මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි. සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙ…

මේ ලෝකය හරිම සංකීර්ණ දෙයක්. මිනිස් ඇසට නොපෙනන දේවල්, මිනිස් මොළයට තේරුම්ගත නොහැකි දේවල්, අනන්ත අප්‍රමාණ ලෙස මේ ලෝ තලයේ තිබෙනවා. නමුත්, මිනිසාට තේරුම්ගත නොහැකි නිසා හෝ, මිනිසාට නොපෙනෙන නිසාවෙන් හෝ, මේ දේවල් පිළිනොගෙන ඉවත දැමීම නම් කළ නොහැකියි.
සමහර මිනිසුන්, කිසිඳු අඩුපාඩුවක් නොමැතිව සම්පූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට උපත ලබනවා. නමුත්, හැමදෙනෙකුටම මේ වාසනා බල මහිමය පිහිටන්නෙ නැහැ. උපතින්ම ආබාධිත ලෙස උප්පත්තිය ලබන්නාවූ මිනිසුන් අනන්ත අප්‍රමාණ මේ ලෝ තලයේ වෙසෙනවා. නමුත් ඔබ මොහොතකට හෝ සිතුවාද, කිසිඳු ආබාධිත තත්වයක් නොමැති මිනිසුන් සමගින් කෙලෙසද මෙම ආබාධිත මිනිසුන් එකිනෙකා හා කරට කර සිටිමින්, තම ජීවිත තරඟයෙන් පරාජය නොවී ඉදිරියටම ගමන් කරන්නෙ කියලා… මේ සොබාදහම හරිම පුදුමාකාරයි. කෙනෙක්ගෙන් මොනවා හෝ දෙයක් උදුරා ගන්නවා නම්, ඊට ප්‍රති උපකාරයක් ලෙස වෙනත් උරුමයක් ලබාදීමට තරම් ඔහු ත්‍යාගශීලී වෙනවා. සැමදෙනාටම සාධාරණත්වය. එයයි, සොබාදහම් මාතාව සතු අද්විතීය ලක්ෂණය.
උපතින්ම දෑස් අන්ධතාවයෙන් පෙලෙන්නාවූ ජයරාමන්… නමුත්, මා ඉහතකී ලෙසටම සොබාදහම් මාතාව, මෙම අවිහිංසක මිනිසාගෙන් සිය දෑස් උදුරා ගනිද්දී, ඒ වෙනුවෙන් වන්දියක් ලෙස හරි අපූරු දායාදයකින් ඔහුව සරසවනවා. මෙලොව, අතිශය සුළු පිරිසකට පමණක් උරුමකම් ඇත්තාවූ ත්‍යාගයක්… විංඥානය. එහෙමත් නැත්නම්, සයවෙනි ඉන්ද්‍රිය විදියට හඳුන්වන්නත් හැකියාව තියෙනවා. දෑස් අන්ධතාවයෙන් පෙළුනත්, මොහු සතු හැකියාව උපයෝගයෙන්, දෑස් පෙනෙන්නාවූ පුද්ගලයෙකුටත් වඩා අති සූක්ෂම ලෙස තමා අවට පරිසරය විමර්ශනය කිරීමේ හැකියාවක් මොහු සතුවෙනවා. අතිශය තියුණු බුද්ධි මහිමය, තමා අවට සිටින පුද්ගලයින්ගේ උස අනුමාන කිරීම, බර අනුමාන කිරීම, ඔවුන්ගේ චර්යා රටාවන් විමර්ශනය කිරීම, ඔවුන් කෙබඳු අන්දමේ පුද්ගලයින්ද යන වග නිර්ණය කිරීම, අතිශය ඉහළ මට්ටමේ ශ්‍රව්‍ය සහ ආඝ්‍රහණ හැකියාව, ඕනෑම අන්දමේ සියුම් වූ ශබ්දයක් සැනෙකින් හඳුනාගෙන, එම ශබ්දය කුමන ශබ්දයක්ද, ශබ්දය පැමිණෙන්නේ කුමන දිශාවෙන්ද යන වග දශමයටම නිර්ණය කිරීම, අතිශය තියුණු ඉව මෙන්ම පාරම්පරික සටන් ශිල්පයේ ප්‍රවීනත්වයද මොහු සතු දායාදයන්ගෙන් කිහිපයක් වෙනවා.
