ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම The 3rd Eye චිත්‍රපට මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේක මීට කලින් දෙන්න බැරි උන එකට සමාවෙන්න කලින් භාර ගත්ත උපසිරැසි ටිකක් ඉවර කරපු නිසා මේක පොඩ්ඩ්ක් පරක්කු උනා. ඔයාලා කලින් චිත්‍රපටය The 3rd Eye : AKA Mata Batin (2017) බැලුවනම් දන්නවා ඇතිනේ මේක ඉන්දුනීසියානු චිත්‍රපටක්…

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම The 3rd Eye චිත්‍රපට මාලාවේ දෙවෙනි කොටස අරගෙන ආවා. මේක මීට කලින් දෙන්න බැරි උන එකට සමාවෙන්න කලින් භාර ගත්ත උපසිරැසි ටිකක් ඉවර කරපු නිසා මේක පොඩ්ඩ්ක් පරක්කු උනා. ඔයාලා කලින් චිත්‍රපටය The 3rd Eye : AKA Mata Batin (2017) බැලුවනම් දන්නවා ඇතිනේ මේක ඉන්දුනීසියානු චිත්‍රපටක් කියලා. අනිත් එක මේකට පෙර ෆිලුම නොබලා මේක බලන්න එපා කියලා කියන්නත් ඕන. අද මම ගෙනාපු The 3rd Eye 2: AKA Mata Batin 2 (2019) කියන චිත්‍රපටය 89%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, හොල්මන් චිත්‍රපට වලට සාමාන්‍යයෙන් නොලැබෙන 5.5ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2019 ජනවාරි මස 17 නිකුත් උන මේ ෆිලුම Horror/ Thriller යන කාණ්ඩයන්ට අයත් වෙනවා. මේ චිත්‍රපටයත් පෙර චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Rocky Soraya විසින්ම සිදු කරලා තියෙනවා. ඒ වගේම සුපුරුදු විදියට Jessica Mila ආලියා ලෙසත්, Bianca Hello අබෙල් ලෙසත්, Citra Prima වින්ඩු නෝනා ලෙසත් නව චරිත ලෙසට Sophia Latjuba ලක්ස්මි ලෙසත්, Jeremy Thomas ෆඩ්ලි ලෙසත්, Nabilah Ratna නාඩියා ලෙසත්, Hadijah Shahab දර්මා ලෙසත් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා. මේ චිත්‍රපට දෙකටම පාදක වෙලා තියෙන්නේ ඉන්දුනීසියානු ජනප්‍රවාදයක්. ඒ ජනප්‍රවාදයයට අනුව ලෝකයේ සෑම පුද්ගලයෙක්ම ඉපදෙන්නේ විශේශ බලයක් සහිතවයි. ඒ තමයි 3rd Eye එහෙමත් නැත්තම් “තෙවෙනි ඇස” කියන සුවිශේශ හැකියාව. මේ තෙවෙනි ඇස විවෘත වෙන ඕනෑම පුද්ගලයෙකුට මළවුන්ගේ ලෝකය සහ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. මේ තෙවෙනි ඇස විවෘත වීමේ හැකියාව ඇතැමුන්ට උපතේදිම ලැබෙනවා වගේම සමහරුන් මිය යන තෙක්ම මේ හැකියාව ලබා ගන්න අපොහොසත් වෙනවා. තෙවෙනි ඇස විවෘත උන අයට මළවුන් දකින්නත් ඔවුන් හා සන්නිවේදනය කරන්නත් හැකියාව ලැබෙනවා.
