Watch Trailer

Adaminte Makan Abu (2011) Aka Abu, Son of Adam Sinhala Subtitle | ආදම්ගේ පුතා අබූ… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වාසී සැමදෙනාටම. ඔන්න මලයාලම් චිත්‍රපටි ලෝලී හැමෝටම තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසියක් අරන් මම ආවා. මේ මගේ නම වැනි උපසිරැසිය. මලයාලම් චිත්‍රපටි වලට ආදරය කරන හැ22මෝම බැලිය යුතු චිත්‍රපටියක් කියලා හිතුන නිසා මම මේ උපසිරැසිය කරේ. මේ දක්වා මම කල උපසිරැසි සහිත චිත්‍රපටි නරඹා ප්‍රතිචාර…

ආයුබෝවන් බයිස්කෝප් වාසී සැමදෙනාටම.

ඔන්න මලයාලම් චිත්‍රපටි ලෝලී හැමෝටම තවත් ලස්සන චිත්‍රපටියකට උපසිරැසියක් අරන් මම ආවා.

මේ මගේ නම වැනි උපසිරැසිය. මලයාලම් චිත්‍රපටි වලට ආදරය කරන හැ22මෝම බැලිය යුතු චිත්‍රපටියක් කියලා හිතුන නිසා මම මේ උපසිරැසිය කරේ. මේ දක්වා මම කල උපසිරැසි සහිත චිත්‍රපටි නරඹා ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි කියන ගමන් මේ චිත්‍රපටිය ගැනත් ටිකක් කියන්න හිතුණා.

මුලින්ම කියන්න ඕන මේක එසේ මෙසේ චිත්‍රපටියක් නම් නෙමෙයි. 2011 වසරේ ජූනි මස 24 වැනි දින තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සලීම් අහමඩ් විසින්. ඉන්දීය ජාතික චිත්‍රපටි සම්මාන උළෙලේදී හොදම නළුවා, හොඳම චිත්‍රපටිය ඇතුලු විෂය ක්ෂේත්‍ර ගණනාවකටම සම්මාන ලබන්න මේ ච්ත්‍රපටිය සමත් වෙනවා. ඒ වගේම තවත් සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වෙන්න මේ චිත්‍රපටියට හැකිවුණා.ඒ වගේම IMDB දර්ශකයේ 8ක අගයක් ගන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. විශේෂයෙන්ම එවකට ඉන්දීය ජනපතිනිය පවා ප්‍රසංශාත්මක මුඛයෙන් මේ සලරුව ගැන කතා කරලා තියෙනවා.

කතාව දෙසට අවධානය යොමු කරොත්, අබු කියන්නේ ගමින් ගමට පල්ලි වලට ගිහින් සුවද විලවුන් සහ ඉස්ලාම් ආගමික පොත් විකුණන දුප්පත් වයෝවෘද්ධ ඉස්ලාම් භක්කිතයෙක්. අබුගේ බිරිඳ අයිසු, ගෘහණියක්. ඉතින් මේ දෙන්නට ඉන්නවා පුතෙක්. ඒත් මේ පුතා ඉන්නේ වෙනම. ඒ වගේම මේ පුතා තමන්ගේ වයෝවෘද්ධ දෙමව්පියන්ට සලකන්නේ නම් නැහැ. ඉතින් සෑම ඉස්ලාම් භක්කිතයෙකුට වගේම මේ දෙන්නටත් තියෙනවා හීනයක් මක්කමට යන්න. කෙතරම් අගහිඟකම් තිබුණත් ඒ වෙනුවෙන් මෙයාලා තමන්ගේ එදිනෙදා හම්බකරන සල්ලි වලින් කොටසක් පරිස්සමින් ඉතුරු කරනවා. මේ ගමන ටිකක් සල්ලි වියදම් වෙන වැඩක්. කොහොමහරි ඉතින් මේ අවුරුද්දේ මක්කම වන්දනාවේ යන්න තමයි අබූගෙයි එයාගෙ බිරිඳගෙයි ආශාව තියෙන්නේ. ඉතින් මෙයාලට මේ ගමන යන්න පුලුවන් වේවිද කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

මලයාලම් නළු සලීම් කුමාර් ඇතුළු ජනප්‍රිය නළු-නිළියන් කිහිපදෙනෙක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා. මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබා දුන්න හසන්ත සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අදට මම සමුගන්නවා.

හැමෝටම ජයවේවා….!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

1,539 downloadsDownload Aadaminte-makan-Abu-2011.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මේනක හේරත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මේනක හේරත්

Subtitles

1,539 downloadsDownload Subtitles35 KB

15 comments

  1. rangika Kariyawasam

    නියමායි මේනකයා. සුපිරි මලයාලම් එකක් ඔයා නිතර අරන් එනවා .ජය හෝ සහෝ ඊලග මලයාලම් ෆිලුමට Churukz මලයාලමි ෆිලුමට සබ දෙන්න කියලා ඉල්ලනවා . සුබ වේවා

  2. gihan perera

    ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න සහෝ....ජය වෙිවා මචෝ....god bless....

  3. Udara Damith Dissanayaka

    ela

  4. Udara Damith Dissanayaka

    ela....

  5. kumaradasa

    bohoma stutie sub ekata .baiscope download ekata dala na direct link eka.kawruhari film eka ganda direct link ekak danawada?

  6. Lalani Maduwanthi

    Godaaaak thanks,,,,pin

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  8. Nethini123

    නියම වැඩක්
    ජය වේවා!

  9. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  10. zero123@123

    Thanks bro well done good job. there is no any link to the movie. if you could pls send

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මේනක සහෝ.
    ජයෙන් ජය.

  12. Inamsaldin

    Thawama Direct Link eka dunne naane

  13. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  14. McMillanStyles

    ස්තුතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P