මෙවැනි අපූර්ව වූ හැකියාවන් සමුදායකින් සමන්විත වන්නාවූ මෙම සුන්දරතර මිනිසා, තම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින්, සියළු දෙනාගේම නිබඳ ගෞරවයට පාත්‍ර වෙමින් කල් ගතකරන අතරම, මොහුගේ සමීපතම මිතුරා වන්නෙ, සැඟවුණු අතීතයක් සහිත විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙක්. තමන් හට මුහුණ පෑමට සිදුවුණා වූ අතිශය සෝචනීය අතීත ඉරණමක් හමුවේ, ඊට වගකිවයුතු සියලුම දෙනා සහ ඔවුන්ගේ පවුල් ඝාතනය කරමින්, සිය අවසාන පලිගැනීම ලෙස මෙම මහාධිකරණ විනිසුරුවරයා පසුපස හඹා එන්නාවූ, අතිශය තියුණු බුද්ධියක් සහිත දරුණු මිනීමරුවෙකු හමුවේ අසරණ වන මෙම මහාධිකරණ විනිසුරුවරයා, මෙතෙක් කාලයක් ලොවට රහසක්ව පවත්වාගෙන පැමිණියාවූ සිය දියණියගේ බාරකරුවා ලෙස, ඉහත කී දෑස් නොපෙනෙන ජයරාමන් පත්කරනු ලබනවා. නමුත්, නොබෝ කලකින්ම විනිසුරුවරයා සිය නිවසේදීම මරා දමන අතර, මේ සඳහා දෑස් නොපෙනෙන ජයරාමන් කෙරෙහි නීතියේ දෑත් දිගුවන අතරවාරයෙහි, සිය පලිගැනීම සම්පූර්ණ කරගැනීම උදෙසා මිනීමරුවාගේ ඊළඟ ඉලක්කය වන්නෙ, විනිසුරුවරයාගේ සැඟවුණු දියණියයි. දහසකුත් එකක් වූ බාධක කම්කටොළු හමුවේ සිය නිර්දෝෂී භාවය විදහා පාමින්, අවිහිංසක දියණියකගේ ජීවිතය රුදුරැ ඝාතකයකුගෙන් මුදවා ගැනීමට, විශ්මිත හැකියාවන්ගෙන් පිරිපුන් මෙම මිනිසාට හැකියාව ලැබේවිද….?
මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටය මොකක්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත්, සැකයක් නැහැ ගොඩක් දෙනාගේ පිළිතුර වෙන්නෙ Drishyam (2013) චිත්‍රපටය. නමුත්, මං කිව්වොත් ඔබ වැරදියි කියලා….? වසර ගණනාවක් මුළුල්ලේ මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ ජනප්‍රියතම චිත්‍රපටයට හිමි ස්ථානය රැකගෙන පැමිණි Drishyam චිත්‍රපටය, තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද දමමින්, එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තහවුරු කරගැනීමට සමත්වූ චිත්‍රපටය තමයි, මෙම Oppam චිත්‍රපටය. Garam Masala (2005), Khatta Meetha (2010), Billu (2009) ආදී අති සාර්ථක චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරන ලද, Priyadarshan සහ, මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවූ ජනප්‍රියතම තරුව, Mohanlal යන ද්විත්වයේ සුසංයෝගයෙන් බිහිවූ, Imdb දර්ශකයේ 8.0 ක ඉහළම අගයකින් සමන්විත වන්නාවූ මෙම චිත්‍රපයට, ඉන්දියානු රුපියල් කෝටි 61 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවීමද සමත්විය. එමෙන්ම, Asiavision සම්මාන උළෙලේදී, හොඳම අධ්‍යක්ෂණය, වසරේ විශිෂ්ඨතම චිත්‍රපටය, වසරේ ජනප්‍රියතම නළුවා, හොඳම ගායකයා (පිරිමි), හොඳම පද රචනාව, ගායනයේ නව ස්වරය… යන අංශයන් හය සඳහා යෝජනාවී, අදාළ අංශ හයෙන්ම ජයග්‍රහණය ලැබීමට පවා සමත්වූවා. එමෙන්ම, මෙම චිත්‍රපටයේ හින්දි සංස්කරණය, බොලිවුඩයේ ජනකාන්ත නළු අජය දෙව්ගන්ගේ ප්‍රධාන රංගන දායකත්වය යටතේ, නුදුරු අනාගතයේදීම නිෂ්පාදනය කෙරෙන බැව් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබ තිබෙනවා.
