තුම් පාස ආයේ – යූ මුස්කුරායේ තුම් නේන ජානෙ ක්‍යා – සපනේ දිකායේ අබතො මෙරා දිල් – ජාගෙන සෝතා හේ ක්‍යාකරු හායේ – කුචු කුචු හෝතා හේ ඔබ මා ලගට පැමිනියා – මා සමග සිනහ වූවා ඔබ දන්නෙ නෑ මන් ඔබ ගැන කොතරම් හීන දැක්කද කියා දැන් මාගෙ හදවත අවදි නොවෙ, නිදානොගනි. මන් මොනා කරන්නද? […]

තුම් පාස ආයේ – යූ මුස්කුරායේ
තුම් නේන ජානෙ ක්‍යා – සපනේ දිකායේ
අබතො මෙරා දිල් – ජාගෙන සෝතා හේ
ක්‍යාකරු හායේ – කුචු කුචු හෝතා හේ
ඔබ මා ලගට පැමිනියා – මා සමග සිනහ වූවා
ඔබ දන්නෙ නෑ මන් ඔබ ගැන කොතරම් හීන දැක්කද කියා
දැන් මාගෙ හදවත අවදි නොවෙ, නිදානොගනි.
මන් මොනා කරන්නද?
මොකද්දෝ යමක් සිද්ධවෙනවා…
නමස්තෙ කිව්වා එහෙනම් කට්ටියටම, මන් අද ගෙනාවෙ මගෙ 14 වෙනි සිංහල උපසිරසි නිර්මාණය. කියන්න දෙයක් නෑ සිංදුව ඇහෙනකොට දන්නවනෙ ඉතින් මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය බොලිවුඩ් සලරුවක් කියලා. ගොඩක් අය බලලත් ඇති. නොබලපු අයයි බලපු අයයි ඔක්කොමලා බලන්නකෝ. මේකට imdb මිටරේ 7.4ක සුපිරි අගයක් ලැබිලා තියේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද, ශාරුක්නෙ ඉන්නෙ. ඉතින් කොල්ලට කොහොමත් ලැබෙනවා.
මේකෙ කතාව මෙහෙමයි. රාහුල් කියන්නෙ තරුණකමින් අගතැන්පත් කොල්ලෙක්, එතකොට අංජලි කියන්නෙ එයාගෙ හොදම යාළුවා. වැඩ නිකන් හරියට කොල්ලෙක්ගෙ වගෙ. දෙන්නම ඉන්නෙ එක පාසලෙ. රාහුල්ගෙ වැඩේ කෙල්ලො පස්සෙ යන එක. ඉතින් මේ පාසලෙ විදුහල්පතිගෙ දුව ටිනා එනවා ලන්ඩන් ඉඳන් මේ පාසලට. රාහුලුත් නිකන් ඉන්නෙ නෑ. ගිහින් දානවා කොක්ක ටිනාට. රාහුල් නොදන්නවා උනාට අංජලි රාහුල්ට හරිම මනාපයි. නමුත් ඉතින් රාහුල් නම් යාළු වෙන්නෙ ටිනා. එක්ක ඊට පස්සෙ මොකො වෙන්නෙ බලලම දැනගන්නකෝ එහෙනම් රාහුල්ගෙයි අංජලිගෙයි ටිනාගෙයි තුන්කොන් ආදරේට මොකද වෙන්නෙ කියලා. ලස්සන සිංදුත් ගොඩාක් තියෙන මේ සලරුව ඉන්දියාවෙ පමණක් නොවෙයි ලෝකෙම අතිශයින්ම ජනප්‍රිය වූවක්. ඒ වගෙ එකක් සිංහල එක්ක ගෙනාවට අපිට සලකන්න ඔනි හරිද. දන්නවනෙ ඉතින් ක්‍රමේ. එහෙනම් ගොහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent link.
9,322 downloadsDownload Kuch.Kuch_.Hota_.Hai_.1998.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
75 comments
සිතුම්
Rashmika
thankzzzzzzzzzzzzzzzz makata sub hoya hoya hitiya,
Disantha
niyamayne. meka tv eke balala thiyanava keepa serayakma. den add nethiwa sinhalenma balanna puluvan.
lk
Thanks
widula
බොහොම ස්තූතියි මම ආසම ෆිල්ම් එකට සබ් දුන්නට..
pubudu
Maxxxxxa machan
DARSHANA
THANKS.
mudiya / මුදියා
පිස්සුවෙන් වගේ බැලුවෙ මේක ආපු කාලෙම.දැන් කොච්චර කාලෙකට කලින්ද.අපේ චූටි මල්ලිය වැඩක් දුන්නොත් ඉතිං ලොවෙත් නෑම තමයි.අනිව බෑමක් තමයි.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
Chami.S
One of my favourite films..
