Watch Trailer

Acts of Violence (2018) Sinhala Subtitles | මිනිස් ජාවාරමට එරෙහිව සටන් වැදි සහෝදරත්වය..!! [සිංහල උපසිරසි සමඟ]

වර්තමාන සමාජය තුළ මුදලට ඇති අධික තණ්හාව හා ගිජු කම නිසා එක්තරා මිනිසුන් කොටසක් නොමිනිසුන් බවට පත්වී හමාරයි. මේ කියන්නා වූ මුදල් තණ්හාව නිසා කලින් සඳහන් කලා වූ ඒ නොමිනිසුන් විවිධාකාරයේ නීති විරෝධී කටයුතු මඟින් තම තමන්ගේ වත්කම් රැස්කරගැනීමට උත්සුක වෙනවා. අවි ආයුධ ජාවාරම්, මත් ද්‍රව්‍යය ජාවාරම් වගෙම ම…

වර්තමාන සමාජය තුළ මුදලට ඇති අධික තණ්හාව හා ගිජු කම නිසා එක්තරා මිනිසුන් කොටසක් නොමිනිසුන් බවට පත්වී හමාරයි. මේ කියන්නා වූ මුදල් තණ්හාව නිසා කලින් සඳහන් කලා වූ ඒ නොමිනිසුන් විවිධාකාරයේ නීති විරෝධී කටයුතු මඟින් තම තමන්ගේ වත්කම් රැස්කරගැනීමට උත්සුක වෙනවා. අවි ආයුධ ජාවාරම්, මත් ද්‍රව්‍යය ජාවාරම් වගෙම මිනිස් ජාවාරමත් ඔවුන්ගේ මුදල් හම්බ කිරීමේ ප්‍රධාන ව්‍යාපාර බවට කවුරුත් දන්නා රහසක්. අතීතයේ පටන් වහල් වෙළදාමෙන් ඇරැඹි මිනිස් ජාවාරම අද වන විට මිනිසුන්ගේ අනේක විද මිලේච්ඡ ඕනෑ එපාකම් වලට අනුකූලව ලෝකයේ බොහෝ රටවල් වල සිදුවන්නා වූ අමානුශීය සිදුවීමක්. මිනිස් අවයව, මෙහෙකාර සේවය හා ලිංගික කටයුතු වෙනුවෙන් දිනකට අසරණ ජීවිත කීයක් නම් මුදලට විකිණෙනවා ඇත්ද? වැඩි වශයෙන්ම මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ තරුණියන් හා කුඩා දරුවනුයි. තමන්ගේ පවුලේ සාමාජිකයින්, මිතුරන් සමඟින් ජීවිතය ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන සතුටින් ජීවත් වුණු ඒ තරුණියන්ගේ, ඒ කුඩා දරුවන්ගේ ජීවිත නොමිනිසුන්ගේ කුරුරුකම් හමුවේ විනාශ වී යන්නට ගතවන්නේ ඉතාමත් කෙටි කාලයක් පමණයි. ඉතින් මොහොතකට හිතල බලන්න ඔයාලගේ ජීවිතයට, පවුලට සමීප කෙනෙක් මේ කියන ආකාරයේ මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් බවට පත්වුණොත්? අනිවාර්යයෙන්ම ඒ කෙනාව බේරගන්න ඔයාල කරන්න පුළුවන් හැමදෙයක්ම කරනවා නේද?

ඉතින් මේ කියන්න යන්නෙත් කුරිරු මිනිස් ජාවාරම්කරුවෙකුගේ ගොදුරක් බවට පත්වුණු අහිංසක තරුණියක් පිළිබද කතාවක්…

ඩෙක්ලන් මැක්ග්‍රෙජර්, රෝමන් මැක්ග්‍රෙජර් වගෙම බ්‍රැන්ඩන් මැක්ග්‍රෙජර් කියන්නෙ හමුදා නිළදාරියෙකුගේ පුත්තු තුන්දෙනෙක් වගෙම එකුස උපන් සහෝදරයො තුන්දෙනෙක්. ඩෙක්ලන් අවුරුදු ගණනක්ම ඇෆ්ගනිස්තානයේ හමුදා සේවයේ ඉඳල සේවයෙන් ඉවත්වෙලයි ඉන්නෙ. එයාගෙ පුදගලික ප්‍රශ්න නිසාවෙන් ඩෙක්ලන්, මැක්ග්‍රෙජර් පවුලෙන් ඈත්වෙලයි ඉන්නෙ. මේ අතරෙ රෝමන් එයාගෙ පෙම්වතිය මියා එක්ක විවාහවෙන්න සූදානම් වෙනවා. ඉතින් ඒක සමරන්න බ්‍රැන්ඩන් එයාලට පොඩි සංග්‍රහයක් ලෑස්ති කරල ඩෙක්ලන්ටත් එන්න කියනවා. මේ සංග්‍රහයෙන් පස්සෙ බ්‍රෙන්ඩන් රෝමන් එක්ක විනෝදවෙන්න ක්ලබ් එකකට යනවා. මියාත් එයාගෙ යාළුවෝ එක්ක වෙනත් ක්ලබ් එකකට යනවා. ඒත් එතනදි මියාට සිද්දවෙන්නෙ නම් හොඳ දෙයක් නෙවෙයි. මියා ක්ලබ් එකේදි අඳුරන්නෙ නැති දෙන්නෙක් එක්ක රණ්ඩුවක් දාගන්නවා. ඒත් ඒ රණ්ඩුව දුර දිග ගිහින් මියා එක්ක බහින් බස් වුණු හාදයෝ දෙන්නා ක්ලබ් එකෙන් එළියට ආපු මියාව පැහැරගෙන යනවා.

