[box]ඔන්න යාලුවනේ ටික කලකට පසු ඔයාලව හමුවෙන්න මම මගේ 18වෙනි නිර්මාණයත් අරන් ආවා. 18ට ගෙනාවෙ 18+ එකක්. 18+ කිව්වට පාට එකක් නෙමේ. පාට ඒවා ගැන එකක්. පාට ඒවා ගැන එකක් නිසා පාට දේවල් මේකෙ අඩංගු වෙනවා හොදද? ඔන්න ආයෙ නොකිව්වයි කියන්ඩ එපා ඒ ගැනනම්. පහුගිය දිනවල තිබුණ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් සහ වැඩ අධික බවි…
ඔන්න යාලුවනේ ටික කලකට පසු ඔයාලව හමුවෙන්න මම මගේ 18වෙනි නිර්මාණයත් අරන් ආවා. 18ට ගෙනාවෙ 18+ එකක්. 18+ කිව්වට පාට එකක් නෙමේ. පාට ඒවා ගැන එකක්. පාට ඒවා ගැන එකක් නිසා පාට දේවල් මේකෙ අඩංගු වෙනවා හොදද? ඔන්න ආයෙ නොකිව්වයි කියන්ඩ එපා ඒ ගැනනම්.
පහුගිය දිනවල තිබුණ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් සහ වැඩ අධික බවින් තමයි මේක ටිකක් පරක්කු උණේ. . මේ චිත්‍රපටිය ස්වාධීන සිනමා නිර්මාණයක් ලෙසින් එළිදුටු එකක්. මේකේ කතාව යන්නේ මම මුලදිම කිව්වා වගේ බ්ලූ ෆිල්ම්ස් එසේත් නැත්නම් නිල් චිත්‍රපට නිපදවීම ගැනයි.
යන්තම් ඉස්කෝලෙ හමාර වෙනකොටම කෙල්ලෙක් ගමෙන් නගරයට එනවා.එහෙම එන්නෙ තමන්ගෙ පෙම්වතාගෙ අදහසකට අනුව තමන්ගෙම රූප අලෙවි කර ලබා ගත් මුදල්වලින්.ගෙදරත් කොල්ලත් අත්හැරදාල ඇය එන්නෙ තමන්ගෙ හොදම මිතුරා එක්කයි. එහෙම ඇවිදින් ඇය චෙරී නමින් ආදේශක නමකින් නිල් චිත්‍රපට සදහා පෙනී සිටිනවා. නගරයේදී ඇයට පෙම්වතෙකුත් ලැබෙනවා. මේ පෙම්වතා හොද තාන්න මාන්න දරන ධනවත් කෙනෙක්. මේ නාගරික ජීවිතේ හරහා ඇයට හමුවෙනවා වැඩිහිටි චිත්‍රපට නිපදවන කාන්තාවක්. ඇයත් හිටපු නිළියක්. ඒවගේම, මේ චිත්‍රපට හදන කාන්තාව තදින්ම සමලිංගික ක්‍රියාවන්ට යොමු උන කෙනෙක්. එම නිසා ඇයට මෙය කෙසේ බලපායිද? ඇයගේ මේ වැඩ නිසා ඇයට ඇගේ පෙම්වතා අහිමිවෙයිද? මොන වගේ කරදර වලට මුහුණපාන්න වෙයිද? ඇය පැමිණීම නිසා අධ්‍යක්ෂිකාවගේ කලින් පෙම්වතියට කුමක් වෙයිද?චෙරිත් සමග ඇයගේ තනියට නගරයට පැමිණෙන ඇයගේ හොදම මිතුරාට අවසානයේ කුමක් වෙයිද?මෙවැනි දේවල් සිදු වෙන්නේ කෙසේද කියල බලන්න ඕනිනම් ඔබත් මෙය අරන් බලන මෙන් ඉල්ලා සිටිනවා.මම වැඩි හැදින්වීමක් කරන්න කැමති නැහැ. වඩා හොදයි බලන එක. එකක් කියන්නම්! මේක අවබෝධයෙන් යුතුව නරඹන්න.මේ චිත්‍රපටිය බලන ඔබට ඒකෙන් පාඩමකුත් ඉගෙනගන්නට හැකි වෙයි එහෙම කළොත්.
