එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ Love Aaj Kal 2009. අද අරගෙන ආවේ 2012 වරිෂයේ තිරගත වුනු film එකක්. නම තමයි Agneepath. ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට […

එහෙනම් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මාත් මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය අරන් අවා. පලවෙනි වැඩේ උනේ Love Aaj Kal 2009. අද අරගෙන ආවේ 2012 වරිෂයේ තිරගත වුනු film එකක්. නම තමයි Agneepath. ගොඩක් අයට මේ ෆිල්ම් එකේ නමට වඩා මෙහි ඇති සින්දු ටික නම් කනට හුරු පුරුදු ඇති. ඒත් සිංදු ටික හුරු පුරුදු වුනත් හුගක් දෙනෙක්ට මිස් වුන චිත්‍රපටියක් තමයි Agneepath කියන්නේ. මේ චිත්‍රපටියට IMDB 6.9 ඉහල ප්‍රෙක්ශක ප්‍රතිචාරයක් හිමි වෙලා තියනවා. Karan Malhotra, 2015 වසරේ නිකුත් වුන Brothers චිත්‍රපටියේ අධ්‍යක්ෂක වරයා. ඔහු තමයි මෙම චිත්‍රපටියත් නිර්මානය කරන්නේ. ඒ 1990 නිකුත් වුන අම්තාබ් බච්චන් විසින් රනගනයෙන් දායක වුනු ච්ත්‍රපටක ප්‍රති නිර්මානයක් ලෙසින් 2012 වසරේ Agneepath චිත්‍රපටය ප්‍රෙක්ශකයා අතරට එන්නේ.
මෙම චිත්‍රපටියේ චරිත ගැන, එහෙමත් නැති නම් නලු නිලියෝ ගැන කිව්වොත්, මෙහි ප්‍රධාන චරිතටය පන පොවන්නේ අපි කවුරුත් දන්න අපේ හිටපු අගමැති තුමගේ වචනයෙන් කිව්වොත් හිරිකිති රෝශන් 😛 හෙවත් Hrithik Roshan (Vijay Deenanath Chauhan) සහ අපි කවුරුත් ආදරය කරන Sanjay Dutt (Kancha Cheena) ඔහු ගැන ඔහුගේ රංගනය ගැන අයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. පහුගිය අප්‍රියල් මස 30 වෙනිදා රසික පිරිස් කම්පාවට පත් කරමින් අප අතරින වෙන් වුනු විශිශ්ට ගනයේ රන්ගන ශිලිපියෙක් වන Rishi Kapoor ද මෙම සිනමා සිත්තමට (Rauf Lala) ගේ චරිතයෙන් පන පොවයි. ඒ වගේම Priyanka Chopra ( Kaali Gawde ) චරිතයටත් පන පොවනව.
ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනා මේකේ එන විශේෂිතම දෙයක් තමයි ITEM SONG එක කියල කිව්වොත් නිවැරදියි මන් හිතන්නේ. හුගක් දෙනෙක් දන්න, ජනප්‍රිය Chikni Chameli සින්දුවට Katrina Kaif නර්තනයෙන් දායක වෙලා තියනවා, ඒ විතරක්ම නෙමෙයි මේ ච්ත්‍රපටයේ ලස්සන සින්දු කිහිපයක්ම තියනවා, ඒ සිංදුවලට උපසිරසි ලබා දුන්නේ අපේ MTR තරිඳු රුක්ෂාන් සහෝදරයා. එයාටත් ඒ සඳහා ස්තුතිය පිරිනමනවා. එවාත් හොදට රස විදින්නකෝ එහෙනම්.
අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඔනේ. Hrithik Roshanගේ මම බලපු ච්ත්‍රපට වලින් උඩින්ම තියන්න පුලුවන් චිත්‍රපටක් තමයි Agneepath කියන්නේ, මෙම ච්ත්‍රපටයට සම්මාන රැසකටම හිමිකම් කියනවා වගේම පසුගිය දශකයේ නිකුත් වූ රිතික් රෝෂන්ගේ ෆිල්ම් අතරින් යහපත් ආදායම් වාර්ථාද තියපු ච්ත්‍රපටක්. Zee Cine Awards, IIFA Awards, Stardust Awards, Mirchi Music Awards ආදී සම්මාන උළෙලවල් හිදී සම්මාන රැසකටට උරුම කම් කියන්න යම්කිසි හෙතුවක් ඇතිනේ, බලලම තීරනය කරන්නකෝ. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම මෙන්න මේකයි වෙන්නේ.
“ඉන්දියාවේ එක්තරා පුන්චි ගම්මානයක් තියනවා මාන්ද්වා කියලා, ඒ ගමේ හැම හොද වැඩකදීම වගේම ගමට නපුරක් නරක් සිද්ද වෙනව නම් ඒ හැම මොහොතකදීම තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා ඉදිරිපත් වෙන ගමේ ගුරුවරෙයෙක් එහෙමත් නැත්නම් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඔනෑම තැනක හොදක් කරන්න ගියොත් එතනට කෙලින එකෙක් ඉන්නවනේ අන්න ඒ වගේ කාන්චා කියන චරිතේ ඒ ගමට එනවා, ඔහු එම ගමේ ආධිපත්‍යය පතුරවාගන්න ඔන නිසා ගුරුවරයට විරුද්ධව ගමේ මිනිස්සුන්ව කුපිත කරවලා ඔහුව වැරදි දේකට අසු කරල මරල දානව. එම ගුරුවරයාගේ පුතා තාත්තා මරපු පලිය ගන්න අවුරුදු 15 ක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඉතිං දීර්ඝ කාලීනව එම සිදුවීම වටා ගොඩ නැගුනු කතාවක් තමා අග්නිපත් කියන්නේ. ඊට වැඩිය කතාව කිව්වොත් ෆිලුම බලන එකෙන් වැඩක් වෙන්නෙ නෑනේ, ඒ නිසා මෙතැන් සිට ඔබට බාරයි. 🙂 “
“දුර්වලයන්ට කියන්න බැහැ අපි බලවතුන්ට සමාව දෙනව කියල.
ඒ වෙනුවට, දුර්වලයන් බලවත් වෙන්න ඕන..”
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
9,058 downloadsDownload Agneepath-2012.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සහේෂ් හෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සහේෂ් හෂාන්
Subtitles
23 comments
Anonymous
Anonymous
thanks for sub. keep it up bro...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
yohan
thanks. aluth hindi film walata sub dennako.
geeganagamage
බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ ගොඩාක් වටිනා හින්දි ෆිල්ම් අපි සැම වෙනුවෙන් අරගෙන එනවට . අනේ මේ වගේම
Ab Ke Baras 2002 , Koi Aap Sa 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Anonymous
ammo, thada thada aaa...
Asiri Priyantha (Hewa)
me mama aa
Nilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Kohenda film aka download karaganne
Anonymous
biascope download site eken
indika75
thanks..
Kasun
Torrent link aka nathuwa.subtitles tibbata api kohomada film aka download karaganne
විමා
බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස්.co
yohan
baiscopedownloads.co site eken baganna
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
බිම්බිෂ
උපසිරැසියට ස්තුතියි හෂාන් සහෝ
ඉදිරි ගමනට සුබ පැතුම්!Vishwa sasanka
Thank you
Priyal Rathnayaka
කොහොමද ෆිල්ම් එක ගන්නෙ
Udara chinthaka
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
great hindi movie