මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත ව…
මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන මම කලින් කරපු “ American Beauty (1999) ආදරය සුන්දර වරදකි…කිසිදා සමාවක් නම් නැති…. ” සිනමා සිත්තමේ උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ උන අසංක ප්‍රදීප් රණතුංග සහෝ ටත්.
මේ පාර උපසිරැසිකරනයට තෝර ගත්තේ දෙවන ලෝක යුධ සමයේ දියත් කල සුපිරි මෙහෙයුමක සත්‍ය කතාව පදනම් කර ගනිමින් 2016 වසරේ නිමැවුන IMDb දර්ශකයේ 7.2 ඉහල අගයක් ලබාගත් සම්මානනීය සිත්තමකුයි. මේකේ කතාව මුලුමනින්ම දිවෙන්නේ එවකට නාසි ජර්මනියේ තුන් වන බලවත්ම පුද්ගලයා වූ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්‍රිච් “SS General Reinhard Heydrich” ( SS බලකා ප්‍රධාන අණදෙන නිලධාරී / The Butcher Of Prague-ප්‍රාග්හි මස් වැද්දා ) ඝාතනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත ඒකකය (British Special Operations Executive)විසින් දියත් කල අති සූක්ෂම මෙහෙයුම වටායි.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් ජෝසෆ් ගැබික් (Jozef Gabčík) ජාන් කූබිස් (Jan Kubiš) කියන්නේ ඇන්ත්‍රොපොයිඩ් කියන අතිශය රහසිගත මෙහෙයුම වෙනුවෙන් ජර්මන් පාලනය යටතේ තිබුනු චෙකෝස්ලෝවේකියාවට පැරචුට් මගින් ගොඩ බසින කමාන්ඩෝ සෙබලුන් දෙන්නෙක්. නමුත් ගුවන් නියමුවාගේ වරදක් නිසා ඔවුන් නියමිත ස්ථානයට වඩා කිලෝමීටර් 30ක් විතර ඈතින් තමයි ගොඩ බහින්නේ. නමුත් දහසකුත් බාධා සහ පාවා දෙන්නන් මැද ඔවුන් කෙසේ හෝ දේශීය සටන්කාමීන් සමග එක් වෙනවා. එතැන් පටන් තම මෙහෙයුම වූ ජනරාල් වරයා ඝාතනය කිරීම වෙනුවෙන් අතිශය සූක්ෂමව සැලසුම් සකස් කරනවා. අවසානයේ කුමක් සිදු වේවිද? ඔවුන් ජනරාල්වරයා ඝාතනය කරාවිද? නැත්නම් ජනරාල්වරයාගේ සන්නද්ධ ආරක්ෂකයන් අතින් ඔවුන් මැරුම් කාවිද?
මමම ඒකට උත්තරේ දෙන්නම්, මෙහෙයුම සාර්ථක වෙනවා. ජනරාල්වරයා ගමන් ගන්නා මාර්ගයේ මග රැක සිට එල්ල කරන ක්ෂණික ප්‍රහාරයකින් ජනරාල්වරයා බරපතළ තුවාල ලබනවා. පසුව ඒ තුවාළ හේතුවෙන්ම ඔහු මිය යනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය විශේෂ ක්‍රියාන්විත ඒකකය විසින් දියත් කර සාර්ථක වූ මේ වර්ගයේ එකම මෙහෙයුම. ඒ වගේම දෙවන ලෝක යුද සමයේ ඝාතනය වූ ඉහලම හමුදා අණදෙන්නා වෙන්නේ ජනරාල් රෙයින්හාර්ඩ් හයිඩ්‍රිච්. එතැනින් පස්සෙ තමයි හොදම ටික පටන් ගන්නේ. මොකද තමන්ගෙ පාලන ප්‍රදේශෙටම ඇවිත් එල්ල කරපු මේ ප්‍රහාරය නිසා ජර්මානුන් වියරු වැටෙනවා. ඒ වගේම ප්‍රහාරයට සම්බන්ධ උන කමාන්ඩෝ සෙබලුන්ට ප්‍රහාරයට හොඳ සැලසුමක් තිබුනත් ඊට පස්සේ පලා යන්න සැලසුමක් තිබුනේ නෑ. මොකද ඒ ප්‍රහාරෙන් පස්සේ තමන්ගේ ජීවිත බේර ගන්න එකට වඩා මෙහෙයුමේ සාර්ථකත්වය තමයි ඔවුන්ට වටින්නේ. එතනින් පස්සෙ කතාවනම් මම කියන්නෙ නෑ මොකද ඒක වචනෙන් කියන්න බැරි තරම් සුපිරි නිසා. ඔවුන් ජර්මානුන්ගේ අතට හසු වේවිද? වීරයන් මෙන් මිය යාවිද? නැතිනම් තවත් සූක්ෂම සැලසුමකින් නිරුපද්‍රිතව පලා යාවිද? මේ හැමදේටම උත්තර හොයාගන්නත් එක්කම මේ සුපිරි සිනමා සිත්තම රස විදින්න ඔය හැම දෙනාටම ආරාධනා කරනවා.
මේ මෙහෙයුම ගැන වැඩි දුරටත් විස්තර දැන ගන්න කැමතියි නම් පොඩ්ඩක් ” Operation Anthropoid ” කියලා google සර්ච් කරලා බලන්න. පුදුම හිතෙන විස්තර ටිකක් දැක ගන්න පුලුවන් වේවි. මේ තියෙන්නේ ඒ සිදුවීමට අදාල සත්‍ය චායාරූප කීපයකුයි.