Thank you very much...priyan
elaz.. thank you ayya..
හසන්ත වික්‍රමරත්න
චූටි මල්ලිට ගොඩක් ස්තුතියි මේ වගේ අතීතයේ හොඳ නමක් දිනාගත් පරණ චිත්‍රපටි අපි වෙත නැවත සමීප කරනවට. :D
uda
චිත්‍රපටයක් හැටියට ගුණාත්මක යෙදවුම් හිග වුණත් මේක වාණිජ අතින් අති සාර්ථක වෙච්ච එකක්. කොහොමත් ඉන්දියානු සිනමාවම ගත්තත් ගුණාත්මක පක්ෂය(සිනමාත්මක ගුණාත්මකත්වය) ඉතාම පහළ මට්ටමක තිබෙන බව ඇත්තක් වුණාට ඔවුනගේ නිර්මාණ ශක්තිය සහ පරිකල්පනයත් ඉතාම ඉහළයි. අපේ නැත්තෙමත් ඒකමයි.
මම සිනමාවට වහවැටුණු එක චිත්‍රපටයක් කිව්වහැකි මේකත්.සිනමාව මොකද්ද කියල නොදැන සිනමාවට ආකර්ෂණය කරගත හැකි ගුණය මිනිසුන්ගෙ හිතට තට්ටු කරන ගතිය හින්දි සිනමාවෙ හරි ඉහළයි. ඒකනේ මෙච්චර මේ නළුවො දේවත්වයෙන් පවා අදහන්නේ ඔවුන්.
එදා බලද්දි නොදන්නාකමට උපරිමයි වුණාට අද ආපහු බලද්දි මේවා හරිම බොළද බවයි දැනෙන්නේ, නමුත් අන්න ඒ ජාතියෙ ෆිල්ම් අඩු කමින් තමින් ලංකාවෙ සිනමාවම වැහැරිලා තියෙන්නෙ. මොකද සේරටම කලින් සිනමාවකට ප්‍රේක්ෂකයෝ තමා වැදගත්. ඒ අය ඇදගන්ඩ පුළුවන් චිත්‍රපට හැදෙනකම් සිනමාව දුවනවා. ඒකනේ ගන්ඩ මෙලෝකෙ දෙයක් නැති කියවන්ඩ දෙයක් ඇත්තෙම නැති චිත්‍රපටයක් වුණත් ඉන්දියාවෙ අලෙවි වාර්තා තියන්නෙ!
නමුත් දැන් ඔවුන් අද්දැකීමෙන්ම ඉගෙනගෙන ඉදිරියට යනවා. අපි ඉගෙනගෙන අද්දැකීමක් ගන්ඩ විදිහක් නැතුව ඉන්නවා. මොනවා වුණත් ඔවුන් දින්නේ මේවාට පින් සිද්ධ වෙන්ඩම තමයි. අපටත් මෙහෙව් ඒවා ටිකක් ඕනිම කාලෙ දැන්. :)
fd
tnxxxxxxxxxx
aruna
maxxama film akak thnxxxx
isuru
supirima film aka thnxxxxxx
tiki
superb !!!
Sanda
Coooooti malliyoooooo thanxxxxxxxxx
හසිත අලහකෝන්
ලංකාවේ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගත් චිත්‍රපටියක් වගේම ඉතාමත් ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. මේකේ සංගීතය ගැන නම් කියලා වැඩක් නෑ, ඒ තරමටම සුපිරියි. ඉස්සර මේකේ සින්දු හැම කඩපිලකම, හැම බස් රථයකම, හැම FM නාලිකාවකම හැම විටම වාගේ ඇහුනා. කොටින්ම මේක සංස්කෘතියක් බවට පත්වෙච්ච චිත්‍රපටියක්.
ඉන්දියාවේ චිත්‍රපට සඳහා පවත්වන ජනප්‍රියම හා වැදගත්ම සම්මාන උළෙල වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී (1999) ප්‍රධානතම සම්මාන 4 ඇතුළුව සම්මාන 8ක් දිනාගත්තා. මේකෙදි තමයි "සල්මාන් ඛාන්ට" ලැබෙන දෙවන(දැනට 2යි හම්බවුනේ) ෆිල්ම්ෆෙයාර් සම්මානය ලැබෙන්නේ "හොඳම සහය නළුවා" විදියට(කලින් 1990 දී එකක් ලැබිලා තියෙනවා "හොඳම නවක නළුවා" විදියට).
