උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට තීරණය කළෙමු. බන්චි සහෝ විසින් එවන ලද ලිපිය. හෙලෝ යහලුවනේ. බයිස්කෝප් එකට මම දෙන පලවෙනි සබ් එක මම දෙන්න හදන්නේ IMDb අගය 7.8/10 ක් තියන සුපිරිම කොමඩි ෆිල්ම් එකකට. කොමඩි කිවුවට මේක කොමඩි විතරක්ම නෙවේ. නි…

උපසිරසිකරුවන් දෙදෙනෙකු උපසිරසි ඒවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි උපසිරසි දෙකම පළ කිරීමට තීරණය කළෙමු.
බන්චි සහෝ විසින් එවන ලද ලිපිය.
හෙලෝ යහලුවනේ. බයිස්කෝප් එකට මම දෙන පලවෙනි සබ් එක මම දෙන්න හදන්නේ IMDb අගය 7.8/10 ක් තියන සුපිරිම කොමඩි ෆිල්ම් එකකට. කොමඩි කිවුවට මේක කොමඩි විතරක්ම නෙවේ. නියම adventure ෆිල්ම් එකක්. ඔයා google එකට ගිහින් “funniest movies of all time” කියල සර්ච් කලොත් මුලින්ම එන්නේ මේ Airplane ෆිල්ම් එක තමා. ඉතින් හිතාගන්න පුළුවන්නේ ෆිල්ම් එකේ ආතල් එක. (ආතල් නැත්නම් ඉතින් IMDb 7.8ක් කොමඩියකට ලැබෙන්නේ නෑනේ :* ) දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.
මේක ඇවිල්ලා ගුවන් යානා අනතුරක් ගැන පාදක උණු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ඉන්න හැමෝටම මෙන්ටල් කේස් එකක් තියනවා කියලයි මටනම් හිතෙන්නේ :D “ස්ටයිකර්” කියන්නේ හිටපු ගුවන් හමුදා ගුවන් නියමුවෙක්. “එලයින්” කියන්නේ එයාගේ පෙම්වතිය. යුද්ද කාලේ කරපු හැම මෙහෙයුමකින්ම “ස්ටයිකර්” අසාර්ථක වෙනවා. ඔහු හින්දා කිහිපදෙනක් මියයනවා. හැබැයි ස්ටයිකර් මැරෙන්නේ නෑ. ස්ටයිකර් ගේ දුර්වලකම් නිසා එලයින්ට ස්ටයිකර්ව එපා වෙනවා. ඉතින් එලයින් ස්ටයිකර්ව අත ඇරලා අලුත් ජිවිතයක් පටන් ගන්න යනවා. හැබැයි ස්ටයිකර් එහෙම ලේසියෙන් එලයින්ට යන්න දෙන්නේ නෑ. එයා එලයින් වැඩ කරන ප්ලේන් එකට නගිනවා ටිකට් එකකුත් අරන්, එලයින් ගුවන් සේවිකාවක් නිසා ස්ටයිකර්ට එලයින් එක්ක වැඩි කතා බහක් කරන්න වෙන්නේ නෑ ප්ලේන් එකේදී. මේ අතරතුරේ ප්ලේන් එකේදී රෑ කෑමට ගත්තු මාළු විෂවීමක් නිසා ප්‍රධාන ගුවන් නියමුවා. සහය නියමුවන් ඇතුළු මගින් කීපදෙනෙක් හොඳටම ලෙඩවෙනවා ..!!!!!
දැන් කවුද ප්ලේන් එක පදවන්නේ? කොහොමද ප්ලේන් එක ගොඩබාන්නේ? මෙයාලාට පන බේරගන්න පුළුවන් වෙයිද? මේවා දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. මේක බැලු බැල්මට ත්‍රාසජනක වගේ උනත් පට්ටම කොමඩියක්. එදා මෙදා තුර ලෝකේ බිහිවුණු පට්ටම/ ජනප්‍රියම කොමඩි ෆිල්ම් එකක් කිවුවොත් මම හරි. නැත්නම් ඉතින් IMDb 7.8ක් ලැබෙන්නේ නෑනේ. පරණ කොමඩි තමා ආතල්ම 😉 පරණයි කියන එක ප්‍රශනයක් කරගන්න එපා. වීඩියෝ කොලිටිය එලටම තියනවා. මේකේ නරක දෙබස් / දර්ශන නෑ. ඒ හින්දා ඕනි කෙනෙක්ට බලන්නත් පුළුවන්.
කලින් සබ් කීපයක් කරලා තිබ්බත් බයිස්කෝප් වගේ සයිට් එකකින් ප්‍රසිද්ද කරන මගේ පලවෙනි සබ් එක මේක. වැරදි අඩුපාඩු තියනවානම් පෙන්වලා දෙන්න. fb එකේ “නෙට් මාස්ටර් ” කියන නමින් ඉන්නෙත් මම. ඔයාලට සබ් ඕනි ෆිල්ම් එකක් තියනවනම් මට fb එකෙන් මැසේජ් එකක් දාන්න. free ඉන්න වෙලාවක හදලා දෙන්න බලන්නම්. ඉතින් ෆිල්ම් එක බලලා අදහසක් දක්වගෙන යන්න. ජයවේවා…!!! ඊළඟ ෆිල්ම් එකෙන් මුනගැහෙමු…!!!
