Watch Trailer

Knights of the Zodiac (2023) Sinhala Subtitles | රාශි චක්‍රයේ නයිට්වරුන් [සිංහල උපසිරැසි]

Knights of the Zodiac (2023) Sinhala Subtitles ආයුබෝවන්! Hi! බයිස්කෝප්වාසී යාලුවනේ, ඔන්න හදිස්සි අය ඉක්මනට පහළින් ගිහින් සලේරුවට අදාළ උපසිරැසිය බාගන්න.. Knights of the Zodiac (2023) Sinhala Subtitles පහතින් තියෙන්නෙ මගේ හඳුන්වාදීමේ ලිපිය නිසා හෑලි කියවන්න අකමැති අය ඊට පහතින් තියන ෆිල්ම් එක ගැන විස්…

Knights of the Zodiac (2023) Sinhala Subtitles

ආයුබෝවන්! Hi! බයිස්කෝප්වාසී යාලුවනේ, ඔන්න හදිස්සි අය ඉක්මනට පහළින් ගිහින් සලේරුවට අදාළ උපසිරැසිය බාගන්න..

Knights of the Zodiac (2023) Sinhala Subtitles

පහතින් තියෙන්නෙ මගේ හඳුන්වාදීමේ ලිපිය නිසා හෑලි කියවන්න අකමැති අය ඊට පහතින් තියන ෆිල්ම් එක ගැන විස්තරයක් තියන ලිපිය කියවන්න. ඒකෙත් spoilers තියෙන්න පුළුවන් නිසා කියවන්න බය නම් උපසිරසි බාගෙන බලන එක තමයි කරන්න තියෙන හොඳම දේ 🙂

Knights of the Zodiac (2023) Sinhala Subtitles

සේරටම කලින් කියන්න ඕන ලැබුවා වූ නව වසරට මගෙන් සුබපැතුම්. ඔන්න මම නම් අලුත් අවුරුද්දේ අලුත් වැඩක් කියලා පටන්ගන්න කැමති කෙනෙක්නම් නෙවෙයි. අද රෑ තමයි (1 වෙනිදා) උපසිරැසිය හදල අවසන් වෙලා ලිපිය ලියන්නෙ. හිතේ තිබුණ කැමැත්තක් වුණු බයිස්කෝප් අඩවියේ උපසිරැසියක් පළ කරවගන්න අවස්ථාවක් ලබා දුන්න බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයට මගේ හදපිරි ස්තුතිය. මගේ ඉල්ලීමකට reply ලැබුණු 29 රෑ ඉඳන් දවස් 3 කින් පස්සෙ තමයි [දන්නැද්ද ඉතින් නවකයොනේ 😉 ] ඔන්න අද. හරි එහෙනම් අපි ස්ලෙරුව දිහාවට හැරෙමු.

Knights of the Zodiac (2023) Sinhala Subtitles

‘Knights Of The Zodiac’, IMDB අගය 4.4 ක් සහ රොටන් ටොමාටෝස් 21% කුත් ගූගල් පරිශීලක ප්‍රතිචාර 54% හිමිකරගත්ත 2023 අප්‍රේල් මාසයේ සිට තිරගත වුණු චිත්‍රපටයක්. film එකනම් box office bomb, එහෙමත් නැත්තම් පිරිවැය ගණනයෙන් නම් අසාර්ථක වුණු ෆිල්ම් එකක් විදිහටයි කියවෙන්නේ. කොහොම උනත් Tomasz Bagiński කියන අධ්‍යක්ෂවරයා අතින් අධ්‍යක්ෂණය වුනු, මේ සලෙරුවට ජපානය අතින් ලොකු ඉතිහාසයක් තියෙනවා.

Knights of the Zodiac (2023) Sinhala Subtitles

ඔයගොල්ලෝ ජපන් animations, මන්ගා එහෙම දකින බලන කෙනෙක්නම් මේ ෆිල්ම් එකේ නම ඇහිලා තියෙන්නම ඕනේ. මෑත 2019 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන season 2 කින් අවසන් වුන ඇනිමේ එක, එතනින් ආපස්සට ගත්තොත් 1986 Knights of the zodiac කියල කතමලාවක් විකාශය වෙනවා, ඊට සමගාමිව වගේ 1986-90 කාලවල දී මන්ගා සඟරාවක් විදිහට පළවෙලා තියෙනවා .