තවත් සුපිරිම සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් නැවත හමුවෙමු……

Due to copyright issues, we do not provide any torrent links.
Anthropoid.2016.720p.BRRip.x264.AAC-ETRG
Anthropoid.2016.720p.BRRip.x264.AAC-SUJUS
Anthropoid.2016.LIMITED.BDRip.x264-DRONES
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,212 downloadsDownload Anthropoid-2016.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Hasitha-M.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
48 comments
Indika
Udara Damith B/K
ela
gehan
ela machn
darshi
thanks brother
thilina
elama elama ah
puluvnm mekta sub denako sinhala sub
Tactical Force[2011]BRRip XviD-ExtraTorrentRG
හසිත මධුෂාන්
මම දැනට බාර ගත්තු සබ් කීපයක් තියනවා සහෝ. ඒ වෙනකොටත් මේකට සබ් එකක් දාල නැති උනොත් මම අනිවාර්යයෙන්ම දෙන්නම් සහෝ.
sam
thanks
අසිත
elama saho thanks
Gamage
SUperrb...
Thanks machan Sub EkataSaranga Liyanagama
Thanks bro
Asiri
සබ් වලට ස්තූතියි සහෝ.ඒත් කෝ Requiem For a Dream ?
හසිත මධුෂාන්
මට සමාවෙන්න සහෝ... "Requiem For a Dream" එකේ වැඩ ඉවර කර ගන්න බැරි උනා. මට ආයෙම නිවාඩු වෙලාවක් ලැබෙන්නෙ මැයි මාසෙ 4න් පස්සෙ. අනිවාර්‍යයෙන්ම ඊලගට මම ඒක දෙන්නම්. ඒ වගේම ආසිරි සහෝ කියපු "Donnie Darko" සබ් එක කරන්න බාර ගත්තු කෙනා කරන්නෙ නෑලු. මම ඉක්මනටම ඒකත් දෙන්නම්.
Dinesh Sanjeewa
no problem.take you time..
Asiri
ඒක අවුලක් නෑ සහෝ.ඔයාට පුලුවන් විදිහට සබ් දෙන්න.
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Waruna Kamalawansha
දෙවන ලෝක යුද්ධයේ සත්‍ය කතා කියන්නේ ඉතින් කියලා වැඩක් නැ..... බොහොම ස්තූතියි මෙවන් කතා අපිට සිංහලෙන් ගේනවාට.....
mithun
සුපිරි කතාවක් වගේ අරගන්නම්.. ලිපියට අස හිතුන ස්තුතියි ගොඩක් සහෝ
Dinesh Sanjeewa
නියමයි..මචන්..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය්ම වේවා...!!Shani
Thkuuuuuuuuuuuu
Sajeeva Padmasiri
niyama vadak bro..oya wadak kaloth ithin watina wadak thamai.
kalin film ekath maxxxa meekath e..wagema athi...thanks a......Sanath Perera
thanks machan sub ekata...
thawath me wage supiri film ekakata sub aran enna...
jayen jaya...චින්තක
ෂා නියම නාසි ෆිලුමක් නේ බන් . මෙන්න බාගත්තා .... ජයවේවා මා පුතී ....
රොයිලි
සුපිරි මෙහෙයුමක්නේ මේක. අනිවා බෑමක්. ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
Chanaka Thilakarathna
හැකිනම් මෙහි ප‍්‍රථම සලරුව වන ඔපරේෂන් ඩේ බේ‍්‍රක් මෙයට සමගාමිව දෙන්න බලන්න...
Akalanka
Thnx Bro.......
Jeewantha
බොහොම ස්තුතියි. මම හිතුවේ ලෝක යුද්ධ සම්බන්ධ ෆිල්ම් මම බලලා ඉවරයි කියලා. මේ වගේ ෆිල්මි දිගටම ගෙන එන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!
nirosha
මමත් මේ වගේ ඉතිහස කත බලන්න කැමතියි. සබට තෑන්ක්ස්
Amila Mudalige
Sub ekta Thanks saho
suwantha darshana
aiye mewage lokayudda katha thawa one mewa tharan supiri film thawath na mata nan....mama loka yudda pissek..
Nchamara
Thanks
dana
sub 1ta thanks bro. niyma wedak
Dulanga
Thanks
kasun sandaruwan
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)thisan
thx
ricado
thank you for the sub hasitha madushan , meka mama balapu supiri movie ekak, tks again & god bless u........
S.H.
Subata thnx sahoo.. Jaya wewa..!!
jayaranga Buddhika Abeynayake
sub 1ta thanks bro.
thanks bro
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Nirosha Nirosha
thanks...
Udaya Fdo
Thank you
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
නිමේෂ් කාවින්ද
Saving private ryan , Pearl harbour , Hacksaw ridge , Eternal Zero , Fury , Inglorious bustards , Dawnfall වගේම සුපිරිම කතාවක් තමයි මේකත් . උපසිරැසිය ලබා දීම සම්බන්ධයෙන් මම ඔබට හදවතින්ම ස්තූති කරමි !
Sasanka sathyajith
Thanks for the sub
Akila Dilhara
Thanks Brother...
Advertisement

ස්තුතියි සහෝ සබට...............!