Thanksgiving (2023) Sinhala Subtitles ආයුබෝවන්, කියන ගමන් අදත් බයිස්කෝප් වාසී සියලුම දෙනාව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඇති කියලා හිතනවා. පහු වෙලා වුනත් ඒ එක්කම හැමෝටම සුභ නත්තලක් වේවා කියලත් මතක් කරනවා. ඉතින් අද ඔයාලට අරගෙන එන්නෙ නත්තල් සමය ආශ්‍රිතව නිර්මාණය වෙලා රිලීස් ව…
Thanksgiving (2023) Sinhala Subtitles
ආයුබෝවන්, කියන ගමන් අදත් බයිස්කෝප් වාසී සියලුම දෙනාව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. කොහොමද ඉතින් හැමෝටම, හොඳින් ඇති කියලා හිතනවා. පහු වෙලා වුනත් ඒ එක්කම හැමෝටම සුභ නත්තලක් වේවා කියලත් මතක් කරනවා. ඉතින් අද ඔයාලට අරගෙන එන්නෙ නත්තල් සමය ආශ්‍රිතව නිර්මාණය වෙලා රිලීස් වුණු සුපිරිම සුපිරි Horror/Mystery ෆිල්ම් එහෙකට උපසිරැසි. නත්තලට හෝ ඊට කලින් උපසිරැසි ගේන්න හිටියත් ඒක කරන්න නම් බැරිවුණා, ඔබ අපි කාටත් තියෙන කාර්යයබහුල තාවයත් එක්ක. හරි වෙනදා වගේම මේ ෆිල්ම් එකටත් උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු විමා සහෝවත් මතක් කරනවා. Thanksgiving (2023)
කලිනුත් සඳහන් කළා වගේ Horror/Mystery කියන ඛාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටය, පැය 1 යි මිනිත්තු 46 ක කාල සීමාවක් පුරා දිව යනවා. ඒ වගේම IMDb දර්ශකයේ 6.3 ක අගයක් ද, කුණු තක්කාලි දර්ශකයේ 83% ප්‍රතිශතයක් සහ ගූගල් පරිශීලක අගය 85% ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 45.9 ක Box Office වාර්තාවකුත් පිහිටුවන්න පුළුවන් වෙලා තියෙනවා. ප්‍රධාන චරිත වශයෙන් සුරූපී Nell Verlaque සහ Addison Rae වගේම Patrick Dempsey, Milo Manheim, Rick Hoffman, Gina Gershon, Jenna Warren යන අයද රංගනයෙන් දායක වෙලා තියෙනවා මෙම නිර්මාණයට. Thanksgiving (2023)
මෙම චිත්‍රපටයට පාදක වෙලා ස්තුතිපිදීමේ දවසත් එක්ක හා සිදුවන සිදුවීමක් පදනම්ව. එක් ස්තුතිපිදීමේ දවසක සිදුවන බලාපොරොත්තු නොවුණු සිදුවීමක ප්‍රතිඵලයක් විදිහට කතාව ගොඩ නගලා තියෙනවා. චිත්‍රපටය තුල ඉතාම බිහිසුණුකාරී සංවේදී දර්ශනයන් ඇතුලත් වන නිසා නැරඹීමේදී සැලකිලිමත් වෙන්න කියලා මතක් කරන්නත් ඕන. Thanksgiving (2023)
ඉතින් Horror ෆිල්ම් රසිකයෙක්ට නම් අනිවා මඟහැරගන්නෙ නැතුවම බලන්න හොඳ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. යම් අදහසක් කතාව ගැන මං විස්තර කරපු නිසා, මීට වඩා වැඩි යමක් කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, රසවින්දනයට බාධාවක් නිසා. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුව ඇතුව අදට ගිහිල්ලා එහෙනම්. Thanksgiving (2023)
හැමෝටම සුභ දවසක් ජයවේවා!
Release date: November 17, 2023 (USA)
Director: Eli Roth
Story by: Eli Roth; Jeff Rendell
Distributed by: TriStar Pictures
Box office: $45.9 million
Cinematography: Milan Chadima
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
14,075 downloadsDownload Thanksgiving-2023.zip98 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
13 comments
Kantha_DLA
Harshana Dissanayaka
Thank You Bro Sub ekata....
Buddhika Lakmal
සුබ නත්තලක් වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ......
සබට ස්තූතියි...Malith samarawickrama
Thanks saho sub ekata
Akila Dilhara
Thanks Brother...❤
lakshan
thanks ................
Sahan Gayantha
thanks a lot Rukshan saho sub ekata
Viraj
Thanks
Sachith
Hey bro... sub eka niyamai... Thank you bro.... Puluwannam Parana miss wela tiyena horror film walata sub denna... screamers 1995 ekatai eke part 2 ekatai kawruth sub deela ne... puluwannam next ekata denna... good luck for future... jaya wewa
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
Thans ruka
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Thanksgiving (2023) Sinhala Subtitles | බිහිසුණු ඝාතකයෙක් ඇති කළ සුවිශේෂි දිනයක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/thanksgiving-2023-2.jpg)

ගොඩක්ම ස්තූතියි රුකා ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Mekata sub denna puluwanda pls.....
The Hunger Games: The Ballad of Songbirds & Snakes (2023)