ඔන්න එහෙනම් කරගන්න ටිකක් අමාරු වුණ බර වචන ගොඩක් තිබ්බ උපසිරසියක් අරං ආව. තවත් ප්‍රශ්නෙකට තිබ්බෙ ඉංග්‍රීසි උපසිරසියෙත් සෑහෙන්න අඩුපාඩු තිබ්බ. ඒ නිසා වචන අහ අහ කරන්නත් වුණා. කොච්චර අමාරු වුණත් ෆිල්ම් එක විද්‍යා ප්‍රබන්ධ වගේම මගෙ හිතට අල්ලපු එකක් නිසා 2013 වුණත් මම උපසිරැසි කරන්න ඉල්ලගත්ත. IMDB අගය 5.…
ඔන්න එහෙනම් කරගන්න ටිකක් අමාරු වුණ බර වචන ගොඩක් තිබ්බ උපසිරසියක් අරං ආව. තවත් ප්‍රශ්නෙකට තිබ්බෙ ඉංග්‍රීසි උපසිරසියෙත් සෑහෙන්න අඩුපාඩු තිබ්බ. ඒ නිසා වචන අහ අහ කරන්නත් වුණා. කොච්චර අමාරු වුණත් ෆිල්ම් එක විද්‍යා ප්‍රබන්ධ වගේම මගෙ හිතට අල්ලපු එකක් නිසා 2013 වුණත් මම උපසිරැසි කරන්න ඉල්ලගත්ත. IMDB අගය 5.7ක් තමයි අරං තියෙන්නෙ. තර්ක ශාස්ත්‍රය, දර්ශන විද්‍යාව වගේ විෂය කිහිපයක් සම්බන්ධ කරල ගොඩනගපු ලස්සන කථාවක්. රූගත කිරීම් කරල තියෙන්නෙ ඉන්දුනීසියාවේ. මම එහෙනම් කථාව ගැන ටිකක් කියන්නං.
මේකෙ කථාව විස්තර කරන්න අමාරුයි. ටිකක් අමුතු විදිහට සිද්ධ වෙන කථාවක්. දර්ශන විද්‍යා පංතියේ ඉගෙනගන්න ළමයිගෙ තමන් ඒ පංතියේ ඉගෙනගන්න අන්තිම දවස උදා වෙනව. ඉතිං යන්න කලින් ළමයිට පංතියේ ගුරුතුමා වන මිස්ටර් සිමිට් අභ්‍යාස කිහිපයක් දෙනව. මේ අභ්‍යාස වලට අනුව සරලව වෙන්නෙ මේකයි. ලෝක විනාශයක් සිද්ධ වෙනව පරමාණු බෝම්බ හෙළීමක් නිසා. ඉතිං විනාශ වෙන්න කලින් පොළොව යට ගොඩනගපු බංකර ගොඩක් තියනව ලෝකය වටා. මේ ළමයි කණ්ඩායමටත් එවැනිම බංකරයක් ලැබුණොත් මෙයාල මිනිස් වර්ගයා රැකගන්න කොයි විදිහටද තීරණ ගන්න ඕනෙ කියල හිතන්න ඕනෙ. මේ වගේ අවස්ථා තීරණ ගන්න අවස්ථා තුනක් ලැබෙනව.
මම පළවෙනි අවස්ථාව ගැන පොඩ්ඩක් කියන්නං තේරුම්ගන්න. පළවෙනි අවස්ථාවේදී මෙයාලගෙ කණ්ඩායමේ ළමයි සහ සර් එක්ක 21ක් ඉන්නව. හැබැයි බංකරය ගොඩනගල තියෙන්නෙ දහදෙනෙක්ට වසරක් ජීවත් වෙන්න පුළුවන් විදිහට. වසරක් ගියාට පස්සෙ පෘථිවිය මතුපිට විකිරණ නැති වෙලා ආරක්‍ෂිත වෙනව. ඉතිං එතකං බංකරේ ඉන්න දහ දෙනා කවුද කියල තෝරාගන්න ඕනෙ. අනිත් අයට මැරෙන්න තමයි වෙන්නෙ. ඉතිං මේ ළමයි හැමෝටම කාඩ් එකක් බෙදනව. සර්ටත් කාඩ් එකක් ගන්නව. මේ කාඩ් එකේ ලියල තියනව තමන් කරන රස්සාව හැටියට හිතාගන්න ඕනෙ මොකක්ද කියල. උදාහරණ හැටියට සමහරු ඉංජිනේරුවෝ සමහරු විලාසිතා නිර්මාණ කාරයො. ඉතිං අනාගතේට වැදගත් වෙන්නෙ කවුද කියල තෝරලා බංකරේට යනව. හැබැයි පළවෙනි පාර මෙයාල අසමත් වෙනව. බංකරේ ඇතුලෙ මැරෙනව. මොකද මෙයාල වැරද්දක් කරනව මුලදිම. ඉතිං මේ වගේ අවස්ථා තුනක් ලැබෙනවනේ. කොහොම හරි ජයග්‍රහණය කරයිද? ඔයාලම බලන්න. හරි එහෙනම් තවත් ෆිල්ම් එකකින් මුණගැහෙමු. ජය!!!
811 MB (720p.BrRip.x264) කොපිය මෙතනින් බාගන්න
310549A2F3F1FB24365E24423292AA84ECDB4700 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,760 downloadsDownload After-the-Dark-2013.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
16 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
Nipun
ටිකක් වෙනස් කථාවක් වගේ.උපසිරැසියට ගොඩක් ස්තූතියි!
sanath indika
thx brooo
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…amuthu storyak wge...thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kaveen Conara
thnx bro
Sudheera Jayamanna
thank u machan
Sudheera Jayamanna
thank u machan
subaඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
මේක බෑවා වගේ මතකයි!
දැන් ඉතිං බලනවා! ජය!!!!!!Jack
නියමයි මචෝ..
වෙනස්ම කතාවක්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yasas
කතාව නම් හොඳයි ඉවරවෙන හැටි ගැන නම් මෙලෝ රහක් නෑ
thadiya
yako ubath mara film thamai thoraganne maduwa.. para para
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![After the Dark (2013) with Sinhala Subtitles | ලෝක විනාශයට හැඩගැහෙන අයුරු. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/After-the-Dark-2013.jpg)

නියමයි සහො
පරණ උනත් මොකෝ, මේ වගේ කතා ආසාවෙන් බලන්න කැමතියි
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!