Abigail (2024) Sinhala Subtitles ආයූබෝවන් බයිස්කෝප්වාසී හැමදෙනාටම. මේ අවුරුද්දේ නිකුත් උන තවත් හොඳ හොරර් නිර්මාණයක් අරන් තමයි මමයි, බිම්සර සහෝයි ආවේ. ඔබ ඩ්‍රැකියුලා ෆිල්ම් බලන්න ආස කෙනෙක්නම් මේ චිත්‍රපටය බය නැතුව නරඹන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. අපි එහෙනම් චිත්‍රපටයේ විස්තර ටිකක් බලලම ඉමු. Horro…

ආයූබෝවන් බයිස්කෝප්වාසී හැමදෙනාටම. මේ අවුරුද්දේ නිකුත් උන තවත් හොඳ හොරර් නිර්මාණයක් අරන් තමයි මමයි, බිම්සර සහෝයි ආවේ. ඔබ ඩ්‍රැකියුලා ෆිල්ම් බලන්න ආස කෙනෙක්නම් මේ චිත්‍රපටය බය නැතුව නරඹන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. අපි එහෙනම් චිත්‍රපටයේ විස්තර ටිකක් බලලම ඉමු.
Horror/ Fantacy යන කාණ්ඩයන්ට අයත් වෙන Abigail චිත්‍රපටයට ඉතාම හොඳ විචාරක පැසසුම් ලැබුනා වගේම IMDb දර්ශකයේ 7.1 වැනි ඉහළ අගයකුත්, 87%ක ගූගල් පරිශීලක මනාප වගේම Rotten Tomatoesහි 86%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Bettinelli-Olpin විසින්. අප්‍රේල් 19 වෙනිදා සිනමා ශාලා වලට නිකුත් කෙරුන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 35කට ආසන්න ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ වෙබ් පිටපත් නිකුත් උනේ අද (07) උනත් කලින්ම සූදානම් උන නිසා අදම ඔයාලට උපසිරසිය ගේන්න පුළුවන් උනා. රංගනයෙන් එක් වන පිරිස ගැන බැලුවොත් හුරුපුරුදු මූණු රැසක්ම ඔයාලට දකින්න ලැබේවි. Screem චිත්‍රපට මාලාවේ වර්තමානයේ ප්‍රධාන චරිතයක් වන Melissa Barrera ජෝයි ලෙසත්, Dan Stevens ෆ්රෑන්ක් ලෙසත්, Kathryn Newton සැමී ලෙසත්, Kevin Durand පීටර් ලෙසත්, Angus Cloud ඩීන් ලෙසත්, Breaking Bad කතා මාලාවේ ගස් ෆ්රින්ග් ලෙසින් හමුවූ Giancarlo Esposito ලැම්බට් ලෙසත්, Alisha Weir ඇබිගේල් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එක්තරා රැයක හය දෙනෙකුගෙන් සමන්විත පිරිසක් කප්පම් ලබාගැනීමේ අරමුණින් නගරයක ඉන්න ධනවත් පුද්ගලයෙකුගේ කුඩා දියණියක් පැහැරගෙන යනවා. මේ වැඩේ මහ මොළකාරයා විදියට සලකන ලැම්බට් කියන පුද්ගලයා පාළු පලාතක තියෙන විශාල මන්දිරයකට එන්න කියලා මේ කට්ටියට නියෝග කරනවා. මෙයාලා ඒ පැහැර ගත්ත කුඩා ළමයව රඳවගෙන ඉන්නෙ මේ මන්දිරය ඇතුලෙ තමයි. ටික වෙලාවක් යද්දි මොකක්හරි අමුතු දේවල් සිද්ද වෙනවා කියලා මේ පිරිසට තේරෙන්න ගන්නවා. ඒත් ඒ වෙද්දි ගොඩක් පරක්කුයි කියලා එයාලා දැනගෙන හිටියේ නෑ. එහෙනම් වැඩි විස්තර නොකියා ඔයාලට ෆිල්ම් එක රස විඳින්න දෙන්න. කලින් කිව්වා වගේම විශේෂයෙන්ම කියන්න ඕන අනෙක් කාරණාව තමයි මේ උපසිරසිය ඔයාලට ගේන්න අපේ බිම්සර යෂාන් සහෝත් මාත් එක්ක එකතු උනා. ඒ නිසා බිම්සර සහෝටත් ගොඩක් ස්තූති වෙන ගමන් විමා සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමනවා. එහෙනම් සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!
Abigail (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,348 downloadsDownload Abigail-2024.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “යුරාන් ධනුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Abigail (2024) Sinhala Subtitles
Subtitles
- #Abigail (2024) Sinhala Sub
- #Abigail (2024) Sinhala Subtitles
- #Abigail Sinhala Sub
- #Abigail Sinhala Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Dan Stevens
- #Kathryn Newton
- #MaxxA
- #Melissa Barrera
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sriram Raghavan
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sydney Sweeney
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
16 comments
Kaveen
lakmal
thanks bro... super fast
Buddhika Lakmal
සබ් දෙනකම්ම බලංහිටපු ෆිලුමක්...
ස්තූතියි දෙන්නටම ............රුක්ෂාන් ඛාන් (රුකා)
බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම උපසිරැසිය වෙනුවෙන්! ❤️❤️❤️ ෆිලුම හොඳයි වගේ බලන්න ඕනෙ!
Viraj
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hashan
Thanx for the sub...❤️
ගයාන් සේනාරත්න
සබට තුති මචන්ලා
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
sasindu
the ministry of ungentlemanly warfare mekata sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipun Lakshitha
Thank You !
Amiru Wenuja
Thank you
SUNI
THANKS
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
thnx and good luck bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Abigail (2024) Sinhala Subtitles | අද්භූත සිරකාරියගේ බිහිසුණු වියරුව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/abigail-2024-Cover.jpg)
thank you saho.