටිය 6.5/10 IMDb අගයක් අරගෙන තියෙනවා. මේ චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරන්නෙ Ahmet Atalay. මේ චිත්‍රපටියට Mashood Alam, Glen Baggerly, Evangeline Crittenden, Joey Matthews, Ahmet Atalay, Jeremy Rivette කියන නළු නිලියන් වගේම තවත් කීපදෙනෙක් රංගනයෙන් දායක වෙනවා. පරිගණක දෘශ්‍ය ප්‍රයෝග ගොඩක් මේකෙදි බලා ගන්න පුළුවන්. මේ චිත්‍රපටිට හදපු හැටිත් යූ ටියුබ් එකේ බලාගන්න පුළුවන්.

 

The English Teacher (2020) “ඉංග්‍රීසි ගුරුතුමා”

මේ කෙටි චිත්‍රපටිය Blake Ridder කියන කෙනාගෙ අධ්‍යක්‍ෂණයක්. එයාම තමයි මේකෙ ජින් යින් විදිහට රඟපාන්නෙත්. මේකෙ තියෙන්නෙ චරිත 3යි. ඒකෙනුත් එක චරිතයක් (Sophie Cardona) පේන්නෙත් නෑ වගේ. තත්පර කීපයයි තියෙන්නෙ. අනිත් චරිත දෙක තමයි මේ ඉංග්‍රීසි ගුරුතුමා (Louis James) සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න එන ගෝලයා (Blake Ridder).

8, කොරල් වීදිය, ලන්ඩන් ලිපිනයේ ජීවත් වෙන ජින් යින් කියන කෙනා රොබට් කියන කෙනාගෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න එනවා. ඒ වැඩේට මේ ජින් යින් හොඳට ගෙවනවා. ඒ ගෙවන්නෙ අසාමාන්‍ය ගණන්. ඒක මේ ගුරුවරයටත් ප්‍රශ්නයක්. මේ ගෝලයා ගුරුතුමාට අසාමාන්‍ය විදිහට ගෙවිම් කරන්න හේතුව අන්තිමට බලාගන්න පුළුවන්.

 

Proximity (2013)/ “සමීපත්වය”

මේක Ryan Connolly ගෙ අධ්‍යක්‍ෂණයක්. Todd Bruno, Josh Connolly, Justin Robinson, Tim Connolly, Daniel James, Tim Allen, Arris Quinones රංගනයෙන් දායක වෙනවා. සංගීතය Daniel Jamesගෙ. ඒකත් හොඳ තත්ත්වයක තියෙනවා.

මහා වනාන්තරේකට අරගෙන එන කෙනෙක්ගෙ කකුලකට පොඩි පටියක් දාලා ලොක් කරලා තියෙනවා. ඒ වගේම තවත් කෙනෙක්ගෙ කකුලකටත් පටියක් දාලා තියෙනවා. ඒ අතරෙ තවත් කට්ටියක් මේ දෙන්නට වෙඩි තියන්න පන්නනවා. මේ දෙන්නා ළඟ ඉන්නකොට කිසි පුශ්නයක් නෑ. ඒත් දෙන්නා ඈත් වෙද්දි අර පටියෙන් එලාම් එකක් ඇහෙනවා. ඒ සද්දෙ හොයාගෙන අර දඩයක්කාරයො ඇවිත් වෙඩි තියලා මරණවා. මේ දෙන්නට විතරක් නෙවෙයි තවත් අයටත් මේ වගේම වෙනවා. මොකක්ද මේ වෙන්නෙ? මේක ක්‍රීඩාවක්ද? තරඟයක්ද?

 

තවත් මේ වගේ කෙටි චිත්‍රපටි ටිකකට සිංහල උපසිරැසි කරන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් විදිහට ඒ ටිකත් කරන්නම්.

ලබන අඟහරුවාදා The Outpost තුන් වෙනි කතා මාලාවෙ 11 වෙනි කොටසත් එක්ක හම්බවෙමු එහෙනම්…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි බයිස්කෝප් ඩවුන්ලෝඩ් අඩවියෙන් නිකුත් කරනා පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,763 downloadsDownload The-Cure-2020-The-English-Teacher-2020-Proximity-2013.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

2,763 downloadsDownload Subtitles19 KB

12 comments

  1. Neil

    tnx for the sub. brother please give us sub for house of cads tv series.

  2. Dilan Pramoda

    තෑන්ක්ස් අයියෙ සබ් තුනට.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. indika75

    thanks..

  5. achala

    good work... thank you

  6. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  7. Bobby

    Thank you very much Bro

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. MAALNATH

    Thanks .........good luck ..............

  12. Anonymous

    thanks