කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ? ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන. ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන. ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන. ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ. ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සි…

කොම්රේඩ් කියන්නේ මොකක්ද සීයේ?
ඔයාගෙ අයිතිය වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕන.
ඒක ඔයා ධෛර්යවන්තව ඉල්ලන්න ඕන.
ඒ වෙනුවෙන් ඕනම ප්‍රශ්නෙකට මුහුණ දෙන්න ඕන.
ඒක ලබාගැනීම වෙනුවෙන් ඔයාගේ ගමන් මාර්ගයේ ඇවිත් ඔයාට උදව් කරන කෙනාට තමයි කොම්රේඩ් කියන්නේ.
ආයුබෝවේවා! ඔන්න තවත් හැමෝම ආසාවෙන් බලන් හිටපු තෙලුගු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ඇමේසන් ප්‍රයිම්ලා ඩිජිටල් අයිතිය අරන් තිබ්බ වාසනාවට අපිටත් මෙච්චර ඉක්මනට චිත්‍රපටය බලන්න වාසනාව උදා වුනා. 😛 2019 ජූලි 26 තිරගත කිරීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයිති වෙන්නේ Action, Drama, Romance කියන කාණ්ඩ වලට. Bharath Kamma අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට යොදාගෙන තිබෙන්නේ මෑත කාලයේ වැඩිපුරම කතා බහ වෙන, කාන්තා පාර්ශවයේ නොමද ආකර්ශනය දිනා ගත් Vijay Devarakonda සමඟින් පිරිමි පාර්ශවයේ නොමද ආදරය දිනා ගත් සුරූපී, හුරුබුහුටි Rashmika Mandanna. අතිශය ජනාදරය දිනා ගත් Geetha Govindam චිත්‍රපටයේ හිටිය දෙන්නව මතක නැති වෙන්න විදිහක් නෑනේ. බලලා නැත්නම් අනිවා බලන්න. තෙලුගු වලින් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය දමිළ, මලයාලම් වගේම කන්නඩ වලිනුත් හඬකවමින් ප්‍රදර්ශනය කර තිබෙනවා. අපූරු ගීත ඇතුලත් මේ චිත්‍රපටයට සංගීතය මුසු කර තිබෙන්නේ Justin Prabhakaran විසින්. මේ වන විට IMDb දර්ශකයේ 7.1 ක අගයක් ලබා ඇති මේ චිත්‍රපටය, සුපිරි හින්දි චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන Karan Johar විසින් හින්දි ප්‍රති නිර්මාණය කිරීමේ අයිතිය ලබාගෙන ඇති බවට සඳහන් වෙනවා.
දැන් කතාව ගැන බලමු. බොබී කියන්නේ ශිෂ්‍ය සංගමයක නායකයෙක්. නිතරම ශිෂ්‍යයන් වෙනුවෙන් කතා කරන මෙයාට තරහා පාළනය කරගන්න බැරි දෝෂයක් තියෙනවා. ඉතින් දවසක් කොලේජ් එකේ ගැහැණු ළමයෙක් ගාස්තු ගෙවා ගන්න බැරිව සියදිවි හානි කරගන්න ගිහින් කියන ආරංචියට පරිපාලනයට එරෙහිව විරෝධතාවයක් පවත්වනවා. හැබැයි පස්සේ දැනගන්නවා සියදිවි හානි කරගන්න ගිහින් තියෙන්නේ තරුණයෙක්ගේ කරදරයක් නිසා කියලා. ඒක අහපු ගමන් ඇති වුන තරහට ගිහින් ඒ තරුණයා ඇතුලු පිරිසට ගහනවා. ඒ අතරතුරේ පොලිසිය ඇවිත් බොබීවයි යාලුවෝ ටිකයි අරන් යනවා. ඉතින් පොලිසි ගිහින් යාලුවෙක් එක්ක බයික් එකේ එනකොට එකපාරම මුහුණට මුහුණ බස් එකක් එනවා. ඒක මගාරින්න බයික් එක අයිනට ගන්නකොට ඒ පැත්තෙන් කෙල්ලෙක් එනවා. ඒ තමයි ලිලී. ඉතින් එයාවත් මගාරින්න තවත් අයිනට කරනකොට බයික් එක පෙරළෙනවා. ඔන්න ඔය විදිහට තමයි බොබී-ලිලී දෙන්නව මුණගැහෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ.
