Watch Trailer

Aftermath (2017) with Sinhala Subtitles | මහ පොලොව කම්පා කල ගුවනේ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

ආදරය… මෙලොව ඇති වටිනාම සහ අමිලම හැඟීම. අන් කෙනෙකු වෙනුවෙන්, තවත් කෙනෙකුගේ ගුප්තවූ මනසේ ඇතුලාන්තයේ සැඟවී සිටින්නාවු හරි අපූරු හැඟීමක් තමයි මේ ආදරය කියන්නෙ. කිසිම තරාතිරමක් නොබලා, මහා මන්දිර වලට සේම, දුගී පැලටත් එබිකම් කොට බලන්නාවූ ආදරය තරම් බලවත් අන් කිසිම දෙයක් තිබිය නොහැක. විටෙක ඔබ පුදුම වේවි, ආද…

 

ආදරය… මෙලොව ඇති වටිනාම සහ අමිලම හැඟීම. අන් කෙනෙකු වෙනුවෙන්, තවත් කෙනෙකුගේ ගුප්තවූ මනසේ ඇතුලාන්තයේ සැඟවී සිටින්නාවු හරි අපූරු හැඟීමක් තමයි මේ ආදරය කියන්නෙ. කිසිම තරාතිරමක් නොබලා, මහා මන්දිර වලට සේම, දුගී පැලටත් එබිකම් කොට බලන්නාවූ ආදරය තරම් බලවත් අන් කිසිම දෙයක් තිබිය නොහැක. විටෙක ඔබ පුදුම වේවි, ආදරයේ නාමයෙන් මිනිසුන් මෙතරම් දේවල් කරනවද කියා. තවත් විටෙක ඔබ භීතියට පත්වේවි, ආදරයේ නාමයෙන් මිනිසුන්ට මෙතරම් දරුණු විය හැකිදැයි කියා. සැබවින්ම ඔබ පුදුම වේවි, අහිමි ආදරයක් හමුවේ වියරු වැටෙන්නාවු මිනිස් සිතක සත්‍ය ස්වරූපය ඔබගේ සියැසින් දුටුවහොත්…

වසර ගණනාවකින් සිය පියාව නොදුටු, මව් පදවියෙන් පිදුම් ලැබීමට නියමිතව සිටින්නාවූ විදේශගත තරුණියක්… සිය ප්‍රාණ සමවූ දියණියව නැවත සිය මව් රට බලා කැඳවාගෙන ඒමට විදේශ ගතව සිටින්නාවූ ආදරණීය මවක්… වසර ගණනාවකින් නොදුටු සිය ආදරණිය දියණියගේ වත දැකගැනීමේ අවිහිංසක බලාපොරොත්තුවෙන් පිරී ඉතිරී ගොස්, ගුවන් තොටුපලට වී සිය ආදරණීය බිරිඳ සහ දියණිය නැවතත් සිය ඇස් මානයට පැමිණෙන තුරු පෙරුම් පුරමින් බලා සිටින්නාවූ රෝමන්…

සිය ආදරණීය බිරිඳට සහ හුරතල් පුතුට, සිය ප්‍රාණය දෙවැනි කොට ආදරය කරන්නාවූ ජේක්… ඉතාමත් භාරදූර වගකීමක් දරමින්, ගුවන් තොටුපලේ ගුවන් යානා මෙහෙයුම් පාලන මැදිරියේ සේවය කරන්නාවූ මොහු තවත් දවසක් සඳහා සුපුරුදු පරිදි සිය වැඩ රාජකාරි බාරගනු ලබනවා. නමුත්, මොහු සිහිනෙන් හෝ නොසිතන්නට ඇති, තම ජීවිතයේ වඩාත්ම භයංකාරම දවස වන්නේ අද බව…. ඔහුගේ නොවන, ඔහුගේම වරදක් නිසා, අති විශාල ජීවිත සංඛ්‍යාවකට අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව…

තත්පරයක කාල සීමාවක් තුලදී සියල්ල තීරණය වෙනවා. යලිත් නිවැරදි කර නොහැකි අයුරින් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වෙනවා. සමස්ථ ගුවන් ගැබම කම්පා වී යනවා. සිදුවූ විනාශය හමුවේ මහ පොලව කම්පා වෙනවා. සීතලට ගල් ගැහුණු භූමි මාතාව, සුන්බුන් වලින් වැසී යනවා. රුදුරු සීතල හමුවේ ගලන්නාවූ රුධිරය කැටි ගැසී යනවා. නමුත් සත්තයි… දහසක් වූ දෙනෙත් තුලින් තම ආදරණීයන් වෙනුවෙන් නොනවත්වා ඇද හැලෙන්නාවූ කඳුළු ගංගා නවතාලීමට තරම් ශක්තියක් සොබාදහම් මාතාවට තිබුනේ නැහැ. සිදුවූ ඛේදවාචකය හමුවේ, සමස්ත ලෝකයක්ම හඬා වැටුණා. සමහර පුද්ගලයින් මානසික රෝගීන් බවට පත්වුණා.

