ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි එකට තෙලුගු එකක් තමයි කරන්න හිතන් හිටියේ. ඒත් කලින් සබ් එක අප්ලෝඩ් කරපු ගමන්ම හසන්ත අයියා ඇහුවනේ මේකට කරනවද කියලා. මේක තමයි මට මං නොඉල්ලා බාර දුන්නු පලවෙනි එක. ඉතිං ඒ හින්දා මම ඉස්කෝලෙත් නොයා සබ් එක කළා. නෑ නෑ…

ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි එකට තෙලුගු එකක් තමයි කරන්න හිතන් හිටියේ. ඒත් කලින් සබ් එක අප්ලෝඩ් කරපු ගමන්ම හසන්ත අයියා ඇහුවනේ මේකට කරනවද කියලා. මේක තමයි මට මං නොඉල්ලා බාර දුන්නු පලවෙනි එක. ඉතිං ඒ හින්දා මම ඉස්කෝලෙත් නොයා සබ් එක කළා. නෑ නෑ… ඉස්කෝලේ ගියේ නැත්තේ යන්න එකක් නැති හින්දා. ඉතිං කොහොමහරි ඔන්න මේකත් ඉවර කරලා ගෙනාවා. ඉතිං මේ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් තියනවා. ඒ තමයි මම මෙච්චර කල් බලලා තියෙන ෆිල්ම් දහස් ගාණකින් බොක්කටම දැනිච්චි ෆිල්ම් වලින් මේකත් එකක් කිවුවොත් හරි. මේකෙ කතාවත් සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හැදුනු එකක්. ඉතින් අපි විස්තර ටිකක් බලමු.
මේකෙ මේකේ ධාවන කාලය පැය 2 යි විනාඩි 15 ක් තියෙනවා. මම මෙච්චර කල් කරපු ෆිල්ම් වලින් ධාවන කාලය වැඩිම එක මේකද කොහෙද.. ඉතිං මේකට 6.1 ක IMDb අගයකුත් 63% ක කුණු තක්කාලි ප්‍රතිශතයකුත් ලැබිලා තියෙනවා.ඉතිං මේක අධ්‍යක්ෂණය වෙලා තියෙන්නේ Daniel Roby කියන අධ්‍යක්ෂකවරයාගේ අතින්. ඒ වගේම ප්‍රධානම චරිත දෙක වන ඩැනියෙල් ලීජර්ට Antoine Olivier Pilon ද වික්ටර් මැල්රෙක්ට Josh Hartnett ද රංගනයෙන් දායක වෙනවා.
ඉතිං මේක නවකතාවක් වගේ ෆිල්ම් එකක් හින්දා කිව්වොත් ඔක්කොම කියන්න වෙන නිසා කෙටියෙන්ම කිව්වොත් ෆෙඩරල් නියෝජිතයෝ සෙට් එකක් වාසි බලාගෙන එයාලම කරන ගනුදෙණුවකින් කුඩු ජාවාරම් කාරයෙක්ව අල්ලන්න ගේම් එකක් ගහනවා. කොහොමහරි අන්තිමට කුඩු ජාවාරම්කාරයෙක් කියලා අල්ලන් ඉන්නේ අපරාධ වාර්තා මොකුත් නැති අහිංසක පොරක්. ඇත්තටම මේකෙ කතාව ලියවිලා තමයි ඒ කුඩු ජාවාරම් කාරයෙක් කියලා අල්ලගන්න කෙනාව බේරගන්න මාධ්‍යවේදියෙක්ව පදනම් කරගෙන. ඉතිං මේකට ආපු ඉන්ග්ලිෂ් සබ් එක ඉංග්ලිෂ් ෆිල්ම් එකක් බලාගෙන හැදුවද කැනේඩියන් ෆිල්ම් එක බලාගෙන හැදුවද කියලා දන්නෑ. ඒ වුනාට ඉංග්‍රීසි ෆිල්ම් එකේ වැදගත් නොවන දෙබස් තියෙන්නේ වෙන භාෂාවකින්. ඒ නිසා සබ් එකෙත් ඒ කොටස් නම් නෑ. හැබැයි ඒකෙන් කතාව බලන්න නම් බාධාවක් වෙන්නෑ. මොකද ඒ භාෂාවෙන් කතා කරන්නේ කොටස් දෙක තුනක විතරයි. තව මේකෙ තායිලන්ත භාෂාවත් තියෙනවා. ඒකත් බොහොම ස්වල්පයයි. ඉතිං තව මේකෙ තායිලන්ත හිරගෙදරක පන්සිල් ගන්න