ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මං ආවා. අලුත් චිත්‍රපටි හැම එකක්ම වගේ අනිත් අය භාර ගෙන නිසා මං මේ සැරේ ගෙනාවේ පරණ චිත්‍රපටියක්. 2004 දි තමයි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටිය තමයි Mindhunters. Crime, Mystery, Thriller ඝනයට තමයි චිත්‍රපටිය අයිති වෙන්නේ. චිත්‍රපටියෙන් කියවෙන්නේ FBI එකේ අපරාධ ප්…
ඔන්න තවත් නිර්මාණයක් අරගෙන මං ආවා. අලුත් චිත්‍රපටි හැම එකක්ම වගේ අනිත් අය භාර ගෙන නිසා මං මේ සැරේ ගෙනාවේ පරණ චිත්‍රපටියක්. 2004 දි තමයි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ. චිත්‍රපටිය තමයි Mindhunters. Crime, Mystery, Thriller ඝනයට තමයි චිත්‍රපටිය අයිති වෙන්නේ.
චිත්‍රපටියෙන් කියවෙන්නේ FBI එකේ අපරාධ ප්‍රොෆයිලර්ස්ලා (Criminal Profilers) ගැන කතාවක්. චිත්‍රපටියේ කතාව කියන්න කලින් මේ අපරාධ ප්‍රොෆයිලර්ස්ලා කියන්නේ කවුද කියලා මං පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම මේ Profilersලා කියන අයට සින්හලෙන් මොකක්ද කියන්නේ කියලා මට හොයා ගන්න බැරි උනා. ඒ නිසා මං චිත්‍රපටියෙත් නිකන්ම Profilers කියලා භාවිතා කරා. මේ Profilersලා ගේ මූලික කාර්ය වෙන්නේ, සරලවම කිවුවොත් අපරාධයක් සිදු වූ ස්ථානය නිරීක්ශනය කරලා, ඒ අපරාධය සිදු කල අපරාධකරු ගැන නිවැරදි විස්තරයක් (profile) ලබා දෙන එක. මේ කියන Profilers ලා පදනම් කරගෙන නිර්මාණය උන විවිධ නිර්මාණ තියෙනවා (Criminal Minds) වගේ. ඇත්තටම මේ ගැන විස්තර කරන්න ගියොත් ඉවරයක් නැති වෙනවා.
එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දිහාට පොඩ්ඩක් හැරෙමු. FBI එකේ පුහුණු Profilers ලා කණ්ඩායමයක් ඔවුන්ගේ අවසන් පුහුණුව සඳහා හුදෙකලා දූපතක තියෙන පුහුණු මධ්‍යස්තානයකට යනවා. මේ කණ්ඩායමේ අය එයාලගේ හැරිස් කියන ලොක්කා එක්ක එක්ක තරහෙන් ඉන්නේ. මොකද හැරිස් හැම තිස්සෙම පුහුණුව ලබන අයව පහත් කොට සලකන නිසා. ඉතින් මෙයාලා අර දූපතට යන දවසේ අන්තිම මොහොතේ අලුත් කෙනෙකුත් ඒ ගමනට එක් වෙනවා. මේ අය ඔක්කොම දූපතට යනවා. ඊලඟ දවසේ මේ පුහුණු Profilers ට මරපු පූසෙක්ගේ කටේ තිබිලා කටු නැවතුන ඔර්ලෝසුවක් දකින්න ලැබෙනවා. ඒකේ වෙලාව දහය කියලා සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ අය හිතන්නේ ඒකත් එයලගේ අභ්‍යාසයක කොටසක් කියලා. පස්සේ මේ අයට අපරාධ ස්ථානයක් හොයා ගන්න පුලුවන් වෙනවා. එතනදි අටවපු උගුලකට අහුවෙලා මේ අයගෙන් කෙනෙක් මැරෙනවා. එතනදි තමයි මේ අයට තේරුම් යන්නේ මේක අභ්‍යාසයක් නෙමෙයි, ඇත්තම මිනීමරුවෙක් උගුල් අටවලා ඔවුන්ව දඩයම් කරනවා කියලා. ඒත් ඒ දූපතේ ඉන්නේ මේ අය විතරයි. එහෙනම් ඒ මිනීමරුවත් ඒ අය අතරමයි ඉන්නේ!
ඇත්තටම කිසිම කම්මැලිකමක් නැතුව මුල ඉඳන් අගටම බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටියක්. චිත්‍රපටියේ IMDb අගය 6.4. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Val Kilmer, Christian Slater, Kathryn Morris, Jonny Lee Miller, LL Cool J වගේ නළු නිලියන්. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නේ Renny Harlin විසින්.
එහෙනම් තවත් අලුත් නිර්මාණයකින් හමු වෙමු. ජය වේවා...
699 MB (720p.BrRip.x264) කොපිය මෙතනින් බාගන්න
062C054F187692D28D934BD8F702D6B65C0A9069 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,365 downloadsDownload Mindhunters-2004.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
21 comments
තිසල්
Chami
Thank you very much....
Chanaka Madushanka
ela ela
achi
ස්තූති සහෝ උපසිරැසියට...
ජය!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!janaka
thanks you very much
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
me
Thanks
Siraj Priyantha
නියමයි සහො
මෙකට සබ් කරලා ගෙනාවට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !!!!රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
බාමි සබට තැන්ක්ස්
LAKSHAN
ස්තූති සහෝ උපසිරැසියට…
kavi
jaya wewaa kalhara ...tnx
VENUKA
THNX.PATTA FILM EKAK
Prasad Kandamulla
''සිංහල උපසිරසි''යට බොහොම ස්තුතියි....සහෝ.....
Buddila Nilaksha
sub ekata thnx
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!ricadodamien
Thank U Kalhara brother & baiscope team for the sub, all the best to baiscope team..............
Anonymous
Mindhunter 2017 tv series eke.sub ndda
Anonymous
thanks
nilanka1212
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mindhunters (2004) with Sinhala Subtitles | මිනීමරුවා අප අතරමයි.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Mindhunters-2004.jpg)

තැන්ක්ස් බන් එලම් සුපිරි එකක්