මේ කිසි දෙයක් නොදන්න රෝමන් මියාට ඇමතුමක් ගත්තත් එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නැති නිසා බ්‍රෙන්ඩන් එක්ක මියාව හොයන්න යනවා. රෝමන් ඩෙක්ලන්ටත් එන්න කියනවා. වසර ගණනක්ම හමුදා සේවයේ හිටපු ඩෙක්ලන්ට තේරෙනවා රෝමන්ගේ පෙම්වතිය වගෙම තමන්ගෙ සහෝදරිය මියා, පැහැරගෙන ගිහින් කියල. ඉතින් ඩෙක්ලන් මේ ගැන පොලිසියට දැනුම් දෙනවා. පැහැරගැනීම ගැන පරීක්ෂණ පවත්වන පොලිස් පරීක්ෂක ජේම්ස් එව්රි කියන්නෙ මියාව හොයන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්නම් කියලයි. ඒත් ඩෙක්ලන් නම් ඒ උත්තරෙන් සෑහීමකට පත්වෙන්නෙ නැහැ. ඉතින් එයා බ්‍රෙන්ඩන් වගෙම රෝමන් එක්ක එකතුවෙලා මියාව හොයන්න උත්සහ කරනවා. මේ අතරෙ මියාගෙ අතුරුදහන්වීම ගැන පරීක්ෂණ පවත්වන ජේම්ස් එව්රි දැනගන්නවා තමන් අවුරුදු දෙකක් තිස්සෙ ඉඳන් හොයන්න උත්සහ කරපු මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවෙක් වගෙම මිනිස් ජාවාරම්කරුවෙක් විදිහට නම් නම් දරාපු අපරාධකාරයෙක් වන මැක්ස් ලිවින්ග්ටන් කියන හාදයා තමයි මියාව පැහැරගෙන තියෙන්නෙ කියල.

ඉතින් පොලිස් නිළදාරී ජේම්ස් වගෙම ඩෙක්ලනුත් දැනගන්නවා මැක්ස් කියන හාදයා ලේසි පහසු හාදයෙක් නොවෙන විත්තිය. කොහොමින් කොහොම හරි ජේම්ස් මැක්ස්ව අල්ලගන්න නීතිමය
පැත්තෙන් ක්‍රියාත්මක වෙද්දි ඩෙක්ලන් එයාගෙ සහෝදරයොත් එක්ක එකතුවෙලා මියාව බේරගන්න මැක්ස්ගෙ කල්ලියත් එක්ක ඔට්ටු වෙනවා. ජේම්ස්ට අවුරුදු දෙකක් තිස්සෙ ඉඳන් අල්ලගන්න උත්සහ කරපු අපරාධකාරයාව අල්ලගන්න පුළුවන් වෙයිද.. ඩෙක්ලන්ට තමන්ගෙ සහෝදරියව බේරගන්න පුළුවන් වෙයිද… නිතිය හා සහෝදරත්වය එකට එකතුවෙලා මිනිස් ජාවාරමට වැට බඳියිද… සියල්ල නරඹන ඔබට බාරයි.