මොකද මම එහෙම කියන්නේ? මේ නිල් චිත්‍රපට හුගාක් දෙනෙක් හරි ආශාවෙන් රසවිදින බව රහසක් නෙවෙයි. සැබවින්ම කාමය මිනිසාගේ අවශ්‍යතාවයක්. නමුත් කාමය අලෙවි කරන අද සමාජයේ එවැන්නක රස විදින්නට පෙළඹෙන හුග දෙනෙක් දන්නෙ නෑ මේ කාමය අවුස්සන මෙවැනි නිර්මාණ කෙරෙන විදිහ. මෙයත් එක් රංගනයක් පමණයි. කාමය රසයක් බව ‘කාම සූත්‍ර’යෙහි පවා සදහන් වෙනවා. එහි එය හදුන්වා දෙන්නේ “කාමශාස්ත්‍රය තත්ත්වාකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා, දිනූ ඉදුරන් ඇත්තෙකු බවට පත් වේ.” යනුවෙන්, නමුත් අද හැදෙන මේ චිත්‍රපටවල අභිලාෂය එය ද? නැතිනම් තරුණ පරපුර හැගීම් කුපිතවූ නොසණ්ඩාලයන් කරවීමද? හොදින් සිතන්න. අවබෝධයෙන් බලන්න. අවසාන වශයෙන් මම එක අනතුරු හැගවීමකුත් කරන්නම්…
2012 වර්ෂයේ ‘sex’ යන විෂය අන්තර්ජාලයෙන් පිරික්සූ ලෝකයේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන්. ඒ අතරිනුත් අප්‍රේල් සහ අගෝස්තු මාස දෙකෙහි අනුපාතය ඉතා ඉහළයි. පාසල් නිවාඩු කාලය! එනිසා අපේ රටේ මේ සම්බන්ධ අවබෝධය වර්ධනය කරන්නට අවැසි කාලයක් මේ. එනිසා ලංකාවේ මිනිසුන්ට මේ චිත්‍රපට සම්බන්ධව ඇත්ත තත්ත්වය පහදා දීමට කරන වෑයමක් ලෙසිනුයි මා මීට දායක වුණේ. නැතිව, සමාජය වනසන අරමුණින් නොවෙයි. එහෙමනම් අවබෝධයෙන් බලලා මේ ගැන යම් දැනුමකුත් එකතුකරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට උත්සාහ ගන්න යැයි ඉල්ලීමකුත් කරනවා. ඒ වගේම යන්න කලින් ඔයාලගේ අදහසකුත් පහළින් කොටාගෙන යන්න කියා ඉල්ලා සිටිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
9,746 downloadsDownload About.Cherry.2012.zip188 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
110 comments
MaDUKZz
lasidu
සුපිරි එකක් වගේ බලන්න ඕනේ ... වෙනස් කතාවක් නේ
rusuru | රුසිරු
මේවා ගැනත් දැනගෙන ඉන්න ඕනේ, නියමයි වෙනස් තේමාවකින් යන එකක් දුන්න එක ගැන.
chami
Jaya wewa!!! macho
quik
thanks
උදාර
ඔන්න මමත් ගන්නවා. දිගටම සබ් දෙන්න .ජය
chami
thnxxxxxxxxxxxxxxxxxxxxx
සිංහලයා
හැමදාම එකම ටයිප් එකේ ඒවා බලලා එපා වෙලා උන්නේ.,කොහොමත් ඔයා දෙන්නේ අමුතුම ඒවානේ.තවත් වෙනස් විවිධ නිර්මාණ වලට සබ් දෙන්න ලැබේවා!