කලින් චිත්‍රපටයේ කතාව මතක් කලොත් තම දෙමව්පියන්ගේ හදිසි වියෝවෙන් තනි උන “ආලියා” සහ “අබෙල් ” කියන සහෝදරියන් දෙදෙනා තමන්ගේ පැරණි නිවසට නැවත පදිංචියට එනවා. ඔවුන්ගේ තනියට එයාලා එක්ක ආලියාගේ පෙම්වතා වෙන ඩේවිනුත් මේ නිවසට එනවා. නිවසට ආපු දවසේ ඉඳන් එයාලා ඉන්නේ තනියම නෙමෙයි කියලා මේ අයට තේරෙන්න ගන්නවා. එන්න එන්නම නිවස ඇතුලේ අද්භූත සිදුවීම් වැඩි වෙන නිසා මෙයාලා වින්ඩු කියන පූජකවරියගේ උදව් හොයාගෙන යනවා. ආලියාට සහ අබෙල්ට කුඩා කාලයේ ඉඳන්ම මේ තෙවෙනි ඇස කියන සුවිශේශ හැකියාව තියෙනවා කියලා වින්ඩු පහදලා දෙනවා. ඒ වගේම මෙයාලගේ ගෙදර මීට කලෙකට කලින් වාසය කරපු පවුලක්ව අමානුෂිකව ඝාතනය කරලා තියෙන බවත් එයට යුක්තිය ඉල්ලා මේ ආත්ම නිවසේ සැරිසරනවා කියලත් මෙයාලා හොයාගන්නවා. මේ ආත්ම කොහොමහරි ආලියාගේ ඇඟට ආවේශ වෙලා මේ ඝාතන වලට වගකියන්න ඕන උද්‍යාන පාලකයාව මරනවා. ඒ වගේම මේ ආත්ම අබෙල්ගේ ආත්මෙත් එයාලගේ ලෝකෙට අරගෙන යනවා. මේ වෙලාවේ තමයි ඩේවිනුත් හදිසි අනතුරකින් මියගිහින් ඒත් ඒ බව නොදැන තාමත් මේ ලෝකේ ඉන්න ආත්මයක් කියලා වින්ඩු එළිකරන්නේ. ආලියා, ඩේවින් එක්ක මළවුන්ගේ ලෝකෙට ගිහින් අබෙල්ව බේරගෙන එනවා වගේම ඩේවින්ට ස්වර්ගයට යන්නත් උදව් කරනවා. පසුව තෙවෙනි ඇසේ හැකියාවෙන් අබෙල් සහ ආලියා මළගිය ආත්ම වලට උදව් කරමින් කාලය ගෙවනවා. අවසානයේ අපි දැක්කේ මීරා කියලා ආත්මයක් උදව් ඉල්ලගෙන අබෙල්ගේ පස්සෙන් එන විදියයි.
මේ කතාව පටන් ගන්නේ මීරා කියන ආත්මයට ආලියා අහ අබෙල් උදව් කරන්න සූදානම් වෙන විදියෙනුයි. මෙයාලා හිතපු තරම් ඒක ලේසි වෙන්නේ නෑ වගේම අබෙල්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. මේ බිහිසුණු අභිරහස මොකක්ද ? අබෙල්ට මොකද වෙන්නේ ? ආලියාට මොකද වෙන්නෙ කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. මේ චිත්‍රපටයේ තවත් කොටසක් The 3rd Eye 3 නමින් නිකුත් කරන බවට අදහසක් තිබුනත් කෝවිඩ් 19 වසංගතය නිසා ඒක කල් යන බවක් තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ලෝබ නැතුව කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඔයාලා හැමෝමගෙන්ම ඉල්ලනවා. ඉක්මනටම Covid-19 උවදුර තුරන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,402 downloadsDownload The-3rd-Eye-2-2019.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
18 comments
ශාමල් මනෝජන්
Hasitha Madush
Thank you යුරාන් සහෝ..!!! මේක පට්ට ෆිලුමක්..හැමෝම බලන්න.
Anonymous
Niyamai bn
Palaweni ekath bluwaAnonymous
Digtma me wage sub nodeepu horror,thriller type ewa denna
Eranda
Thanks mchn
Denkn bln hityeKushan
Sub akta thanks
Anonymous
thank bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ram
thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thushara
Thanks bro...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request:
Vivo (2021)
Color Out of Space (2019)Anonymous
Pattai kollo
Anonymous
Thwa mewwa denna
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
The Tag-Along 3: The Devil Fish - 2018 චිත්‍රපටයටත් හැකිනම් සබ් දෙන්න සහෝ.