Adi (2023) Sinhala Subtitles ඔබ සැමට සුභ නව වසරක් වේවා. නව වසරේ අයන්නෙන් පටන් ගත්තා. අඩි චිත්‍ර පටියෙන්. තිර ගත කරල ටික කලක් උනත් OTT release උනේ දෙසැම්බරයේ. ඉතිං මේකත් ආශාවෙන් බලා හිටපු එකක්. IMDB 6.1 ක් තියෙන මේකත් ඉතා සරල සිද්දියක් මත ගොඩ නැගුනු ලස්සන කතාවක්. Adi (2023) Sinhala Subtitles SHINE T…
Adi (2023) Sinhala Subtitles
ඔබ සැමට සුභ නව වසරක් වේවා. නව වසරේ අයන්නෙන් පටන් ගත්තා. අඩි චිත්‍ර පටියෙන්. තිර ගත කරල ටික කලක් උනත් OTT release උනේ දෙසැම්බරයේ. ඉතිං මේකත් ආශාවෙන් බලා හිටපු එකක්. IMDB 6.1 ක් තියෙන මේකත් ඉතා සරල සිද්දියක් මත ගොඩ නැගුනු ලස්සන කතාවක්.
Adi (2023) Sinhala SubtitlesSHINE TOM CHAKO කිව්වම මතක් වෙන්නෙ මැරයෙක් නැත්තම් තක්කඩි පොලිස් කාරයෙක් වගේ කලු චරිත. ඒත් මෙන්න මේ මනුස්සයා එක පාරටම අහිංසක,ටිකක් ලැජ්ජශීලී තරුණයෙක් වෙනවා.මලයාලි නළුවන් බොහෝ විට එක පැත්තකට කොටු කරන්න බෑ, ඕනැම චරිතයකට ඔවුන් අපූරු විදිහට අනුගත වෙනවා. ඒ අහිංසක තරුණයා මුහුණපාන ඇබැද්දියක් තමයි කතාවට මුල් වෙන්නෙ.
Adi (2023) Sinhala Subtitlesමිනිස්සු ඉස්සරහ මහ පාරෙදි ගුටි කන්න උනොත් මොන ලැජ්ජාවක්ද? ඒකත් තමංගෙ බිරිඳ ඉස්සරහ වෙන දවසකත් නෙමෙයි කසාද බැඳපු දවසෙම. කොච්චර නින්දාවක්ද?තමංගෙ නෝන එක්ක තවම හරියට අශ්‍රය කරන්නවත් උනේ නෑ. කසාදෙ තීන්දු උනා , ඩුබායි ඉඳල ආවා, බැන්දා, ගුටි කෑව මදිවට රෙද්දත් ගලවගෙනම ගියා.නෝන මොනව හිතයිද? තමංගෙ පිරිමි කම ගැන? මේ තරුණයා නන්දුට ඕන උනේ ඇති වුන ලැජ්ජාව මකා ගෙන නෝනට පිරිමි කම පෙන්නන්න. ඒ නිසා මිනිහට ඕනැ උනේ තමන්ට ගහපු මැරවරයට ගහන්න.ඒත් වැඩේ දුර දිග යනවා. නෝනා ගීතිකා බුද්ධිමත් ත්ත්වය තේරුම් ගත්තු කෙල්ලෙක් නිසා නන්දුට ප්‍රශ්ණයක් නෑ.ගීතිකාගෙ ඉල්ලීම පිණිස එයා උත්සාහ කරන්නෙ සාමදානෙන් විසඳ ගන්න.ඒත් ඒ නිසා තවත් වැඩේ දුර දිග යනවා.
Adi (2023) Sinhala Subtitlesකොහොම හරි මේක විසඳ ගන්න ඕනෑ.පලි ගන්නවද, සමාදාන වෙනවද, මොනව උනත් ආපහු රස්සාවට ඩුබායි යන්න කලින් විසඳ ගන්න වෙනවා. අන්තිමට මේක කොහොමද විසඳන්නෙ, කවුද විසඳන්නෙ.නෝන ඉස්සරහ තමන්ගෙ පිරිමි කම පෙන්නන්නෙ කොහොමද?
AHAANA KRISHNA,DHRUVAN,BRITODAVI මෙහි CHAKO සමග රංගනයේ යෙදෙනවා. මේක PRASOBH VIJAYAN ගේ අධ්‍යක්ෂණයක්. නව වසරෙ හා පුරා කියල බලන්න.
Adi (2023) Sinhala Subtitlesආයුබෝවන්!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRip පිටපත් සඳහා වලංගු වේ.
6,703 downloadsDownload Adi-2023.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Adi (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #Adi (2023)
- #Adi (2023) Sinhala Sub
- #Adi (2023) Sinhala Subtitles
- #BANDULA K
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #අඩි
- #අඩි සිංහල සබ්
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Netflix පිස්සා
Bandula Kahandawa
ඔබටත් එසේම වේවා!
Naveen Mbr
අලුත් අවුරුද්දෙ උපසිරැසි මහගෙදර පලවෙනි උපසිරැසිය. බොහොම ස්තූතියි සහෝදරයා! මේ අවුරුද්දෙත් වැඩි වැඩියෙන් උපසිරැසි ලබා දෙන්න, ඒ වගේම පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සමබර කරගෙන පුළුවන් වෙන සුබම සුබ නව වසරක් වේවා! ජයෙන් ජය!
BANDULA K
ඔබටත් එසේම වේවා!
Kavi
බොහොම ස්තූතියි සහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා!Kavinda
Sub ekata thanks ..12 th fail ekata sub dennako
Kantha_DLA
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal
ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා බන්දුල සහෝ....
අලුත් අවුරුද්දේ පළවෙනි උපසිරැසියට බොහෝම ස්තූතියි....Kasun
ලස්සන සලරුවක් සහෝ ඔයා උපසිරැසි දීපු ෆිල්ම් ඔක්කොම බැලුවා. දිගටම මලයාලම් වලට උපසිරැසි කරනවට ඔබට ගොඩක් ස්තූතියි.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


සහෝදරයා ආසාවෙන් බලන් හිටපු එකක් බොහොම ස්තුතියි, ඔයා තමා මලයාලම් එකදිගට දෙන්නේ ගොඩක් පින් සහෝදරයා, ලැබුවා වූ නව වසර ඔබටත් පවුලේ සැමටත් සුබ සුබ නව වසරක් වේවා