5.0/10ක IMDb අගයක් හිමි කරගනිමින් Action | Drama යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 ජනවාරි මස දොළොස්වැනිදා සිට නිළ වශයෙන් තිරගතවීම ඇරැඹූ Acts of Violence සිනමාපටය බ්‍රිතාන්‍ය හා ඇමෙරිකානු සිනමා සම්මිශ්‍රණයක්. Brett Donowho විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම සලරුවේ තිර පිටපත් නිර්මානය සිදුකර ඇත්තේ Nicolas Aaron Mezzanatto විසිනුයි. මෙම චිත්‍රපටයට අපි කවුරුත් හොඳින් හඳුනන චරිත කිහිපයක්ම රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අතර Die Hard චිත්‍රපටමාලාව තුළින් ප්‍රේක්ශකයා අතර අතිශ්‍යය ජනප්‍රියත්වයට පත්වූ Bruce Willis, Chicago P.D. රූපවාහිනී කතාමාලාවේ Erin Lindsayගේ චරිතයට රංගනයෙන් දායක වන Sophia Bush සහ 2 Fast 2 Furious (2003) හා Jarhead 2: Field of Fire (2014) යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ Cole Hauser හැඳින්විය හැකියි. ඊට අමතරව සෙසු චරිත සඳහා Shawn Ashmore, Ashton Holmes, Melissa Bolona, Sean Brosnan, Mike Epps හා Tiffany Brouwer යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. ඇමෙරිකාවේ Cleveland, Ohio ප්‍රදේශ වලදී රූගතකිරීම් සිදුකර ඇති මෙම සිනමාපටයේ නිශ්පාදන කටයුතු සිදුකර ඇත්තේ Colecar Productions,Emmett/Furla/Oasis Films (EFO Films),River Bay Films සහ Tri-Fold Pictures යන සමාගම් මඟිනුයි. මිනිත්තු 86ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් Acts of Violence සිනමාපටයේ බෙදාහැරීම් කටයුතු සිදුකර ඇත්තේ Lionsgate Premiere සමාගම විසිනුයි.

“එයාලට ඕනි රෝග ලක්ෂණ
වලට ප්‍රතිකාර කරන්න නෙවෙයි,
එයාලට ඕනි ලෙඩේ
සහමුලින්ම තුරන් කරල දාන්නයි.”
                                       – හෙම්ලන්ඩ්.

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

7,801 downloadsDownload Acts-of-Violence-2018.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

7,801 downloadsDownload Subtitles43 KB

61 comments

  1. Thare97

    Superb

  2. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි අයියා.
    තවත් සුපිරියක් අරන් එන්න.

  3. lahiru sadaruvan

    thank you so much bro.... gd job keep it up.....

  4. Udara Damith Dissanayaka

    උපසිරැසියට ස්තූතියි .......
    ...........එලස් .............
    ස්කුබි ඩුබි ඩු ඌ

  5. jagath55

    Thanks

  6. Janith Ramanayaka

    thanx sub ekata jayawewa

  7. subodha

    Thanks..

  8. Gihan Perera

    Thanks For the Sub Bro...

  9. futureomega

    thax for sub

  10. විදුෂාන් සජිත්

    :-) බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. මේ වගේ ඉදිරියටත් කරගෙන යන්න මන් සුබපතනවා.. ජය වේවා!!! :-)

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dinethz

    Nice sub

  13. nimanaka

    thanks bro

  14. madushangamage

    thankes bro..good luck

  15. DhanushkaAASL

    Thanks SUB akata

  16. dinusharivishan

    thank you sub ekata

  17. Kanchaka

    Thanks bro.............

  18. malith

    Ela ela

  19. mindika

    Thanks !!!!!!!!!!!!!

  20. gihan perera

    Thanks machan....good job...keep continue with us...god bless you....

  21. tikiri82

    බුදාම්මෝ ඊක ..සුපිරි සහෝ

  22. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  23. shenal

    thanks bro

  24. Chanaka

    Thanx yalu sabata.wadi wadiyan labenna ona

  25. AsithaDilruwan

    elama saho thanks

  26. Bobby

    Thank you very much for the Sab

  27. Chandeepa kasun

    Thanks for the sub

  28. ravin

    Thanks for the sub

  29. niwanthaka

    බොහොම ස්තුතියි

  30. dumidu gamage

    ස්තුතියි සහෝ

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!

  32. Nilush Angana

    Sub ekata thanx

  33. wanninayaka

    thanks machan sub ekata

  34. srilahiru

    Sub eka download wenne na

    1. ඉසුරු සම්පත් සිරිසේන

      එහෙම ගැටලුවක් නම් නැහැ.
      සයිට් එකට ලොග් වෙලා උපසිරසිය අරගන්න.

  35. Wicki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  37. Buddi

    Thanks...............

  38. Ravindu Rukshan

    thx

  39. Bobby

    Thank you very much

  40. Nchamara

    Thanks...

  41. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
    ජයෙන් ජය.

  42. HARSHANA9211

    thank you

  43. UK_Fernando

    Thanks Isuru

  44. Rashmika dumidu

    thank you ......

  45. meteora

    Thanks...!

  46. Nishanfernando

    Thanx bro

  47. Madusanka Dissanayaka

    elazzzzzzzzzz

  48. lankakumara

    thanks

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. Nipun Tharuka

    සුපිරියි මචන්. ස්තූතියි සබ් එකට...

Load more comments