Knights of the Zodiac (2023) Sinhala Subtitles

ඒ ආභාෂයෙන් ම නිමවුණු Action, Adventure ගණයට අයත්වුණු මෙයෙත් ග්‍රීක දෙවියන් සහ නයිට්වරුන්ගේ සංකල්පත් හොඳින් දැකගන්න පුළුවන්. චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ Mackenyu, Madison Iseman, Famke Janssen, Diego Tinoco, Sean Bean (මෙයාව මතකද දන්නෑ, මම නම් මුලින්ම දැක්කේ ‘lord of the rings චිත්‍රපටවල බොරමියර් ගෙ චරිතයෙන්)

Knights of the Zodiac (2023) Sinhala Subtitles

කතාවේ සැකිල්ල මනුෂ්‍යත්වය ආරක්ෂා කරන්න මනුෂයෙක් විදිහට ඉපදෙන ඇතීනා දෙවඟන සහ seiya නමින් ඉපදෙන නයිට් අතරින් තමයි කතාව දිවයන්නේ. වැඩි දෙයක් කියන්නේ නෑ. නිදිත්මතයි, බාගෙනම බලන්නකෝ. bluray කොපියට විතරයි තවම උපසිරැසි හැදුවේ. web එකටත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කැමතිනම් ගුණදොස් යටින් දාගෙන යන්න. ඔයාලගෙ කුණු බැනුමක් හරි මට වටිනවා. ආයෙත් හමුවෙමු, ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,614 downloadsDownload Knights-Of-The-Zodiac-2023.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Amila Heshan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-01-03
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

Amila Heshan

Subtitles

10,614 downloadsDownload Subtitles38 KB

23 comments

  1. Kantha_DLA

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි Amila සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Amila Heshan

      ඔයාටත් එහෙමයි සොයුර! ✌️ ,
      සමාවෙන්න ඕන වෙබ් අඩවියට පිවිසෙන්න ප්‍රමාද වුණාට.
      පළවෙනි උපසිරැසියට පළවෙනි comment එක post කළාට ගොඩක් ස්තුතියි

  2. imesh

    Me sinhala sub eka nemene

    1. Amila Heshan

      Download කළාම ලැබෙන zip file එකේ movie එකේ නම තියෙන .srt file එක බලන්න.

  3. Buddhika Lakmal

    සුබම සුබ නව වසරක් වේවා..........
    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්.....
    සබට තෑන්ක්ස්......

    1. Amila Heshan

      එසේම වේවා Buddhika Lakmal සහෝ ✌️,
      Thank You

  4. Anonymous

    thanq

    1. Amila Heshan

      ✌️.

  5. Ruchira

    Thanks for the sub!!!!

    1. Amila Heshan

      Thanks for your comment ✌️.

  6. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණා කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට.
    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් අමිල සහෝ.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. :)
    ජය! ✌

    1. Amila Heshan

      ගොඩක් ස්තුතියි එල්.සී.දමැල් සහෝ ✌️
      උපසිරැසි ගමන වගේම අනෙක් කටයුතුත් සාර්ථක වෙන්න කියල හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    1. Amila Heshan

      බොහොමත්ම තුති තරිඳු සහෝ.. ඒවගේම ඔබටත් බුදු සරණයි! ජයෙන් ජයමයි!

  8. Sahan Sandaru

    කාලයක් බලාන හිටියේ, sub එකට ගොඩක් ස්තුතියි bro.

    1. Amila Heshan

      Thankx sahan

    2. Amila Heshan

      Thankx sahan :)

  9. nilanka1212

    thanks....

  10. Nipun Sameera

    ස්තූතියි සහෝදරයා අප වෙනුවෙන් කැපකල කාලයට♥️♥️♥️

    1. Amila Heshan

      ස්තුතියි නිපුන් සහෝ...

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Amila Heshan

      ගොඩක් ස්තුතියි අයියේ, අයියගෙ sub නං සුපිරියක්. හදවතින් ම ජය පතනවා.

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති