Watch Trailer

Angamaly Diaries (2017) Sinhala Subtitles | අංගමාලි දිනපොතෙන් [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම ගෙනල්ලා තියෙන්නේ ‘මලයාලම්’ චිත්‍රපටියටයක්. ඒ වගේම, මලයාලම් චිත්‍රපටියටයක් සඳහා බයිස්කෝප් වෙබ් අඩවියට පිරිනමන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතිය…

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? ඔබ සියලුදෙනා හොඳින් ඇති කියලා මම සිතනවා. මේ වතාවේ මම ගෙනල්ලා තියෙන්නේ ‘මලයාලම්’ චිත්‍රපටියටයක්. ඒ වගේම, මලයාලම් චිත්‍රපටියටයක් සඳහා බයිස්කෝප් වෙබ් අඩවියට පිරිනමන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. කලින් මම සිංහල උපසිරැසි කළ ‘The Eight Hundred’ ෆිල්ම් එක කට්ටියම නරඹන්න ඇති කියලා මම හිතනවා. ෆිල්ම් එකකට සිංහල සබක් බාගන්න බයිස්කෝප් එකට ගියාම ඒ ෆිල්ම් description එකේ පහළ තියෙන comment එකක තමයි මේ ෆිලුම ගැන සඳහනක් කරලා තිබුණේ. පසුව ඒ ගැන සොයා බලද්දි , මේක මලයාලම් ෆිල්ම් එකක් නිසාත් බයිස්කෝප් වෙබ් අඩවියේ මේ දක්වා තවමත් මේක කවුරුවත් කරලා තිබුණේ නැති නිසාත් මම චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසියක් දෙන්න තීරණය කළෙමි.

ෆිල්ම් එක පැත්තට හැරුණොත් , මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ‘පෙපේ’ නම් වූ චරිතය වටා ගෙතී ඇත. ඔහු හා ඔහුගේ සිදුවීම් දාමයක් මූලිකව පාදක කරගෙන ඇත. මෙම සිදුවීම් මාලාව ගැන කතා කරනවිට ‘අංගමාලි’ නගරය හා මලයාලම් ආහාර පාන ගැනද කතා කළ යුතුමය. මේ චිත්‍රපටියේ සියලුම සිද්ධීන් අංගමාලි නගරය හා කේන්ද්‍රගතවී ඇත. Angamaly Diaries චිත්‍රපටිය අනෙකුත් මලයාලම් චිත්‍රපටිවලට වඩා සුවිශේෂී වන්නේ චිත්‍රපටය පටන් ගැන්මේ සිට අවසානය දක්වාම මලයාලම් කෑම බීම වටා කේන්ද්‍රගතව පැවතීමයි. කෑමයි බීමයි අරක්කුයි තමා ඉතින්😎 . ෆිල්ම් එක බලද්දි ඒක තේරෙයි. චිත්‍රපටයේ දෙබස්වල තියෙන එදිනෙදා සාම්ප්‍රදායික උපමා , ප්‍රස්තා පිරුළු වගේ දේවල්වලින් එහාට ගොස් ඒ වෙනුවට මලයාලම් ආහාරපාන හා ප්‍රතීස්ථාපනය කරමින් දෙබස් ගෙනහැර දක්වා ඇත්තේ සුවිශේෂී ආකාරයකටයි. මලයාලම් ආහාරපාන , ශ්‍රී ලංකාවේ ආහාරපාන වලටද සමාන බවක් තිබෙන බව මම මීට පෙර අසා ඇත.

ඒ විතරක් නොව, ෆිලුමේ සඳහන් වෙන ‘අංගමාලි ‘ නගරය ගැන ද සඳහන් නොකරම බැරිය. අංගමාලි නගරය ගැන කෙටි සඳහනක් කෙරුවොත් , මෙය කේරල ප්‍රාන්තයේ ‘Ernakulam‘ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර මෙහි ප්‍රධාන වශයෙන් කතෝලික ජනයා වාසය කරන අතරම ඒ හා බැඳුණු කිතුණු සංස්කෘතියක් මෙහි දක්නට ඇති නිසාත් චිත්‍රපටයේද එය විචිත්‍රවත් අයුරින් පෙන්වා ඇත. අංගමාලි නගරය ප්‍රධාන වශයෙන් කේරල ප්‍රාන්තයේ පුරාණ කතෝලික නගරවලින් එකකි . අංගමාලි නගරය වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඌරු මස් වෙළඳාමට නිසා චිත්‍රපටයේද ඒ හා සම්බන්ධ දේවල් පෙන්වයි. පහත දක්වා ඇත්තේ චිත්‍රපටියේ දක්නට ලැබෙන ස්ථාන කිපයක ඡායාරූපයි.

