ඔන්න යාලුවනේ 66 වෙනි සබ් එකත් අරගෙන ආවා ඔයගොල්ලන්ට, සමුතිරකානිගෙ තවත් ආදර්ශයක් ගෙන දෙන කතා වස්තුවක් මුල් කරගෙන ගොඩනැගිලා තියෙන්නෙ මේ ෆිලුම. කොලේජයක ගුරුවරුන් හා ළමයි අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක මැනවින් මේ චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා. මේක පාසල් ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරුන්ටත් නැරඹීමට අත්‍යව…

ඔන්න යාලුවනේ 66 වෙනි සබ් එකත් අරගෙන ආවා ඔයගොල්ලන්ට, සමුතිරකානිගෙ තවත් ආදර්ශයක් ගෙන දෙන කතා වස්තුවක් මුල් කරගෙන ගොඩනැගිලා තියෙන්නෙ මේ ෆිලුම. කොලේජයක ගුරුවරුන් හා ළමයි අතර තියෙන සම්බන්ධතාව කොයි වගේද කියන එක මැනවින් මේ චිත්‍රපටයෙන් නිරූපනය වෙනවා. මේක පාසල් ශිෂ්‍යාවන්ට මෙන්ම ගුරුවරුන්ටත් නැරඹීමට අත්‍යවශ්‍යම චිත්‍රපටයක් කියල මම විශ්වාස කරනවා. Drama ගණයට අයත් IMDb අගය 6.8 ක් වගේ ඉහළ මට්ටමක පවතින 2019 නොවැම්බර් 29 වන දින ඉන්දියාවේ තිරගත වීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 07ක් පුරා දිවෙන Samuthirakani, Athulya Ravi, Thambi Ramaiah, Rajshri Ponnappa ඇතුළු නවක නළු නිළියන් රැසක් දායක වෙනවා.
සිංහල මහාචාර්ය වරයෙක් වන දයාලන් අලුතෙන් කොලේජයට පැමිණි ගුරුවරයෙක්. ඔහු උත්සාහ දරන්නේ ගුරු – ශිෂ්‍ය පරතරය නැති කරල ශිෂ්‍යයන්ව දැනුමෙන් පෝෂණය කරල සමාජයේ ඉහල තැනකට ගෙන යන්න. නමුත් කොලේජයේ ඉන්න අනෙත් මහාචාර්යවරු විදුහල්පති ඇතුළත්ව සියලු දෙනාම අහංකාර කමින් උද්ධච්ච කමින් ඔලුව උදුම්මුවාගත් කොට්ඨාසයක්. ඔය අතරේ ජාති කුල ප්‍රශ්න වලට විදුහල්පතිගේ ඉදන් බෙදිල වෙන් වෙලා ජාතියෙන් පිට අයව නෙරපන තැනටම වැඩ සිද්දවෙනව. ජාතිය කියාගෙන අතේ නූල් බැදගෙන, තමන්ගේ අතෙත් නූල් බදින්න කියල එන ගුරුවරයෙක් පවා දයාලන් සර් විසින් බැනල එළවගන්නවා. මේ ජාති කුල බෙදීම නිසා සිසුන් අතර මත ගැටුම් නිතරම. දයාලන් සර්ගේ උත්සාහය මේ ජාති කුල බෙදීම් නැති කරල සිසුන්ව සමගි කරල හැමෝවම එකා වගේ තැනකට ගෙනැවිත් තියන්න. මේ නිසා දවසක් දයාලන් සර් කොලේජයේ බාරකාරත්වයේ අවසරයකින් තොරව ළමයින්ව කොලේජයෙන් එළියට එක්ක යනව කට්ටියම එක්කහු වෙලා වැඩ කළාම මේ ජාති කුල බෙදීම් නැතිවෙලා කට්ටිය සමගි කරවන්න හිතාගෙන. නමුත් මොකද්ද වෙන්නේ? ආදර හුටපටයක් නිසා වෙන ගැටුමක් ජාති කුල ප්‍රශ්නයක් බවට හරවගෙන ශිෂ්‍යයන් ගහගන්නවා. මේ සිද්ධිය නිසා දයාලන් සර්ගේ වැඩ තහනමට පවා ලක් වෙනවා. වැඩි විස්තර නොකරම අපි බලමු දයාලන් සර්ට ඔහුගේ අරමුණ ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙයිද? ආදී….පලනී… පොදු පොන්නු…මෙයාලගෙ ජීවිත කොතනින්ද නවතින්නේ කියල…
හැමෝටම තෙරුවන් සරණයි…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4,668 downloadsDownload Adutha-Saattai-2019.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
15 comments
Ayesh Prashan
Udaya Saman
මොනව කරන්නද ඉතින් සමුතිරකානිගෙ මේකට සබ් එක කරන්න කට උල් කරගෙන හිටියේ....ඒත් ඉතින් කරන්න ඉල්ලද්දි ඔබතුමා මේක ඊට කලින් දවසේ කරන්න බාර අරන්නෙ..කමක් නැ සබට තුති සහෝ.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahi obata...
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
sooriyapatabadige
thanks for sub bro (salaam e ishq 2007) hindi movie eke sub denna bro please...........
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
0718901293
ස්තූතියි මතන්.......
Kasun Jalitha
බොහොම ස්තූතියි සහෝ !!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sudeepapwijesekara
Thanks ❤
gayanmagee
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravisara Dharmapala
Film eka nm maru a unata thwa tykk antyma tyka hadnda tyba monwa unath supiri kathwak godk adrsha dunu movie ekk sub ektt pin kolo digtma krgena ynda shakatya labenda kila wish krnwa..
N_R
Thank You.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thank You