එකල ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. අභිමානය යන තේරුම ඇතිව 1973 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hrishikesh Mukherjee විසින්. හරිම ලස්සන සිංදු හතක් ඇතුලත් වෙන මේ චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ශනය Sachin Dev Burman ගෙන්. රංගනයෙන් දායක…
එකල ඉන්දියාවටත් වඩා ශ්‍රී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමයි අද මම අරගෙන එන්නේ. අභිමානය යන තේරුම ඇතිව 1973 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Hrishikesh Mukherjee විසින්. හරිම ලස්සන සිංදු හතක් ඇතුලත් වෙන මේ චිත්‍රපටියෙ සංගීත අධ්‍යක්ශනය Sachin Dev Burman ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ අමිතාබ් සමග ජයා බහදුරී. මේ චිත්‍රපටය ඉන්දියාවටත් වඩා ලංකාවේ ඉතාම ජනප්‍රිය වුනා.කොළඹ එම්පයර් සිනමා ශාලාවේ නොකඩවා දින 590ක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ චිත්‍රපටිය වෙනුවෙන් ජයා ට හොඳම නිලියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානයද, Sachin Dev Burman ට හොඳම සංගීත අධ්‍යක්ශනය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයද හිමි වුනා.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි. සුබීර් කුමාර් කියන්නෙ තරුන දක්ශ ගායකයෙක්. දවසක් එයා ගමේ ගිහින් ඉන්දැද්දි එයාට ගමේ ගිහින් ඉන්නකොට කෙල්ලෙක් සිංදු කියනවා ඇහෙනවා. ඒ තමයි උමා. ඊට පස්සෙ මේ දෙන්න කසාද බඳිනවා. ඒ උත්සවේදි දෙන්නම සිංදුවකුත් කියනවා. එතෙන්දි සංගීත ක්ශේත්‍රයේ ගොඩක් අය උමාගෙ හැකියාවන් ගැන දැන ගන්නවා. බොහොම ඉක්මනින්ම උමාට චිත්‍රපට සඳහා ගීත ගායනයට අවස්තා ලැබෙනවා.ඒත් සුබීර් වැඩිය ඒ ගැන කැමති වෙන්නේ නෑ. උමා සුබීර්ට වඩා ජනප්‍රිය වෙන අතරේ සුබීර්ගෙ හිතේ උමා ගැන ඊරිසියාවක් ඇති වෙනවා. ඒ අතරෙ ඔවුන්ගෙ පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා.
ඒ ප්‍රශ්න මැදින් ගලාගෙන යන ලස්සන සංගීතවත් බවක් තමයි කතාව පුරාම තියෙන්නෙ. එහෙනම් මේ ලස්සන ආදර කතාව බලන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.
ඕන් අපි ගියා.

Abhimaan_1973_DvdRip_Esubs_MkvCinemas
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා ගැළපේ.
201 downloadsDownload Abhimaan-1973.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
17 comments
SPD
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි මුතූ උපසිරැසට..
මාරම වටින වැඩක් මුතූ මේකනම්.මේ වගේ ෆිල්ම් දැන් tv එකේවත් යන්නේ නෑනේ. ඔක්කොටම වඩා ගති මේකේ සිංදු ටික.
බුදුසරණයි..ජය වේවා..Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata……digatama sub demu.jaya wewa……
Pasindu
godakma honda movie ekak...thawath me wage honda ewa karanna........thankzzzz
meke torrnet link eka tiyanawada?
Kasun Harshana
ඔබ මේ පුරවා තිබෙන්නේ බයිස්කෝප් අඩවියේ තිබූ විශාල
හිඩැසක්. කදිමයි සොයුරිය.ඉතාම විශිෂ්ට නිර්මාණයක්. හැකිනම් Mother India හා Ganga Jumna දෙකටත් සබ් දෙන්න.Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Withanage Priyantha Dayakeerthi
හින්දි සිනමාවේ අතිශය ජනප්‍රියම සිනමාපටයකට, ඔබ මේ උපසිරසි දීලා තියෙන්නේ. රසිකයන්ට දීපු හොඳම ත්‍යාගයක්. මෙහි ඇත්තේ අමරණීයම ගීත එකතුවක්. ඔබ මීට පෙර සබ් දීපු "ආරාධනා" සිනමාපටය මෙන්ම ඉතා ජනප්‍රිය එකක්. මෙයත් අනිවාර්යයෙන්ම විශාල රසික පිරිසක් නරඹාවි. ඔබේ මේ සවර්ණමය උපසිරසි මාලාවට මමත් හොඳම යෝජනාවක් ගේන්නම්. එනම් 1958 වර්ෂයේ තිරගත වූ "මධුමතී" සිනමාපටය. බයිස්කෝප් එකේ බොහෝ පිරිසක් ඉල්ලා සිටියා එම සිනමාපටය. මෙවැනි ඒවාට උපසිරසි කරන අය ඇත්තෙම නැහැ මේ නව පරපුර තුළ. එනිසා මේ වෙබ් එකට ඔබ ඉතා සුවිශේෂි කෙනෙක් ලෙස මම දකින්නේ. ඔබේ මේ වටිනා වූ වෙහෙසට මාගේ ප්‍රණාමය!!!
Chalana
o\torrent file eka hoyaganna ba sis?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nipun
godak sub karana ayata kiuwa abiman ekata sub denna kiyala eth oya vitharai dunne........... thanks...............................................jayawewa
gamini
මේකෙන් ෆිල්ම් බලන විඩිය කියල දෙන්න පුලුවන්ද කරුනකර
nipun
yootube eke ewa hari yanawada
ආසිරි ප්‍රියන්ත (හේවා)
මෙන්න බඩු.
දහරා මෙයා කලොත් ඉතින් ආයේ.
තැන්ක්ස් සබට ඇ.
ජය වේවා!!Dilan_Lahiru
බොහෝම ස්තුතියි.
සිංදු වල උපසිරසිත් ඇතුලත් කරා නම් තවත් හොඳයි.
මම සිංදු වල තේරුම දැන ගන්නත් අසාවෙන් film එක ගත්තෙ.ඒ උනාට තේරුම තිබුනෙ නැනෙ....sheni
meke film eka kohenda gnne
danna kenek kiynnko
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගියෝ..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි දහරා මුතු අමා සොයුරිය. ඉදිරියටත් මෙවැනි අගනා නිර්මාණ අප වෙත ගෙන එන්න හැකියාව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. හැකිනම් දිලිප් කුමාර්ගේ Gunga Jumna(1961) චිත්‍රපටයට සිංහල උපසිරසියක් ලබාදෙන්න. ඔබට ජයවේවා..!!