Watch Trailer

African Cats (2011) Sinhala Subtitles | අප්‍රිකානු හදබිමේ උපන් මව් සෙනෙහසක කතාන්දරය.. [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ කොයි ඉමේ සිටියත්, මවකගේ සෙනෙහස මෙතැකැයි කියා නිම කරන්න බැහැ. මනුෂ්‍ය ලෝකයේ මව්වරුන්ට නොදෙවෙනි මව්වරු තිරිසන් සතුන් අතරේත් සිටිනා බව මේ වාර්තාමය චිත්‍රපටය නැරඹුවොත් ඔබට වැටහේවි. සැවානා බිමේ අතිශය බිහිසුනු ලෙසින් සතුන් දඩයම් කරමින් ජීවත් වනවාට අමතර ව ලයිලාගේ සහ සිටාගේ තිබූ සමානකම ඔවුන් දෙදෙනාම…

ලෝකයේ කොයි ඉමේ සිටියත්, මවකගේ සෙනෙහස මෙතැකැයි කියා නිම කරන්න බැහැ.  මනුෂ්‍ය ලෝකයේ මව්වරුන්ට නොදෙවෙනි මව්වරු තිරිසන් සතුන් අතරේත් සිටිනා බව මේ වාර්තාමය චිත්‍රපටය නැරඹුවොත් ඔබට වැටහේවි.  සැවානා බිමේ අතිශය බිහිසුනු ලෙසින් සතුන් දඩයම් කරමින් ජීවත් වනවාට අමතර ව ලයිලාගේ සහ සිටාගේ තිබූ සමානකම ඔවුන් දෙදෙනාම මව්වරු වීමයි. ඒ දාරක ස්නේහය වෙනුවෙන් ඔවුන් මොනවා නම් නොකරයිද? 

උග්‍ර මාංශ භක්ෂකයින් වුවත් සිංහයන්, චීටාවන් පවා තමන්ගේ පැටව් සතුරන්ගෙන් රැක ගන්නට, ඔවුන් ඇතිදැඩි කරන්නට දරන වෑයමත්, ඔවුන්ට ස්වාධීන සතුන් ලෙස  ජීවත් වීමටත් උගන්වන මව්වරුන්ගේ වික්‍රමාන්විත කතාන්දරයේ ඇමරිකානු පිටපත වෙනුවෙන් හඩ මුසු කරන්නේ Samuel L. Jackson විසින්. 

Dianeynature නිෂ්පාදනයක් වන African cats 2011,  box office වාර්තා අනුව ඇ.ඩො මිලියන 30.9 ක් උපයා ගැනීමට සමත් වුනා. 

African cats ප්‍රදර්ශනයේ ආරම්භක සතිය තුළ චිත්‍රපටය නිෂ්පාදනය කළ Disneynature සමාගමත්, අප්‍රිකානු වනජීවි පදනමත් එක්වෙලා, “See African cats – Save the Savanna” තේමාවෙන් වැඩසටහනක් දියත් කළා. මේ වාර්තාමය චිත්‍රපටය පදනම් වෙන්නේ  උග්‍ර මාංශ භක්ෂකයන් වෙන සිංහයන් සහ චීටාවන් සම්බන්ධයෙන් වුනත්, ඔවුන්ට ජීවය සලසන සවානා තෘණ බිම් ජෛව විවිධත්වයේ අපූරූ පාරාදීසයක්. ගැසෙල් මුවන්, මී හරක්, හිපපොටේමස්, අප්‍රිකානු අලි, සීබ්‍රා, හයිනා සතුන්, කිඹුලන් යනාදී සතුන් රැසකට මේ තෘණ බිම් ජීවය සපයනවා. 

මෙය සම්පූර්ණයෙන් ම කෙන්යාවේ Masai  Mara ජාතික රක්ෂිතයේ  රූගත කරන ලද්දක්.

අප්‍රිකාවේ සිංහයන්, චීටාවන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් දැක ගත හැකි ස්ථාන කිහිපයෙන් එකක් ලෙස මෙම රක්ෂිතය සලකන්න පුලුවනි. මේ වාර්තාමය චිත්‍රපටයේ විද්‍යාත්මක නිරවද්‍ය බව රැක ගන්න අධ්‍යක්ෂවරයා වුන Keith Scholey, සත්ත්ව විද්‍යාඥ, ආචාර්‍ය Sarah Durantගේ සහය ලබා ගත්තාලු. ඔහු ටැන්සානියාවේ වසර දහනවයක් චීටාවන් ගැන හදාරමින්, අප්‍රිකාවේ උග්‍ර මාංශ භක්ෂකයින් සංරක්ෂණයේ නිරත වුන විද්‍යාඥයෙක්.  ඒ නිසා බලා රස විඳින ගමන්, දෙයක් ඉගන ගන්නත් පුලුවන් වෙයි. 

එහෙමනම්, නැවතත් හමුවෙමු. 

ආයුබෝවන්! 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

2,308 downloadsDownload African.Cats_.2011-1.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,308 downloadsDownload Subtitles21 KB

17 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට :)
    ජය වේවා.!

  2. Soori

    තැන්කු තැන්කු ‌මේ වගේ වටිනා ‌දේවල් අපට ‌දෙනවට ‌හෙළිලි නං‌ගෝ...
    ජයම ‌වේවා...!!!

  3. jana

    niyamai Our Planet ekatat sub dennako

  4. Malinda

    mama asama topic ekak. aniwa balanawa.

  5. Tharaka

    thanks

  6. Athula

    thanks ...

  7. Udaya Saman

    උපසිරසියට බොහොමතුති..ලස්සන කතාවක් වේ..ඔින් ගත්ත එහෙනම්..

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Unplanned (2019)
    mkvcage.

  9. Aruna Disanayaka

    thanks a lot

  10. Nuwan Mihiraj

    Thanks For The Sub

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  12. විමා

    බකට් ලිස්ට් එකෙ තියෙන එකක්
    මසයි මාරා බලන්න යන එක
    එතකම් මෙහෙම බලනවා :P
    වෘත්තීයත් මේ පැත්තෙන්ම තියෙන එකේ වැඩි වැඩියෙන් මේ වගේ දේවල්ම ලැබේවා
    සබට තුති

  13. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  14. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි...

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. lakmaxx

    Thank you...

  17. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් මේවගේ ඩොකියුමන්ට්‍රියකට සබ් අරං ආවට