ඔන්න ඉතින් මගේ තුන් වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ 2021 ආපු Ainbo: Spirit of the Amazon කියන චිත්‍රපටිය. මේ 3D Animation චිත්‍රපටිය IMDb දර්ශකයේ ලකුණු 4.7ක් සහ Cineman දර්ශකයේ ලකුණු 2.4/5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jose Zelada සහ Richard Claus විසින්. ඒවගේම Yeni Àlvarez (ලිසෙන…

ඔන්න ඉතින් මගේ තුන් වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ 2021 ආපු Ainbo: Spirit of the Amazon කියන චිත්‍රපටිය. මේ 3D Animation චිත්‍රපටිය IMDb දර්ශකයේ ලකුණු 4.7ක් සහ Cineman දර්ශකයේ ලකුණු 2.4/5 ක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jose Zelada සහ Richard Claus විසින්. ඒවගේම Yeni Àlvarez (ලිසෙනි), Lora Raie (ඒන්බෝ), Dino Andrade (ඩිලෝ), Thom Hoffman (ඩෙවිට්) වගේ අය හඬකවන්න දායක වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම් මේක ගෙතිලා තියෙන්නේ ඒන්බෝ කියන ළමයෙක් වටා. එයා ජීවත්වෙන්නේ ඇමේසන් වනාන්තරයේ කන්ඩාමෝ කියන ගමේ. එයාගේ හොඳම යාළුවා තමයි ගමේ නායකයා වන සුමී. කන්ඩාමෝ ශාපයක් නිසා මියයමින් තියෙන ගමක්. ඒ ශාපය තමයි යකුරුනා කියන වන රාක්ෂයා. සුමීටයි ඒන්බෝටයි ඕන මේ ශාපය හොඳ කරන්න. දවසක් ඒන්බෝට එයාගේ ආත්මීය මඟපෙන්වන්නන් කියලා දෙන්නෙක් හම්බවෙනවා. ආත්මීය මඟපෙන්වන්නන් කරන්නේ අවශ්‍ය අවස්ථාවලදී කරන්න ඕන මොකක්ද කියලා කියන එකයි. ඒ ආත්මීය මඟපෙන්වන්නන් මෙයාට කියනවා ශාපය හොඳ කරන්න පුළුවන් ගහක මුලක් ගැන. ඒත් එයාලා හරියටම දන්නේ නෑ ඒක තියෙන්නේ කොහේද කියලා. මේක නිසා ඒන්බෝ යනවා ඒක ගැන දන්න කෙනෙක්ව මුණ ගැහෙන්න. මේ අතරේ ඇටොක් කියන දඩයක්කාරයා ඒන්බෝ හොයාගෙන එනවා. එයා හිතාගෙන ඉන්නේ ඒන්බෝ තමයි ශාපය කියලා. ඒත් එයාට ඒන්බෝ අල්ලගෙන තියාගන්න හම්බවෙන්නේ නෑ, ඒන්බෝ පැනලා යනවා. මේ අතරේ ඇටොක්ව නවත්තන්න ආව සුමී ඇටොක්ව හොයාගන්නවා. හැබැයි ඇටොක් ඉන්නේ තනියම නෙමෙයි. ඇටොක් එක්ක එන්නවා ඩෙවිට් කියලා සුදු මිනිහෙක්. එයා බටහිර වෛද්‍යවරයෙක්. එයා එකඟ වෙනවා ශාපය හොඳ කරන්න එයාට රත්තරන් දෙනවා නම්. සුමී එකඟ වෙලා එයාව ගමට එක්ක යනවා. ෆිල්ම් එක අවසානයේදී හෙලිවෙනවා ඩෙවිට් කියන්නේ ඇත්තටම කවුද කියලා. ඉතින් ඊළඟට මොනවා වෙයිද? ඩෙවිට් ශාපය හොඳ කරයිද? ඒන්බෝට ගහේ මුල හොයාගන්න පුළුවන් වේවිද? ඩෙවිට් කියන්නේ ඇත්තටම කවුද? එයාට ඒන්බෝ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ෆිල්ම් එක බලලම දැනගන්න.
සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. ආයෙමත් මේ වගේ උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු. සුබ දවසක්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,323 downloadsDownload Ainbo-Spirit-of-the-Amazon-2021.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
22 comments
Anonymous
Anonymous
නියමයි සහෝ!
Pramod
Thanks bro sub ekata jaya weva.
Ishira
Thanks puluwanda Vivo 2021 film ekata sinhala sub දෙන්න Vivo 2021 Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Roshan
Tnx bro...Good Luck...Stay Safe...
Ashan
සබට ගොඩාක් ස්තූතියි
Kavindya wanniarachchi
ඊළඟ කතාවත් ඉක්මනින්ම දාන්න!!!!❤️❤️
MAALNATH
Thanks.....good luck..........
හංසිනී
Thanks සහෝ...vivo 2021 film 1ටත් sub දෙන්නකෝ...
Anonymous
the kissing booth 3 ඕනේ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
Vivo (2021)
Color Out of Space (2019)Achi
බොහොම ස්තුතියි සබ් එකට
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
indika 75
thanks..
Nilush Angana
Sub ekata thanx
මදුෂ් කුමාර්
ස්තුතියි සහෝ
Netfilx eke රීලිස් උන the loud house movie එකට සබ් එක හදන්නකෝ ප්ලීස්.Lahiru Lakshan
thanks machn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
puluwan nam jurassic world camp cretaceous ekatath sub dennako...