දමින්ද ගමගේ සහෝ විසින් එවන ලද ලිපිය.
ආයුබොවන්! මම දමින්ද ගමගේ. මම නම් මේකට අලුත්. බයිස්කෝප් එකෙන් මම මෙච්චර කාලයක් ෆිල්ම් බැලුවා. ඒත් සබ් දෙන්න ආස උනාට ක්‍රමේ දන්නෙ නැතුව හිටියෙ. පස්සෙ විකියා මට මේ ලඟදි හම්බෙලා කියල දුන්න ක්‍රමේ. විකියා මගේ ඉස්කෝලෙ අපි එක පන්තියේ. ඉතින් එයා කියපු විදියට මම වැඩේ පටන් අරන් කරගෙන ගියා. අන්තිමට ඉවර කරා. පලවෙනි එක නිසා අඩු පාඩු ගොඩක් ඇති. බලලම හොඳ නරක කියන්නකෝ.
චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 1980 තිරගත උන සුපිරි කොමඩියක්. මේක තමයිලු දැනට සිනාසීම් අවස්තා වැඩිම චිත්‍රපටය. විනාඩියකට සිනාසීම් තුනක් තියෙනවලු. imdb 7.8 ක අගයකුත් තියෙනවා. කථාව ගැන කිව්වොත්, ගුවන් ගත් උන ගුවන් යානයක රාත්‍රී කෑම විෂ වීමක් වෙලා නියමුවන් ඇතුලු පිරිසක් අසනීප වෙනවා. ඉතින් මෙයාල යහතින් ගොඩබාන වගකීම හිටපු යුද ගුවන් නියමුවෙක් උන ටෙඩ් ට පැවරෙනවා. ටෙඩ් ට පුලුවන් වෙයිද කියල දැනගන්න මේක බලන්නම වෙනවා.
එහෙනම් මම යන්නම්.ආපහු දෙවෙනි එකෙන් හම්බෙමු.
මම මේක කරන්න ගත්තු වෙලේ ඉඳන් විකීට සැරි සැරේ කෝල් ගත්තා. ලෝබ නැතුව හැම දේම කියල දුන්න උඹට තෑන්ක්ස් මචන්.
ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Airplane! (1980) [1080p] x264 – Jalucian
Airplane(1980)MPEG-4
Airplane.1980.720p.BluRay.X264-AMIABLE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
805 downloadsDownload Airplane.1980.Baiscopelk.com_.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සහ “Banchi — බන්චි” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
27 comments
අසිත
Udara Damith B/K
බොහොම ස්තුතියි
සුබ අලුත් අව්රුද්දක් වේවා..Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks DAMINDA & BANCHI sahola..Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thisal
බොහොම ස්තුතියි
දිනේෂ් අකලංක
බොහොම ස්තුතියි සහෝ.. මේක මම හොය හොය හිටිය ෆිල්ම් එකක්..
Web-බුවා
වැඩේ හොඳයි bro. දිගටම කරන් යමු.
(බන්චි) පට්ට නම බං. lol :D :D :DTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!ishan
ela bro.....jaya wewa!!!!!!!!
Meranga Gamage
THANX bro!... PLEASE! Middle School The Worst Years Of My Life (2016) film eketath sub dennako.
Withanage Priyantha Dayakeerthi
මා පුද්ගලිකවම පැරණි සිනමාපට ප්‍රිය කරන්නෙක්. ඒ නිසා මෙය බලන්නට කැමැත්තෙන් සිටි සිනමාපටයක්, එයට උපසිරසි ලබාදුන්නාට ඔයාලා දෙන්නාටම ගොඩක් ස්තුතියි! ඉදිරියේදීත් මෙවැනි වටිනා කලාත්මක නිර්මාණ සඳහා ප්‍රමුඛත්වය ලබා ලබා දෙන්න හැකි නම් වඩාත් හොඳයි කියාද, යෝජනා කරන්නෙමි.
dinesh
thanks bro...
yasitha
meka mn sinhala sub denna kiyala illapu film ekak , A tharan comedyak Winadiyakata 3 parak hina yana , jaya wewa
saman
muge boru.. mata nam epa una down karapu moda kama hithuna.
praneeth madu
idiriyata yamu jaya
dharshana...
Thanks..
Dulanga
Thanks
lakshan
wow patta komadiya .thanks
Chalana Rukshan
thnx bro...
Daminda Gamage
thanks hamotama.jayawewa.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama thanks me film set ekama balala thiyenawa.nobalapu aya balanme wage parana film walata sab dena eka loku deyak…
e wagema puluwan nam me “Alfred Hitchcock” ge film tikaktath sab denna kiyala yojana karanwa.
meway hod copy YTS thiyenawa…The Birds (1963)
Strangers on a Train (1951)
Frenzy (1972)
Rebecca (1940)
Marnie (1964)
North by Northwest (1959)
Notorious (1946)
Rope (1948)saman
machan mey wage film walata sub karanna epa..sub hadana ubeth time 1ka aparade,
balana mageth time 1ka aparade..balapu vikarama film 1ka ban.sry mehema kiyanna unata.
eth uba mahansi wela dipu sub 1ka nisa thankz nokara ba.thankzzz machokent parker
thanks bro
Mahesh ruwan
bohoma sthuthi
thanks so much bro for a sub
Vishwa sasanka
Thank you
Chandika
Thanks for subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

paata hode thanks