නමස්කාරය කියන ඒවා එහෙම තියෙනවා. ඒවා ඉතිං ෆිල්ම් එකේ දේවල්. ආගමික අපහාසයක් කියලා එහෙම හිතන්න එපා. තව මේකෙ භාෂාව නම් පට්ට අවුල්.. ඒත් මම පුළුවන් තරම් සැර අඩු කරලා හැදුවා. මේ දැන් කියන ටික නම් ෆිල්ම් එක බලලා ඒක නොතේරුනා නම් ඇවිල්ලා කියවන එක හොඳයි. මේ ෆිල්ම් එකේ අතීත කතාවයි වර්තමාන කතාවයි සමාන්තරව යනවා. ඒ වුනාට අතීත කතාවේ ඉඳන් වර්තමාන කතාවට මාරු වෙන තැනක්වත්, අතීත කතාව පටන් ගන්න තැනක්වත් නෑ. ඉතිං ඒ හින්දා තේරුම්ගන්න පහසු වෙන්න මම මෙහෙම කියන්නම්. වික්ටර් මැල්රෙක් ඉන්න සිද්ධි සේරම වර්තමාන විදියට ගන්න. ලීජර් හිරේ ඉන්න ඒවත් වර්තමාන දේවල්. ලීජර් හිරේට යන්න කලින් තියෙන සිද්ධි අතීත කතාව විදියට ගන්න. ඒ කියන්නේ ලීජර් සාමාන්‍ය විදියට ඉන්න ඒවයි.. පොලිස් කාරයෝ ප්ලෑන් ගහන ඒවයි. තව අර තියෙන නඩු විභාගය තියෙන්නේ අර කුඩු සීන් එක අල්ලපු ගමන් කියලා තමයි හිතෙන්නේ. ඒ වුනාට එහෙම නෙවෙයි. අර මැල්රෙක්ව පළවෙනි පාර හම්බුනාටත් පස්සේ තමයි නඩු විභාගය තියෙන්නේ. කුඩු සීන් එකේදී මිනිහාව අල්ලලා කාලයක් ඇතුලේ ඉඳලා තමයි නඩු විභාගය තියන්නේ. එතකොට නඩු විභාගයත් වර්තමාන සිද්ධියක් විදියට තමයි ගන්න ඕනේ. ඉතිං මුලින්ම තේරුණේ නැති අයට මේක කියෙවුවාම තේරෙයි. හැබැයි ෆිල්ම් එක නොබලා මේක කියෙවුවට වැඩක් වෙන්නේ නෑ.
ඉතිං මේ ෆිල්ම් එක මට භාර දුන්නු හසන්ත අයියාටත් බයිස්කෝප් ටීම් එකටත් සුපුරුදු පරිදි ස්තූති කරන ගමන් අදට මම සමුගන්නවා. ඉතිං සබ් එක බාන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.. ඔබට සුභ දවසක්.. !!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,915 downloadsDownload Most.Wanted.2020.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
16 comments
Prabodha
Samee
super..thanks
indika75
thanks..
Anonymous
ඔන්න සහෝ සබ බාපු ගමන් පිලුම් බලන්නනෙත් නැතුවම තමා මේ ටික නොටන්නේ
ජය වේවා සබට ගොඩක් ස්තූතියිisuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හිරාන් ශාරංග
සබ් එක වෙනුවෙන් ස්තුතියි..
ඉස්කෝල කට් කරන්න නම් එපා ඉතින්..
ජයවේවා..suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prasad
thank you sahodaraya sub ekata.
wedi wediyen sub karanna shakthiya dahiriya lebewa..nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kavindu
thank you very much for the subtitles..
Malith Samarawickrama
Thanks so much eub ekata
Dewadithya
Thanks for sub!
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුති ඔබට...