Fernando
niyamai :D
pubudu
maxxxa saho
ganidu
එලස්. අනිවා බලනවා.
upali
supiri kathawak wagey.jaya
Ashan ravihansa
patta macho me ganath ape samajaya danuvath karana da ona diagataam me vage evata sub demu .sub ekata godak thankz
ccnp
Thanks
h[A]s
පට්ට පතුරු කවුරුත් නොදෙන ජාතියේ ෆිල්ම් එකක් සබ් එක්ක දුන්න එක
wow
wow...maru :D
mihin ලංකා
ෆිල්ම් එක ගන්න සහෝලා පොඩි හරි කමෙන්ට් එකක් දාලම යමු නේ,
ඔන්න මාත් ගන්නවා. නියමයි දිමුතු සහෝ
kasun
thnxxxx so much
vee
බොහොම පින් තවත් වෙනස් ෆිල්ම් එකක් සබ් එක්ක දෙන්න සහෝ. ජය වේවා
Dilan-
elakiri kollo
mihin ලංකා
බොහොම පින් සහෝ.
sidath.
thanksssssss
elakiri
එළකිරි වැඩක් මචෝ
tharanga
ඔන්න මචං මමත් ගන්නවා, මේ වගේ වෙනස් තේමාවකින් දිව යන ෆිල්ම් එකක් දුන්න එකට මගේ ස්තූතිය..තවත් සබ් දෙන්න
lk
thnko
akila
මමත් අනිවා ගන්නෝ මේක :) ජය
was
නියමයි සහෝ තවත් සමාජයේ විවිධ පැතිකඩ පෙන්වන ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න ලැබේවා, ජයෙන් ජයම වේවා!!!!!!
geeth
ජය
waruna
thnxz lot dimuthu
fad
maxxa hode :D
roshan
niyami saho
supun
thanx machan
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එළකිරි මචන්... මේ වගේ නිර්මාණයක් අපිට බාන්න සැල්සස්සුවට....
අවන්ක්නෙම නියමම වැඩක්......vernie
ඊයා, ඒත් ඉතිං බලනවා
Yasantha
Hoda topic ekak tiyena film ekak wage.ada samajayata hodatama galapenawa.Thanks saho..!!!
අසංක
පට්ට හොදේ ඔහොම යන්
wall e
එල ,මචං
GUNADASA DENIPITIYA
dimuthu ge amuthu wada thiyenne.tikak wadi nada
Asanka
Hoda wedak
දිෂාන්
ගොඩක් දුරට පරණ හොද පිලිම් දුන්න දිමුකු අමුකු එකක් දීල තියෙන්නෙ...
මේක බෑ වෙනකම් කුතු වගේ... බෝම ස්තූති සහෝ සබ් දුන්නට..ජයවේවා...hh
thawath denna tx
murad
aniwa bro ...thanks bro
ishara
maxxama wadak macho mey wagey awa kawuruth denna na ne :D
Anushka Lakmal
මේක තමා ඔය සයිට් එකෙ වැඩියෙන්ම බාන ෆිල්ම් එක.. ඔන්න බලන්න.. :D :D
Sara Yohani Epa
ape nangila mallilata hoda adahasak dunnata pin..jaya wewa..
kalana
tnx niyamai saho
නවීන් ලක්ෂිත
වෙනස් විදිහේ ෆිල්ම් එකක් වගේ හැබැයි හොඳ උත්සහයක් සහෝ අනිවා බලන්න ඕනේ
g-a-n-d-u
තවත් සබ් දෙන්න ලැබේවා!
lasiths
thankz machan
පුබුදු
ෂෙයාර් කොරලා නේ හොද ගානක්. එලස් මමත් ගන්නවා, එකම දේවල් බලල එපා වෙලා උන්නේ. ජයම වේවා මේවා අපේ රටේ කතා නොකර හංගගෙන ඉන්න නිසා තාමා මෙච්ග්ච්ගර දූෂණ අනං මනං.. මේවා වලින් හරි ඕවා ගැන දැනුවත් කරන එක වටිනවා.
ජය වේවා!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
THNXZZ MACHAN