අසුවන්, දුටුවන් ශෝකාග්නියේ ගිල්වමින්, ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ තවත් නොමැකෙන අඳුරු ඛේදවාචකයක් පදනම් කරගනිමින්, Drama සහ Thriller කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වන දින නිකුත් කරන ලද සිනමා වෘතාන්තයක්… ඇමරිකානු ඩොලර් මිලියන 10.5 ක බරපැනක් දරමින් නිර්මාණය කරමින්, Arnold Schwarzenegger තුලින් මීට පෙර කිසිදා ඔබ අත්නොදුටු රංගන කෞශල්‍යකින් හැඩ වැඩ ගැන්වුණු හදවත ශෝකයෙන් පුරවාලන සිනමා නිර්මාණයක්… ඔබ සංවේදී නොවෙන්න පුළුවන්… නමුත් ඔබටත් නොදනී, ඔබේ ඇසටත් කඳුළු බිඳක් හෝ උනාවී. එසේනම්, ආදරය අහිමි වීමෙන් වියරු වැටුණු මිනිසෙකුගේ සංවේදී කතා පුවත ඔහු සමගින් බෙදා හදා ගැනීමට සහෘද ඔබ සැමට අවසරයි සෙනෙහෙ සිතින්…

ප. ලි. – නොසිතූ මොහොතක මෙම චිත්‍රපටය උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබාදුන්, හසන්ත සොයුරාට විශේෂ ස්තුතිය.

 

 

Aftermath (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Aftermath.2017.720p.BluRay.x264.DTS-CHD

ලබාදී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

10,111 downloadsDownload Aftermath-2017-BR.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

10,111 downloadsDownload Subtitles36 KB

40 comments

  1. hasitha

    Sabata yaja sisila

  2. thisal

    thanks

  3. prasheen

    Thank You Sahoo..Logan 2017 BR update ekath dennako..

  4. jaya

    Thanks Sub ekata !! jaya wewa Bro

  5. හේමන්ත

    Thank You මල්ලි...

  6. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    BR ආව ගමන් update එකක් දෙන්න සහෝ.
    ජය වේවා..බුදුසරණයි..!

  7. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..keep it up...jaya wewa……

  9. සංජු

    Sisila saho bohoma sthuthi...
    Kong skull island ekatath ikmanta sub dennako baiscopelk team eka.

  10. කසුන් මධුශංඛ

    ස්තූතියි සහෝ

  11. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!

  12. Gathsara Umesh Kumara

    Bohoom sthuthiy shooo

  13. maheshbabu

    thank's for sub bro....
    KUTTRAM 23 Tamil Movie ekata sub dennako

  14. අසිත

    elama saho thanks

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. Chamika Harischandra

    Can't find the torrent link!!!!! whre can I?

    1. හසිත මධුෂාන්

      baiscopedownloads එකේ තියනවා.
      තව xmovies8 එකෙනුත් ඩිරෙක්ට් ගන්න පුලුවන්.
      ටොරන්ට් ඕනෙ නම් thepiratebay එකේ තියනවා.
      yify-torrent එකෙත් තියනවා.

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජය්ම වේවා...!!

  19. Eranda

    Hyper තෙළිඟු film ekata sub eka denna barid.bro.pls

  20. Ravin

    Thanks for the sub

  21. Tharidu Sagara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    aniwa olanawa oyage pariwarthanayak nisa onna mama gaththa
    link aka mage sait ake
    jaya wewa

  22. චින්තක

    හම්මේ ආර්නෝල් අයියනේ ඉන්නේ.බලන් නැතුව කොහොමද ඉතින් . ජයවේවා ප්‍රසාද් කොලුවෝ ...

  23. රොයිලි

    මේක නොබල කොහොමද? බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. buddi

    Thanks.............

  25. dana

    thanks brooo

  26. pramuk

    thanxxxx bro

  27. dilan lakmal

    Niyamai sisila aiya.sub ekata thanks .film eka download wenna demma .balala kiyannam.

  28. silent$

    Thnxxxxxx

  29. Bilesha Jayathunga

    Thanks For Sub!!!!

  30. sameera

    Blu ray copy eka awa neda

  31. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  32. Nishan

    Thanx bro

  33. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  34. maxxx

    thanks

  35. Dasitha147

    bohoma sthuthie saho upasirasi genwima pilibandawa jaya

  36. tv malli

    boma isthuthi sub ekata....

  37. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  38. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  39. btelgalle

    biscopedownload wada nane