සාන්ත ජෝර්ජ් බැසිලිකා දේවස්ථානය

පොලිස් ස්ථානය

දුම්රිය ස්ථානය

IMDb මීටරය 8.0 ක් තරම් වූ ඉහළ අගයට කරකවපු Comedy කියන category එක යටතේ වර්ෂ 2017 මාර්තු 03 වන දිනදී පළමු වරට තිරගත වූ සාර්ථක ෆිලුමක් කියලා කියන්න පුළුවන් වෙද්දි මේ ෆිල්ම් එක Comedy කියන category එකට අයිති වුණත්,මගේ මතය නම් මේක අඩුම තරමින් Crime/ Thriller කියන category එකටත් අයත් විය යුතුය යන්නයි. මලයාලම් සිනමාවේ ප්‍රසිද්ධ නළු නිළියන් යොදා නොගෙන නවක නළු නිළියන්ගෙන් මෙම චිත්‍රපටය සඳහා යොදාගෙන ඇත. මගේ මතය නම් ඔවුන් නවකයන් වුණත් චිත්‍රපටයට උපරිම සාධාරණයක් කර තිබෙන බවයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘Lijo Jose Pellissory’ විසින් වන අතර චිත්‍රපටයේ දර්ශන ඉතාමත් තාත්වික අයුරින් රූගන කර ඇති නිසා මුල සිට අවසානය තෙක් කිසිම කම්මැලිකමකින් තොරවම පැය 2 මිනිත්තු 12 පුරාවට ඔබට මෙය රසවිඳීමට හැකිය. ෆිල්ම් එක පටන්ගන්නෙත් අලංකාර ගීතයකින් තමයි.

අවසාන වශයෙන්, සිංහල උපසිරැසියක් කරන්න ෆිල්ම් එක මට වෙන් කරලා දුන්නු ‘චාමර සම්පත්’ සහෝට ස්තූති වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. Comment එක දාපු එක්කෙනාටත් ස්තූතියි 🙂 . ෆිල්ම් එක බලලා කට්ටියගේ ප්‍රතිචාර කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙන යන්න. කොරෝනා වසංගතයෙන් ප්‍රවේසම් වන්න ! නැවත වතාවක් සිංහල උපසිරැසියකින් හමුවෙනතුරු ඔබගෙන් සමුගන්නවා . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR  පිටපත් සඳහා අදාළ වේ.

4,401 downloadsDownload Angamaly.Diaries.2017.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,401 downloadsDownload Subtitles70 KB

32 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. ram

    thanks brother
    prithviraj ge aluth ekakuth awith neda

  3. tharidu16

    KURUTHI 2021 SUB1 DENNKOOOOOOOOO

  4. Hemantha

    Good luck Malli....

  5. Anonymous

    kuruthi(2021) sub plz

  6. Anonymous

    meka nm kalin bluwa
    anyway thanks brother

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. kushan

    sub akta thanks

  9. DILmin

    Sub ekata thanks! Kuruthi (2021) sub denna ...

  10. Anonymous

    Thanks brother

  11. Lahiru

    Meka nm balala godak kal
    Hbai niyama filuma

  12. මයිකි

    තැන්ක්ස් සහො

  13. Naveen

    උපසිරසියට තුති

  14. Anonymous

    තෑන්ක්ස් වේවා

  15. Kavindu

    Thanks brother
    Aluthin aapu kuruthi malayalam ektath sub denna

  16. Gayan

    සිංහල උපසිරසියට ස්තුතියි

  17. Priyankara Aponso

    Good work bro

    Thanx .........................

  18. Anonymous

    මිස් වුනු සුපිරියක්
    ස්තුතියි සහෝ

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. Anonymous

    Pattai kollo

  21. Kasun

    ස්තූතියි. තවත් මලයාලම් චිත්‍රපටි වලට දෙන්න පුලුවන්නම් වටිනවා.

  22. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  23. Nuwanthi

    මේ උපසිරසිය මගේ කොම්පියුටර් එකේ වැඩ කරන්නේ නැහැ, කරුනාකර ෆොන්ට් එකේ ලින්ක් එකක් දෙන්න දන්න කෙනෙක්.

  24. kavinu

    නියමයි! බයිස්කෝප් එකට ලොකු අඩුවක් වුණු සබක් මේ...
    කේරළේ අලුත් කල්ට් එකක් පවා බිහි කරපු චිත්‍රපටියක් අන්ගමාලි ඩයරීස් කියන්නේ
    දිගටම මලයාලම් ගේමු එහෙනම්,
    ජය වේවා!!

  25. Nethini123

    දිගටම මලයාලම් චිත්‍රපටවලට උපසිරැස දෙන්න....බොහොම ස්තූතියි

  26. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරසියට බොහොම ස්තූතියි.

  27. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  28. මොහොට්ටි

    උපසිරසියට ස්තුති

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    1. Vishwa sasanka

      Thank you

  31. Manu

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.