ආයේ බැලුවා කියලා පාඩු වෙන්නේ නෑ. 90 ගණන්වල අපේ පුංචි කාලෙත් මතක් වෙනවා මේක දැක්කාම.
“චූටී මල්ලි” ට ගොඩාක් ස්තුතියි කියනවා උපසිරැසිය දීලා අපේ සුන්දර අතීත මතකය මතක් කරලා දුන්නාට.
තවත් මේ වගේ ජනප්‍රිය (පරණ උනත් කමක් නෑ) චිත්‍රපට හොයලා උපසිරැසි දෙන්න කියලත් ඉල්ලනවා.
ජයවේවා...!shashik
සුපිර්
නවීන් ලක්ෂිත
pattane chooti malliyo......
ශාන් විමුක්ති [වීමා]
අම්මටසිරි මල් හතයි චූටි මලේ :) :P
සීනිබෝල කතාවක් උනත් මෙක පහරක් නියම වැඩක් කොල්ලෝ.......ccnp
thanks
Akalanka Yapa
මේ ෆිල්ම් එක ගැන කියන්න වදන් නැහැ..
තෑන්ක්ස් සබ් වලටNimal
තෑන්ක්ස් සබ් වලට....
tharanga
පට්ට මචං සුපිරිම හින්දි ෆිල්ම් එකක්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මැක්සා චුට්ටෝ...පට්ටයි....
රොයිලි
බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. සෑහෙන ජනප්‍රිය චිත්‍රපටයක් නොවැ. ඒක නෙවෙයි අර කොරියන් එකේ තුන්වෙනි එකත් ඉක්මනටම ලැබේවි නේද? :P :P
නලියා
අතහරින්න එපා චුටි මල්ලි
මේපාර නියම මුවි එකක් ගෙනාල්ලා තියෙන්නේ
ජය වේවා.......රෙහාන් චානක
Well done bro
පිස්සු පුසා
මේ වගේ පරන සොක් හින්දි එවා ටිකක් දෙනවලකො මල ජාරාව දෙන්නේ නැතිව.. එල ඇ. තැන්කු.
පිස්සු පුසා
මල ජාරාව කිව්වේ අලුත් හින්දි එවා ඇ
දිනුක මධුශාන්
පරණ එකක් උනත්.. එළකිරි චිත්‍රපටියක්නේ බොහොම ස්තුතියි සහෝ.. ජය.
සමීර කරුණාරත්න
මචෝ මේක ආයෙ කතා දෙක්ක නැහැ All Time Favorite එකක් නේ හින්දි සිනමාවෙ තියන පරණ වුනත් අත නොහැර මේකට උපසිරැdස දුන්න එකට පිං සිද්ධ වෙනවා ඔන්න... :D :D
eranga chandiam
thanks machan
vernie
aith parak kajol wa balanna one
MADHAWA
THANX MACHAN NICE WORK
PLEASE
"KAL HO NAA HO " ...... IS ANOTHER GOOD MOVIE
I LIKE U VERY MUCH චූටී මල්ලි....eD
thanks machan
Uraj Deemantha
ඔන්න බලනවා නම් ෆිල්ම්...... පට්ටම පට්ට තමා ඉතින්..... :)
dimuthu තරංග ඉලුක්කුඹුර
නියම එකක්නේ චුටි මල්ලි අරන් ඇවිත් තියෙන්නේ,පරණ උනත් රජ බඩුවක්,නියමයි නියමයි,ජයවේවා
රාම් රාජ්
පොඩි කාලේ පිස්සු වට්ටපු ෆිලම් එකක්.ස්තූතියි.
Cobra
Thanks Machan!!!.. Keep it up!!!
chathuranga
godaak pin..............................!!!!!!!!
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍Maya
Thanx...
thisal
ayet superb film ekak thanx
HarshA LahirU
Thanks Bro
Nandana
Thank U CHOOTY MALLI
jani
thnku soo much mwahhh :) :)
anonymouse
මේ ෆිල්ම් එකේ music ගැනනම් කියල වැඩක් නෑ.ඇඩෙනව. ස්තූතියි සහෝ
nim kaushi
Hum Hain Rahi Pyar Ke film eka me website eke na, ane e film eka add karanna puluwanda??
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks.. hari asawen balapu flim ekak meka.