කැමති අය අරගෙන බලන්න.එක හුස්මට බලන්න පුලුවන් තවත් චිත්‍රපටයක් කියලා සැකයකින් තොරව නිර්දේශ කරනවා. තවමත් සැකයක් තියෙනවා නම්, පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම නිගමනයකට එන්නකො.
එහෙනම්, මෙවැනි වූ තවත් රසබර සිත්තමකින් හමුවන තුරාවට, හැම දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.ac – Oppam (2016) Malayalam DVDRip x264 700MB ESUBS
ලබා දී ඇති උපසිරසි සියලුම DVDRip පිටපත් සඳහා අදාළ වේ.
1,856 downloadsDownload Oppam-2016Malayalam.Baiscopelk.com_.zip62 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
30 comments
Kalum Gunasekara
devinda
Onna Math Down Kala.Fatta Bro.Romba Thankz.....Gdk Pin.
shaf
tnx sub ekata
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
දිල්ශාන් සචින්ත
සිසිල අයියගේ සබක්නම් ඉතින් කියන්න දෙයක් නැහැ අනිවා බෑමක් තමයි..
බොහොම ස්තූතියි සබට.thisal
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Sadu..
බොහොම තුති බ්‍රෝ සබ එකට.පට්ට ෆිලුමක් නේ.
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය…හේමන්ත
ස්තුතියි මල්ලි...
මොකද්ද අර පළවෙනි එක එතකොට...?Sisila Prasad
පළවෙනියට තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටය.
Pulimurugan (2016)
http://www.imdb.com/title/tt5297256/
තවම හොඳ කොපියක් නම් ඇවිල්ලා නැහැ.
Ranga Prasanna
පළවෙනි තැන තියෙන ෆිල්ම් එක මොකක්ද බන්? එකත් කියන්නකො ඔහොමම බාගන්න
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!kasun Harshana
Utorrentmui සයිට් එකේ සර්ච් කලාම Pulimurugan raa (2016) dvdrip එකක් මට හම්බුනා. ඒකටත් සබ් කරනවද ඉක්මනටම. Oppam එකේ සබ් එකට තුති.ඇහිපිය නොහෙලා බලන්න පුලුවන් ලස්සන ටිකක් සංවේදී හදවතට දැනෙන ෆිල්ම් එකක් මේක. ගින්දර. සිසිල අයියගෙ සබ් එකක් නම් ඉතින් ලොවෙත් නෑ. අනිවා බෑමක් තමා.
damith
sub ekata බොහොම ස්තුති!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirodha uthpala
Lipiya kevuwath na suba dunne sisilaya keyapu gaman meke hateyata hd natuwa balala vadak na keyalai mage hetha keyanne hd apulia gamana update eakak danna Aiyaa subata thanke you elama obata jaya digatama demu
Sisila Prasad
මේකේ තවත් කොපියක් එනවට නම් බලාපොරොත්තු තියාගන්න එපා මචෝ. සාමාන්‍යයෙන් මලයාලම් ෆිල්ම් වලට එක කොපියක් වගේ තමයි අන්තර්ජාලයට නිකුත් වෙන්නෙ. බොහොමත්ම කලාතුරකින් තමයි ඒ තත්වය වෙනස් වෙලා පිටපත් කිහිපයක් නිකුත් වෙන්නෙ.
දීලා තියෙන කොපිය ගැන කියනවා නම් ඉහල ගුණාත්මක තත්වයක් තියෙනවා. ඒ නිසා චිත්‍රපටය රසවිඳින්න කිසිම බාධාවක් නැහැ.
R.S. Samantha
Thank You...!!
Thank You...!!!
ela elaaaaaaaaaaaaaakent
thanx mchn <3
Chami.S
Thanks..
Good Luck..SacheeGeethanjana
Me film eka baiscope download wala nane.. ???
Rumesh dhanushka
THANKS
dimuthu lakmal
Thanaks .bs.tc
N_R
Thank you.
Anu
Thanks bro...
Kushan1122
මමත් සබ් කරන්න දන්නවා. මමත් කැමති ඔයාලට එකතු වෙන්න.. විස්තර කියන්න..
Whatsapp
+94772435848SangeethRox
Thnk you
Sandupa Sandamina
Supiri!!!
Vishwa sasanka
Thank you
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.