ලිලී කියන්නේ පළාත් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩිකාවක්. ඒ ගැන බොබී එහෙම දැනගන්නෙත් අපූරු සිදුවීමකින්. ඉතින් කොහොම හරි මේ දෙන්නගේ අාදර කතාව ගලාගෙන යනකොට බොබීගේ ඉක්මන් කෝපය බොහෝසෙයින් ඒකට බලපෑම් ඇති කරනවා. ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ ලිලීට සිද්ද වෙන බලපෑමක් මුල් කරගෙන. සමස්ථයක් විදිහට ගත්තොත් කාන්තාවන්ට සිදු වන අයුතු බලපෑම් ගැන කතා කරලා තියෙන ආදර්ශමත් කතාවක් කියලා කියන්නත් පුලුවන්. ඒ වගේම සින්දු ටිකටත් උපසිරැසි ගන්වලා තියෙන්නේ කියන එකත් අමතක කරන්න එපා. එහෙනම් මේ සලරුවත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්නවා.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HD පිටපත් සඳහා අදාළ වේ.
91,337 downloadsDownload Dear-Comrade-2019.zip76 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
102 comments
දමිත් රත්නායක
gayansanjeewa55
mcn me move eka gannna wena link ekk ndda biscope downlord eke thiyna torent link wada na bn
OsandaFdo
AI kiyla beluwa parakku...oyama dei kiyla bln hitye malliyo.oyage sub supiri..vijay devarakondage film serama lassanai...tnx bro..❤️
suduayya
Thanq Bokkh.. Aththatama Pin bm Umblata...Jaya wewa!!!!
Stranger
Thank you
D.Chamara
bohoma sthuthi sahooo
pryantha gallage
thanks to sub..
ප්‍රශාත් මදුෂංක
Tnx
Udaya Saman
උපසිරසියට බොහොම තුති සදේ අයියේ.ඔයා ඉතින් දුන්නෙ ගාත් පට්ටම එකක්නෙ දෙන්නේ අයියේ.ඔන්න බානව .......
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
blisuru
thanks ban..thanks
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..!
pradeepravindra
බොහොම ස්තූතියි සහෝ. එනකන් හිටියේ මෙන්න බෑවා
gayansanjeewa55
meka gnnna torent kink ekk thiynwanm ewnnko
gayansanjeewa55
biscope downlord eke moke dila thiyna torrent site wada nha..dannna kenk link ekk dennako
sameera50354
1337x.to
ශසිත් සඳරුවන්
දැන් බලන්න. ජය!
tharidu16
පිං මචො
sameera50354
Wow nice film thanks bro
sameera50354
1337x.to ekata gihin name search karanna
Kawi Jayasinghe
Tnx broo
lakmal karunathilaka
pattai tnks bro
rehani
thank you....
N_R
Thank You.
rashmika_jayasundara
Thank u
ඔෂද ධනංජය
thanx sahoo
charith_dinusha
thankz bro
buddhi_com
Thank you
pasindu shehan silva
❤️❤️
ranjansam
yalu meke sub waradie hari wenna athi eth voice ekkka gala penne naa
ශසිත් සඳරුවන්
ඒක නම් කොහොමත් වෙන්න විදිහක් නෑ. මේක දෙමළ, කන්නඩ, වලිනුත් රිලීස් වුනා. ඔයා එහෙම එකක් ගන්න ඇත්තේ. තෙලුගු එකට සබ් එක දීලා තියෙන්නේ.
santhusha319
thanks bokka.......
Shehan putha
thanks bro
chanuka_ayesh
thanx bro sub 1ta...Good Luck!!
thilz
thank u 4the sub
suranuwan
thanks bro...
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.ටැමිල් රිප් එක ඩවුන්ලෝඩ් කලේ..
සවුන්ස් හෝල් ර්කෝඩ් එකක්ද මන්දා?
මිනිස්සු කැ ගහන ඒවා ඇහෙනවා කියාන්කෝ........Asnjana_Lahiru
tnq saho jaya wewaaa !!!!!
arawindasunimal
bohoma sthutiy sub ekata
Pavani_perera
ane aiye idhu namma aalu film eke sub eka dennako please
ksjayalath
බොහොම ස්තූතියි සබට.. ජය වේවා....
chathurangi93
sub ekata godak thanks. Enkn balagena htpu film ekak. Saaho film1th lagadima genewi kiyala hopes tiyan innawa. Good luck
Rumesh dhanushka
බොහොම ස්තුතියි ශෂිත්
Sanka Amidu
Thanks bro. Mokakhari error ekak enawa bro
kelumchathuranga
thanks
wajira
Thanks for sub
priyan99
Thanks saho sub ekata
RuwanLakshan93
ස්තූතියි සහෝ ජය!
EM Nishshanka
ස්තූතියි
Milind@
Thanks saho
772334522
Good
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
bathiyakara
patta bn tnx bro
L.G.T.Dilshan Liyanage
ThAnkS
Asanke
Thanks for sub
wimukthi001
Tnq✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro
Anonymous
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මහන්සි වෙලා දුන්නු සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සඳරුවන් සහෝ.
ජයේ ජය.