Affection (2025) Sinhala Subtitles ආයුබෝවන් යාළුවනේ. ඔන්න එහෙනම් ඉක්මනටම අළුතින් ආපු science fiction horror ශානරයේ ෆිල්ම් එකක් ඔයාලට ගේන්න අවස්ථාව ලැබුනා. ඇත්තටම මේ ෆිල්ම් එක 2025 අවුරුද්දේ Screamfest චිත්‍රපට උළෙලෙහි තමයි නිකුත් උනේ. ඒ උනාට මේක ඇමරිකාවේ සිනමාශාලාවලට නිකුත් උනේ පසුගිය මැයි මාසේ 08…
Affection (2025) Sinhala Subtitles
ආයුබෝවන් යාළුවනේ. ඔන්න එහෙනම් ඉක්මනටම අළුතින් ආපු science fiction horror ශානරයේ ෆිල්ම් එකක් ඔයාලට ගේන්න අවස්ථාව ලැබුනා. ඇත්තටම මේ ෆිල්ම් එක 2025 අවුරුද්දේ Screamfest චිත්‍රපට උළෙලෙහි තමයි නිකුත් උනේ. ඒ උනාට මේක ඇමරිකාවේ සිනමාශාලාවලට නිකුත් උනේ පසුගිය මැයි මාසේ 08 වෙනිදා. ඒ වගේම ෆිල්ම් එකේ ඩිජිටල් පිටපත් නිකුත් උනේ ජුනි 08 වෙනිදා උනත් අන්තර්ජාලයට හරිහමන් පිටපතක් නිකුත් වෙන්න ටිකක් පරක්කු උන නිසා හොඳ පිටපත් හම්බුන ගමන්ම ෆිල්ම් එක ගෙනවා.
මේ ෆිල්ම් එක පටන්ගන්නේ කිසිම මතකයක් නැතුව ගෙදරක ඇඳක් උඩ අවදි වෙන කාන්තාවක් තමන් ඉන්නේ කොහෙද කියලා මතකයක් නැතුව ඉන්න දර්ශනයකින්. මේ කාමරෙන් එළියට එන කාන්තාවට ගෙදර ඉන්න මනුස්සයෙක් ඇවිත් කියනවා ඇය අනතුරකට මුහුණ දුන්න නිසා ඇයගේ මතකය නැති වෙලා තිබෙන බවත් ඇය ඒ පුද්ගලයගේ බිරිඳ බවත් ඒ වගේම එයාලට පුංචි දුවෙකුත් ඉන්නවා කියලා. වගේම ඇයගේ නම එලී කියලත් ඔහු කියනවා. ඒත් මේ ගෑනු කෙනාටනම් ඒ ගැන කිසිම මතකයක් නෑ වගේම ඇයගේ නම සාරා තොම්සන් බවත් ඇය ජීවත් වෙන්නේ මේන් පලාතේ බවත් ඇය මේ පුද්ගලයට කියනවා. නමුත් මේ පුද්ගලයා කියන්නේ ඒ මතකයන් ඔක්කොම මේ අනතුර නිසා උන ව්‍යාජ මතකයන් කියලයි.
නමුත් කොහොමින් හරි ටික දවසක් ඇතුලත වෙන සිද්ධි එක්ක මේ ‘එලී’ කියලා හඳුන්වන කාන්තාවට මේ ගැන ටිකෙන් ටික සැකයන් ඇති වෙනවා. ඉතිං මේ පටලැවිල්ල මොකකද? මේ ඉන්නේ එලීද? සාරාද? මේ මනුස්සයා ඇත්තටම කවුද? මේ කතාව ඉස්සරහට යද්දි අපිට අවසානය අනුමාන කරන්න පුළුවන් කියලා හිතෙයි. හැබැයි මම වගකීමෙන් කියනවා ඔයාලගේ ඒ හැම නිගමනයක්ම වරදින්න ලොකු ඉඩකඩක් තියෙන බව. ඒ නිසා වෙනස්ම ආකාරයේ ෆිල්ම් බලන්න ආස අයටනම් මේ ෆිලුම හිතට අල්ලයි කියලා හිතනවා.
Affection ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නේ BT Meza විසින් වගේම BT Meza, Bay Dariz, Austin Walk සහ J.P. Ouellette මෙහි නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙද්දි 6.1ක IMDb අගයක් සහ 80%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් සමත් වෙලා තිබෙන මේ සිනමාපටයේ ප්‍රධන චරිතය විදියට එකතු වෙන්නේ Jessica Rothe. ඔයාලා Happy Death Day චිත්‍රපට දෙක බලලා තියෙනවනම් ඔයාලට මෙයාව මතක තියෙන්න ඕන. ඊට අමතරව Joseph Cross සහ Julianna Layne කියන රංගන ශිල්පීන් දෙදෙනා විතරයි අපිට මේ ෆිල්ම් එක පුරාවටම දකින්න ලැබෙන්නේ. එහෙනම් මගේ වැඩ කොටස අහවර නිසා ගිහින් එන්නම් ඒ වගේම මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!
Affection (2025) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
335 downloadsDownload Affection-2025.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Affection Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Affection (2025) Sinhala Sub
- #Affection (2025) Sinhala Subtitles
- #Affection Sinhala Sub
- #Affection Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Strangers
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ස්තූතියි යුරාන් සහෝ සබ්එකට